ගර්භාෂයේ උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගර්භාෂය සිසිල් කරන ආහාර 10 ක්

health tips

බොහෝ කාන්තාවන් මවක් වීමට පෙරාතුව තම නීරෝගී භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ම ගර්භාෂය නීරෝගීව පැවතීම මේ සඳහා අතවශ්‍යවේ. එනම් බොහෝ දෙනෙකුට ගර්භාෂය ආශ්‍රිතව නොයෙකුත් රෝග ඇතිවීම හේතුවෙන් මවක් වීමේ සිහිනය බොඳව ගිය අවස්ථා බොහෝය. ගර්භාෂය රෝගී නම් එය

  • දරුවන් අහිමි කිරීමට
  • වඳභාවය ඇති කිරීමට
  • ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති කිරීමට
  • ගර්භාෂ පිළිකා ඇතිවීමට
  • සුදයාම ඇතිවීමට 

මෙවැනි රෝග ගණනාවක් ඇති වීමට ගර්භාෂය රෝගී වීම හේතුවනු ලැබේ. මේ නිසා නිතර ගර්භාෂය නීරෝගීව තබා ගැනීමට කටයුතු කළ යුතුය. එනම් හෝමෝනවල ඇති වන වෙනස් කම් ගර්භාෂ රෝග ඇති වීමට හේතු වේ.  ඊට අමතරව ශරීරයේ පවතින අධික උෂ්ණය හේතුවෙන් ගර්භාෂයේ උෂ්ණත්වය ඉහළ ගොස් ගර්භාෂය රෝගී වීමට වැඩි ඉඩක් පවතී. එනම් එය ඉහත සඳහන් කළ සෑම රෝගයන්ම පාහේ ඇතිවීමට හේතුවක් විය හැකිය.  මේ නිසා නිතර ශරීරය හා ගර්භාෂය සිසිල් කරන ආහාර ගත් යුතුය.  එවැනි ආහාර වර්ග බොහොමයක් පවතී. එනම් 

ගර්භාෂය සිසිල් කරන ආහාර වර්ග 

නෙල්ලි ශරීරය උෂ්ණාධික වූ විටක ශරීරය සිසිල් කර ගැනීම සඳහා නෙල්ලි යුෂ පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් නෙල්ලි වල විටමින් සී, ප්‍රතිඔක්සිකාරක බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. එමෙන්ම හිසකෙස් සඳහා, සම සඳහා,අක්මාවේ නීරෝගී භාවය සඳහා මෙන්ම ගර්භාෂය සිසිල් කර ගර්භාෂයේ නීරෝගී භාවය වැඩි කිරීමට නෙල්ලි පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් බොහෝ විට  වියලා ගත් නෙල්ලි තම්බා පානය කිරීම,අමු නෙල්ලි හොඳින් කොටා යුෂ ගෙන පානයක් සකස් කිරීම, නෙල්ලි ගෙඩි කිහිපයක් ගෙන තලා උණුසුම් වතුරට දමා තැම්බෙන්නට හැර පානය කිරීම මගින් ශරීර දාහය සමනය කරගෙන ගර්භාෂය සිසිල් කර ගත හැකිය. 

කොමඩු ශීත ගුණයෙන් යුතු ජලය සහ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන කොමඩු නිතිපතා ආහාරයට ගැනීමෙන් ශරීර දාහය මෙන්ම ගර්භාශයේ පවතින ඌෂ්ණ ස්වභාවය සමනය කර ගත හැකිය. එනම් හොදින් ඉදුනු කොමඩු ගෙඩියක් ගෙන මදය කපා  බ්ලෙන්ඩර් කර රස පදමට වතුර හා රිසි පරිදි සීනි මිශ්‍ර කර හොඳින් අඹරා යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය සමනය කර ගර්භාෂය සිසිල් කර ගත හැකිය.

