දිලීර ආසාදන සුව කරන ආයුර්වේද ප්‍රතිකාර 8 ක්

health tips

ලොව වඩාත් බහුල ආසාදන අතරින් එකක් ලෙස දිලීර ආසාදන හැඳින්විය හැකියි.මේ තත්වය ඇතිවන්නේ සිරුරේ පටක ආශ්‍රිත ඇතැම් දිලීර වර්ග වර්ධනය වී ව්‍යාප්ත වීම නිසයි.Aspergillus, Blastomyces,Candida, Coccidioides Cryptococcus neoformans,Histoplasma යනු එවැනි රෝගකාරක දිලීර ප්‍රභේද කිහිපයකි.

මෙම දිලීර සිරුරේ කොටස් විශේෂයෙන් ඇස්, කන්, ආමාශ ආන්ත්‍රික මාර්ගය, යෝනිය, මුඛය, උගුර, නියපොතු, පෙනහළු හා සම ආශ්‍රිතව බලපෑම් ඇතිකළ හැකිය.සුදුලූනු,ඉඟුරු,වැල්මී,අමුක්කරා (අශ්වගන්ධ),කොහොඹ,හීන්මදුරුතලා (තුල්සි),වදකහ,ආද‍තෝඩා ආදී ඖෂධ වර්ග ආයුර්වේදයේ දි දිලීර ආසාදන වලට ඵලදායි ප්‍රතිකාර ලෙස හඳුන්වනු ලබයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දිලීර ආසාදන වෙනත්ම රෝගයක් ලෙස සලසා ප්‍රතිකාර නොකරයි.දිලීර ආසාදන වලට ප්‍රතිකාර කරන්නේ ද කුෂ්ඨ රෝග යටතේමය.නුසුදුසු ආහාර පුරුදු  නිසා සිරුරේ තුන් දොස් කිපීම සමේ රෝග වලට තුඬුදෙන ප්‍රධාන සාධක බව ආයුර්ව්දයේ පිළිගැනීමයි.සමේ රෝග ගණනාවක් ඇති අතර ඒවා තවදුරටත් උපකාණ්ඩ 18කට බෙදාදැක්වෙයි.මේවා මහා (විශාල) කුෂ්ඨ , ක්ෂුද්‍ර (කුඩා) කුෂ්ඨ ලෙස ද බෙදී යයි.’දදෘ’ හෙවත් පණුකැවිල්ල හා ‘ආලස’ -‘athlete’s foot’ යනුවෙන් හඳුන්වන කකුල් ආශ්‍රිත දිලීර රෝග තත්වය වඩාත් බහුල දිලීර ආසාදන තත්වයන් අතර වේ.

දිලීර ආසාදන වලට ආයුර්වේදයේ ප්‍රතිකාර කරන ආකාරය

‘වමන’- ඖෂධ මඟින් වමනය වීමට සැලැස්වීමයි.මෙහිදි ‘වමක’ හා ‘වමනෝපාග’ යනුවෙන් ඖෂධ දෙවර්ගයක් යොදාගනියි. වමක ඖෂධ වමනය වීමට සැලැස්වීම සඳහා උපකාර කරයි(උදා:වදකහ,වැල්මී). වමනෝපාග ඖෂධ මඟින් සිදුවන්නේ වමක ඖෂධ වල බලපෑම් ප්‍රවර්ධනය කිරීමයි (උදා: කොහොඹ, නෙල්ලි). බඩ සුද්ධ වීමට සලස්වමින් විෂ ද්‍රව්‍ය හා සෙම්සො‍ටු බැහැර කරවයි.රුධිර නාළිකා හා පපු ප්‍රදේශය ලිහිල්කරවයි.

ලේප- ඖෂධයක් හෝ කිහිපයක් මුසු කොට බාහිරව ආලේප කිරීමයි.පුද්ගලයාගේ ආසාදන තත්වය සැලකිල්ලට ගෙන ඒ අනුව ඖෂධ නියම කෙරේ.ගිතෙල් භාවිතයෙන් ඖෂධ මිශ්‍ර කර භාවිතයට ගනියි.පණු කැවිල්ල තත්වයට ප්‍රතිකාර කෙරෙන ඖෂධ වර්ග කිහිපයක්- මුරුංගා පොතු රාබු යුෂ සමඟ මිශ්‍ර කර ගැල්වීම, කොතල හිඹු‍ටු,කහ,ගෙන්දගම්,තිඵලා  අබ තෙල් සමඟ මිශ්‍ර කර ගැල්වීම,පෙති ‍තෝර රාබු යුෂ වලින් මිශ්‍ර කර ගැල්වීම, වැල් ඇඹිල්ල ඇට අබ,පෙති ‍තෝරම්,කුෂ්ත මුල් ලුණු කැට කිහිපයක් ඇඹුල් මුදවපු කිරෙන් මිශ්‍ර කර ගැල්වීම…

ආයුර්වේදයේ දිලීර ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදි භාවිත වන ඖෂධ වර්ග

