මීපැණි මිශ්‍ර කර සකස් කරගන්නා සුදුලූනු ඖෂධය බොහෝ ලෙඩ රෝග සමනය කිරීමට ඈත අතීතයේ සිටම භාවිතා කළ ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. සුදුළූණු කුළුබඩු අතර වඩාත් ඖෂධීය ගුණයෙන් යුක්ත වන අතර මී පැණි ද බොහෝ රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ යොදා ගනී. එනම් මෙම ඖෂධ වර්ග වල එකිනෙකට වෙනස් පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. එමෙන්ම මෙම ඖෂධ වර්ග එකතු කර සකස් කරන ඖෂධය බොහෝ රෝග සමනය කිරීමට භාවිතා කළ හැකි ක්ෂණික ගුණදෙන ඖෂධයකි. එනම් මෙම ඖෂධය වසර 5000 ක් පමණ පැරණි ආහාරයකි. එනම් බාල මහලු සෑම සියලු දෙනාටම පාහේ ඇතිවන රෝග සමනයට මෙය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
සුදුලූනුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ.විටමින්B,C,කැලරි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්,සෙලෙනියම්, සෝඩියම්,පොටෑසියම්, මේදය, කැල්සියම්, යකඩ, මැංගනීස්,පොස්පරස් ආදී ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් සුදුලූනු පුළුස්සා ආහාරයට ගැනීමෙන් අපගේ දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 52% සපුරා ගත හැකිය.
සුදුලූනු වල ඖෂධීය ගුණ

- අධිරුධිර පීඩනය ඇතිවීම සමනය කරයි.
- හෘද රෝග ඇතිවීම වළක්වයි.
- ශරීරයේ ස්ථුලභාවය අවම කරයි.
- පිළිකා ඇතිවීම මර්දනය කරයි.
- කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි.
- දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.
- ඇස් වටා කලු වීම් සුවකරයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුනු කරයි.
- සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස සමනය කරයි.
- සම අවපැහැ ගැන්වීම සමනය කරයි.
- අක්මාව ආශ්‍රිත රෝග සමනය කරයි.
- මේ ආදී වූ බොහෝ රෝග සුව කර ගැනීමට සුදු ලූනු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
මීපැණි යනු ඈත අතීතයේ සිට ම නොයෙක් ලෙඩ රෝග සුව කිරීම සඳහා භාවිතා කරන ලද ඖෂධයකි. එනම් මී පැණි ආයූර්වේදය තුළ නොයෙක් රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලැබේ. එනම් මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් මී පැණිවල අඩංගුවේ.තඹ,කැලරි,විටමින් බී, සී,මැග්නීසියම්, කාබෝහයිඩ්‍රේට්,යකඩ,සිලිකාපොටෑසියම්, සෝඩියම්, පොස්පරස්,ඇලූමිනියම්, ආදි පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රමුඛවේ.
මී පැණිවල ඖෂධීය ගුණයන්

- කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.
- පිලිකා ඇතිවීම වලක්වයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
- එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව උණ වෛරස් රෝග ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
- හෘද රෝග ඇතිවීම වළක්වයි.
- ශරීරයේ බර අඩු කරයි.සුව නින්දක් ලබාගත හැකිය.
- මතකය ශක්තිය වර්ධනය කරයි.
- උදරය ආශ්‍රිතව ඇතිවන බඩ පිපුම සුව කරයි.
- ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කරයි.
- තුවාල සුව කරයි.
- මේ ආදී රෝග සුව කර ගැනීමට මී පැණි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
- මී පැණි සුදුලූනු ඖෂධය සකස් කර ගන්නා ආකාරය.
මෙම ඖෂධය සකස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ සුදුලූණු සහ මීපැණි පමණි. එනම් මේ සඳහා මී පැණි තෝරා ගැනීමේදී කලවම් නොකළ මී පැණි භාවිතා කළ යුතුය. නොමැතිනම් එහි නියම ඖෂධීය ගුණයන් ලබා ගැනීමට නොහැකිවේ.
සුදුලූනු ගෙඩි අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් පොතු ඉවත්කර පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ ටිෂූ කැබැල්ලකින් හොඳින් පිසදා ගන්න. මෙය ඇසිරීම සඳහා වීදුරු බෝතලයක් භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් පිසදා ගත් සුදුලූනු ගෙඩි දහයක් පමණ දමා ඊට මී පැණි එකතු කර ගත යුතුය. ඉන් පසුව නැවතත් සුදුලූනු එක් කොට නැවත මී පැණි එකතු කර ගත යුතුය. එනම් බෝතලයෙන් තුන් කාලක් පමණ වන සේ මී පැණි සහ සුදුලූනු එක් කර ගත යුතුය. එනම් මෙය දින දාහතරක් පරණ විය යුතුය. එමෙන් ම එම දින ගත වන අතර තුර මෙය දෙපැත්තට වන තෙක් කලවම් කළ යුතුය. එසේ සිදුකර දින 14 ක් ගත වී ගිය පසු ආහාරයට ගත හැකිය.
එනම් මෙමගින් උදරගත ඇතිවන අජීර්ණ තත්ත්ව, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කොලෙස්ටරෝල් …. ආදී රෝග සමනය කිරීමට ආහාරයට ගත හැකිය. එනම් මෙය රාත්‍රි කාලයේදී ආහාරයට ගන්නේ නම් වඩාත් සුදුසුවේ. එනම් සුදුලූනු බික් තුනක් සහ මී පැණි හැඳි භාගයක් පමණ ආහාරයට ගැනීම ගුණදායකය.