සෙම්ප්‍රතිශ්‍යාව යනු වෛරස් මඟින් ඔබේ නාසය සහ උගුර ආසාදනය වීමයි. සාමාන්‍යයෙන් අපට වසරකට දෙතුන් වරක් පමණ අපට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙයි. සාමාන්‍යයෙ දින 7-10ක් පමණ ගත වෙද්දී සෙම්ප්‍රතිශ්‍යාව ඉබේම සුවවී යයි.නමුත් මේ කාලය අතරතුරදී ඔබට හිසරදය, ඇඟපත වේදනාව ඇතුළු අපහසුතා ඇතිවිය හැකියි.වෛරසයට නිරාවරණය වී දින 1-3 කින් පමණ පසුව නාසය බරවීම (හොටු ගැලීම), කැස්ස,නාසය හිරවීම, උගුරේ අපහසුතා,කිවිසුම්යාම, ඇස් වල කඳුලු පිරීම, මද හිසරදය, සිරුරේ මද තෙහෙට්‍ටුව, ඇඟ රිදුම්දීම හා අංශක 102 ට අඩු උණ තත්වය වැනි සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ මතුවීමට පටන්ගනියි.
සෙම්ප්‍රතිශ්‍යාව නිසා අපේ එදිනෙදා වැඩකටයුතු වලට බාධාකාරි විය හැකි ආකාරයේ අපහසුතාවක් දැනේ. ආසාදන දුරුකර,ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින්,සෙම්ප්‍රතිශ්‍යාව සුවකරගැනීම සඳහා ඵලදායි වන ස්වභාවික පිළියම් කිහිපයක් පහත සඳහන් වේ.

- පෙපර්මින්ට් පෙපර්මින්ට් යනු මෙන්තෝල් අඩංගු ඇරෝමැටික ඖෂධයකි.ආසාදනය යටපත් කරන ප්‍රතිවෛරස ගුණ අඩංගුය.රුධිර ප්‍රවාහය වැඩිකර සයිනස අවහිරතා දුරුකර හිසරදයට ක්ෂණික සහනය සලසයි.පෙපර්මින්ට් තෙල් ආලේපනයක් ලෙස භාවිත කළ හැකියි.හියුමිඩිෆයර් උපකරණයට මින් බිංදු කිහිපයක් එක්කිරීමට ද හිතකරයි.පෙපර්මින්ට් තේ ලෙස සකසා පානය කිරීම ද ගුණදායකයි.උගුරේ තුවාල සමනය කරයි.
- යුකැලිප්ටස් එසෙන්ෂියල් ඔයිල් සෙම්ප්‍රතිශ්‍යාවට නොවරදින පිළියමක් ලෙස සැලකෙන යුකැලිප්ටස් වල 1,8 cineol ප්‍රධාන සංඝටකය ලෙස අඩංගුය.මේවායේ ක්ෂුද්‍රජීවීනාශක ගුණ ඇති නිසා ආසාදනයන් සුවකරයි. ප්‍රතිශක්තිඋත්තේජකයක් ලෙස ක්‍රියාකරයි.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා ඉදිමුම අඩු කරමින් මාංශ පේශී ගැස්මන් නිසා ඇතිවන වේදනාව සමනය කරවයි.යුකැලිපටස් තෙල් බිංදු 4-5 ක් ලේන්සුවකට දමා නවන්න, නාසය අවහිර වී ඇති අවස්ථාවල නාසයට ලංකර ආග්‍රහණය කරන්න.තෙල් බිංදු කිහිපයක් වේපරයිසරයට හෝ හියුමිඩිෆයර් උපකරණයකට එක්කරන්න.
- අමු මී පැණි බොහෝ සංස්කෘතීන් වල කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා මීපැණි ජනප්‍රිය නිවෙස් පිළියමකි. මී පැණි කැස්ස සමනය කිරීමට සහ හොඳින් නිදා ගැනීමට උපකාරී වන බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇත. මී පැණි අපහසුතාවට පත් උගුර මතුපිට ස්තරයක් මෙන් බැඳී උගුර සමනය කරන බවත් , එය ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය බලපෑම් ඇති කරන බවත් පර්යේෂකයන් විශ්වාස කෙරේ. රාත්‍රී කාලයේදී නිතිපතා මීපැණි තේ හැන්දක් පානය කර, පසුව කට සෝදන්න. බොතුලිනියාව රෝග අවදානම හේතුවෙන් අවුරුදු 1 ට අඩු ළදරුවන් සඳහා අමු මී පැණි නිර්දේශ නොකරයි.
