නිතර නිතර ඇඟට පණ නැතිකම ඇතිවීමට හේතු 8 ක්

health tips

අපි ජීවත් වෙන පරිසරය, අධික වෙහෙසකාරී ජීවන රටාව,  අධික ලෙස වැඩ කටයුතු කිරීම සහ නිදිවැරීම ආදී කරුණු හේතුවෙන් අපිට නිරන්තරයෙන්ම ඇඟපතේ පණ නැතිකම දුබල ස්වභාවයක් අත්විදින්නට සිදු වෙනවා. නිරන්තරයෙන්ම මේ අපහසුතාවය ඇති වෙනවා නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවෙන්නටත් පුළුවන්. මොකද බොහෝ වෙලාවට මෙය රෝග ලක්ෂණයක් විදිහට විවිධ රෝගවලදී අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම මේ අපහසුතා ඇති වෙනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු සුලභම රෝග තත්ත්වයක් තමයි අද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්. ශරීරය  වෙහෙසවා වැඩක් කළේ නැතත් අපේ ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු නම් මේ වගේ ශරීරයට අධික වෙහෙසක් තෙහෙට්ටුවක් හෝ මලානික බවක් නිතරම දැනෙන්නට පුළුවන්.

මේ ලක්ෂණයත් සමඟම කොතරම් රාත්‍රියට නිදා ගත්තත් දහවල් කාලයේදී අධික නිදිමතක් ඇති වෙනවා නම්, හිසකෙස් ගැලවීයාමක්, සම සහ කටහඬ ගොරෝසු වීමක්, නිතර සීතල දැනීමක් හෝ දේහ  බර වෙනස් වීමක් ආදී ලක්ෂණ පවතිනවා නම් එය බොහෝ විට මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් නිසා ඇතිවන තත්ත්වයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවෙලා අදාළ ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.  

රක්තහීනතාවය අපේ ශරීරයට මලානික බවක් දුබල බවක් ඇති විය හැකි අනෙක් හේතුව තමයි ශරීරයේ ලේ අඩුකම. මේ  තත්ත්වයේදී නිතරම ක්ලාන්තය ඇතිවීම, ඇඟ සුදුමැලි වීම වගේ ලක්ෂණ දකින්නට පුළුවන්. අපි ගන්නා ආහාරයේ යකඩ, විටමින් බී12,  ෆෝලික් අම්ලය අඩුවීම ආදියත් දිගින් දිගටම රුධිර වහනයක්  සිදුවීත්, කොකු පණු  ආදී රෝග තත්ත්වයන් පවා මේ සඳහා හේතු වෙන්න පුළුවන් .

රුධිරයේ හිමොග්ලොබින් ‍ප්‍රමාණය අඩුවීම නිසා රුධිරය මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මේ තත්ත්වයන් මඟ හරවා ගන්නට හිමොග්ලොබින් අඩු රුධිරය ශරීරය පුරා වේගයෙන් ගෙන යන්නට හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි සුළු වැඩ කටයුත්තක් කළත් මහන්සියක් ඇති වෙන්නේ.

විවිධ වෛරස් ආසාදන සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් වෛරස් උණ ආදී රෝග වැළදුණු පසුව ශරීරයට තෙහෙට්ටුවක් දුබල බවක් දැනෙන්න පුළුවන්. මේ රෝගීන් සම්පූර්ණ සුවය ලැබුවත් රෝගියාට දැනෙන්නේ සුවය නොලැබුණා වගේ.  හිසරදය, ක්ලාන්තය, කරකැවිල්ල වගේම මානසික අවපීඩනයත් රෝගියාට බොහෝ කාලයක් යනතුරු දැනෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරන ඕනෑම ආකාරයේ ආසාදනයක් හේතුවෙන්  ශරීරයට දුබල බවක් විඩාබර බවක් දැනෙන්නට පුළුවන්.

මානසික අවපීඩනය මානසික අවපීඩනය එහෙම නැත්නම් විශාදය කියන තත්ත්වය අද බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක්. ඒ නිසා නිතර ඔබේ ශරීරයට විඩාබර බවක් තෙහෙට්ටුවක් දැනෙනවා නම් එය ඔබ විෂාදයෙන් පෙළෙන බවට පෙන්නුම් කරන ලක්ෂණයක් වෙන්න  පුළුවන්. විශේෂයෙන්ම මේ තත්ත්වයේදී නින්ද නොයාම, අධික ලෙස ඇතිවන නිදිමත, ආහාර අරුචිය, මනසේ ඒකාග්‍රතාවය නැති වීම, හිසරදය ඇතුළුව ශරීරයේ විඩාබර බවක් සහ  දුබල බවක් ඇති වෙනවා. මෙවැනි තත්ත්වයකදී මේ තෙහෙට්ටුව නැති කරගන්නට ඔබට විශාදය සඳහා වූ ප්‍රතිකාරවලට යොමු වෙන්නට සිද්ධ වෙනවා. 

