ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති ශාක ප්‍රභේද අතුරින් ගිනි සපු ශාකය මීටර් තිහක් පමණ උසට වැඩෙන සෘජු කඳක් සහිත ශාකයකි. මෙම ශාකයේ ම තවත් ප්‍රභේදයක් වන්නේ වල් සපු ශාකයයි. එය මීටර් පහළොවක් පමණ උසට වැඩෙන අතර සුදු පැහැති මල් හට ගනී.
ගිනි සපු ශාකයේ සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. එමෙන්ම කහ හෝ තැඹිලි පැහැයෙන් යුතු සුවඳවත් අලංකාර මල් හට ගනී. මෙහි ගෙඩි පොකුරු ආකාරයට හට ගන්නා අතර ඒවා මේරීමත් සමග රෝස පැහැති බීජ ව්‍යාප්තිය සිදු කරයි.
ඖෂධීය ගුණයෙන් අනූන මෙම ගිනි සපු ශාකය බොහෝ රෝග සඳහා ඖෂධ සැකසීමේදී භාවිතා කරයි. විශේෂයෙන් මෙම ශාකයේ කොල, පොතු, මුල්, මල්, බීජ යනාදී කොටස් ඖෂධ ලෙස භාවිතා කරයි.
ගිනි සපු ශාකය ඖෂධීය ගුණ කර්ම කිහිපයක්ම පවතී. එනම්,
- විරේචන ගුණයෙන් යුක්ත වේ.
- උත්තේජක ගුණයෙන් යුක්ත වේ.
- මුත්‍ර කාරක ගුණයෙන් යුක්ත වේ.
- ශුක්‍ර වැඩිමේ ගුණයෙන් යුක්ත වේ.
- විෂබීජ නැසීමේ ගුණයෙන් යුක්ත වේ.ආදී වශයෙනි.
ශරීරයේ හටගන්නා බොහෝ ලෙඩ රෝගවලට ප්‍රතිකර්ම ලෙස දේශීය ඖෂධ භාවිතය වඩාත් සුලබ වේ. ඒ අනුව ගිනි සපු ශාකයේ ඖෂධීය භාවිතයන් රැසකි.

- උණ රෝග සුවකර ගැනීම සඳහා ගිනි සපු ශාකයේ පොතු භාවිත කරනු ලබයි.
- අක්ෂි රෝග හා පිලිස්සුම් තුවාල සඳහා ගිනි සපු මල් භාවිතා කරයි.
- සමේ රෝග සුවකර ගැනීම සඳහා ගිනි සපු ශාකයේ පොතු යොදා ගනියි. එමෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කර අලුතින් සෛල වර්ධනය කර ගැනීම සඳහා ගිනි සපු ශාකයේ කොටස් ආලේපනයක් ලෙස යොදා ගනී.
- ආමාශයේ වාතය සමනය කරමින්, ආහාර රුචිය ඇති කිරීමටත්, අජීර්ණ තත්ත්වයන් සමනය කිරීමටත් ගිනිසපු ශාකයේ මල් වලින් සකස් කරන ටොනික් වර්ග යෝග්‍ය වේ.
- වකුගඩු රෝග තත්ත්වයන් වල දී මුත්‍ර කාරක ඔසුවක් ලෙසද ගිනි සපු ශාකයේ කොටස් යොදාගනී.
- දරුණු ලෙස ඇතිවන හිසේ කැක්කුම හා ඉරුවාරදය රෝගය සඳහා ගිනි සපු ශාකයෙන් ලබාගන්නා තෙල් හිසෙහි ගැල්වීම සිදුකරයි. එමගින් හිසේ කැක්කුමට සහ ඉරුවාරදයට ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.
- සිරුරේ ඇතිවන තුවාල හා ඉදිමුම් තත්වයන් වලට කදිම ඔසුවක් ලෙස ගිනිසපු ශාකයේ පත්‍ර නිස්සාරණයෙන් ලබාගන්නා තෙල් භාවිත කළ හැකි ය. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන වේදනාවන් සමනය සදහා ගිනිසපු ශාක පත්‍ර වල යුෂ මී පැණි සමග පානය කිරීම යෝග්‍ය වේ.
- තවද ගිනිසපු ශාකයේ කොටස් කසාය කර පානය කිරීම ලෙඩ රෝග රැසක් සුව කර ගත හැකිය. ආතරයිටිස්, හෘද නාල පටුවීම, උරස් කුහරයේ ආබාධ යනාදී රෝග වලට මෙම කසායෙන් සහනයක් ලබාගත හැකි ය.

- ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාවන් සමනය කර ගැනීම සඳහා ගිනිසපු ශාකයේ කොළ වලින් වෙන්කර ගන්නා යුෂ එඩරු තෙල් සමග මිශ්‍රකර ආලේප කිරීම යෝග්‍ය වේ.මෙම රෝග වලට අමතරව තවත් රෝග බොහෝමයක් සදහා ගුණ දෙන ඔසුවක් ලෙස ගිනිසපු ශාක කොටස් භාවිත කළ හැකි ය.
- අක්ෂි රෝග සුව කරයි.
- ලිංගික දුබලතා නැති කරයි.
- දියවැඩියාවට යෝග්‍ය වේ.
- ලාදුරු රෝගය සුව කරයි.
- වන හා තුවාල සුව කරයි.
- රක්තවාත රෝගයට යෝග්‍ය වේ.
- පණු රෝග සුව කරයි.
- වමනය ඇතිවීම නැති කරයි.
- ආහාර අරුචිය දුරුකරයි.
- මලබද්ධය ඇති වීම වළකාලයි.
- ඔසප් ගැටලු සුව කරයි.
- බඩේ අමාරු වලට යෝග්‍ය වෙයි.
- ආදී වශයෙන් රෝග රැසකට ඔසු ගුණ ගෙනදෙන ශාකයක් ලෙස ගිනි සපු ශාකය පෙන්වාදිය හැකිය.
ඖෂධ සඳහා පමණක් නොව ගිනි සපු ශාකයේ පහත දක්වා ඇති ප්‍රයෝජන ද පවතී.
- බුදුන් වහන්සේට පූජා කිරීමට භාවිතා කරයි.
- විහාර චිත්‍ර නිර්මාණය සඳහා යොදා ගනී.
- ශිව දෙවියන් හා කෘෂ්ණ පූජා සඳහා යොදා ගනී.
- සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනී.
- දැව ලෙස භාවිතා කරයි.ආදී වශයෙන් ප්‍රයෝජන රැසක් ගෙන දෙන ශාක විශේෂයක් ලෙස ගිනි සපු ශාකය හඳුනා ගත හැකිය.