අපි කිසිවෙක් අකාලයේ මියැදෙන්නට කැමති නැහැ. අපි හැමෝම උත්සාහ කරන්නෙ දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න. ඒ වගේම ඒ ජීවත්වෙන කාලය නිරෝගීව ගත කරන්නට. නමුත් අද මිනිසුන්ගේ ආයු කාලය ක්‍රමයෙන් අඩු වී යන බව ඔබ දන්නවා. එදා පැරැන්නන් වසර සියයක් හෝ ඊට වඩා ජීවත් වුණත් නූතන පරම්පරාවට එතරම් කාලයක් ජීවත් වෙන්නට ඇති හැකියාව ඉතාම අඩුයි. විවිධ ලෙඩ රෝග හේතුකරගෙන මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් වසර සියයක් ජීවත් වෙන්නට නිරෝගීව ජීවත් වෙන්නට බලාපොරොත්තුවක් ඔයා සතු වෙනවා නම් මේ කරුණු පිළිබඳව අවධානය යොමුකරන්න.
සමබල ආහාර වේලක් ලබා ගන්න.
ආයුෂ දිගු කරන්නත් ආයුෂ කෙටි කරන්නත් බලපාන මූලිකම හේතුවක් තමයි අපි ගන්නා ආහාර. වසවිසෙන් යුක්ත ආහාර, ක්ෂණික ආහාර අධිකව ගත්තත් අද බොහෝ දෙනෙක් සමබර ආහාර වේලක් ලබා ගන්නට උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ළූණු, තෙල්, පිටි සහ සීනි සීමාසහිතව ගනිමින් නැවුම් එළවළු, පලතුරු ධාන්‍ය වර්ග ආදිය ආහාරයට එකතු කරගන්නා එක දීර්ඝායුෂ ලබන්නට අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ගොටුකොළ ආදී පලා වර්ග, පාරම්පරික සහල් වර්ග අපිට බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වෙන්න උදව් වෙනවා.
කෙට්ටු ශරීරයක් පවත්වා ගන්න.
ස්ථුලතාවය හේතුකරගෙන ඇති වෙන හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා ආදී අපේ ජීවිතය අවුරුදු ගණනාවකින් කෙටි කරන්නට හේතු වෙනවා. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ බර නිසිපරිදි පවත්වා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.
දුම්පානයෙන් වළකින්න.
දරුවන් පසුව ලැබීම
වයස අවුරුදු හතළිහෙන් පසුව දරුවන් ලබන කාන්තාවකට ඊට පෙර දරුවන් ලබන කාන්තාවකට වඩා වසර ගණනාවක් වැඩිපුර ජීවත් වෙන්න වාසනාව ලැබෙන බව NECAS ආයතනය සඳහන් කරනවා.
දෛනිකව ව්‍යායාම්වල නිරත වෙන්න.
ශරීරයේ වර්ධනයට වගේම ශරීරය ලෙඩ කරන විවිධ රෝගාබාධවලින් ඉතා හොද රැකවරණයක් ව්‍යායාම්වල නිරතවීම මගින් ලබා ගන්නට පුළුවන්. ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරගෙන ස්ථුලතාවයෙන් මිදෙන්නත් දිගාසිරි ලබන්නත් එය විශේෂයෙන්ම හේතු වෙනවා.

මනස ක්‍රියාකාරීව තබා ගන්න.
ඔබේ මනස පෝෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරකම්වල නිරන්තරයෙන් නිරත වීම මගින් නියැළීම මනසේ නිරෝගීභාවය සහ කායික නිරෝගීභාවයට හේතුවක් වෙනවා. හරස් පද ප්‍රහේලිකා පිරවීම, විවිධ දේශනවලට සවන් දීම, අලුත් භාෂාවක් ඉගෙන ගැනීම, ට්වියිටර්, skype සමාජ ජාලාවලට සම්බන්ධ වීමත් ආදී මේ සියල්ලම අපේ මනස ක්‍රියාකාරීත්වයෙන් යුක්තව පවත්වා ගන්නට උදව් වෙනවා.
මානසික පීඩනයෙන් මිදෙන්න.
