පෝෂණ ගුණයෙන් ඉතා ඉහල අගයක් ගන්නා ධාන්‍ය විශේෂයක් ලෙස මුංඇට හඳුනාගත හැකිය. එනම් මුංඇට ඈත අතීතයේ සිටම ප්‍රධාන ආහාර වේලක් ලෙස භාවිතා කර තිබේ. ඊට අමතරව ව්‍යංජන ,සුප් වර්ග ,කැවිලි වර්ග සකස් කරන විටද මුං ඇට බහුලව භාවිතා කරයි. ඊට අමතරව දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ද මුංඇට නොයෙක් ප්‍රතිකාර වලට ඖෂධයක් ලෙස යොදා ගනු ලැබේ.මුං ඇට ආහාරයට ගැනීමෙන් ශරීර ගත බොහෝ රෝග සුව කර ගත හැකිය.එනම්
- ප්‍රෝටීන්
- විටමින්
- ඇමයිනෝ අම්ල
- කැෆේන් අම්ලය
- ෆිනෝලික් අම්ලය
- මැග්නීසියම්
- සින්ක්
- සෙලේනියම්
- ෆ්ලෙවනයිඩ්
- කාබෝහයිඩ්‍රේට්
- තන්තු
- යකඩ
- බියුටයිඩ්
- වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වන නිසා මුං ඇට ඖෂධ ගබඩාවක් ලෙස හඳුන්වනු ලබයි.
මුං ඇට සතු ඖෂධීය ගුණ භාවිතය.

මුත්‍ර රෝග සඳහා බොහෝ දෙනෙකුට පවතින මුත්‍ර රෝග එනම් මුත්‍රා අඩස්සිය, මුත්‍රා ගල් ,මුත්‍ර දැවිල්ල ආදී මූත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සුව කිරීමට මුංඇට ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ. මුං ඇට තලපයක් ලෙස අඹරා දෙළුම් යුෂ හා ලුණු ස්වල්පයක් මිශ්‍ර කර දින කිහිපයක් පානය කිරීමෙන් මෙම රෝග සුව කරගත හැකිය.
දියවැඩියාව පාලනය කිරීම සඳහා බොහෝ දෙනෙකුට පවතින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව පාලනය කිරීම සඳහා මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් මුං ඇට වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලබයි මේ නිසා දියවැඩියා රෝගීන්ට මුං ඇට ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසු වේ.
ශරීර ශක්තිය වැඩි කර ගැනීම සඳහා ශරීර ශක්තිය වැඩි කර ගැනීමට මුං ඇට ආහාරයට එකතු කර ගැනීම වඩාත් සුදුසු වේ. එනම් මුං ඇට වල අඩංගු විටමින් ,ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීර ශක්තිය වැඩි කර ශරීරය පෘෂ්ටිමත් කරයි. එනම් රෝග වැලඳී ශරීරය අප්‍රාණික වූ විට නැවත හීන වූ ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට සහ ශරීරය කෘශ වූ පුද්ගලයින්ට මුං ඇට ආහාරයට ගැනීම ගුණදායක වේ.
මලබද්ධය සුව කිරීම සඳහා බඩ වේලිම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීම ඇති විටෙක මුං ඇට ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය සුවකර ගත හැකිය. එනම් මුං ඇට වල අඩංගු තන්තු මළ පහ පිට කිරීම පහසු කරවයි.
මානසික රෝග සුව කිරීම සඳහා කාර්ය බහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙකු මානසික රෝග වලට ගොදුරු වී සිටි. එනම් උන්මාදය, විශාදය වැනි රෝග තත්ත්වයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනි. මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට සහ ඇති වූ මානසික රෝගයන් ඉක්මනින් සුවකර ගැනීමට මුං ඇට ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් මේ සඳහා මුං ඇට පිටි සහ තිරිඟු පිටි සමව ගෙන එයට ගිතෙල් මිශ්‍ර පානය කිරීම යෝග්‍ය වේ.
මව්කිරි වර්ධනය කිරීම සඳහා මව්කිරි අවම වූ විටෙක නැවත මව්කිරි වර්ධනය කරගැනීම සඳහා මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ඔවුනට තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ලබා දීම මගින් එහි අඩංගු විටමින්, ප්‍රෝටීන් ,ඛනිජ ලවණ මව්කිරි වර්ධනය කිරීමට ඉවහල් වේ.

පිළිකා සෛල මර්දනය කිරීම සඳහා පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍ය බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් මුං ඇට වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා සෛල මර්දනය කර පිළිකා ඇති වීම වළක්වනු ලබයි.
ළප කැලැල් සුව කිරීම සඳහා සම මත ඇතිවන ලප කැළැල් ,කලු පැල්ලම් ඉවත් කර ගැනීමට මුං ඇට ආහාරයට ගැනීම මෙන්ම බාහිර ආලේපනයක් ලෙස ද භාවිතා කළ හැකිය. එනම් මුං ඇට ඇල්දියෙන් අඹරා එම ලප කැලැල් මතුපිට පැලැස්තරයක් ආකාරයට දින කීපයක් ආලේප කිරීමෙන් එම ලප කැලැල් සුව කරගෙන සම පැහැපත් කර ගත හැකිය.මීට අමතරව
- ඔසප් වේදනාව සඳහා
- රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම සඳහා
- හෘද රෝග ඇතිවීම පාලනය කිරීම සඳහා
- ශරීර සිසිල් කිරීම සඳහා
- සරම්ප, පැපොල, අතීසාරය සඳහා
- කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා
- ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා
- අම්ල පිත්ත රෝගය සඳහා මෙවැනි රෝග ණනාවක් සුව කර ගැනීම සඳහා මුං ඇට ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.