පිත්තාශයේ ගල් ඇතිවීම වළකන රටකජු සතු රෝග සුව කිරීමේ ගුණ 12 ක්

health tips

මිනිසාගේ ශරීර වර්ධනය සදහා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත රනිල කුලයට අයත් වියළි පළතුරක් ලෙස රටකජු හදුනා ගත හැකිය. රටකජු බැදීමෙන් පසු හෝ අමුවෙන් ද ආහාරයට ගත හැකිය.කැලරි අධික ලෙස අන්තර්ගත ආහාරයක් වන රටකජු තුළ ඇමයිනෝ අම්ල 20ම අන්තර්ගත වේ. රටකජු ශක්තිජනක ආහාරයක් වේ. රටකජුවල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ මෙලෙස හදුනා ගත හැකිය. 

• ශක්තිය 

• ප්‍රෝටීන් 

• ආහාරමය තන්තු 

• කාබෝහයිඩ්‍රේට් 

• සීනි 

• යකඩ 

• කැල්සියම් 

• සෝඩියම් 

• පොටෑසියම් යනාදී පෝෂ්‍ය පදාර්ථ රටකජු ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකිය. 

රටකජුවල ඖෂධීය ගුණ 

• හෘද සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගනී. රටකජු ආහාරයට ගැනීමෙන් ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය. මේ නිසා හෘද රෝග ඇතිවීමේ අවදානමද අවමවේ. එමෙන්ම රටකජු ආහාරයට ගැනීමෙන් හෘද රෝගය නිසා ඇතිවන පපුවේ දැවිල්ල ද සමනය කර ගත හැකිය. එනම් රටකජු වල  අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණ හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වේ. 

• ශරීරයේ අධික බර අඩු කර ගැනීම සදහා උපකාරී වේ.රටකජු යනු කැලරි අධික ප්‍රමාණයක් අන්තර්ගත ආහාරයක් වේ. නමුත් රටකජු ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කර ගත හැකිය. ඒවා සුලූ කෑමක් ලෙස තබා ගැනීමෙන් පසු දිනකට කැලරි අඩු ප්‍රමාණයක් පරිභෝජනය කළ හැකිය. රටකජු ආහාර වේලකට වඩා සුළු කෑමක් ලෙස පරිභෝජනය කිරීම වැදගත් වේ.රටකජු ශරීර බර අඩු කීරීමට ඉවහල් වන බව අධ්‍යනවලින් පවා සොයා ගෙන ඇත. 

• සමේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි.රටකජු ශාක සංයෝග සහ ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් ආහාරයක් වන අතර ඒවායේ සියලු පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා ගැනීමට අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.සමේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කීරීම සදහා රටකජුවල මෙම ගුණ උපකාරී වේ.රටකජු පරිභෝජනය මගින් සම අව් රශ්මියෙන් හා ඉන් ඇතිවන හානිවලින් ආරක්ෂා කරයි.රටකජුවල අන්තර්ගත විටමින් E ,මැග්නීසියම් ,සින්ක්, බැක්ටීරියාවලට එරෙහිව සටන් කර සම පැහැපත් කරයි. රටකජුවල අඩංගු බීටා කැරෝටීන් සමේ සෞඛ්‍යය වර්ධනය කිරීම සදහා උපකාරී වේ. 

• හිසකෙස් වර්ධනය කරයි.හිසකෙස් සෞඛ්‍යය වර්ධනය කිරීම සදහා ද රටකජු උපකාරී වේ. රටකජුවල සියලුම ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එම පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් වර්ධනය කිරීම සඳහා දායක වේ. 

• අවදානම අඩු කරයි.සතියකට රටකජු ගෙඩි පහක් පමණ ආහාරයට ගැනීමෙන් පිත්තාශය ආශ්‍රිතව රෝග ඇති වීමේ අවදානම  අඩු කර ගත හැකිය. 

• රුධිරගත සීනි මට්ටම පාලනය කරයි.රටකජු හෝ රටකජු බටර් ආහාරයට එක් කර ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම වැඩි වන්නේ නැත. රටකජු උදෑසන ආහාරයට ගැනීමෙන් දවස පුරා රුධිරගත සීනි මට්ටම පාලනය කළ හැකිය. 

• පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි.රටකජු අධික ලෙස ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් පිළිකා ඇති වීමේ අවදානම අඩු කිරීම සදහා හේතූ වේ. රටකජු වල අන්තර්ගත අයිසොෆ්ලේවොන් ,රෙස්වෙටරෝල්, ෆීනෝලික් අම්ලය ,ප්‍රතිදේහ ගුණ ඇති අතර ඒවා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට උපකාරී වේ. 

• නිරන්තරයෙන් ශරීරයට ශක්තිය මුදා හැරීමට උපකාරී වේ.රටකජු යනු කාබෝහයිඩ්‍රේට් ශක්තිය බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ප්‍රෝටීන සහ තන්තු වලින් පිරි ආහාරයක් වේ. රටකජුවල ප්‍ර්‍රෝටීන් ප්‍රමාණය මුළු කැලරි ප්‍රමාණයෙන් සියයට විසි පහක් වේ. රටකජුවල අන්තර්ගත ප්‍රෝටීන් හා තන්තු ප්‍රමාණය ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී කරමින් ශරීරයට අවශ්‍ය ශක්තිය නිරන්තරයෙන් ලබා දීම සදහා උපකාරී වේ. 

• මතකය වර්ධනය කරයි. රටකජු ආහාරයට ගැනීම මානසික සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට උපකාරී වේ. රටකජුවල අන්තර්ගත විටමින් C හා නියසීන් අපගේ නියුරෝන වල සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගනී. එමගින් මොළයේ දත්ත රදවාගැනීමේ හැකියාව වැඩි කරයි. 

• මානසික අවපීඩනය ඇති වීම වළක්වයි.මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන් ගේ සාමාන්‍ය සෙරොටොනින් මට්ටමට අඩුය. රටකජු වල අන්තර්ගත ට්‍රිප්ටොෆාන් අම්ලය සෙරොටොනින් මට්ටම වැඩි කීරීමට උපකාරී වේ. එමගින් අපගේ මනෝභාවය වැඩි දියුණු කර අපගේ යහපැවැත්ම වර්ධනය කරයි. 

• සංජානන සෞඛ්‍යය වර්ධනය කරයි.ස්නායු සම්බන්ධ සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සදහා රටකජුවල අන්තර්ගත නියාසින් උපකාරී වේ. රටකජු ආහාරයට ගන්නා පුද්ගලයන්ට ඩිමෙන්ෂියාව ,ඇල්ෂයිමර් වැනි සංජානන ආබාධ වලින් පීඩා විදීමට ඇති ඉඩකඩ 65%ක් දක්වා අඩුය.

දිනපතා රටකජු සුලු ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දෛනික වටිනාකමින් 30%ක් නියාසින් ලබා ගත හැකිය. මේ ආදී වශයෙන් අප සෞඛ්‍යය වඩාත් යහපත් ආකාරයෙන් පවත්වා ගන්නට උපකාරී වන ගුණදායක ආහාරයක් මෙන්ම ඇතැම් විට ගුණදායක ඔසුවක් ලෙස රටකජු හදුනා ගත හැකිය.