ඉගුරු යනු ඖෂධීය ගුණයෙන් යුතු ප්‍රචලිත කුළුබඩුවකි. එනම් ආහාර රසවත් කිරීමට මෙන්ම සුවඳවත් කිරීමට ද ඉඟුරු බහුලව භාවිතා කරයි. මීට අමතරව ඉඟුරු භාවිතා කිරීම මගින් බොහෝ රෝග සංකූලතා සමනය කරගත හැකි අතර ආයුර්වේදය තුළ ද නොයෙක් ප්‍රතිකාර සඳහා වැඩි වශයෙන් ඉඟුරු භාවිතා කිරීම දක්නට ලැබේ. මේ නිසා ම වෙළෙඳපොළ තුළ ද ඉඟුරු වලට හිමිවන්නේ ඉහළ වටිනාකමකි. එමනිසා නිවසේ පහසුවෙන් වගා කර ගත හැකි ඉඟුරු වෙළදපොල තුලටද පහසුවෙන් අලෙවි කළ හැකිය.
ඉඟුරු වල ඖෂධීය භාවිතය
1.උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි.උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව යනු බොහෝ පීඩාකාරී රෝගී තත්වයකි. මෙවැනි අවස්ථාවක කෘතිම ඖෂධ වලට අමතරව ඉගුරු යොදා සකසා ගත් තේ එකක් පානය කරන්නේ නම් ඉන් හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව හා අනෙකුත් සංකූලතා සමනයට පත්වී සහනය ළගා කර ගත හැකිය.
2.උදරගත රෝග සමනය කරයි.ඉඟුරු නැමැති ඖෂධය උදරගත රෝග සඳහා අතීතයේ පටන්ම භාවිතා කර තිබේ. එනම් බඩ පිපුම , අජීර්ණ තත්ත්වයන්, වමනය වැනි උදරය ආශ්‍රිතව ඇතිවන රෝග සදහා ඉඟුරු කැබැල්ලක් සපා ගිලීම ප්‍රමාණවත්වේ. එමගින් මෙම රෝගී තත්ත්වයන් සමනය කර ගත හැකිය.

3.ශරීරගත ඉදමුම් සමනය කරයි ඉඟුරු භාවිතා කිරීම මගින් එහි අඩංගු Anti- inflammation properties නැමති රසායනය මගින් ශරීරයේ ඇති ඉදමුම් සමනය කරයි. එනම් එවැනි රෝගී අවස්ථාවකදී ඉඟුරු ආහාරවලට එකතුකර ගැනීම හෝ තේ එකට ඉඟුරු කැබැල්ලක් මිශ්‍ර කිරීම ගුණදායකවේ.
4.කාන්තාවන්ගේ ඔසප් වේදනාව සමනය කරයි.බොහෝ විට කාන්තාවන් ආර්තවයේ දී ඇතිවන සංකූලතා සමග පීඩාවට පත්වේ. එවැනි අවස්ථාවක ඔබ පානය කරන කොත්තමල්ලි පානයට හෝ තේ පානයට ඉගුරු කැබැල්ලක් මිශ්‍ර කිරීමෙන් ක්ෂනික සහනයක් ලබාගත හැකිය.
5. දන්ත රෝග සමනය කරයි.දන්ත රෝග යනු දරා ගත නොහැකි වේදනාවකි. දත් කැක්කුම ඇති අවස්ථාවක ඔබට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිනම් ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉඟුරු යුෂ ස්වල්පයක් පුළුන් කැබැල්ලක දමා කැක්කුම ඇති දත මත තැබීමෙන් එහි අඩංගු ප්‍රතිජීවක හා ප්‍රතිදිලීර මගින් දත් කැක්කුම සමනයවේ.

6.හෘදයට හිතකරයි.හෘද රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු අතර කොලෙස්ටරෝල් වැඩි වීම හා එමගින් අධිරුධිර පීඩන තත්ත්වයන් ඇතිවීම සිදුවේ. මෙමගින් හෘද රෝග ඇතිවීමේ අවධානම වැඩිය. එමනිසා හෘද රෝග ඇතිවීම පාලනය කිරීමට නම් පළමුව කොලෙස්ටරෝල් පාලනය කිරීම කළ යුතුය. එනම් ඉඟුරු ඊට කදිම ඖෂධයක්වේ. ඉඟුරු තේ පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් ඉන් අහිතකර කොලෙස්ටරෝල් පාලනය වීම සිදුවේ. එමනිසා කොලෙස්ටරෝල් පාලනය කිරීමට මෙන්ම හෘදරෝග පාලනය කිරීමට ද ඉඟුරු යනු ගුණදායක ඖෂධයකි.
7.පිළිකා ඇතිවීම පාලනය කරයි.නවතම පරීක්ෂණ වලට අනුව හෙළිවී ඇත්තේ පිළිකා මර්දනය කිරීමට ද ඉඟුරු භාවිතා කිරීම ගුණදායක බවය. එනම් අග්න්‍යාශ පිළිකා මෙන්ම ආන්ත්‍රික පිළිකා , පෙනහළු පිලිකා ඒ අතර මර්ධනය කරනු ලබන පිළිකාවන්ය. අදවන විට පිළිකා රෝග ඇතිවීම බහුල නිසා එම රෝගයෙන් ආරක්ෂා වීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කිරීමටද ඉඟුරු භාවිතා කරන්නේ නම් ඉන් එම රෝගය පාලනය කර ගත හැකිය.
8.ආහාර අරුචිය පහවී ආහාර රුචිය වර්ධනය කරයි.පෙර සඳහන් කළ පරිදි ඉඟුරු ආහාර සඳහා එක් කර ගැනීමෙන් ආමාශගත රෝග සමනය වීම සිදුවේ. එමෙන්ම කෑම අරුචිය පහවී යයි. බොහෝ විට කෑම දිරවීම පහසු කරන හෙයින් කෑම රුචිය ද වර්ධනයවේ. මේ නිසා ආහාර අරුචිය ඇති විටක ඉඟුරු දමා සකස් කර ගත් තේ පානයක් හෝ ඉගුරු කැබැල්ලක් ආහාරයට ගැනීම මගින් ආහාර රුචිය වර්ධනය කරගත හැකිය.

9.ඉරුවාරදය සමනය කරයි.බොහෝ දෙනෙකු පීඩා විඳින රෝගයක් ලෙස ඉරුවාරදය හදුනාගත හැකිය. මෙම රෝගී තත්ත්වය ඇති අවස්ථාවක ඉඟුරු දමා සකස් කර ගත් තේ පානය කිරීම ගුණදායකවේ.
10 මළ පිට කිරීම පහසු කරයි.මළ පිට කිරීමේදී විවිධ සංකූලතා ඇතිවේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ ජලය පානය අවම වීම හා අපගනු ලබන වැරදි ආහාර රටාවයි. මෙවැනි අවස්ථාවක උණුසුම් වතුර වීදුරුවකට ඉඟුරු කැබැල්ලක් දමා පානය කිරීම මගින් සහනය සලසා ගත හැකිය.
මේ ආදී නොයෙක් රෝග සමනය කිරීමට ඉඟුරු භාවිතා කළ හැකි අතර මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු හා කෘතිම ඖෂධ පානයන්ගෙන් පසු ඉඟුරු භාවිතා කිරීම නුසුදුසු බව පිළිගැනෙන නිසා එවැනි අවස්ථාවන් වලදී ඉඟුරු භාවිතා නොකිරීමට කටයුතු කරන්න.