ජීර්ණ පද්ධතියේ පිහිටා තිබෙන පිත්තාශය තුළ ජීර්ණ ක්‍රියාවලියට අවශ්‍ය තරලයක් වන පිත ගබඩා වී තිබෙයි.පිත නිපදවෙන්නේ අක්මාව තුළයි.කෙසේවෙතත් පිත මඟින් ජීර්ණය කළ හැකි තරමට වඩා අක්මාව තුළ අධිකව කොලෙස්ටරෝල් නිපදවන විට පිත්තාශයේ ගල් (gallstones) හටගැනීමට පටන්ගත හැකියි. මේවා පිත්තාශ්ම ලෙස ද හඳුන්වයි.

පිත්තාශ ගල් ඇතිවන්නේ කොහොමද?පිත්තාශ ගල් වලින් 80%ක්ම නිර්මාණය වී ඇත්තේ කොලෙස්ටරෝල් නිසයි.බිලිරුබින් (පිත වර්ණක) සහ කැල්සියම් ලවණ අන්තර්ගත වී ඇත්තේ 20%ක් පමණයි.අක්මාව මඟින් සිරුරේ පැරණි රතු රුධිර සෛල විනාශ කරදමන විට බිලිරුබින් නිපදවෙයි.ඔබ යම් අක්මා ගැටලුවකින් හෝ රුධිරය සම්බන්ධ රෝගාබාධයකින් පෙළෙන්නේ නම්, ඔබේ අක්මාව තුළ සාමාන්‍ය මට්ටම ඉක්මවා බිලිරුබින් නිපදවිමට ඉඩ තිබෙයි.මෙය ද පිත්තාශ්ම වර්ධනය වීමට බලපායි.පිත්තාශය සම්පූර්ණයෙන්ම හිස්නොවීමෙන් ද පිත්තාශ්ම සෑදෙයි.නිතිපතාම යම් ප්‍රමාණයකින් හෝ පිත යුෂ එහි ඉතිරි වී ඒවා ඝනවීමට පටන්ගත හැකියි.එවිට සාමාන්‍ය මට්ටමට වඩා පිත වඩාත් සාන්ද්‍ර වෙයි.ක්‍රම ක්‍රමයෙන් තැන්පත් වී ඇති පිත ඝන වී ගල් මෙන් ස්වභාවයකට හැරෙයි.
රෝග ලක්ෂණ මොනවාද?
- උදරයේ ඉහළ දකුණු ප්‍රදේශයේ පවතින වේදනාව ප්‍රබල රෝග ලක්ෂණයකි.දිගින් දිගටම මෙම ලක්ෂණය අත්දකින්නේ නම් සැලකිලිමත් වීම වඩාත් සුදුසුයි. උදර වේදනාව මතුවන්නේ පිත්තාශය තුළ හටගෙන ඇති මෙම ගල් පිත ප්‍රවාහය වීම අවහිර කරන නිසයි.
- ඊට අමතරව ඔක්කාරය, වමනය, පාචනය හා අජීර්ණය වැනි රෝග ලක්ෂණ ද මතුකළ හැකියි.
- මූත්‍රා තද කහ පැහැයක් ගැනීම, මලපහ මැටි වැනි ස්වභාවයක් ගැනීම ද ඇතැම් විට මෙම තත්වයේ පූර්ව ලක්ෂණ විය හැකියි.
- පිත්තාශ ගල් හටගැනීමේ භයානක පැතිකඩ වන්නේ ඇතැම් රෝගීන්ට එහි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකිරීමයි. 80%ක් පමණ පුද්ගලයින් තමාගේ පිත්තාශයේ ගල් හටගෙන ඇති බව නොදනිති.බොහෝ විට එක්ස් කිරණ පරික්ෂා මඟින් මෙම රෝග තත්වය අනාවරණය කරගනියි.
ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු දේවල්

මේද බහුල ආහාර පාන සහ ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග ගැනීමෙන් වළකින්න.අක්මාවේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් ඇතිවීම පිත්තාශ්ම වර්ධනය වීමේ අවදානම වැඩිකරවයි.මේද අඩු අන්තර්ගතයක් ඇති ආහාර පාන පරිභෝජනය කරන්න.
