දිය වැඩියාව පාලනය කරන උඳුපියලිය පානය 

health tips

කුඩා කාලයේ උඳුපියලිය කීවම අපිට මුලින්ම මතක් වෙන්නෙ හාවො කන්නෙ උඳුපියලිය කියලනේ. ඇත්තටම උඳුපියලිය කියන්නේ ගුණදායක කොළ වර්ගයක්. හරියටම කියනවා නම් උඳුපියලිය වටිනා ඖෂධයක්. හීන් උඳුපියලිය, බෙහෙත් උඳුපියලිය යන නම් වලින් ද උඳුපියලිය හඳුන්වනවා. අපි ඕනෑම කෙනෙක් උඳුපියලිය පැළෑටි හඳුනනවා.  එළිමහන් බිම් වල පොළවට සමාන්තරව පැතිර යන උඳුපියලිය ඔසු ගුණ පිරි වටිනා පැළෑටියක්. 

උඳුපියලිය පයට පෑගුනත් ඇසට ගුණ දෙන්නෙ උඳුපියලිය කියලා අතීතයේ සිටම පැරැන්නන් කියන කියමනක්. ඒ වගේම  ඇසේ ස්නායු ආබාධ නිසා පෙනීමේ සංකූලතා ඇති වූ විට මුලදීම උඳුපියලිය ගෙන ප්‍රතිකාර කළහොත් පෙනුම නැවත ලබාගත හැකි බව පුරාණ වෙද පතපොතේ සඳහන්. විවිධ රෝග ප්‍රතිකාර සඳහා බහුලව යොදා ගන්නා හීන් උදුපියලිය වල ගුණ රැසක් තිබෙනවා.

  • වේදනා නාශකයක්
  • ශක්ති ජනකයක්
  • කුසගිනි වර්ධකයක් 
  • විෂ නාශකයක්

 මධ්‍යම පළාතේ කැඩුම් බිඳුම් සඳහා ද උඳුපියලිය භාවිතා වී ඇති අතර රෝග රැසකට ප්‍රතිකර්ම ලෙස යොදා ගන්නා උඳුපියලිය ශාකයේ ඖෂධීය ගුණය නිසාම විවිධ අයුරින් ආහාරයට ද එක්කර ගනියි.

උඳුපියලිය පානය උඳුපියලිය බීම හදලා බොන එකත් ශරීරයේ ලෙඩ රෝග වලට සුව ගෙන දෙන්නක්. මෙය මේ පානය උදෑසන පානය කිරීම තමා හොඳ. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අමු උඳුපියලිය මිටක්
  • ලුණු ස්වල්පයක් 
  • දෙහි ස්වල්පයක් 
  • සීනි තේ හැඳි 02 ක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් 

සාදන ආකාරය -උඳුපියලිය මිටක් හොඳින් සෝදා පිරිසුදු බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩරයකට දමා එයට වතුර වීදුරුවක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව එය පෙරා එයට සීනි, ලූණු, දෙහි ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු එක්කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න. 

  • උඳුපියලිය වලින් සිදු කරන ඖෂධීය ප්‍රතිකර්ම
  • ශරීරයේ විෂ, සෙංගමාලය, අතීසාරය, ඇස් රෝග ආදියට හීන් උදුපියලිය කැඳ ලබා දීම.
  • ළදරුවන්ගේ අජීර්ණ වලට හීන් උඳුපියලිය යුෂ ස්වල්පයක් දීම 
  • රක්තවාතයට හීන් උඳුපියලිය අමු කහ, කයිප්පු, තැඹිලි වතුරෙන් තලපයක් ලෙස කකුලේ අධිකව පැලී ඇති තැන්වල ආලේප කිරීමෙන් සුවය ලැබේ.
  • බඩ පිපුමට උඳුපියලිය කොළ පවනේ වියළා කුඩු කර කෝපි මෙන් පානය කිරීම 
  • හාවුන්ගේ වසුරු උඳුපියලි කොළ  යුෂින් අඹරා ගෑම ඉදිමුම් සඳහා ප්‍රතිකර්මයකි.
  • උඳුපියලි වියළා කුඩුකර උළුහාල් කුඩු තේ හැඳි භාගයක් දමා කෝපි මෙන් පානය කිරීමෙන් මධුමේහයේදී ඇතිවන පිපාසය සංසිඳුවයි.
  • පරණ තුවාල සඳහා හීන් උඳුපියලිය දලු මිටක්, අමු කහ ස්වල්පයක් සහ රත්හඳුන් ඇල්වතුරින් ගලක අඹරාගෙන තුවාලය හොඳින් නිවුණු උණු වතුරින් සෝදා ඒමත අඹරාගත් තලපය ගෑමෙන් සුවය ලැබේ.
  • විසර ගෙඩි සඳහා හීන් උදුපියලිය, කෝමාරිකා මද, පෙරුම්කායම්, අමු කහ දල්ලක් පොල්කිරි වලින් තම්බා හීන් වෙන්න අඹරා විසර ගෙඩිය වටේ ආලේප කල හැකියි.
  • උඳුපියලිය කොළ අඹරා පුවක් ගෙඩියක පමණ ගුලියක් එළකිරි සමඟ මිශ්‍රකර උදේ පානය කිරීමෙන් මව්වරුන්ට මනාව කිරි එරෙන බව සඳහන්.
  • මුත්‍රා අඩස්සිය ඇති අයට සම්පූර්ණ ශාකය තම්බා බීමට දෙයි.
  • පත්තෑ විෂට ශාකය දෙහි ඇඹුලෙන් අඹරා ගෑම ද, පොලොන් විෂ හැරීමට උඳුපියලිය යුෂ පතක් දීම.
  • උඳුපියලිය කොළ බුලත් මෙන් සපමින් කෙල ගිලීම තොල් පැලීම සුව කරයි.