මානසික ආතතිය ජීවත් වෙන කාලය අඩු කරන්නට හේතුවන විවිධ ලෙඩ රෝග සඳහා මූලික හේතුවක්. ඒ නිසාවෙන් මානසික පීඩනයෙන් මිදීම සඳහා භාවනා කිරීම, ඇවිදීම, මිතුරෙකු සමග කාලය ගත කිරීම, සංගීතය වාදනය කිරීම, සංගීතයට සවන් දීම, එළිමහනේ කාලය ගත කිරීම, සුරතල් සතුන් සමග කාලය ගත කිරීම ආදී උපායන් ඔබට මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්.
මානව සබඳතා ගොඩනඟා ගන්න.
හුදෙකලාව ජීවත් වනවාට වඩා තම පවුලේ වූ උදවිය සමග වගේම තම හිත මිතුරන් සමඟත් හොඳින් සම්බන්ධතා පවත්වාගෙන යාම ආතතිය කලමනාකරණයට වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමටත් උදවු වෙනවා. සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන්නට අවස්ථාව ලැබෙන මෙමගින් ඔබට දිගුකල් ජීවත් වීමටත් උපකාරයක් ලබා දෙනවා.
විවාහය සහ ලංගික හැසිරීම
විවාහක පුද්ගලයන් අවිවාහක පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වන බව අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම විවාහක පුරුෂයන්ගෙන් 6%ක් සිය බිරිඳගේ පෙළඹවීම හේතු කරගෙන නිතිපතා වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමට වැඩි ඉඩක් ලැබෙන්නට ලැබී ඇති බව මේ අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් තියෙනවා .

ඒ වගේම සක්‍රීය ලිංගික ජීවිතය දිගු කාලයක් ජීවත්වීම කියන කාරණාවත් සමඟ සමීපව බැඳී පවතින බවත් විවිධ අධ්‍යනයන් මගින් හෙළි කරගෙන තියෙන කාරණාවක්. american journal of cardiology නම් වාර්තාවේ සඳහන් වෙන්නේ සතියකට දෙවරක් හෝ තුන්වරක් ලිංගිකව හැසිරෙන පිරිමි පුද්ගලයන්ට හෘද රෝගවලට ඇති අවදානම සියයට 45 කින් අඩු කරන බවයි.
අන් අයට උදව් කරන්න.
ස්වෙච්ඡා සේවය තවත් අයෙකුට උදව් පදව් කරමින් ජීවත් වීම සන්තෘප්ත ජීවිතයක් සහ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් ගත කරන්නට දිගාසිරි ලබන්නට උපකාරී වෙන බව සඳහන් වෙනවා. ජාතික සහ ප්‍රජා සේවා සඳහා එක්සත් ජනපදයේ අධ්‍යයනයක් මගින් ස්වේච්ඡා සේවය සහ ආයු කාලය අතර දිගු සම්බන්ධතාවයක් ඇති බව සොයාගෙන තියෙනවා.
කෝපය පාලනය කරගන්න.
නිරන්තරයෙන් මානසික සැහැල්ලුව සහ සන්සුන් බව සඳහා උත්සාහ ගත්තොත් එය කායික නිරෝගී බවට සහ දිගුකල් ජීවත් වෙන්නටත් මූලික හේතුවක්. දිගුකල් ජීවත් වෙන්නට නම් නිතර කෝපයට පත්වීම ඔබට පාලනය කරගන්න සිද්ධ වෙනවා. කෝපයට පත්වන පුද්ගලයන්ට, කෝපය පාලනය කරන අයට වඩා දෙගුණයකින් හෘදරෝග වැඩිවීමේ අවදානමක් ඇති බවයි පර්යේෂණවලින් හෙළි කරගෙන තියෙන්නේ. ඒ නිසාවෙන් කෝපය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ඔබට අනුගමනය කරන්නට සිද්ධ වෙනවා.
සිනහව
ඉතාම පහසුවෙන් තවත් කෙනෙක් වෙනුවෙන් නොමිලේ ලබා දෙන්නට හැකි ඔබේ සුන්දර සිනහව ඔබේ නිරෝගීභාවය වැඩි කරනවා වගේම ආයු කාලයත් වැඩි කරන්නටත් හේතුවක්. මේරිලන්ඩ් විශ්වවිද්‍යාල අධ්‍යයනයකින් සොයා ගෙන තියෙන ආකාරයට දිනකට විනාඩි 15 ක සිනහවක් හෘද රෝග අඩු කරගැනීමට උදව් වෙනවා. ඒ වගේම 50% කින් හෘදයට ගමන් කරන රුධිර ප්‍රවාහයත් එමගින් දියුණු කර ගන්නට පුළුවන්. ඉතින් නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හොඳම ඖෂධය ඔබේ සිනහවයි.