තන්තු බහුල ආහාර පාන බඩවැල් නීරෝගි කර මල අපද්‍රව්‍ය බැහැර වීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.අතිරික්ත කොලෙස්ටරෝල් සමඟ බන්ධනය වී ඒවා සිරුරෙන් බැහැර කරයි.මලපහ ඝන ලෙස පිටවීම පිත්තාශයේ පිත රැඳීමේ ඉඩකඩ අවම කරවයි.කෙසේවෙතත් ගෑස් තත්වයන් මතුකළ හැකි නිසා තන්තු බහුල ආහාර අධික ගැනීමෙන් වළකින්න.
පාචනය ඇතිකළ හැකි කිරි නිෂ්පාදන ,සැර අධික දේවල් වැනි ආහාර පාන වර්ග වලින් වළකින්න.කැෆේන් අඩංගු පාන වලින් වළකින්න.කුඩා ප්‍රමාණ වලින් ආහාර ලබාගන්න.එය ජීර්ණ ක්‍රියාවලියට පහසුය.දිනකට වතුර ලීටර් 1.5-2ක් අතර ප්‍රමාණයක් පානය කරන්න.
විටමින් C, යකඩ සහ ලෙසිතින් පෝෂක බහුල ආහාර පාන ලබාගන්න.ස්ට්‍රෝබෙරි වැනි බෙරි වර්ග,දොඩම්, ලෙමන් වැනි පැඟිරි පලතුරු,අර්තපල්,බෙල්පෙපර් වැනි ආහාර ද ගුණදායකයි.
රෝගය හඳුනාගැනීම
සම සහ ඇස් වල පැහැයේ වෙනස්කම් ඇතිවීම, උදාහරණයක් ලෙස කහ වීම බොහෝ විට ජෝන්ඩිස් තත්වයයි.සිරුරේ බිලිරුබින් අධික වීම ඊට හේතුවෙයි.වෛද්‍යවරයා විසින් ඔබේ සිරුරේ මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි පරික්ෂා කර බලයි.උදරය හා අක්මාව ආශ්‍රිත CT ස්කෑන් ඡයාවන් ලබාගනිමින් ඒවා පරික්ෂා කර බලා පිත්තාශ්ම තිබේදැයි හඳුනාගත හැකියි.ඊට අමතරව endoscopy, ultrasound තාක්ෂණය ද ඒ සඳහා සහය වෙයි.පිත්තාශ්ම හේතුවෙන් පිත්තාශය පිපිරීම-ඉරි තැලීම,පටක විනාශවීම, ආසාදන, හෝ අවහිරතා වැනි ගැටලු හටගත හැකි අතර එම ලක්ෂණ හඳුනාගැනීමට ද මෙම වෛද්‍ය ක්‍රම වලට හැකියාව පවතියි. බිලිරුබින් මට්ටම් වැඩි නම් වෛද්‍යවරයා විසින් රුධිර පරික්ෂා කිහිපයක් සිදුකරනු ලැබිය හැකියි.
ප්‍රතිකාර මොනවාද?
ඔලිව් තෙල් සහ ලෙමන් යුෂ මිශ්‍ර කර පානය කිරීමෙන් පසු නිරාහාරව සිටින්න. මෙම පිළියම අනුගමනය කිරීමෙන් පසු පිත්තාශ ගල් ඉවත්වෙන බව සඳහන් වේ.
බරපතල තත්වයන් වලදී පිත්තාශ ගල් ඉවත්කිරීමේ හෝ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමකට ලක්වීමට සිදුවිය හැකියි.
මෙම තත්වයට ඖෂධ මඟින් ද ප්‍රතිකාර කරයි. සැත්කම් වලට නොයා ඖෂධ මඟින් තත්වය පාලනය කරගැනීමට නිතිපතාම නිසි මාත්‍රාවන්ට අනුව ඒවා ලබාගැනීම වැදගත්.ඒවා මඟින් කොලෙස්ටරෝල් භාවිතයෙන් පිත්තාශයේ ගල් දිය කර හැරීමට සලස්වයි.මෙය දිගු කාලීනව සිදුකළ යුතු ප්‍රතිකාරයකි. බොහෝ විට වසර කිහිපයක් වුවත් ගත විය හැකියි.
shock wave lithotripsy ක්‍රමයේදි lithotripter නම් යන්ත්‍රයක් මඟින් රෝගියාගේ සිරුර තුළට කම්පන තරංග නිකුත් කරනු ලබයි.මෙම කම්පන තරංග මඟින් පිත්තාශ්ම කුඩා කැබලි වලට බිඳ දමයි.එමඟින් ඒවා පහසුවෙන් පිත්තාශයෙන් බැහැර කෙරෙයි.
*ඉහත රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න!