ගෑස්ට්‍රයිටීස් මාසයක් යන්න කලින් සුව කරන ස්වභාවික සත්කාර 2 ක්

health tips

ලොකු කුඩා බාල මහලු හැමෝම අතර නිතරම අසන්නට ලැබෙන රෝගයක් තමයි ගෑස්ටික් එහෙම නැත්නම් ගෑස්ට්‍රයිටීස් කියන්නෙ. ආමාශය ඇතුල් බිත්තියේ ඇතිවෙන ඉදිමීම, රතුවීම සහ තුවාල වීම තමයි මෙහිදී  මූලිකවම සිද්ධ වෙන්නේ. ගෑස්ට්‍රයිටීස් රෝගය කෙටි කාලයක් තුළ ඇති වන විට එය acute gastritis විදිහට  හඳුන්වනවා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර නැවත නැවතත් ඇති වෙනවා නම් එය chronic gastritis විදිහටත්  හඳුනා ගැනෙනවා.

අපේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් විඳවන මේ රෝගය ගැන නිරන්තරයෙන් කතාබහ කෙරෙනවා. නමුත් ඇතැම් අය මේ රෝග තත්ත්වය සුවකර ගැනීම සඳහා එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ .ඒ නිසාම ඔවුන් විවිධ බරපතල රෝගාබාධ දක්වාම ඒ තත්ත්වය ගෙන යනවා. විශේෂයෙන්ම  මේ අමිල පිත්ත රෝගයට නිසි ප්‍රතිකාර නොකර නොසලකා හැරීමෙන් ආමාශයේ ඉදිමීම, බඩේ තුවාල, පිළිකා ලෙස වර්ධනය වීම තරම් දරුණු වෙන්නට පුළුවන්. 

ඒ නිසා මේ රෝගය සුළුවෙන් සැලකිය යුත්තක් නොවෙයි. කල්ගතවීමත් සමඟ සුව කිරීම ඉතා අපහසු වෙනවා. ඉතින් කොතරම් කතාබහ කළත් සුවයක් නොලද රෝගීන් අපේ රටේ බොහොමයි. ඒ නිසාමයි නිට්ටාවටම මේ රෝග සුවපත් කර ගන්නට අපිට කළ යුත්තේ මොනවාද කියලා දැනගත යුතු වෙන්නේ. 

 මුලින්ම මේ ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන හේතු පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕන. මොකද එය ඇති වෙන්නට බලපාන ලද හේතුව අනුව තමයි ප්‍රතිකාර සඳහා අපි යොමුවිය යුතු වෙන්නේ. 

අමිල පිත්ත රෝගය ඇති වෙන්නට බලපාන හේතු 

ආමාශයේ ජීවත් වන බැක්ටීරියා මේ අමිල පිත්ත රෝගය සඳහා ප්‍රධානම හේතුවක් ලෙස ආමාශයේ අභ්‍යන්තරයේ ජීවත් වන හෙලිකො බැක්ටො  පයිලෝරි  (Helicobacter Pylori ) කියන බැක්ටීරියාව හඳුනා ගෙන තියෙනවා. මේ බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්  ආමාශයික ප්‍රදාහය  ඇති වෙන බව සොයාගෙන තියෙනවා.

  • අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්කොළ භාවිතය 
  • NSAIDs කාණ්ඩයට අයත් ඖෂධ භාවිතය 
  • වයස්ගත බව 

වයස්ගතවීමත් සමඟ ආමාෂයේ අභ්‍යන්තරයේ  බිත්තිය දුර්වල වීමෙන් අමිල පිත්ත රෝගය ඇතිවීමේ අවදානමක් නිර්මාණය වෙනවා.   

  • ජලය අඩුවෙන් පානය 
  • රාත්‍රී  නිදිවැරීම හා දවල් නිදා ගැනීම 
  • නිසිලෙස ව්‍යායාම්වල නිරත නොවීම   
  • අලස බව 
  • පිත්තාශයේ ගල්
  • දිගු කාලයක් මලබද්ධයෙන් පීඩා විදීම
  • අධික මානසික ආතතිය 
  • ආහාර නිසි වේලාවට නොගෙන සිටීම 
  • අධික තෙල් මිරිස් කුළුබඩු යෙදූ ආහාර ගැනීම 
  • අම්ලාධික ආහාර අධික ලෙස ගැනීම (අඹ, තක්කාලි, අඹ, විනාකිරි යෙදූ ආහාර )
  • උෂ්ණාධික ආහාර වැඩි වශයෙන් ගැනීම (තක්කාලි, බල මාලු, දෙල්, ඉස්සො, දැල්ලෝ )
  • කෘතීම හා ක්ෂණික ආහාර වර්ග නිතර ගැනීම  
  • අධිකව තරහ යාම 
  • අධික ශෝකය හෝ බිය ආදි තත්ත්ව
  • නිසි වෙලාවට ආහාර නොගැනීම 
  • ආමාශයේ බිත්තිය දුර්වල වීම 

