අපේ ජීවිතය පවත්වා ගෙන යන්නට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අතට අසුවෙන දකින දකින ආහාර ගැනීමත් ගුණයට වඩා රසයට මූලික තැනක් දී ආහාර ගැනීමත් නිසා අද ලොකු කුඩා හැමෝම නොයෙක් ආකාරයේ ලෙඩරෝගවල ගොදුරු බවට පත්වෙමින් යනවා. නමුත් අපි ආහාර ගත යුත්තේ ඖෂධයක් ලෙසයි. එවිට ඖෂධය ආහාරයක් වන බව ග්‍රීක දාර්ශනිකයෙක් වරක් සඳහන්කර තියෙනවා.එය නිසි පරිදි නිසි වේලාවට නිසි ප්‍රමාණයෙන් ගැනීම එහිදී ඉතාම වැදගත්. ඉතින් අපි හැමෝම ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්නට කැමතියි නේ. අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්නෙත් නීරෝගී ජීවිතයක්.ඉතින් නීරෝගී ජීවිතයක් ගත කරන්නට උනන්දු වෙන ඔබට දිනපතාම ගත හැකි අපූරු ඔසුවක් ගැන තමයි මේ කියන්න යන්නේ.
සුදු ළූණු මී පැණි සුසංයෝගය ඖෂධයකට වඩා ආහාරමය සංයෝගයක්.ලෝකය පුරාම ආයුර්වේදය තුළ මෙය බහුලවම භාවිතා වෙනවා. සුදු ළූණු බොහෝ ලෙඩරෝගවලට ගුණදායක ආහාර රසකාරකයක් ලෙසත් භාවිතා කරන දෙයක්. මෙයින් වහනය වන තද සැර සුවඳට බොහෝ දෙනෙක් අකමැති වුණත් සුදු ළූණු කෑමට ප්‍රිය කෙනෙක් නම් ඔබ පිසින සෑම ආහාරයටකටම වගේසුදු ළූණු එකතු කරනවා ඇති. සුදු ළූණු රස උත්තේජකයක් පමණක් නොවන අතර එය විස්මිත ප්‍රයෝජනයන් සහිත දෙයක්.
සුදු ළූණු ඈත අතීතයේ සිටම රෝග සුව කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කර තිබෙනවා. සුදු ළූණුවල ඇලිසින් නම් සංයෝගය අඩංගු වෙන අතර වෛරස බැක්ටීරියා දිලීරී නාශක ගුණය ඒ සතු වෙනවා.මේ සංයෝග අමු සුදු ළූණුවල ඉතා හොඳින් ආරක්ෂා වී පවතිනවා. සුදු ළූණු පිසීමේදී එවැනි සංයෝග බොහොමයක් විනාශ වෙනවා. කොහොමනමුත් සුදු ළූණු සතු ගුණයන් ඉතා විස්මිතයි.
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට උපකාරී වෙයි

• සෙම්ප්‍රතිෂ්‍යාවට සහ කැස්ස සමනය කරයි.
• පණුකැවිල්ල ආදී දිලීර රෝග නසයි.
• අධි රුධිර පීඩනය පාලනය කරයි.
• ආතර්යිටීස් රෝගීන්ට ගුණදෙයි.
• හෘදයේ ක්‍රියාකාරිත්වය සමතුලිතව පවත්වාගෙන යාමට උපකාරී වෙයි.
• රුධිර නාල පුළුල් කරයි.
• රුධිරයේ ඇතිවන කුඩා රුධිර කැටි දියකරයි.
• සුදු ළූණුවල අඩංගු ඇන්ටි ඔක්සයිඩ් සහ ඇන්ටි ඉන්ෆ්ලැමටි උපකාරීවීමෙන් අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කරයි.
• දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම එක මට්ටමකට පවත්වාගෙන යන්නට උපකාරී වෙයි. සුදු ලූණුවලින් අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය කිරීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා.
මීපැණි කියන්නෙත් පුරාණයේ සිටම විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නට භාවිතා කළ වටිනා ඔසුවක්. මි පැණිවල විවිධ විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු පෝෂක විශාල සංඛ්‍යාවක් අඩංගු වෙනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරක සහ වැදගත් එන්සයිම ද අඩංගු වෙනවා. ඖෂධීය වටිනාකමෙන් ඉතාම පොහොසත් මේ ආහාර එක් මිශ්‍රණයකට සංයෝග කළොත් එයින් ලැබෙන ප්‍රතිඵල නම් ඉතා විස්මිතයි.