සුදුලූනු-ආසාදන රෝග වළකන,පරපෝෂීනාශක,සෙමදුරුකරවන,වාතදෝෂදුරුකරන, විෂබීජනාශක ගුණ, සිරුර යළි ප්‍රාණවත් හා තරුණ කරවන මෙන්ම උත්තේජනය කරන ගුණ බහුලයි.විෂහරණකාරකයක් ලෙස ක්‍රියාකර රුධිරයේ හා වසා තුල ඇති විෂ ද්‍රව්‍ය බැහැර කරයි.පැසවීම වළකන ගුණ ඇති නිසා පෙනහළු හා සමේ ආසාදන වලට ඉතා යෝග්‍යයයි.සුදුලූනු තැම්බූ වතුරේ කකුල් පොඟවාගෙන සිටීම කකුලේ ඇතිවන දිලීර රෝග (athlete’s foot  වැනි) සඳහා හොඳ ප්‍රතිකාරයකි.ඔලිව් තෙල් වල පෙඟවූ සුදුලූනු බලපෑමට ලක්ව ඇති සම මත සෘජුව ගැල්වීම මඟින් දිලීර වර්ධනය බොහෝ දුරට පාලනය කරගත හැකිය.

ඉඟුරු-ආහාර ජිර්ණ මාර්ගයේ හා ශ්වසන මාර්ගයේ ගැටලු අපහසුතා සමනය කරවයි.වේදනානාශක ගුණ හා වාතහරණ,සෙම දුරුකරවන හා ආතතිය සමනය කරන ගුණාංග බහුලය.තිදොස් කිපීමෙන් ඇතිවන රෝග වලට හොඳ ප්‍රතිකාරයකි.වෙනත් ඖෂධ සමඟ සුසංයෝග කර ලබාගත හැකියි.ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි. වාත හා සෙම් දොස් සමතුලිත කරයි.ඉඟුරු වල අඩංගු කැප්‍රිලික් අම්ල ප්‍රබල දිලිරනාශක කාරකයකි. ඉඟුරු තැම්බූ වතුරෙන් ආසාදනයට ලක්ව ඇති සම සේදීම කළ යුතුයි.

වැල්මී-ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු, ප්‍රජනන,ශ්වසන  හා බහිස්‍රාවී පද්ධතියේ නීරෝගි ක්‍රියාකාරීත්වය ඉහළ දමයි. ප්‍රදාහය හා අපහසුතා දුරලයි.වේදනානාශක,සිරුර යළි ප්‍රාණවත් කරවන හා සෙම හරණය කරන ගුණ බහුල ඖෂධයකි.පෙනහළු හා ආමාශයේ සෙම ඉවත් කර වණ හා දැවිල්ල සහිත ඉදිමුම අඩුකරවයි.රුධිරය පිරිසිදු කරයි.තෙහෙට්‍ටුව හා උදර වේදනාවට ප්‍රතිකාර කරයි.දිලීරනාශක ගුණ බහුලය.ඉඟුරු සමඟ හෝ වතුරේ තම්බා භාවිතයට ගත හැකියි. වැල්මී කුඩු, කසාය, කිරි පානයක් ලෙස හෝ ගිතෙල් මිශ්‍ර කර ලබාගත හැකියි.

කහ-මූත්‍රා මාර්ගයේ ,ජීර්ණ මාර්ගයේ හා ශ්වසන මාර්ගයේ ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි.බැක්ටීරියානාශක,වාතහරණ,ආසාදන රෝග මර්දක හ උත්තේජක ගුණ බහුලය.තුවාල සුවපත් කරයි.රුධිර ගමනාගමනය වැඩිදියුණු කරයි.පටක වර්ධනය වීමට සලස්වයි. ස්වභාවික ප්‍රතිජිවකයක් ලෙස ක්‍රියාකරයි.පොතු කබර, කුරුලෑ හා ප්‍රදාහය ඇතුළු දිලීර ආසාදන තත්වයන්ට ප්‍රතිකාර කිරීමට යොදාගැනේ.කහ තැම්බූ වතුර, කිරි පානයක් ලෙස සකස් කර හෝ කසාය හෝ ආලේපයක් ලෙස භාවිතයට ගත හැකියි.

කොහොඹ-රුධිර සංසරණ, ආහාර ජීර්ණ, ශ්වසන හා මූත්‍රා යනාදි ශරීර පද්ධති වල නීරෝගි බව ආරක්ෂා කරයි. සිරුර සමනය කරන ගුණ ලබාදෙයි. ආසදන මර්දක, පැසවීම වළකන, දිලීර නාශක, විෂබීජනාශක ගුණ ඇත.රුධිරය පිරිසිදු කරමින් විෂ අපද්‍රව්‍ය බැහැර කරවයි. ඒ හරහා දිලීර වර්ධනය මර්දනය බාල කරයි.එක්සිමා දද, වණ හා වෙනත් චර්ම රෝග ගණනාවකටම හොඳ ප්‍රතිකාරයකි. කොහොඹ තැම්බූ වතුර, කසාය හෝ ගිතෙල් මිශ්‍ර කර හෝ තෙල් ලෙස භාවිතයට ගත හැකියි.

