එදිනෙදා අප ගතකරන කාර්ය බහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනකු ආහාර ගැනීම අතපසු කර තිබේ. එනම් මේ නිසාම වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු ගැස්ට්‍රයිටිස් හෙවත් උදරගත ආම්ලිකතාවයට ගොදුරු වී තිබේ.
උදරගත අම්ලිකතාවය ඇති වනු ලබන්නේ නිතර නිතර ආහාර ගැනීමෙන් වැළකී සිටීම නිසාය. එවිට ආමාශයේ ආමිලිකතාවය වැඩි වී ශ්ලේෂ්මල පටක පිලිස්සී දැවිල්ල ඇති වනු ලැබේ. මෙම තත්වය දිගු කාලයක් සිදු වීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වනු ලැබේ.එනම් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වූ විට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ බොහොමයක් තිබේ.
- ඇඹුල් හා තිත්ත රසයෙන් වමනය ඇතිවීම.
- මළ දියාරුවට හෝ සෙම් කොටස් සමග පිටවීම.
- ගුද මාර්ගයේ ඇතිවන දැවිල්ල.
- සිරුර දුර්වල වීම.
- ආහාර ජීර්ණය නොවීම.
- ආමාශයේ තුවාල ඇති වීම.
- හිසරදය
- මලබද්ධය හා අධෝවාතය පිටවීම.
ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වූ විට මේ ආදි වූ එක් රෝග ලක්ෂණයක් හෝ රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.ගැස්ට්‍රයිටිස් රෝගය සමනය කිරීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ බොහෝ ප්‍රතිකාර පවතී.දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ගැස්ට්‍රයිටිස් රෝගය සමනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිකාර.

උඳුපියළිය කැඳ පානය-ආයුර්වේදය තුල ගැස්ට්රයිටිස් රෝගය සදහා භාවිතා කරන ගුණදායක ඖෂධයක් ලෙස උදුපියළිය කැද පානය හැඳින්විය හැකිය. එනම් උදුපියලිය කොළ කොටා යුෂ ගෙන සකස් කරන කැඳ පානය උදෑසන හිස් බඩට දිනපතා පානය කිරීම මගින් අම්ල පිත්ත රෝගය සුව කරග හැකිය.
කීකිරිදිය-කීකිරිඳිය යුෂ තේ හැදි තුනක් පමණ ගෙන කිරි සමග මිශ්‍ර කර දිනපතා උදෑසන හිස්බඩට පානය කිරීමෙන් ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය සුව කරගත හැකිය.
කොත්තමල්ලි පානය-පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු කොත්තමල්ලි පානය භාවිතා කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය සමනය කරගත හැකිය මේ සඳහා කබලේ බැද කුඩුකරගත් කොත්තමල්ලි තේ හැන්දක් පමණ රාත්‍රියේදී උණුවතුරට දමා උදෑසන හිස් බඩට පානය කිරීම ගුණදායකය.
කෝමාරිකා-සිසිල් ගුණයෙන් හා පෝෂණයෙන් අනූන කෝමාරිකා ආහාරයට ගැනීමෙන් අම්ලපිත්තය මෙන්ම එම රෝග නිසා ඇතිවන උදරගත දැවිල්ල සමනය කරගත හැකිය එනම් ඒ සඳහා කෝමාරිකා මදය සූරා ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය.
බාර්ලි-සිසිල් ගුණයෙන් අනූන බාර්ලි ආමාශයේ ආම්ලිකතාවය පාලනය කිරීම සිදුකරයි. එනම් එමගින් ගැස්ට්‍රයිටිස් ඇතිවීම වළක්වාගත හැකිය.
ගොටුකොළ-ගොටුකොළ ආහාරයට ගැනීමෙන් ආමාශයේ ආම්ලිකතාවය පාලනය කරගත හැකිය. එනම් ගොටුකොළ වල අඩංගු සිසිල් ගුණය උදරගත දැවිල්ල සමනය කිරීම සිදුකරන අතර මේ සඳහා ගොටුකොළ යුෂ ගෙන එයට මී පැණි හැන්දක් එක් කොට පානය කිරීම යෝග්‍ය වේ. ඊට අමතරව ගොටුකොළ සම්බෝල, කැඳ ආහාර සඳහා එක්කර ගැනීම යෝග්‍ය වේ.
බෙලි-ගැස්ට්‍රයිටිස් රෝගය සදහා සුදුසු තවත් එක් ඖෂධයක් මෙන්ම පලතුරක් ලෙස බෙලි හඳුනාගත හැකිය. එනම් බෙලි ආහාරයට ගැනීමෙන් බෙලි වල අඩංගු පෝෂ්‍ය ගුණයත් උදරගත ආම්ලික තාවය වැඩි වීම වළක්වා උදරගත ආම්ලික තාවය පාලනය කර ගැස්ට්‍රයිටිස් ඇතිවීම වලක්වනු ලබයි. එනම් මේ සඳහා බෙලිමල් පානය කිරීම,පලතුරක් ලෙස බෙලි මදය සූරා ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
මුං ඇට-ආයුර්වේදය තුල මුද්ග යනුවෙන් හඳුන්වනු ලබන මුං ඇට ආහාරයට ගැනීමෙන් හෝ තම්බා පානය කිරීමෙන් අම්ලපිත්ත රෝගය සමනය කර ගත හැකිය. මුං ඇට වල අඩංගු පෝෂ්‍ය ගුණය හා සිසිල් කාරක ගුණය උදරගත ආම්ලිකතාවය ඇති වීම වලක්වා ගැස්ට්‍රයිටිස් ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම මුංඇට, සූදුරු ඇට, ඉඟිනි ඇට ආදිය සමව ගෙන කබලේ බැද තම්බා ගත් වතුර පානය කිරීමෙන් ද අම්ල පිත්ත රෝගයට සමනය කර ගත හැකිය.
අත්තික්කා-ගැස්ට්‍රයිටීස් රෝගය සමනය කිරීම සඳහා අත්තික්කා පොතු චූර්ණය බටර් සමග අනා උදෑසන හිස්බඩට ආහාරයට ගැනීම ගුණදායකය.

කස කසා ඇට-කස කසා ඇට රාත්‍රියේදී වතුරට දමා පසුදා උදෑසන හිස්බඩට පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය සුව කර ගත හැකිය.
ඉඟුරු-අමු ඉඟුරු යුෂ මේස හැන්දක් ගෙන ඊට මී පැණි හැන්දක් පමණ එකතු කර කෑමට පෙර උදේ සවස ආහාරයට ගැනීමෙන් අම්ලපිත්ත රෝගය සමනය කර ගත හැකිය.
- මීට අමතරව
- සව් කැඳ
- කිතුල් කැඳ
- ඉරමුසු
- හාතාවාරිය අල
- කෝවක්කා කොළ
- ඉරමුසු
- කරවිල
- ලුණුවිල
- පතෝල
- වැටකොළු
- කොහිල
- අලු පුහුල්
- කැකිරි
- පිපිඤ්ඤා
- නෙළුම් අල
මේ ආදී වූ ස්වාභාවික ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් අම්ලපිත්ත රෝගය ඇතිවීම පාලනය කරගත හැකිය. නමුත් මෙම ඖෂධ භාවිතා කරන අතරතුර මත්ද්‍රව්‍ය හෝ උෂ්ණ ගුණයෙන් යුතු ආහාර භාවිතය අවම කළ යුතුය.