පිපිඤ්ඤා ශරීර දාහය සමනය කර ගැනීමට ඈත අතීතයේ සිට ම භාවිතයට ගත් පිපිඤ්ඤා යනු පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු එළවළුවකි. එනම් පිපිඤ්ඤා පළතුරක් ලෙස ආහාරයට ගැනීමෙන්  ශරීර දාහය සමනය කර ගත හැකිය. ඊට අමතරව පිපිඤ්ඤා ව්‍යංජනය පිපිඤ්ඤා සම්බෝලය ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීර ගත දාහය මෙන්ම ගර්භාෂ උෂ්ණාධිකභාවය දුරු කරගත හැකිය. 

රණවරා ප්‍රතිඔක්සිකාරක සහ බැක්ටීරියා  නාශක ගුණයෙන් යුතු රණවරා මල් තම්බා පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණාධික භාවය සමනය කරගත හැකිය. එනම් ඉන් ගර්භාෂය සිසිල් වේ. එනම් උෂ්ණ දේශගුණයක් සහිත කාල වකවානුවල  හා උෂ්ණ ආහාර ගන්නා විට රණවරා මල් තම්බා පානය කිරීමෙන් එම උෂ්ණ ස්වභාවය ඇතිවීම වළක්වාගත හැකිය. 

අළු පුහුල් අළු පුහුල් ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ශරීරයේ හා ගර්භාෂයේ උෂ්ණ ස්වභාවය ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් අළු පුහුල්වල අඩංගු ජලය ශරීරය සිසිල් කිරීමට හා ගර්භාෂය සිසිල් කිරීමට හේතුවේ. 

කැකිරි කැකිරි ආහාරයට එක් කර ගැනීම මගින් ශරීර උෂ්ණත්වය සමනය කර ගත හැකිය. එනම් කැකිරි ව්‍යංජනයක් ලෙස හා පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් කැකිරි වල අඩංගු ජලය ශරීරය සහ ගර්භාෂය සිසිල් කිරීම සිදුකරයි. 

බෙලි ආයුර්වේදය තුළ ශරීරයේ සිසිල් කර ගැනීම සඳහා බහුලව භාවිතා කරන බෙලි ගර්භාෂය සිසිල් කිරීම සඳහා ද යෝග්‍ය වේ.  එනම් බෙලි පොතු,බෙලි ගැට, බෙලි මුල්, බෙලි මල් මේ සඳහා වඩාත් සුදුසුවේ. 

කොමාරිකා කෝමාරිකා යුෂ පානයක් ලෙස හෝ කෝමාරිකා මදය ගෙන සූර ආහාරයට ගැනීමෙන් ශරීර දාහය සමනය කරගත හැකිය. එනම් එය ගර්භාෂය සිසිල් කර ගැනීම සඳහා ද යෝග්‍ය වේ. 

සව් සහ බාර්ලි සව්  සහ බාර්ලි යන දෙවර්ගයම ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගැනීම සඳහා මෙන්ම ගර්භාෂය සිසිල් කර ගැනීම සඳහා යෝග්‍ය වේ.  එනම් මේ සඳහා සව්කැඳ සකස් කර පානය කිරීම හා බාර්ලි තම්බා එම වතුර පානය කිරීම ද  යෝග්‍ය වේ. මෙම පානයන් වලට අමතරව 

  • තැඹිලි වතුර පානය කිරීම 
  • කොළ කැඳ පානය කිරීම 
  • එරමුසු තම්බා පානය කිරීම 

ආදී සිසිල් ගුණයෙන් අනූන පාන වර්ග හා ආහාර වර්ග භාවිතා කිරීම මගින් ශරීරයේ සිසිල් ස්භාවය ඇති කරගෙන ගර්භාෂය සිසිල් කර ගත හැකිය. නමුත් මෙම ආහාර ගන්නා අතරතුර උෂ්ණ අධික ආහාර පාන වර්ග භාවිතා නොකිරීමට වග බලා ගත යුතුය.