ගැස්ට්‍රයිටිස් සුව කරන උක් යුෂ පානය කිරීමේ ගුණ 18 ක්

health tips

පුරුක් සහිත දිග දණ්ඩක් ඇති උක් ගස් යනු උණුසුම් හා අධික තෙතමනය පවතින ස්ථානවල වැඩෙන ඖෂධිය ගුණ රැසක් පිරි ශාකයකි. එනම් ශාක මුල් රයිසෝමය තුළින් හට ගන්නා අතර පොළොවට උසින් පවතින කොටසේ පත්‍ර අංකුර සහ වර්ධක හා ප්‍රජනක අවයව හටගනු ලැබේ. එනම් උක් දණ්ඩක පුරුක් අඟල් 4-10 පමණ අඩංගුවේ.  උක් පත්‍ර කොපුවකින් යුක්ත වන අතර පත්‍ර තලය දිග සහ පටුවේ. එනම් පත්‍රයක් දිගින් අඩි 5-6 ක් හා පළලින් 1-3 ක් පමණ වේ. උක්  ගසෙහි මල් නිවර්තනික ප්‍රදේශවල පිපෙන අතර ඇට සෑදෙන්නේ කලාතුරකිනි. පුෂ්ප මංජරිය පිහාටුවක් වැනි සංයුක්ත ඒකාක්ෂයකි. 

එනම් උක් වගාව සඳහා සුදුසු වන්නේ දියළු ලොම් පස වන අතර උක් වගා කරන්නේ මුල් අද්දවා ගත් කොටස් පොළොවට යට කිරීමෙනි. එනමි ඉන් අලුත් උක් ගස් පැල  කර ගත හැකිය.

ලංකාවේ උක් වර්ග කීපයක් පවතින අතර සුදු ,කළු ලෙස ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් හඳුනාගත හැකිය. එනම් ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේ කළු උක් වර්ගයයි. 

පොතු ඉවත් කර ගත් උක් කැබලි කපා සපා යුෂ පානය කළ හැකිය. එමෙන්ම යන්ත්‍රානුසාරයෙන් උක් යුෂ වෙන්කර රසවත් පානයක් ලෙසද භාවිතා කළ හැකිය. එසේ උක් යුෂ පානය කිරීම මගින් ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබා ගත හැකිය. 

උක් යුෂ වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ 

  • ප්‍රොටීන්
  • විටමින් බී
  • මේද අම්ල
  • ඇමයිනෝ අම්ල කැරොටීනොයිඩ්
  • ග්ලුකෝස්
  • සුක්‍රෝස්
  • පෘක්ටෝස්
  • මැංගනීස්
  • තන්තු
  • යකඩ
  • පොටෑසියම්
  • මැග්නීසියම්
  • කැල්සියම් 
  • ඇස්කෝබික් අම්ලය
  • මීට අමතරව උක් ප්‍රතිශක්තිකරණ, ප්‍රතිඔක්සිකාරක,ප්‍රතිදාහ යන ගුණයන්ගෙන් ද සමන්විත වේ. 

උක් වල ඖෂධීය භාවිතය. 

පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම සඳහා පරිවෘත්තීය ක්‍රියාවලිය මැනවින් ක්‍රියාත්මක වීම නීරෝගී භාවය පවත්වා ගැනීමට වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් ප්‍රවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් කර ගැනීමට උක් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් උක්වල අඩංගු තන්තු මෙන්ම අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව කීරීමට හේතුවනු ලැබේ. 

මුඛ රෝග සඳහා මුඛයේ ඇතිවන බොහෝ රෝග පීඩා ගෙන දෙන රෝග තත්ත්වයන් වන අතර විශේෂයෙන්ම විදුරුමස් රෝග, දන්ත රෝග ,මුඛ දුර්ගන්ධය,උෂ්ණ බිබිලි නිතර අප අපහසුතාවයට පත් කරන රෝග තත්ත්වයන්වේ. මෙවැනි රෝග සමනය කිරීමට උක් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. එනම් උක් යුෂ වල අඩංගු රයිබොප්ලෙවින්,විටමින් සී , කැල්සියම්,  වැනි ප්‍රතිඔක්සිකාරක  මුඛ රෝග සමනය කිරීමට උපකාරී වේ. 

පිළිකා මර්දනය කිරීම සඳහා පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා සෛල මර්දනය කර ගැනීමට ඖෂධයක් ලෙස උක් යුෂ පානය කිරීම ඉතා වැදගත්වේ.  එනම් උක්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක , විටමින්, ප්‍රෝටීන් පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීම වළක්වනු ලැබේ.  

