GYMNEMA SYLVESTRE යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. එනම් ඈත අතීතයේ සිටම දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය තුල මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ද මස්බැද්ද ශාකය භාවිතා කර තිබේ. මස් බැද්ද වරා කුලයට ඖෂධීය වැල් විශේෂයක් වන අතර ආධාරකය මත එතෙමින් වර්ධනයවේ. මෙම වැල් විශේෂය මස් බැද්ද යන නාමයෙන් හැඳින්වීමට හේතු වූ කාරණා කීපයක් තිබේ. එනම් හදිසියකදී මාංශ පේශී ඉරීයාමට ලක් වූ විටෙක නැවත මාංශපේෂි වර්ධනය කරගැනීම සඳහා මෙම ශාඛීය වැල් විශේෂය ඖෂධයක් ලෙස යොදාගෙන ඇති අතර මේ නිසා මෙම වැල් විශේෂය මස් බැද්ද යන නාමයෙන් හඳුන්වා තිබේ. එමෙන්ම මස් වැද්දන් විසින් ඈත අතීතයේ සිටම මස් බැඳ ගෙන යාම සඳහා ශක්තිමත් වරපටක් ලෙස මෙම ශාඛීය වැල් විශේෂය භාවිතා කළ නිසා මස් බැද්ද යන නාමයෙන් හඳුන්වා තිබේ. මේ ආදී වශයෙන් ඈත අතීතයේ සිටම මස් බැද්ද ඖෂධයක් ලෙස ද යොදාගෙන තිබේ. එනම් මස් බැද්ද ශාකයේ මුල්, කොළ, පොතු, ගෙඩි නාරටිය, මල් ආදී ශාක පංචාංගයම ඖෂධ ලෙස භාවිතයට ගත හැකිය.

ඇදුම රෝගයට සුවය ගෙනදේ.මස්බැද්ද ශාකයේ මුල් වියළා එම පොතු කබලක දමා දැල්වීමෙන් අනතුරුව එමගින් නගින දුම ආග්‍රහණය කිරීම මගින් ඇදුම රෝගය සුව කරගත හැකිය.
ශරීර විෂ ඉවත් කිරීමට උපකාරී වේ.යම් අවස්ථාවක විට කන විට හුණු මාත්‍රාව ඉක්මවා ගිලුනේ නම් එම විෂ ඉවත් කර ගැනීමට මස්බැද්ද ශාකයේ කොළ කිහිපයක් සැපීම යෝග්‍ය වේ.
මුඛ රෝග වලට ඖෂධයක් වේ.මුඛය ආශිතව ඇතිවන දත් මුල් දියවීම , විදුරුමස් වලින් ලේ ගැලීම ,දන්ත රෝග සුව කර ගැනීම සඳහා මෙන්ම මුඛය ආශ්‍රිතව ඇතිවන අහිතකර බැක්ටීරියා මර්ධනය කිරීමට මස්බැද්ද ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් වර්තමානය වන විට මස්බැද්ද ශාකය දන්තාලේප සහ මුඛ සේදුම් දියර වර්ග සකස් කිරීමේදී ද යොදා ගෙන තිබේ.
දියවැඩියාව ඇතිවීම පාලනය කරනු ලැබේ. ඈත අතීතයේ සිටම දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස මස්බැද්ද ශාකය භාවිතා කර තිබේ. එනම් මස්බැද්ද ශාකය අඩංගු වන ජිම්නෙමික් අම්ලය රුධිර ගත සීනි මට්ටම ඉහළ යාම වලක්වනු ලබයි. එනම් දියවැඩියාව ඇති වූ විටක ඉන්සියුලින් නිපදවන සෛල අඩපණ වේ. එම සෛල නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට හා ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කර ගැනීමට මස්බැද්ද ශාකයේ අඩංගු ජිමිනෙමික් අම්ලය හේතුවේ. එමෙන් ම රුධිරයේ එකතු වන අහිතකර ග්ලූකෝස් ප්‍රමාණය යාමනය කර ගැනීමට රුධිරගත සීනි නිෂ්පාදනය සාමාන්‍යකරණය කර ගැනීමට මස්බැද්ද ශාකයේ ඖෂධීය ගුණයන් ඉවහල් වේ.