සුදු ළූණු මී පැණි සංයෝගය සකසා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය
සුදු ළූණු බික් 14 ක් පමණ
හොඳම තත්ත්වයේ මී පැණි කෝප්පයක්
විදුරු බෝතලයක්
සාදා ගන්නා ආකාරය-සුදු ළූණුවල පිටතින් ඇති ඝන පොත්ත පමණක් ඉවත් කරන්න.සම්පූර්ණයෙන්ම පොත්ත ඉවත් කරන්නට එපා. එයින් සුදු ළූණුවල අඩංගු ඇතැම් පෝෂක විනාශ වී යන්නට පුළුවන්. මෙසේ සුද්ධ කරගත් සුදු ළූණු ටික වීදුරු බෝතලයට දමා මී පැණි කෝප්පයක ප්‍රමාණය සෙමෙන් බෝතලයට වත් කරන්න.සුදු ළූණු සියල්ල මී පැණිවල ගිලී පැවතිය යුතු අතර බෝතලය ආවරණයකර දින කිහිපයක් තබා දිනපතාම හැන්දක ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගන්න.
සුදු ලූණු සහ මී පැණිවල සෞඛ්‍යමය ප්‍රතිලාභ -සුදු ළූණු මී පැණි සමඟ එකට එකතු වී ක්‍රියා කිරීමෙන් ආසාදන ඇති කරන බැක්ටීරියාවන් විනාශ කරනු ලබයි.අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධවලට පවා නතර කළ නොහැකි ඇතැම් බැක්ටීරියාවල වර්ධනය පවා නැවැත්වීමට සුදු ළූණු සහ මී පැණි සමත් වූ බවයි.
මතක ශක්තිය වර්ධනය කරන මොළයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය කරයි.එයට හේතුව වන්නේ මේ සුදු ළූණු සහ මී පැණි සංයෝගයේ ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වෙන නිසාවෙන්.එය මොළය නීරෝගීව පවත්වා ගන්නට උපකාරී වෙනවා.ඇල්ෂයිමර් වැනි මොළය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- වෛරස් රෝගවලින් ආරක්ෂාව සලසා දෙයි.
- සෙම්ප්‍රතිෂ්‍යාව උණ ආදී රෝග සමනයට උදව් කරයි.
- හදවත් සෞඛ්‍ය නීරෝගීව පවත්වා ගන්නට උපකාරී වෙයි.
- රුධිර පීඩනය අඩු කරයි.
- රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
- රුධිරය කැටි ගැසීම සහ ධමනිවල සුදු පැහැය නිසි පරිදි යාමනය කිරීමට ද උපකාරී වෙයි.
- සම පෝෂණය කරමින් සමට කල්පවතින දීප්තිමත් සුන්දර බවක් ලබාදෙයි. තරුණ පෙනුම ආරක්ෂා කරයි.
සුදු ළූණු මී පැණි ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

මේ සුදු ළූණු මී පැණි වැරදි ආකාරයට භාවිතා කිරීමෙන් යම් යම් අතුරු ආබාධ ඇති වන්නට හැකියාව පවතිනවා.
- ඇස්ප්‍රීන් වැනි ඇතැම් ඖෂධ ලබා ගන්නා විට සුදු ළූණු පරිභෝජනයෙන් මිදිය යුතුයි.
- සුදු ළූණු සහ මී පැණි අධික මාත්‍රාවෙන් අනුභව කිරීම නුසුදුසු අතර දිනකට සුදු ළූණු බික් 3 ක් ගැනීම ප්‍රමාණවත්.
- දියවැඩියා රෝගීන්ට මී පැණි ආහාරයට ගැනීමෙන් රුදිරයේ සිනි මට්ටම වැඩිවිය හැකියි.
- ඇතැම් විට මී පැණි හේතුවෙන් යම් යම් අසාත්මිකතා ඇතිවෙන්නටත් හැකියාව පවතිනවා.
- වයස අවූරුදු 2 ට අඩු දරුවන්ට මී පැණි ආහාරයට ලබාදීම සුදුසු නැහැ.එමගින් ළදරුවන්ට ආමාශයේ ආබාධ ඇති වන්නට හැකියාව පවතිනවා.
එබැවින් ඔබ වෙනත් රෝගයන්ගෙන් පෙළෙනවා නම් සහ ඒවාට ඖෂධ ලබා ගන්නේ නම් එවන් අයෙක් මෙය භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි.