ඉස්හොරි කියන්නේ පීඩාවකටත් වඩා ඔබව පිරිසක් ඉදිරියේදී අපහසුතාවට පත් කරවන හේතුවක් බව කීම වඩාත් නිවැරදියි. කොච්චර කැමති වුණත් තද පැහැති ඇඳුමක් අඳින එක පවා මේ ඉස්හොරි කරදරය නිසා අපහසුයි. ඉස්හොරි මතුවිමට වයස් භේදයක් නොමැති නිසා ඕනෑම කෙනෙකුට මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ බහුලයි. ඉස්හොරි ඇති වීම නිසා හිසකබල වඩාත් වියළී යාම, හිසකෙස් ගැලවී යාම වැනි බලපෑම් ඇති විය හැකියි වගේම ඔබේ ආත්මාවිශ්වාසයටත් ඉන් බාධා මතුවීම සිදුවිය හැකියි. ඉස්හොරි වදයෙන් බේරීම සඳහා වඩාත් කාර්යක්ෂම සහා ප්‍රතිඵලදායි ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබට කියන්නේ.
- ටී ට්‍රී ඔයිල්

ඔබේ ෂැම්පූ එකේ 5% තරම් සුලු අගයකින් හෝ ටී ට්‍රී ඔයිල් අඩංගුව ඇත්නම් ඉන් ඔබේ හිස කබලේ ඉස්හොරි මතු වීම නැතිකර දමන බව හොඳින්ම විශ්වාසයි. එහි අඩංගු ප්‍රත්-බැක්ටීරිය සහා ප්‍රති-දිලීර ගුණයන් නිසා ඉතා ඉක්මන්බින් ඉස්හොරි මර්ධනය කරමින් හිස්කබල නීරෝගී කිරීම සිදුකරනු ලබයි.
භාවිතා කරන ආකාරය:
- ඔබේ ෂැම්පු බෝතලයට(මි.ලි.200) ඉන් බින්දු 8ක් පමණ එක් කරගන්න. සාමාන්‍ය පරිදි ස්නානය කරන විට එය ගල්වා හිසකෙස් පිරිසිදු කරගන්න. මෙහිදී ටී ට්‍රී ඔයිල් පෝෂණය හිස්කබලට උරාගැනීම පහසු වීම සඳහා හිසකෙස් මුල හොඳින් ආලේප කරගනිමින් මද වේලාවක් රැඳී සිටීම කල යුතුයි.ඉන්පසුව, හොඳින් හිසකබල සෝදා පිරිසිදු කරගන්න.
- දිනපතා තෙල් සත්කාරයක් ලෙස භාවිතා කිරීම දෙවන ක්‍රමයයි. ආමන්ඩ් තෙල් හෝ පොල් තෙල් සමඟ මිශ්‍ර කරමින් භාවිතා කල හැකියි. දිනකට භාවිතා කරන තෙල් ප්‍රමාණයෙන් තුන් කාලකට ටී ට්‍රී ඔයිල් බින්දු 15 ක් පමණ එක්කිරීම ප්‍රමාණවත්. ඔබේ හිසකබලේ සහා හිසකෙස් අතර හොඳින් තෙල් ගල්වා සම්බාහනය කරන්න. රාත්‍රියක් පුරා තිබෙන්නට හැර පසුදා උදෑසන ස්නානය කරන්න.
- ඇපල් සයිඩර් විනාකිරි

ස්වභාවික සහා නොපෙරූ ඇපල් සයිඩර් විනාකිරි වල ප්‍රති-දිලීර ගුණයන් බහුල වේ. ඒවා කසන සුලු ඉස්හොරි ඇති කරවන වියළි හිස් කබලකට වඩාත් හොඳ ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කල හැකියි.එමඟින් හිස්කබලේ pH අගය වෙනස් කරමින් යීස්ට් දිලීරයන් වර්ධනය වීම වළක්වයි.
භාවිතා කරන ආකාරය:
- ඇපල් සයිඩර් විනාකිරි සහා ජලය සම සමව ගෙන මිශ්‍ර කරගන්න.
- හිසකෙස් සෝදාගත් පසුව හිස තෙත රැඳි තිබෙන අතරේ මෙම ආලේපය හිස්කබලේ ආලේප කරගන්න.
- ඉන්පසුව, හිස්කබල හොන්දින් සම්බාහනය කරමින් මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
- පොල් තෙල්

