ප්‍රීතිමත් ජීවිතයක් ගෙන යන්නට නම් අපි කායිකවත් මානසිකවත් නීරෝගීව සිටින්නට ඕන. නමුත් මෙලොව උපත ලබන අපි කිසිවෙකුට ලෙඩක් දුකකට ගොදුරු නොවී ඉන්නට හරිම අපහසුයි. නමුත් ලෙඩ රෝග ගැන හොඳින් දැනුවත්වෙලා ලෙඩ රෝග බොහොමයකින් වැළකෙන්නට අපට පුළුවන්. ඒ විතරක් නෙවෙයි නියපොත්තෙන් කඩන්නට තියෙන දේ පොරවෙන් කපන්නට සිද්ධ වෙන මට්ටමට පත් කරනොගෙන ඒවා සුවපත් කරගන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ සඳහා ඕන කරන්නේ ලෙඩ රෝග පිළිබඳව දැනුවත්භාවය සහ සැලකිලිමත් බව. ඇතැම් පුද්ගලයන් ශරීරයේ අසාමාන්‍ය වෙනස්කමක් දැක්කත් නොසලකා ඉන්නවා. නමුත් එහි බරපතලකම අවබෝධ වෙන්නේ යම් රෝගයක් දරුණු මට්ටමට පත්වුණාට පස්සේ. අපේ මේ නොසැලකිල්ල නිසා අපිට අකාලයේ මියැදෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා නීරෝගී ජීවිතයට සෑම ලෙඩක් දුකක් ගැන වගේම අපේ ශරීරයේ ඇතිවන පුංචි වෙනස්කමක් ගැන වුණත් ටිකක් සැලකිලිමත් වන්නට ඕන.
බෙල්ල කියන්නේ අපේ හදවත, වකුගඩු වගේම දේහයේ වැදගත් ඉන්ද්‍රියක්. මේ උගුර ආශ්‍රිතව වැදගත් ග්‍රන්ථි පිහිටා තියෙනවා. ඉතින් අපේ දේහයේ බොහෝ අවයවවලට වගේම උගුර ආශ්‍රිතවත් බොහොමයක් ලෙඩ රෝග ඇති වෙනවා. නමුත් අවාසනාවට බොහෝ රෝග තත්ත්වයන් කල්තියා හඳුනා නොගැනීම නිසා තමන්ගේ කටහඩ විතරක් නෙවෙයි ජීවිතය වුණත්අහිමි වෙන්නට පුළුවන්. ඉතින් අපි අද ඔබ සමඟ කතා කරන්නේ බෙල්ලේ ඇතිවන වායු ගෙඩි පිළිබඳව.
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය සහ අව ක්‍රියාකාරිත්වය නිසා විවිධ රෝග තත්වයන් අපිට ඇතිවෙනවා. ඉතින් වායු ගෙඩියක් කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ඉදිමුමක්. ගලගණ්ඩය කියන මේ රෝග තත්ත්වය තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ සහ උගුරේ පටක ඉදිමීමෙන් ඇතිවන රෝගයක්.මේ රෝග තත්ත්වය මැදි වයසේ අය අතරේ බහුලවම දැක ගන්නට හැකියාව ලැබුණත් ඕනෑම වයසක පසුවන අයෙක් තුළ දැක ගන්නට පුළුවන්. මේ රෝග තත්ත්වය පුරුෂයන්ට වඩා කාන්තාවන් අතර බහුලවම දැක ගන්නට පුළුවන්. වැඩි වශයෙන් ඒ වායු ගෙඩි උගුරේ හට ගත්තත් ඇතැම් විට එය ශරීරයේ වෙනත් අවයව තුළත් දැක ගන්නට ලැබෙනවා. මේ රෝග තත්ත්වය මුල්කාලීනව හඳුනා ගන්නට අපහසු වෙන්නේ මුල් කාලීනව මූලික රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා.
