නර්තනය , ක්‍රීඩාවල නිරත වීම,බර එසවීම කාන්තාවන්ගේ ආර්තවය, ආතරයිටීස්,දණහිස් ආශ්‍රිත අස්ථි වෙනස් වීම යන ආදී හේතූන් මත දණහිස් වේදනාව ඇතිවනු ලැබේ. එනම් දණහිස් වේදනාව වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට ඇතිවන අතර වැඩි වශයෙන් ඇතිවනනේ තරබාරු පුද්ගලයන් හා මැදිවයස් වල නිරත වන්නන්ටය. අස්ථි සම්බන්ධවන බන්ධනීය හා ස්නායු ඇදීමට ලක්වීම හේතුවෙන් දණිස් කැක්කුම ඇතිවිය හැකිය. දණහිස් කැක්කුම ඇති වූ විට එය හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පවතී.
- දණහිස් අමාරුව ඇතිවීම
- දණහිස අවට රතු වීම
- ඉදමීම
- දණහිස් නවන විට හා දිග හරිනවිට දැඩි වේදනාවක් දැනීම. මේ ආදී වූ රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
දණහිස් වේදනාව ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර මේ සඳහා කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ද පවතී.
අයිස්කැටවලින් තැවීම මෙය වඩාත් යෝග්‍ය ප්‍රතිකර්මයක් වන අතර එමගින් දණහිස්වල වේදනාව ,ඉදමුම් සමනය වේ. එනම් ශීත පැක් එකක් ආධාරයෙන් තැවීමෙන් දණහිස් වේදනාව සමනය කර ගත හැකිය. වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට දණහිසෙහි ආබාධ ඇතිවී පැය 24 තුළ උණුසුම් හා ශීත පැක් මාරුවෙන් මාරුවට සම්බාහනය කිරීම යෝග්‍ය වේ.

ඉඟුරු ආහාරයට ගැනීම දණහිස් වේදනාව සමනය කිරීම සඳහා ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉඟුරු වල අඩංගු වේදනා නාශක ගුණය දණහිස් වේදනාව සමනය කරයි. මේ සඳහා ඉඟුරු තේ එකට දමා භාවිතා කිරීම හෝ උණුවතුරට ඉඟුරු කැබැල්ලක් දමා දෙහි ස්වල්පයක් හා මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම වඩාත් සුදුසු වේ.
කැරට් ආහාරයට ගැනීම දණහිස් වේදනාව ඇති වූ විට කැරට් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් කැරට් වල අඩංගු බීටා කැරොටීන් විටමින්, ඒ විටමින් සී ආදී පෝෂ්‍ය පදාර්ථ මගින් ගෙවී ගිය අස්ථි මාංශ පේශි වර්ධනය කර ඒ ආශ්‍රිතව ඇතිවන වේදනා ඉදමුම් සමනය කරයි. මේ සඳහා කැරට් යුෂ හෝ කැරට් පානය, කැරට් සම්බෝලය දිනපතා ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
අබ තෙල් දණහිස්වල ඇතිවන වේදනාව සමනය කිරීමට අබතෙල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් අබ තෙල් මගින් රුධිර ගමනා ගමනය වර්ධනය කර අතර දණහිසෙහි ඇතිවන වේදනාවන්ද සමනය කරයි. මේ සඳහා අබතෙල් වලට සුදුලූනු ගෙඩියක් දමා රත් කර මද උණුසුමෙන් දණහිස් සම්බාහනය කිරීම යෝග්‍යවේ.
ඇපල් යුෂ විනාකිරි භාවිතය දණහිස්වල ඇතිවන වේදනාව,ඉදමුම් සමනය කිරීම සඳහා ඇපල් යුෂ විනාකිරි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා වතුර සමග ඇපල් යුෂ විනාකිරි ස්වල්පයක් දමා විටින් විට පානය කිරීම හා ඇපල් යුෂ විනාකිරි සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර දණහිස් මත ආලේප කර සම්බාහනය කිරීම මගින් දණහිස් වේදනාව සමනය වේ.

පොල් තෙල් වේදනාකාරී දණහිස් කැක්කුම සුවපත් කර ගැනීම සඳහා පොල් තෙල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් පොල් තෙල් වල අඩංගු මේද අම්ල මගින් දණහිසෙහි ඇතිවන වේදනාව සමනය කරයි. මේ සඳහා රාත්‍රියේදී පොල් තෙල් ස්වල්පයක් රත් කර මද උණුසුමින් දණහිස් මත ආලේප කර හොඳින් සම්බාහනය කිරීම යෝග්‍ය වේ.
අමුකහ අමුකහවල අඩංගු කර්කියුමින් ආදි රසායනික සංයෝග මගින් දණහිසෙහි ඉදමුම, දැවිල්ල සමනය කර රුධිර ගමනය වැඩි කරයි. එනම් දණහිස් වේදනාව ඇති විට අමුකහ පානය කිරීම යෝග්‍ය වේ.
දෙහි , ලෙමන් දෙහිවල අඩංගු සිට්ට්‍රික් අම්ලය මගින් දණහිසෙහි ඇතිවන දැවිල්ල සමනය කරයි. මේ සඳහා දෙහි යුෂ පානය කිරීමට අමතරව දෙහි යුෂ සමග තල තෙල් මිශ්‍රකර තැවීම යෝග්‍ය වේ.මීට අමතරව
- බ්‍රෝකලි
- බ්ලූ බෙරි
- අන්නාසි
- කුරුදු
- සැමන්
- නිවිති
- ධාන්‍ය වර්ග
විශේෂ කොට විටමින් කේ, ඩී , කැල්සියම් අඩංගු ආහාර භාවිතා කිරීම ජලය පානය කිරීම, ව්‍යායාම සිදු කිරීම මගින් දණහිසෙහි ඇතිවන වේදනාවන් ඉදමුම් සමනය කර ගත හැකිය.