අමුක්කරා (අශ්වගන්ධ)- අමුක්කරා හෙවත් අශ්වගන්ධ ස්නායු, ප්‍රජනන හා ශ්වසන පද්ධතියට ගුණදායකය. සිරුර ප්‍රාණවත් කිරීමේ හා ප්‍රතිප්‍රදාහක ගුණාංග බහුලය. වේදනානාශක ගුණාංග ද ඇත.ප්‍රතිශක්ති වර්ධක ඖෂධ අතරින් එකක් ලෙස සැලකෙන අමුක්කරා candidiasis නම් ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින් බහුලව ගොදුරුවන දිලීර ආසාදන තත්වය පාලනය කිරීමට හොඳ ප්‍රතිකාරයකි.වේදනාව හා තෙහෙට්‍ටුව සමනය කරමින් පටක සුවවීම ප්‍රවර්ධනය කරයි. ආතරයිටිස් ඉදිමුම් හා ප්‍රදාහය පාලනය කරයි.අමුක්කරා කසාය, ගිතෙල් මිශ්‍ර කර , කුඩු හෝ ඖෂධීය පානයක් ලෙස සකසා භාවිතයට එක්කරගත හැකිය.

තුල්සි -තුල්සි හෙවත් බැසිල් කොළ වල ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය හා ශ්වසන පද්ධතියට ගුණදායි බැක්ටීරියානාශක, පැසවීම වළකන, ප්‍රතිභ්‍රාස (ගැස්ම වළකන) හා වේදනානාශක ගුණ බහුලයි.සිරුරේ ඔක්සිජන් මට්ටම වැඩිදියුණු කරයි. රුධිර සංසරණ හා ස්නායු පද්ධතිය පවිත්‍ර කරවයි.ජීර්ණය වැඩිදියුණු කර විෂ අපද්‍රව්‍ය නසයි. කොළ තැම්බූ වතුර, යුෂ, ගිතෙල් සමඟ හෝ කුඩු ලෙස භාවිතයට ගත හැකියි.

ආඩ‍තෝඩා-රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය හා බහිස්‍රාවී පද්ධතියේ ක්‍රියාවලින් ක්‍රමවත් කරයි. ප්‍රතිභ්‍රාස ගුණ හා සෙම හරණය කරන ගුණ අඩංගුය.ඇදුම, කැස්ස, ක්ෂය රෝගය හා බ්‍රොන්කයිටිස් වැනි ශ්වසන ගැටලු සමනය කිරීමට හොඳ ඖෂධයක් ලෙස භාවිත වේ.මදුරුවන්, මැක්කන් හා වෙනත් කෘමි පළවා හරන කෘමි විකර්ෂක ගුණයෙන් ද යුක්තයි. දිලීර ආසාදන වලට ඵලදායිව පිළියම් කරයි.සෙම් රෝග වලට ඉතා ගුණදායකයි. තැම්බූ වතුර, කසාය, සාරය ලෙස හෝ ආලේපයක් ලෙස හෝ කුඩු ලෙස භාවිතයට ගත හැකියි.

දිලීර ආසාදනයකින් පෙළෙන ඔබ කළ යුතු හ නොකළ යුතු දේවල්

කළ යුතු:

  • නිතර සම පිරිසිදුව තබාගන්න.පිරිසිදු ඇඳුම් අඳින්න. වඩාත් තද නොමැති ලිහිල් ඇඳුම් වඩාත් සුදුසුයි.
  • පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු පවත්වාගන්න.
  • දිනකට දෙවරක්වත් ඇඳුම් මාරුකරන්න.

නොකළ යුතු:

  • බඩගින්න, පිපාසය,මලමූත්‍රා පිටකිරීම වැනි ස්වභාවික ශරීර අවශ්‍යතා ආයාසයෙන් මැඩගෙන සිටීමෙන් වළකින්න.
  • යම් ක්‍රියාකාරකමක යෙදීමෙන් පසු වහාම සීත කළ හෝ සීතල වතුර පානය කිරීමෙන් හෝ සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.
  • මාලු- කිරි වැනි නොගැළපෙන ආහාර සුසංයෝග ලෙස ගැනීමෙන් වළකින්න.
  • අධිකව ආහාර ගැනීමෙන් හා දිරවීමට අපහසු ආහාර ගැනීමෙන් වළකින්න.
  • පිළුණු ආහාර ගැනීමෙන් වළකින්න.
  • ලුණු හා ආම්ලිකබව වැඩි ආහාර වර්ග අධිකව පරිභෝජනය කිරීමෙන් වළකින්න.
  • දහවල් කාලයේ නිදාගැනීමෙන් වළකින්න.

*මෙහි සඳහන් ඖෂධ වර්ග භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාසිටින්න.