මෙසේ ආමාශයේ බිත්ති දුර්වල වෙන්නට බලපාන හේතු අතර පෝෂණ ඌණතා, ආහාර රටාව, ගනු ලබන ආහාර ප්‍රධාන වෙනවා. 

 රෝග ලක්ෂණ 

  • කෑම අරුචිය 
  • වමනය 
  • ඔක්කාරය 
  • බඩපපුව දැවිල්ල 
  • බඩේ කැක්කුම 
  • උදරයේ ඉහළ කොටසේ පිරුණු  ස්වභාවය 
  • කළු පැහැයෙන්  මලපහ පිටවීම 

මේ අමිල පිත්ත රෝගය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා රුධිර පරීක්ෂාවක් හෝ මලපහ පරීක්ෂා කිරීමක් සිදුකළ හැකියි. ඒවායේ හෙලිකො බැක්ටො  පයිලෝබැක්ටීරියාව  අන්තර්ගත වන්නේ දැයි එයින් පරීක්ෂා කරනු ලබනවා. ඒ  වගේම එන්ඩොස්කොපි පරීක්ෂාවක් මගින් ද මේ  රෝගය තහවුරු කර ගන්නට පුළුවන්.

ගෑස්ට්‍රයිටීස් පහසුවෙන් සුවකර ගන්නට උපකාරී වෙන ක්‍රම

1.ආයුර්වේද පානය  

අවශ්‍ය  ද්‍රව්‍ය 

  • කෝමාරිකා පිත්තක් 
  • තැඹිලි ගෙඩියක් 
  • මී පැණි ස්වල්පයක් 
  • මී කිරි ස්වල්පයක් 

සකස් කර ගන්නා ආකාරය මුලින්ම කෝමාරිකා පිත්ත දෙකට පලා එහි ඇති සුදු පැහැ කෝමාරිකා ජෙල් කොටස සූරාගත යුතුයි. එහිදී කෝමාරිකා පොත්තේ කොළ පැහැ කොටස් එකතු නොකරන්නට වගබලා ගත යුතුයි. මේ සූරාගත් කෝමාරිකා ජෙලි ටිකට තැඹිලි ගෙඩියක වතුර, මී කිරි මේස හැදි 2 ක්, මී පැණි ස්වල්පයක් එකතු කර සියල්ලම බ්ලෙන්ඩර් කර ගන්න. 

මේ පානය අමිල පිත්ත රෝගීන්ට වගේම රෝගය වැළදී නැති අයට වුණත් ගුණදායක පානයක්. සිරුරේ දාහය නසන ඖෂධීය පානයක්. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ සති දෙකක් මෙය පානය කිරීමෙන් පීඩාකාරී අමිල පිත්ත රෝගය නිට්ටාවටම සුව කරගන්නට හැකියාව තියෙනවා.

2.ඇහැළ පොතු කසාය

 ඇහැළ ගසේ පොතු කසාය වශයෙන් තම්බා භාවිතා කිරීමෙන් අමිලපිත්ත රෝගය වඩාත් උත්සන්න පුද්ගලයෙකුට දින තුනක් ඇතුළත එය සමනය කරගන්නට හැකියාව ලැබෙනවා. 

මෙහිදී වතුර කෝප්ප දෙකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එයින් එක් වතුර කෝප්පයක බරට සමාන  වෙන ආකාරයට තමයි ඇහැල පොතු ලබාගත යුත්තේ. 

ඉන්පසු මෙය එක් කෝප්පයක් දක්වා හොඳින් තම්බා ගන්න. මේ පානය උදෑසන හිස්බඩ හෝ සවස 5-6  කාලය තුළ බඩ හිස්ව පවතින වෙලාවක පානයට ගත යුතුයි.

 සැලකිය යුතුයි  මේ පානය වයස අවුරුදු 10ට වඩා අඩු දරුවන්ට ලබා දීම සුදුසු නැහැ.ඒ වගේම වෙනත් රෝග සඳහා  ඖෂධ  ලබා ගන්නා රෝගීන් මේ පානය ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.