විටමින් ඌනතා පවතින ලොකු කුඩා සෑම දෙනාටම පාහේ පානය කළ හැකි ගුණදායක තවත් කිරි වර්ගයක් ලෙස එළුකිරි හඳුනාගත හැකිය. එනම් එළු කිරිවල විටමින් A,D,B1,B12, පොටෑසියම්, කැල්සියම්, කොපර්, ඇන්ටිඔක්සිඩන්ට්, පොටෑසියම්, සෙලනියම්, ඇමයිනෝ අම්ල වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. එනම් එළුකිරි පානය කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය.එළු කිරි පානය කිරීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය. එනම් එළු කිරිවල අඩංගු ප්‍රෝටීන් ,සෙලෙනියම්, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කර සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝගවලින් ආරක්ෂාව සලසනු ලබයි.මේ නිසා එවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට දිනපතා එළිකිරී වීදුරුවක් පානය කිරීම වඩාත් ගුණදායකය.
හෘද රෝගීන්ට යෝග්‍ය වේ. බෝ නොවන රෝගයක් වුවද හෘද රෝග යනු නැවත ඇති වීමට නොදී පාලනය කරගත යුතුම රෝග තත්ත්වයකි. එනම් මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට එළු කිරි පානය කිරීම යෝග්‍ය වේ. එනම් එළු කිරි වල අඩංගු මේද අම්ල කොලෙස්ට්‍රොල් පාලනය කර හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කරයි.
හිසකෙස් නිරෝගී කරයි. හිසකෙස් වර්ධනය කර ගැනීමට හිසකෙස් ගැලවී යාම අවම කර ගැනීමට දිනපතා එළුකිරි වීදුරුවක් පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් එළු කිරි පානය කිරීමෙන් එළකිරිවල අඩංගු කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස් ,විටමින් බී 12, පොටෑසියම් වැනි පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් කැඩීයාම ගැලවී යාම වලක්වා හිසකෙස් නිරෝගීව වර්ධනය කිරීම සිදු කරයි.
ශරීර බර පාලනය කිරීම සඳහා සුදුසු වේ. ශරීර බර පාලනය කිරීම සඳහා එළුකිරි පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් එළු කිරි වල අඩංගු මේද අම්ල ශරීරගත මේදය පාලනය කිරීම සිදු කරන නිසා ශරීර බර බර පාලනය වීම සිදුවේ. එනම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම බර අඩු කර ගැනීම සඳහා දිනපතා එළු කිරි වීදුරුවක් පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.
පිළිකා ඇති වීම වළක්වා ගත හැකිය.පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා එළුකිරි පානය කිරීම යෝග්‍ය වේ. එනම් බොහෝ පිළිකා ඇති වනු ලබන්නේ විටමින් ඌනතාවයන් හේතුකොටගෙනය. නමුත් එළුකිරි පානය කිරීමෙන් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ විටමින් ඌනතාවයන් සපුරා පිළිකා තත්ත්වයන් ඇති වීම වළක්වනු ලබයි. එනම් විශේෂයෙන්ම එළුකිරිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා සෛල මර්දනය කර ඇති වූ පිළිකා වර්ධනය වීම ද පාලනය කරයි.
දන්ත හා අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරි වේ.එළුකිරි වීදුරුවක් දිනපතා පානය කිරීමෙන් අස්ථි හා දත් ශක්තිමත් වීමට ඉවහල් වන කැල්සියම් ,යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබාගත හැකිය. එනම් ඉන් අස්ථි දුර්වල වීම හා ඔස්ටියෝපොරෝසිස් ,ආතරයිටීස් වැනි රෝග ඇති වීම වළක්වා ගත හැකිය. එමෙන්ම මින් දත් දිරා යාම වලක්වා දත් ශක්තිමත් කර ගත හැකිය. මේ නිසා ලොකු කුඩා සෑම දෙනාටම පාහේ එළුකිරි යනු ගුණදායක පානයකි.
අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරගත හැකිය.නිහඬමාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගැනීමට එළුකිරි පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම ඉතා ඉහළය. මේ නිසා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීමත් රෝගය සඳහා සුදුසු ආහාර පාන ආදිය ලබා ගැනීමත් වඩාත් වැදගත් වේ. එනම් දිනකට එළුකිරි වීදුරුවක් පානය කරන්නේ නම් එහි අඩංගු පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය අධි රුධිර පීඩනය ඇතිවීමට හේතුවන රුධිර නාල හැකිලීම,ඝනවීම වලක්වා රුධිර නාල විස්තාරණය කර අධි රුධිර පීඩනය ඇති වීම පාලනය කරනු ලැබේ.

ඇස් පෙනීම වැඩි කරයි.කුඩා ළමුන්ගේ පටන් තරුණ වැඩිහිටියන් යන සියලු දෙනාටම පවතින ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පෙනීමේ දුර්වලතා සමනය කර ගැනීමට එළු කිරි පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් එළු කිරි වල අඩංගු විටමින් A වැනි පෝෂ්‍ය පදාර්ථ ඇස් පෙනීමේ දුර්වලතා දුරු කර ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සිදුකරනු ලැබේ.
රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි.රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් රක්තහීනතාවය නම් රෝග තත්ත්වය ඇති වනු ලැබේ. මෙම රෝග තත්ත්වය සමනය කර ගැනීමට නිතර යකඩ අඩංගු ආහාර පාන භාවිතා කළ යුතුය. එනම් යකඩ අඩංගු එළු කිරි පානය කිරීමෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ගත හැකිය. ඉන් රක්තහීනතාවය සමනය වේ. මේ නිසා විටමින් ඌනතා පවතින ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන රක්තහීනතාවය වළක්වා ගැනීමට එළු කිරි පානය කිරීම වඩාත් ගුණදායකය. මීට අමතරව
- ගැබිනි මව්වරුන්ට
- අස්ථි පටක වර්ධනය කිරීමට
- ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පවතින
- පුද්ගලයින්ට
- ඩෙංගු වැළදුන රෝගීන්ට
- උණ රෝගීන්ට මේ ආදී වූ රෝග ගණනාවකට එළු කිරි පානය කිරීම යෝග්‍ය වේ.