- සුදුලූනු සුදුලූනු සෙම්ප්‍රතිශ්‍යාව සඳහා සෙම්ප්‍රතිශ්‍යාවට හොඳ පිළියමකි. සුදුලූනු වැඩියෙන් දැමූ චිකන් සුප් , සුදුලූනු තලා වතුර සමඟ පානය කිරීම හෝ සුදුලූනු බිකි අමුවෙන් මී පැණි සමඟ ආහාරයට ගනියි.සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරවන වෛරස නසන ඇලිසින් නම් සංඝටක සුදුලූනු වල බහුලය. ඒවායේ ප්‍රතිබැක්ටීරීය හා දිලීර නාශක ගුණ ඇත. සුදුලූනු වල සුවිශේෂී ප්‍රබල රසයක් ලබා දෙන්නේ ඇලිසින් ය. ඇලිසින් ප්‍රමාණය උපරිම කිරීම සඳහා නැවුම් සුදුලූනු පොඩිකිරීම කැඩීම හෝ තලා දැමීම කළ යුතුය.

- සින්ක් සින්ක් සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ මතුවි පැය 24 ක් ඇතුලත භාවිතයට ගැනීමෙන් අපහසුතාව පවතින කාලය අඩු කරගත හැකි බව අධ්‍යයන පෙන්වාදේ.සෙම්ප්‍රතිශ්‍යා වෛරසය සිරුර තුල ව්‍යාප්ත වීම වැළැක්වීම හෝ වෛරස නාසයට හෝ උගුරට ඇතුල්වීම වැළැක්වීම හරහා සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීමට සින්ක් ක්‍රියාකරනවා විය හැක. සින්ක් යනු අපගේ ශරීරයේ එන්සයිම 300 කට වඩා ප්‍රමාණයකට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඛනිජයකි. මස්, පීකුදු, මුහුදු ආහාර ,බිත්තර, සීරියල්, කිරි හා කිරි නිෂ්පාදන වැනි ආහාර වල සින්ක් ස්වභාවිකව අඩංගුවේ.
- කහ හා හීන් මදුරුතලා කහ වල අඩංගු කර්කියුමින් සංඝටක වල ප්‍රතිවෛරස ගුණ බහුලයි. ඒවා අපේ සිරුරේ ආසාදන වලට එරෙහිවන ප්‍රතිශක්තිය වඩවයි.හින් මදුරුතලා උගුරේ අපහසුතා අඩුකරවයි.මේ සුසංයෝගය සෙම්ප්‍රතිශ්‍යාව සමනයට උපකාරී වේ. කහ කුඩු හෝ ගාගත් අමු කහ තේ හැඳි 1ක්, හින් මදුරුතලා කොළ 5-6ක් සූදානම් කරගන්න. ලිපේ වතුර බඳුනක් තබා ඊට කහ සහ කොටාගත් කොළ ටික එක්කරන්න.නටන තුරු උණු කර වතුර ස්ටීමර් එකකට හෝ බේසමකට පෙරාගන්න.මිනිත්තු 10ක් හොඳින් වාශ්ප අල්ලන්න.දිනකට දෙවරක් මෙසේ කිරීමෙන් හොඳ ගුණයක් ලැබේවි.
- හොඳින් දියර වර්ග පානය කරන්න හොඳින් දියර වර්ග පානය කිරීම පරිවෘත්තිය ක්‍රියාවලියට, සජලතාව ආරක්ෂාවීමට මෙන්ම සිරුරේ විෂ ද්‍රව්‍ය හා ආසාදන හරණය කිරීමට උදවු වේ.සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවී ඇත්නම් උණුසුම් පාන වර්ග වැඩියෙන් ලබාගන්න.සුප්, උණුසුම් කිරි හා වතුර හෝ වෙනත් උණුසුම් දියර පරිභෝජනයට ගන්න. මෙය නාසයේ බරගතිය, කිවිසුම් යාම හා කැස්ස සමනය වීමට උපකාර කරන බව අධ්‍යයන පෙන්වාදේ.උගුරේ අපහසුතා මෙන්ම තෙහෙට්‍ටුව හා සීතල ගතිය දුරුකරයි.