පොල් තෙල් කියන්නේ හිසකෙස් වලට ඉහළම ගුණයක් ලැබෙන සත්කාරයක්.හිසකෙස් සහා හිස්කබල ආශ්‍රිත ගැටලු රැසක් සමනය කිරීමේ විශ්මිත හැකියාවක් පොල් තෙල් වල අඩංගුයි. එහි අන්තර්ගත දිලීරනාශක ගුණ නිසා හිස්කබලේ ඉස් හොරි ඇතිවිම වළකයි. එමෙන්ම ලෝරික්, කැප්‍රිලික් සහා කැප්‍රික් වැනි අම්ල එහි අඩංගුව ඇති නිසා හානි වී ඇති හිසකෙස් පෝෂණය කරමින් අලුත්වැඩියාවට ලක්කිරීම ද සිදුකරයි.
භාවිතා කල යුතු ආකාරය:
- ඔබේ කෙස්කලඹට ප්‍රමාණවත් වන තරම් පොල් තෙල් ප්‍රමාණයක් රත්කරගන්න.
- එම තෙල් ඔබේ හිසකෙස් සහ හිස්කබලේ හොඳින් අතුල්ලමින් මිනිත්තු 5 ක් පමණ සම්බාහනය කරන්න.
- රාත්‍රිය පුරාවට තිබෙන්නට හැර පසුදා උදෑසන ෂැම්පු යොදා ඔබේ හිස හොඳින් පිරිසිදු කරගන්න.
- අමු මී පැණි

අමු මී පැණි භාවිතා කිරීමෙන් කෙස්කලඹට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව සඳහන් වෙනවා. ඒවා හිසකෙස් මියයාම වළකමින් හිසකබලේ තෙතමනය ආරක්ෂා කරන ස්වභාවික තෙතමනකාරකයක් ලෙස ද ක්‍රියාකරයි.ඊට අමතරව, මී පැණි වල බොහෝ හිතකර විටමින් රැසක් අඩංගු වේ. ඒවා අතර විටමින් A,B,C,D,E සහා විටමින් B සංඝටක බහුලය.
කැල්සියම්,මැග්නීසියම්, පොටැසියම් ආදි නොයෙකුත් ඛනිජ ද එහි අන්තර්ගත බැවින් ඉස් හොරි පමණක් නොව ‘seborrheic dermatitis’ නම් හිස්කබලේ ඇතිවන චර්මදාහය වැනි තත්වයන් ඇති වීම වළක්වයි.
භාවිතා කරන ආකාරය:
- ඔබේ හිස කෙස් තෙමාගන්න
- 90% පමණ මී පැණි සහා 10% ක් ජලය ලෙස මිශ්‍රණයක් සකසා ගන්න.
- එය ඔබේ හිස්කබලේ මිනිත්තු 3-5ක් පමණ හොඳින් අතුල්ලමින් පැය කිහිපයක් පුරා හිසකෙස් අතර තිබෙන්නට හරින්න. ඉන්පසුව ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.
- බේකිං සෝඩා