ගැස්ට්‍රයිටිස් සඳහා ලොකු කුඩා සෑම දෙනාම පාහේ ගත කරන ජීවන රටාව හා ආහාර රටාව නිසා සුලබව ගැස්ට්‍රයිටිස් රෝගයට ගොදුරු වී තිබේ. එනම් මෙම රෝගය ඇතිවීම වලක්වා ගැනීමට හා එම රෝගය නිසා ඇතිවන රෝග සංකූලතා එනම් බඩ පිපුම ආහාර ජීර්ණ ගැටලු, දැවිල්ල සමනය කර ගැනීමට උක් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. එනම් උක් යුෂ වල අඩංගු ශීත ගුණය ආම්ලිකතාවය පාලනය කිරීම සිදු කරනු ලැබේ. 

මලබද්ධය සඳහා මලබද්ධය යනු බොහෝ දෙනෙකු පීඩාවට පත් කරන රෝග තත්ත්වයකි. එනම් මලපහ පිට කිරීමට අපහසු වීම හා ඉන් ගුද මාර්ගය තුවාල වීම සිදුවේ. මෙවැනි අවස්ථාවක මලපහ පිට කිරීම පහසු කර ගැනීමට තනතු,ජලය බහුල ආහාර භාවිතා කළ යුතුය. එනම් මේ සඳහා උක් යුෂ පානය කිරීම ද යෝග්‍ය වේ. 

ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සඳහා ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිදුවීම නීරෝගී දිවියක් ගත කිරීමට බෙහෙවින් හේතු පාදක වනු ලැබේ. එනම් වර්තමානය වන විට ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිදු නොවීම හේතුවෙන් නොයෙක් රෝග තත්ත්වයන් ඇතිව තිබේ. ආහාර ජීර්ණ ගැටලු පවතින අවස්ථාවක එම තත්ත්වය සමනය කර ගැනීමට උක් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. එනම් මේ සඳහා උක් දඬු යුෂ, රට ඉදි සහ මිදි යුෂ සමව ගෙන මිශ්‍ර කර සතියක් පමණ තිබෙන්නට හැර පානය කිරීම යෝග්‍ය වේ. 

මුත්‍ර රෝගයන් සදහා වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාම පාහේ කුමන හෝ මුත්‍ර රෝගයකින් පීඩා විඳින අතර මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, නිතර නිතර මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍ර ගල් ආදී  රෝග ඒ අතර ප්‍රමුඛවේ. එනම් මේ සෑම රෝගයකටම ඖෂධයක් ලෙස උක් භාවිතා කළ හැකිය. එනම් මුත්‍ර දැවිල්ල සමනය කිරීම සඳහා උක් හකුරු සමග පොල්කිරි දෙකට එක අනුපාතයට මිශ්‍ර කර පානය කිරීම යෝග්‍ය වේ. ඊට අමතරව උක් හකුරු ආහාරයට ගැනීමද යෝග්‍ය වේ. 

අස්ථි සහ දත්වල නීරෝගී භාවය සඳහා අස්ථි සහ දත් ශක්තිමත් කර ගැනීමට උක් යුෂ භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් උක් යුෂ වල අඩංගු කැල්සියම් අස්ථි සහ දත්වල ශක්තිමත් භාවය පවත්වා ගැනීමට උපකාරී වේ. 

හෘද රෝග සඳහා හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට උක් යුෂ පානය කිරීම ඖෂධයක්වේ. එනම් උක් යුෂ වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදු කර හෘදයට රුධිරය සැපයීම සිදුකරයි. එම නිසා හෘද රෝග ඇතිවීම පාලනය වේ. මෙම රෝග හැරුණු කොට තවත් රෝග ගණනාවක් සුව කර ගැනීමට ඖෂධයක් ලෙස උක් යුෂ පානය කළ හැකිය. 

  • රක්තහීනතාවයට
  • රුධිරය පිරිසිදු කිරීමට
  • දද හා කුෂ්ට රෝගවලට
  • නාසයෙන් ලේ ගැලීමට
  • පාචනයට
  • උණට
  • කුරුලෑවලට
  • මව් කිරි වැඩීමට
  • උගුරේ ආබාධයන්ට
  • හිසකෙස් වර්ධනය කිරීමට
  • ශරීර ශක්තිය වර්ධනය කිරීමට

මෙවැනි රෝග ගණනාවක් සුව කිරීමට ඖෂධයක් ලෙස උක් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. නමුත් දියවැඩියාව ඇති රෝගීන් උක් යුෂ පානය කරන විට සැලකිලිමත් විය යුතුය.