වායු ගෙඩි ඇතිවීමේ මූලික රෝග ලක්ෂණ

- බෙල්ල ඉදිමීම මේ බෙල්ලේ ඇතිවන ඉදිමුම ඇතැම් විට බාහිරට දකින්නට නොලැබෙන නමුත් ඇතුළතින් ඉදිමීමක් සිදු වෙනවා.
- ගිලීමේ අපහසුතා ඇතිවීම
- ශිරා ඉලිප්පීම
- කරකැවිල්ල
- ශරීරයේ බර අඩුවීම
- සම වියළීම
- ආතතිය
- මහන්සිය
- කටහඩ වෙනස්වීම
- මලබද්ධය
- මුහුණ ඉදිමීම
- ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
ගලගණ්ඩය හා පිළිකා මෙවැනි රෝග ලක්ෂණ ඇති විටෙකදී වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. විශේෂයෙන්ම තයිරොක්සීන් හෝර්මෝනය වෙනස්වීමක් නිසා ඇතිවන ගලගණ්ඩ අවස්ථාවකදී තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂණයක් මගින් එය තහවුරු කර ගන්නට පුළුවන්. මොකද මේ තරයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් වර්ධනය සිදු වන්නේ ඉතාමත් සෙමෙන් ඒ නිසා යම් විටෙක වායු ගෙඩි තත්ත්වයක් වුණත් පිළිකාවක් බවට පත්වෙන්නට ඇති අවදානම් ඉතාම ඉහළයි. ඇතැම් විට මේ ලක්ෂණ නොසලකා හැරීමෙන් ඒ තත්ත්වය හඳුනා ගනිද්දිත් වඩාත් උත්සන්න වී තිබෙන්නට පුළුවන් .මොකද පිළිකාවක් ඉතා ඉක්මනින් පැතිරෙන නිසා එය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් සීමා නොවී ගෙල ප්‍රදේශයටත් පැතිරෙනවා. රෝගීයාගේ ජීවිතය බේරා ගන්නට නම් මෙවැනි ලක්ෂණ ගැන අවධානයෙන් පසුවීම ඉතා වැදගත්. ගලගණ්ඩය ඇති රෝගියෙකුට පහත ලක්ෂණ ඇතිවුණොත් ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.

- ඉතා ඉක්මනින් වර්ධනය වන ගෙඩියක් වැනි යමක් ගෙලේ හට ගැනීම
- ආහාර ගීලීම අපහසුවීම
- හුස්ම ගැනීම අපහසුවීම
- බෙල්ල ඉදිමීම
- ගෙල ඉදිරිපසින් ආරම්භ වී කන්දෙක දක්වා වේදනාවක් ගමන් කිරීම
- සෙම්ප්‍රතිශෂ්‍යාවක් නොමැතිව දිගුකල් පවතින කැස්ස
ආයුර්වේදයට අනුව සඳහන් වෙන්නේ මේ ගලගණ්ඩය රෝගය වසරක් ගත වූ පසුව සුවකල නොහැකි බව. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතා සහිත, ආහාර අරුචිය සහිත, ශරීරය ඉතාම දුර්වල වූ, කටහඩ වෙනස් වූ ආදී ලක්ෂණ ඇති විටෙක එවැනි රෝගීන් සුව කිරීම අපහසු බව සඳහන්කර තියෙනවා.
ගලගණ්ඩයට සුදුසු ආහාර
- හුරුල්ලන්, හාල්මැස්සන්, සාලයන්
- ගොටුකොළ
- මුකුණුවැන්න
- අයඩින් සහිත ලුණු
- නෙල්ලි
- කොමඩු
- පාස්ලි
- අර්තාපල්
- ඕට්ස්
ගලගණ්ඩය රෝගීන්ට නුසුදුසු ආහාර
- ගෝවා, මල්ගෝවා
- රාබු
- නෝකෝල්
- මඤ්ඤොක්කා කොළ
ඉතින් සෑම රෝගයක්ම බරපතල තත්ත්වයට පත්වෙන්නට නොදී සුවකර ගන්නටත් සාර්ථකව පාලනය කරන්නටත් මේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත්.