මේ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මස්බැද්ද ශාකය කොළ කොටා යුෂ ගෙන භාවිතා කරනු ලැබේ. එනම් ඉන් දිවට ලුණු රස සහ පැණි රස දැනීම තාවකාලිකව නතර කළ හැකිය. අවම වශයෙන් එය පැය 10 ක් 12 ක් තරම් දිගු කාලයක් වුවද විය හැකිය.

කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ මෙම ජිම්නෙමික් අම්ලය ග්ලූකෝස් අණුක ව්‍යුහය ට සමාන වන බවයි. එනම් දියවැඩියා රෝගීන් පැණි රස ආහාර භාවිතා කිරීමට පෙර මස්බැද්ද ඖෂධයක් ලෙස භාවිතා කිරීම මගින් සමස්ත ශරීරය පුරා මෙම අම්ලයේ ක්‍රියාකාරීත්වය පැතිරී ගොස් දිවට පැණි රස දැනීම නවතනු ලබයි. එනම් ඉන් රුධිරයට ග්ලූකෝස් මට්ටම අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරයි. මේ නිසා මස් බැද්ද භාවිතා කිරීම දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසුවේ. නමුත් වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධය ලබා ගන්නේ නම් එය වඩාත් සුදුසුවේ. එනම් යම් විටක මෙය භාවිතා කිරීමෙන් රුධිර ගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසීම සිදුවිය හැකිය.
ගෙඩි ඉසුරුවා හැරීමට සුදුසු වේ.මස්බැද්ද ශාකයේ කොළ සහ පොතු, ගඳපාන කොළ යනාදියට කහ සහ ලුණු දමා හොඳින් කොටා මළවා ගෙන එම මැල්ලුම ගෙඩියට තබා බැඳීම මගින් එම ගෙඩි විසුරුවා හැර ඉක්මනින් සුවය සලසා ගත හැකිය.
සර්ප විෂ නසන ඖෂධයක් වේ. මස්බැද්ද ඖෂධයක් ලෙස සර්ප දෂ්ටනයේදී යොදා ගනී. එනම් නාග දශ්ටනයකදී ශරීරයේ තැන්පත් වූ විෂ ඉවත්කර ගැනීමට මස්බැද්ද ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ.
මුත්‍රා සමඟ සීනි පිටවීම සමනය කිරීමට හේතු වේ.බොහෝ දෙනෙකුට නොදැනුවත් කමින් වුව ද පැවතිය හැකි මෙම රෝග තත්ත්වය සමනය කිරීමට ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස මස් බැද්ද ශාක පත්‍ර චූර්ණය භාවිතා කරනු ලැබේ. මීට අමතරව
- මල බද්ධය සමනය කිරීම සඳහා
- උදරාබාධ සුව කිරීම සඳහා
- මාංශ පේශීන් ඉරි ගිය විට එය නැවත යතා තත්වයට පත් කර ගැනීම සඳහා
- උණ සමනය කිරීම සඳහා
- අක්මා රෝග සුව කිරීම සඳහා
- පිත්තාශය නිරෝගිමත් කිරීම සඳහා
- අක්ෂි නිරෝගීමත් කිරීම සඳහා
- පිළිස්සුම් සුව කර ගැනීම සඳහා
- කැඩුම් බිඳුම් සමනය කිරීම සඳහා
යන ආදී රෝග වලට මස්බැද්ද යනු ගුණදායක ඖෂධයකි. ඖෂධ ලෙස භාවිතා කරන විට එය මස්බැද්ද ශාකයම දැයි අනාවරණය කරගෙන භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් වල් කැප්පෙටියා ශාකය මීට බොහෝ සෙයින් සමාන වේ. එමෙන්ම දියවැඩියා රෝගීන් මෙය ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.