පැය 24ක් යන්න කලින් අහිතකර කොලෙස්ටරෝල්  සිරුරෙන් ඉවත් කරන නලල් බටු ශාකය සතු ගුණ 18 ක්

health tips

ලංකාවේ අපි ඇත්තටම වාසනාවන්ත  වෙන එක කාරණයක්  තමයි මේ මිහිපිට මොනවා විසි කළත්  සරුවට හැදෙන එක. ඒ වගේම ඉබේ වැවෙන ගොඩක් පැළෑටි අපේ  කුසගින්න නිවනවා. ඉතින් ඇත්තටම අපි බඩගින්නේ ඉන්න ඕන නැහැ. ඒත් මොකක්දෝ අවාසනාවකට අද දරුවන්ට මන්දපෝෂණය . දරුවන්ට  තරුණ පිරිසටත් නොයෙකුත්  ලෙඩරෝග. ඉතින් කොතනද අපිට  වැරදුනේ. ඒ තමයි අපේ දැනුවත්කමේ අඩුබව. ගොඩක් වෙලාවට මේ මහපොළොවේ  ඉබේ  හැදෙන  පැළෑටි අපි සලකන්නේ  වල් පැලෑටි  විදියට . එනිසා මේවා  ඉවක් බවක් නැතිව අපි විනාශ කරලා  දානවා. මේ දේවල්  වෙනස්  කරන්නට නම් වටිනා ශාක ගැන අපේ දැනුම පුළුල් කරගන්නට ඕන. ඉතින්  අපි අද  ඔයා එක්ක කතා කරන්න  යන්නේ ගොඩක් අය  නොදන්නා රසවත්  ගුණදායි  පලතුරක්  ගැන.

නලල් බටු ගෙඩි නලලට තියා පුපුරවා ලබා විනෝදයට එහා ගිය අපූරු වටිනාකමක් මේ  පැලෑටිය සතු වෙන නිසාමයි බොහෝ විදේශ රටවල මේ පලතුර ඉහළ මිලට අලෙවි කෙරෙන්නේ.නමුත් මේ ශාකය පලතුරක් විදියට පලාවක් විදියට ඖෂධයක් විදියට අතිශයින්ම  අපිට වැදගත් වෙනවා.

මේ නලල් මොට්ටු ශාකය wild cape gooseberry/ ground chery / native gooseberry ආදී වශයෙන් හඳුන්වනු ලබන මේ පලතුර ඉන්දියාව , දකුණු  ඇමරිකාව එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව  වගේ  රටවල මේ පලතුරු මිල අධික  ජනප්‍රිය  පලතුරක්. 

ඉතින් මේ ශාකය solanaceae කුලයට අයත් ඒක වාර්ෂික පැලෑටියක්. මේ නලල් මොට්ටු ශාකයේ ප්‍රභේද දෙකක් හීන් මොට්ටු සහ මහා මොට්ටු වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. මේ ශාකය ගෙවත්තේ වැට මායිම්වල, ගොයම් කපා ඉවත් කළ කුඹුරුවල ඉබේ හටගන්නා දුර්ලභ ශාකයක්. මේ ශාකයේ කහ පැහැ කුඩා මලක් හට ගන්නවා. මේ ශාකයේ පත්‍ර තරමක් ඕවලාකාර හැඩයකින් සමන්විත අතර පත්‍රය කෙළවර උල් හැඩයක් ගනු ලබනවා.මෙය අඩි 1 ½ ක් උසට වැඩෙන පහසුවෙන් කැඩිය හැකි ශක්තිමත් නොවන කඳකින් සමන්විතයි.

මෙහි ඵලය තිබ්බටු ගෙඩියක ප්‍රමාණයෙන් යුක්තයි. මේ ඵලය තුළ බීජ විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. මෙහි ව්‍යාප්තිය සිදු වෙන්නේ බීජ මගින්. තද කහ හෝ තැඹිලි පැහැයක් ගන්නා ඉදුණු නලල් බටු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට  ගන්න පුළුවන් .  මේ පලතුර තක්කාලි  රසට සමාන රසයක් ගනු ලබනවා. අමු ගෙඩි තිත්ත රසකින් යුක්තයි. කොහොමවුණත් මේ නලල් බටු ගෙඩි ඉතා රසවත් පලතුරක් .ඒ වගේම මේ පලතුරේ ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතිනවා. තන්තුවලින් ඉතා බහුලයි. විටමින් C බහුලයි. ඒ හැරුණාම , යකඩ හා කැල්සියම් මේ පලතුරේ බහුලයි. 