සෝඩියම් බයිකාබනේට් හෙවත් බහුලව භාවිතා වන නාමය වන බේකිං සෝඩා චර්ම පරපෝෂිතයින් වර්ග 40 කට, යීස්ට් දිලීර වර්ග 18 කට සහා වෙනත් ආසාදන වර්ග 12 ඇතුලු සිරුරේ බොහෝ ස්ථානවල ඇති විය හැකි ආසාදන වලට එරෙහිව සටන් කරන ප්‍රතිකර්මයක් ලෙස තහවුරු කරගෙන ඇති ද්‍රව්‍යකි. බේකිං සෝඩා වලින් මැරුණු සෛල පහසුවෙන් ඉවත් කරගැනීමට හැකි නිසා හිස්කබලේ නීරෝගී බවට බොහෝ ප්‍රයෝජනවත්. ඒවා ස්වභාවික ක්ෂාරීය ගුණයෙන් යුතු වන නිසා හිස්කබලේ pH අගය සමබර කිරීමට ද උපකාරී වේ. සමේ බොහෝ ගැටලු රැසක් සමනය කල හැකි විශේෂ ගුණයන් බේකිං සෝඩා වල අඩංගුව පවතියි.
භාවිතා කරන ආකාරය
- ඔබේ දිනපතා භාවිතා කරන ෂැම්පු එකට බේකිං සෝඩා එක් කර සාමාන්‍ය පරිදි ස්නානය කරන විට භාවිතා කරන්න.
- ඇපල් සයිඩර් විනාකිරි සහා බේකිං සෝඩා මිශ්‍ර කරගනිමින් හිස්කබලේ ගල්වා පසුව සෝදා හරින්න.
- බේකිං සෝඩා සමඟ රෝස තෙල් (rose oil) මිශ්‍ර කරගනිමින් ඔබේ හිස්කබලේ හොඳින් ආලේප කර, මිනිත්තු 2-3ක් පමණ රැඳෙන්නට තබා සිසිල් ජලයෙන් හිස්කබල සෝදා පිරිසිදු කරගන්න.
- නමුත්, බේකිං සෝඩා සෘජුව සම මත ගැල්වීම සුදුසු නැත. එය වෙනත් දෙයක් සමඟ මිශ්‍ර කරමින් සෘජු නොවන ආකාරයකින් භාවිතා කිරීම නුවණට හුරුය.
- කොහොඹ කොළ සාරය

බැක්ටීරියානාශක ,දිලීරනාශක සහා ස්වභාවික පිරිසිදුකාරකයක් සහා විෂහරණ කාරකයක් ලෙස හැඳින්වෙන කොහොඹ ඒ ලැයිස්තුවේ ඉහළින්ම රැඳෙන ඖෂධයයි.ආයුර්වේදයේදි බහුලව භාවිතයට ගැනෙන්නකි. සමට හානි කරන රෝගකාරක විෂබීජ සහා චර්ම පරපෝෂිතයින් රැසක් විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් කොහොඹ කොළ වල අඩංගුයි.
භාවිතා කරන ආකාරය:
- මිනිත්තු කිහිපයක් පමණ කොහොඹ කොළ ටිකක් වතුරේ තම්බාගන්න.
- එම ජලයෙන් ඔබේ හිස්කබල මෘදුව සම්බාහනය කරමින් හිසකෙස් සෝදාගන්න.
- (අධි සාන්ද්‍රණයකින් යුතු ) කොහොඹ කොළ වල සාරය සෘජුව හිසකබල මත ගැල්විම මඟින් දැවිල්ල හෝ කැසිල්ල හටගත හැකියි.එබැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
- ලෙමන්

ඉස්හොරි මර්දනය සඳහා තිබෙන ප්‍රබලතම ප්‍රතිකර්මය ලෙසයි ලෙමන් හඳුන්වනු ලබන්නේ.ලෙමන් මඟින් හිස්කබලේ pH අගය සාමාන්‍ය කරමින් එහි කසන සුලු බව සමනය කරයි. හිස්කබලේ සහා හිසකෙස් අතර ඇති අමතර තෙල් සහිත ස්වභාවය නැතිකරමින් ඉස්හොරි ඇති කරවන යීස්ට් දිලීර වර්ධනය වීම වළක්වයි.
භාවිතා කරන ආකාරය:
- ලෙමන් යුෂ ජලය සමඟ මිශ්‍ර කරමින් හිස්කබලේ ගල්වාගන්න.
- මිනිත්තු 35-40ක් පමණ තිබෙන්නට හැර හොඳින් හිස්කබල සෝදා පිරිසිදු කරගන්න. මේ සඳහා ලෙමන් සහා මී පැණි සුසංයෝගයක් ලෙස ද භාවිතා කල හැකියි.