- ‘නෙටි පොට්’ උපකරණය නාස් කුහර සේලයින් වතුරෙන් සේදීම මඟින් ප්‍රදාහය ඇතිකරවන සුලු උත්කෝපක හා, බැඳි ඇති ශ්ලේෂ්මල ශ්වසන මාර්ගයෙන් බැහැර කර පවිත්‍ර කරවයි. මේ සඳහා මද උණුසුම් සේලයින් වතුර යොදාගන්න
- හියුමිඩිෆයර් උපකරණයක් භාවිතා කරන්න වාතාශ්‍රයේ තෙතමනය පවත්වාගැනීම වියළි කැස්ස තත්වය සමනය කරගැනීමට හොඳ ආධාරකයක් සපයයි.නමුත්, ආර්ද්‍රතාව ඇතිකරන මෙවැනි උපකරණ භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි. ඒ තමයි අධික තෙතමනය සහිත පරිසරය දුහුවිලි මයිටාවන් වැනි ආසාත්මිකකාරක වර්ධනය වීමට හිතකර සාධයක් බවට පත්වීම.හියුමිඩිෆයර් උපකරණ නිතිපතා හොඳින් පිරිසිදු නොකළොත් ඒවායේ පුස් දිලීර බැඳෙන්නට ඉඩ තිබෙනවා.මෙවැනි තත්වයන් ඔබේ කැස්ස තත්වය නරක අතට හැරෙන්නට බලපෑ හැකියි.

- සොටු සූරා ඉවත්කරන්න මෙමඟින් නාසයේ සොටු පිරීම අඩුකරගත හැකි අතර නාස් කුහර පැහැදිලි වි හුස්ම ගැනීම වඩාත් පහසු වේ.අධික පීඩනයකින් සොටු සීරීම නොකළ යුතුයි.මින් ඔබේ කන් වලට බලපෑමක් ඇතිවිය හැකියි.වරකදී එක් නාස් පුඬුවක් තද කරගෙන අනෙක් නාස් කුහරයෙන් සොටු සූරා ඉවත්කරන්න.භාවිත කළ ටිෂු කඩදාසි තැන තැන නොදා කසල ලෙස බැහැර කරන්න.
- උණුසුම්ව සිටින්න සිරුරේ උණුසුම පවත්වාගැනීම සුවවීම වේගවත් වීමට ආධාර කරයි.මාංශ පේශී තදගතිය හා ඇඟපත වේදනාව ඇතිවීම මෙන්ම නාසය අවහිර වීම වළකයි.වායු සමීකරණ ඇති තැන් වලට නිරාවරණය වීමෙන් වළකින්න.ඝනකම් බ්ලැන්කට්‍ටුවක් භාවිතයට ගන්න. තේ, සුප් වැනි උණුසුම් පානයක් ලබාගන්න.සිරුර උණුසුම්ව පවතින විට සෙම්සොටු බුරුල්වි නාස් කුහර පැහැදිලි වෙයි.
12.උණුසුම් වතුරෙන් ස්නානය කරන්න උණුසුම් වතුරෙන් නෑම හෝ ඇඟ සේදීම සිරුර උණුසුම් කරන තවත් ක්‍රමයක්. උණුසුම් වාශ්ප නිසා නාස් කුහර වල සෙම්සොටු බුරුල් වීම සිදුවෙයි.මාංශ පේශි තදගතිය දුරුවෙයි.රුධිර නාළ ප්‍රසාරණය වී රුධිර ප්‍රවාහය වැඩිදියුණු වෙන නිසා හිසරදය හා ආතතිය සමනය වෙයි.සිරුරට හොඳ සන්සුන් සුවයක් ඇතිකරවයි.නමුත් අධික වෙලාවක් ස්නානය කිරීම ද සුදුසු නැත. හුලං වැදීමට කලින් ඇඟ හොඳින් පිසදමා වියළාගන්න.
හොට් පැක් භාවිතය නාසයේ අවහිරතා දුරුකරගැනීමට මෙය හොඳ පිළියමකි.මේවා ඔබට වෙළඳපොලෙන් මිලට ගත හැකියි.නැතිනම් නිවසේදීම විකල්ප ද්‍රව්‍ය වලින් එකක් සාදාගත හැකියි.නොපිසු සහල් හෝ ඕට්ස් මේස් එකකට පුරවා මිනිත්තු කිහිපයක් මයික්‍රෝවේව් උඳුනේ රත්කරගන්න. මෙය භාවිතයෙන් සිරුරේ යම් නිශ්චිත ස්ථානයක් උණුසුමින් තැවීම සිදුවේ.අවහිරතාවක් දැනෙන ස්ථානය මත මෙය තබා තවන්න.මින් ශ්ලේෂ්මල බුරුල් වී ,මාංශ පේශී තදගතිය සමනය වී යනු ඇත.
(මෙම පිළියම් නිසි ඖෂධ ප්‍රතිකාර වලට ආදේශක නොවන බැවින්,සෙම්ප්‍රතිශ්‍යාව සඳහා යම් පිළියමක් භාවිතා කිරීමට ඔබ අදහස් කරන්නේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයා හමුවීමට වග බලා ගන්න.)