මල්ටි විටමින් ලබාගන්න.
හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ වාර්තාවකට අනුව දිනපතාම කැල්සියම් සහ විටමින් ඩී ඇතුළු විටමින් වර්ග ශරීරයට අමතරව ලබා ගැනීම ආයු කාලය දීර්ඝ කර ගන්නට උදව් වෙනවා. ඒ නිසාවෙන් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග ප්‍රමාණාත්මක ලෙස ලබා ගැනීම ඉතාම වැදගත්.
යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගන්න.
දත් හොඳින් පිරිසිදු කර ගැනීම සහ මාස කිහිපයකට වරක් දත් සුද්ද කිරීමත් දීර්ඝායුෂ ලබා ගන්නට හේතු වෙන තවත් එක් කාරණාවක්. දුර්වල මුඛ සෞඛ්‍යය හදවත් රෝග සහ ආඝාතයට වැඩි ඉඩක් නිර්මාණය කරනවා. දත් මුල් දියවීම ආදී රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ මරණ අනුපාතය 23% සිට 46% දක්වා වැඩි වෙන බව ජෝර්ජියාවේ ඇට්ලන්ටා විශ්ව විද්‍යාලයෙන් සහ රෝග පාලනය සඳහා මධ්‍යස්ථානය මගින් සිදුකරන ලද අධ්‍යනයකින් සොයාගෙන තියෙනවා.
ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම වගේම ප්‍රමාණයට වඩා නිදා ගැනීමත් කියන කාරණා දෙකම අපේ ආයුෂ අඩු කරන්නට හේතුවෙන ලෙඩ වැඩ කරන්නට හේතුවන කාරණයක්. ඒ නිසා සාමාන්‍යයෙන් දිනකට පැය 6-7 ක සුවදායි නින්දක් ඔබට ලබා ගන්නට පුළුවන් නම් එය දිගාසිරි ලබන්නට හේතුවන කාරණයක්. නමුත් පැය 8 කට වඩා අඩු නින්දක් හෝ පැය හය හමාරට වඩා අඩු නින්දක් නිදා ගන්නා පුද්ගලයන්ගේ ආයු කාලය අඩු වන බවයි පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ.
නිතර වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගන්න.
දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය සහ හදවත් රෝග ආදිය කල්තියා හඳුනාගෙන ඒවා හොඳින් පාලනය කිරීම සහ සුවපත් කරගැනීම සඳහා නිතර වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගන්න.
සුරතල් සතුන් සමග කාලය ගත කරන්න
සුරතල් සතුන් ඇති කිරීම තනිකම සහ මානසික අව අවපීඩනය අඩු කරගන්නට ඉතාම වැදගත්. මානසික සහනය හදවත් රෝග ඇතුළු රෝග බොහොමයකින් ඔබට ආරක්ෂාව සලසනවා වගේම ජීවත් වෙන්නට තවත් වසර ගණනාවක් වැඩිපුර එයින් ඔබට එකතු වෙනවා.

ආගමික වතාවත්වල නිරත වෙන්න
සුබවාදී ආකල්ප දරන්න.
දිගු කාලයක් ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඔබ සෘණාත්මක ආකල්පවලින් බැහැරව ධනාත්මක ආකල්පවලින් පරිපූර්ණ විය යුතුයි.
ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
ශාක ආහාර වැඩිපුර ලබා ගන්න.
නිරතුරුව මධ්‍යම ප්‍රමාණයෙන් භෞතික ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
අඩු කැලරි ප්‍රමාණයක් ආහාරයට ගන්න.
බඩ පිරීමට අඩක් අඩුවෙන් ආහාර ගන්න .
මේ කරුණු කාරණා ගැන ඔබ වඩාත් සැලකිලිමත් ජීවත් වුණොත් ඔබට නිරෝගිමත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා නොඅනුමානයි.