දවසින් දවස ලෝක ජනගහනයෙන් බොහෝ ප්‍රමාණයක් විවිධාකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒ අතරේ බෝ නොවන රෝගවලට ලොකු කුඩා බොහොදෙනා ගොදුරු වීමේ වැඩි ප්රවණාවක් දකින්නට ලැබෙනවා. මීට වසර ගණනාවකට පෙර ජීවත් වුණු අපේ මුතුන් මිත්තන් වැඩි කාලයක් නීරෝගීව ජීවත් වුණත් අද අපිට නීරෝගී ජීවිතයක් ගත කිරීම ඉතා අපහසු කාර්යයක් වෙලා තියෙනවා. ඒ සඳහා බලපාන මූලිකම කාරණය වෙන්නේ අපේ ආහාර රටාව. එදා අපේම මුතුන් මිත්තන් අනුභව කරපු ඉතා ඉහළ ගුණයෙන් යුක්ත වස විස නැති ආහාර අද අපෙන් ඈත්ව ගිහින්. එහි ප්‍රතිවිපාක අද ලොකු කුඩා දරුවාගේ පටන් මහලු වියේ පුද්ගලයා දක්වා සියල්ලෝම අත් විදිමින් සිටිනවා. ඉතින් මුත්‍රා ගල් කියන්නේ අද බහුලවම අපිට අසන්නට ලැබෙන වඩාත් පීඩාකාරී රෝගයක්. ඉතින් ඒ සඳහා බොහෝවිට සැත්කම් සිදු කරන්නට සිදු වෙනවා. නමුත් සැත්කම් නැතුව මුත්‍රා ගල් සතියෙන් දියකර හරින්නට හැකි අපූරු ආහාර අපේ මේ මහ පොළවේ තවමත් තියෙනවා. නමුත් ඒවා අපේ දෑසට හසු කරගන්නට අපි උනන්දු නොවීමයි අවාසනාව. කොහොමවුණත් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ රෝග බොහොමයක්ම සුව කරගත හැකි ගුණයෙන් ඉහළ රසවත් ආහාරයක් පිළිබඳව.
කැකිරි කියන්නේ ලෙඩ රෝග බොහොමයකටම ඉතා ගුණදායි ආහාරයක් බව ඔබ දන්නවා. හීන් කැකිරි, සීනි කැකිරි, හේන් කැකිරි, කොමඩු කැකිරි, තිත්ත කැකිරි, කවුඩු කැකිරි ආදී මෙකී නොකී කැකිරි අතරේ ගොං කැකිරි හෙවත් තෙලන් කැකිරි කියන්නේ කැකිරි පවුලේ තවත් වැදගත් කැකිරි වර්ගයක්. මේ ගොං කැකිරි අද බොහෝදෙනා භාවිතයට නොගත්තත් අතීතයේ සිටම මේ ගොං කැකිරි ඖෂධීය ශාකයක් ලෙස බහුලවම භාවිතයට ගෙන තියෙනවා. ඉතා කුඩා ප්‍රමාණයෙන් යුත් මේ ගොං කැකිරි අවට වටපිටාවේ ඉබේ හටගන්නා පැලෑටියක්. වනගතව බහුලව දකින්නට ලැබුණු නමුත් අද අපිට මේ ශාකය දුර්ලභ ශකයක් ලෙසයි හඳුන්වන්නට සිදු වෙන්නේ.

මේ කැකිරි බීජ මගින් ව්‍යාප්ත වෙන කිසිදු අමතර මහන්සියක් නැතුව වගා කර ගන්නට හැකි ගුණයෙන් ඉහළ ශාකයක්. වැලක් ලෙස වැඩෙන මේ කැකිරි වැලේ පත්‍ර අනෙක් කැකිරි පත්රවලට සමාන හැඩයක් ගනු ලබන නමුත් මේ ගොං කැකිරි වැල්වල පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වෙනවා.මේ කැකිරි ගෙඩි කොල පැහැයෙන් හා සුදු පැහැ වයිරම් ස්වභාවයෙන් දකින්නට පුළුවන්. ඉදුණු පසුව කහ හෝ රතු පැහැයට සමාන පැහැයක් ගනු ලබනවා. මේ කැකිරි ගෙඩිය කිරි රසට සමාන රසයකින් යුක්ත අතර ඒ තුළ බීජ පවතිනවා.