නලල් බටු ගෙඩි  විතරක් නෙවෙයි මෙහි පත්‍රවලත්  ඇමයිනෝ අම්ල 18 ක් අන්තර්ගත වෙනවා.එහි සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. මේ නලල් බටු ශාකයේ පත්‍ර තිත්ත රසයකින් සමන්විතයි. මේ ශාකයේ අඩංගු පෝෂණය නිසාම අතීත ගැමි ජනතාව කලවම් පලාවට මේ නලල් බටු කොළ දෙක තුනක් මිශ්‍රකර ආහාරයට ගත්තා. ඒ වගේම ලපටි දලු මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගත් අතර මේ ශාකයේ ගුණ දන්නෝ පරිප්පු සමඟ ව්‍යංජනයක් සකසා වගේම කැඳ ලෙස පිළියෙල කර ආහාරයට ගන්නවා. ඒ වගේම  විවිධ රෝග සඳහා ප්‍රතිකාර විදියටත් මේ ශාකය භාවිතයට  ගැනෙනවා .

නලල් බටු ශාකයේ ගුණ 

  • පිළිකා සෛල විනාශ කරයි. 
  • අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. 
  • උගුරේ තුවාල සුව කරයි. 
  • අක්ෂි රෝග නිවාරණය කරයි. 
  • විශේෂයෙන්ම ඇසේ සුද ඇතිවිටෙක මේ නලල් බටු ගෙඩි ආහාරයට ගතහොත් එය තවදුරටත් වර්ධනය නොවී ටිකෙන් ටික ඉවත්ව යාම ආරම්භ වෙනවා.
  • වේදනා නාශක ගුණයෙන් සමන්විතයි. 
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි
  • උණ කැස්ස ආදී රෝග  සුව කරයි 
  • රුධිරය පිරිසිදු කරයි 
  • ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි 
  • පණු රෝග සඳහා ගුණදායකයි 
  • මොළයේ සෛල වර්ධනය කරන නිසා බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
  • සම පැහැපත් කරයි 
  • සන්ධි වේදනාවන් සමනය කරයි 
  • හෘදවත් රෝගවලින් ආරක්ෂා කරයි 
  • මල බද්ධය වළක්වයි 
  • සැරව ගෙඩි සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා කරයි 
  • ආහාර  ජීර්ණය  පහසු කරයි.
  • බර අඩුකර  ගැනීමට  උදව් වෙයි.

ඉතින් නලල් බටු කියන්නේ ඉතාම රසවත් ගුණවත් පලතුරක් සහ පලාවක් ලෙස ආහාරයට ගත හැකි වටිනා ආහාරයක්. ඒ වගේම අපේ ශරීරය නීරෝගීව පවත්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙන රෝග බොහොමයක්ට සුව සදන ඖෂධයක්. ඉතින් මේ දුර්ලභ වටිනා ශාකය දුටුවොත් එය වල් පැලෑටියක් ලෙස සලකා විනාශ නොකර රැක ගන්නට වගේම ඒවායින් නිසි ප්‍රයෝජන ලබාගෙන නීරෝගී දිවිපෙවෙතක් ගත කරන්නටත් උනන්දු වෙන්න. 

මේ නලල්  බටු  පලතුරක්  විදියට ආහාරයට  ගනිද්දි  ගුණය  වැඩි නිසා කියලා වැඩිපුර  කන්න යන එක හොඳ නැහැ. ගෙඩි 4/5 ට  වඩා කන්න පුළුවන් වුණත් ඕනම දෙයක් ඕනවට  වඩා ඕන නැහැ නේ.  ඒ වගේම  තමයි මේ ශාකයේ  කොළ ආහාර පිණිස  ගනිද්දි දිනපතාම  හෝ අධික ලෙස  ගැනීමත්  සිරුරට  අහිතකර  විය හැකි  බව මතකයේ  තබා  ගන්න.