රුධිර සීනි මට්ටම වැඩිවීම දියවැඩියා රෝගයේ දී අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය අඩු වෙනවා. මේ නිසා රුධිරයේ සීනි මට්ටම වැඩි වීමෙන් මුත්‍රා සමඟ සීනි පිට වෙනවා. ශරීරය කෙට්ටු වෙලා නිතරම ශරීරයට විඩාබර බවක් දැනෙනවා.  ඒ නිසා මේ ලක්ෂණය ගැන සැලකිලිමත් වෙන්න.

පෙනහලුවල සැරව ගෙඩි, ක්ෂය රෝගය වැලඳුණ රෝගීන්ට සහ නියුමෝනියාව වැලඳුණ රෝගීන්ට අධික ලෙස තෙහෙට්ටුවක් දැනෙනවා. ඒ හැරුණාම ආහාර අරුචිය, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව වගේ ලක්ෂණත් ඒ අතර දකින්නට ලැබෙනවා.

ගර්භනී බව සාමාන්‍යයෙන් ශරීරයේ හෝමෝන මට්ටම වෙනස්වීම හේතුකරගෙන ශරීරයට තෙහෙට්ටු බවක් ඇති වෙන්න පුළුවන්. පළමු මාස තුනේ දී ගැබිනි මවකගේ ශරීරයේ මූලිකවම ඇතිවෙන්නේ හෝමෝනවල  වෙනස් වීම්. 

මත්වතුර භාවිතය දුම් පානයටත් වඩා මත් වතුර පානය කිරීම නිසා ශරීරයට නිතරම තෙහෙට්ටුවක් විඩාවක් ඇති වෙන්නට පුළුවන්. මත් වතුරට ඇබ්බැහි වුණු අයට ඇඟපත වේදනාව ඇතිවීම  නිසාම නැවතත් ඒ ක්‍රියාවටම පෙළඹෙනවා. ඇඟපතේ වේදනාව සමනය කරගන්නට නැවත නැවත ඒවා භාවිතා කරනවා කියන්නේ  සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්. මේ නිසා අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය නොලැබී යනවා. පෝෂණ ඌණතා ඇති වෙනවා. දුබල ගතිය ඇතිව අක්මාව සහ ආමාශය ආදී ඉන්ද්‍රියන් දුර්වල වෙනවා.

රුධිර පීඩනය වැඩිවීම රුධිර පීඩනය වැඩි වූ සැණින්ම විඩාබර ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් බොහෝ වෙලාවට මේ සඳහා ලබාගන්නා ඖෂධ   හේතු කරගෙන රෝගියාට විඩාබර බවක් දුබල බවක් දැනෙන්න පුළුවන්.

ඖෂධ ඇතැම් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ හේතුකරගෙන ශරීරයට දුබල බවක් දැනෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඇතැම් වේදනා නාශක වගේම අධික රුධිර පීඩනය සඳහා භාවිතා කරන ඖෂධ ශරීරයට විඩාබර බවක් ඇති කරන්නට සමත් වෙනවා. ඒ වගේම මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ට ලබාදෙන ඖෂධ සහ උපත් පාලනය කිරීමට ලබාදෙන ඖෂධ හේතුකරගෙනත් තෙහෙට්ටුව සහ නිදිමත ඇති වෙන්න පුළුවන්.

 ඒ විතරක්ම නෙවෙයි නිර්වින්දන තත්ත්වයන් යටතේ ශල්‍ය කර්මයකට භාජනය වුණා නම් ඒ ඖෂධ හේතු කරගෙනත් සති හතරක් පමණ ගතවනතුරු ශරීරයට තෙහෙට්ටුවක් දැනෙනවා නම් එයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. දින කිහිපයක් ගතවෙද්දී ඒ තත්ත්වය ක්‍රමයෙන් සමනය වෙලා යනවා. ඉතින් අපේ ශරීරයට තෙහෙට්ටුවක් දුබල බවක් ඇති වෙන්නේ අපේ කාර්යබහුල බවත් එක්ක ශරීරය දැනෙන වෙහෙස නිසාම නෙමෙයි. මේ වගේ අපි නොදන්නා ශරීර අභ්‍යන්තරයේ යම් යම් ගැටළු නිසාත් ශරීරයේ විපර්යාසයන් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන  සැලකිලිමත් වෙ