මේ ගොං කැකිරි ගෙඩි සාමාන්‍ය කැකිරි පිසින ලෙස ව්‍යංජනයක් ලෙස වගේම අමුවෙන් පලතුරක් විදියටත් ආහාරයට ගන්නට පුළුවන්. මේ ගොං කැකිරි ගෙඩිය වගේම කොළත් විවිධ ප්‍රතිකාර සහ අත් බෙහෙත් සඳහා ද භාවිතා කරනු ලබනවා. බදුනක කිවුල ඉවත්කර ගන්නටත් මේ ගොං කැකිරි භාවිතා කළ හැකියි. කිවුල් බැදී ඇති වතුර රත් කරන භාජනයකට මේ කැකිරි ගෙඩි කිහිපයක් සහ කොළ කිහිපයක් දමා වතුර රත් කළ විට ඒ කිවුල් තට්ටුව හරි අපූරුවට ගැලවී යනවා. ඉතින් එවැනි අපූරු හැකියාවන් මේ ශාකය සතු වුණත් අද බොහෝදෙනා මේ පිළිබඳව දැනුවත් නැහැ.
ගොං කැකිරි සතු ගුණ

- මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවෙන් යුක්තයි මේ ගොං කැකිරි සතුව මුත්‍ර ගල් දිය කිරීමේ අපූරු හැකියාවක් පවතිනවා. මුතා ගල් ඇති අයෙක් දින 7 ක් දිනපතා මේ ගොං කැකිරි ආහාරයට ගතහොත් මේ මුත්‍ර ගල් සියල්ලම දියවී යන බව සඳහන් වෙනවා.
- දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසුයි
- පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා නැසීමේ හැකියාවෙන් යුක්තයි
- රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවෙන් යුක්තයි
- වකුගඩු සහිත රෝගවලින් ආරක්ෂා කර වකුගඩු පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි
- කිරි පණු ආදී පණූ රෝග සඳහා ඉතාම සුදුසුයි
- ආහාර රුචිය වර්ධනය කරයි
- මලබද්ධය දුරු කරයි
ඉතින් අද බොහෝදෙනා තමන්ගේ ගෙවත්ත තුළ පවා වල් පැලෑටි මර්දනයට වල්නාශක භාවිතා කරනවා. එහිදී සැබැවින්ම වල් පැලෑටි අතරේ හැදී වැඩී ඇති මෙවැනි වටිනා ඖෂධීය ගුණයෙන් ඉහළ පැලෑටි බොහොමයක් විනාශ වී යනවා. එදා සුලබව දකින්නට ලැබුණු නිතර ජනතාව ආහාරයට ගත් ඒ ගොං කැකිරි පවා අද දුර්ලභ පැලෑටියක් බවට පත්වෙලා. මෙවැනි වටිනා ශාක අපේ ආහාර රටාවෙන් ඈතට යද්දි නොයෙකුත් ලෙඩරෝග අපේ සමීපයට අපි නොදැනුවත්වම ළඟා වෙනවා. ඉතින් ඒ නිසා අපෙන් ගිහිලී යන ඒ පැලෑටි රැක ගැනීම සහ අන් අයව දැනුවත් කිරීම ජාතියේ අවශ්‍යතාවයක්. එය ඔබගේත් රටේ සුවහසක් ජනතාවගේත් නීරෝගිභාවයට නිසැකයෙන්ම හේතු වෙනවා. එබැවින් අද සිට මේ ගොං කැකිරි වැල් වල් පැලෑටි ඒ සලකා විනාශ නොකර එවා ව්‍යාප්ත කරමින් ප්‍රයෝජනයට ගන්නට මතක තබා ගන්න.