අකලට හිසකෙස් පැසීමට නිට්ටාවටම සුව කරන ස්වභාවික සත්කාර 8 ක්

health tips

අකලට හිසකෙස් පැසීම යනු ගැහැනු පිරිමි දෙපක්ෂයම පීඩාවට පත්කරන තත්වයකි. බොහෝ දෙනකු මෙම තත්වය වළක්වා ගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම සිදුකරන අතර හිසකෙස් මෙසේ අංකල්ට පැසීමට බලපාන  හේතුවන කාරණා පිළිබඳව සොයා බලන්නේ නැත. 

වයස් ගත වීම නිසා හිසකෙස් පැසීම සාමාන්‍ය වුවද තරුණ කාලයේදී ම හිස කෙස් පැසෙන්නේ නම් ඊට  හේතු වන කාරණා බොහොමයක් තිබේ.

අහිතකර ආහාර රටාව පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබා නොගැනීමෙන් විටමින් ඌනතා ඇතිවේ. එනම් මෙම විටමින් ඌනතා නිසා හිසකෙස් වලට ද දැඩි බලපෑමක් එල්ල වන අතර එයද  හිසකෙස් පැසීමට හේතුවේ. 

ජානමය සාධක පරම්පරාවේ තම මව, පියා, ආච්චී, සියා යන පුද්ගලයන්ට මෙම තත්වය පවතින්නේ නම් එම ජානමය සාධකය මත හිසකෙස් පැසිය හැකිය. 

අහිතකර කේෂාලේපන භාවිතය හා නිරතුරුවම විලාසිතා කිරීම.

කාන්තා පාර්ශවය මෙන්ම පිරිමි පාර්ශවය ද ප්‍රමිතියෙන් අඩු  ෂැම්පු වර්ග, කන්ඩිෂනර් වර්ග, කලර් වර්ග හා ඩයි වර්ග භාවිතා කිරීම හේතුවෙන් හා නොයෙක් විලාසිතා සිදුකරන විට භාවිතා කරන ආලේපන වර්ග හේතුවෙන් හිසකෙස් පැසිය හැකිය. 

මානසික ආතතිය අකලට හිසකෙස් පැසීම හා හිස කෙස් ගැලවී යාම සඳහා මානසික ආතතිය වැඩි බලපෑමක් එල්ල කරනු ලැබේ. එනම් මෙමගින් හිසකෙස් වලට කළු පැහැය ලබා දෙන  ස්ටෙම් සෛල  වලට හානි සිදුවී හිසකෙස් පැසීම සිදුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයක් පවතින්නේ නම් එමගින් හිසකෙස් මූලයට බලපෑම් ඇති වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉ හිසකෙස් පැසීම හා ගැලවී යාම සිදුවේ. 

විටමින් B – 12 ඌනතාවය විටමින් අතරින් විටමින් B12 ඌණ වීමෙන්  හිසකෙස් පැසීමට ලක්වේ. මේ නිසා විටමින් B12 අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කළ යුතුය.කිරි, චීස්, මී කිරි, සැමන්, තලපත් මාලු සහ මස් වර්ග පලතුරු,පලා වර්ග ආහාරයට එකතු කර ගත යුතුය. මීට අමතරව 

  • හෝමෝන වෙනස්කම් ඇති වීම. 
  • දුම් පානය කිරීම 
  • මන්දපෝෂණය 

මේ ආදී වූ හේතු අකලට හිසකෙස් පැසීමට හේතු විය හැකිය. හිසකෙස් පැසීමට බලපාන ප්‍රධාන හේතු හඳුනාගත් පසු ප්‍රමිතියෙන් යුතු ෂැම්පු වර්ග, කන්ඩිෂනර්,තෙල් වර්ග භාවිතා කිරීම. පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබා ගැනීම. දුම්පානය කිරීමෙන් වැළකී සිටීම මනස සන්සුන්ව පවත්වා ගැනීම. සිදු කළ යුතුය.

මීට අමතරව හිසකෙස් පැසීම වලක්වා ගැනීමට භාවිතා කළ හැකි ස්වභාවික ඖෂධ වර්ග රැසක් පවතී. මෙම සත්කාර භාවිතා කිරීමෙන් බොහෝ විට හිසකෙස් පැසීම පාලනය කර ගත හැකිය. 

ඉඟුරු තලාගත් ඉඟුරු ස්වල්පයකට මී පැණි මේස හැන්දක් මිශ්‍රකර උදෑසන ආහාරයට ගැනීම.

පේර කොළ පේර කොල ගෙන කොටා එම යුෂ හිසෙහි ගල්වා පැය කිහිපයකින් පසුව සෝදා හැරීම. 

නෙල්ලි වියළි නෙල්ලි කුඩුකර පොල්තෙල් වලට මිශ්‍රකර රත් කර  හිසෙහි ගල්වා සෝදා හැරීම 

එළඟි තෙල් සති දෙකකට වරක් පමණ එලෙඟි තෙල් හිසෙහි ගල්වා හොඳින් සම්බාහනය කර සෝදා හැරීම. 

කරපිංචා කරපිංචා කොළ කිහිපයක් උළුහාල් සමඟ පොල්තෙල්වලට දමා රත්කර හිසෙහි ගල්වා පැය කීපයකින් සෝදා හැරීම. 

කරවිල කරවිල යුෂ තල තෙල් හෝ ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර හිසට දමා හොඳින් සම්භානය කර සෝදා හැරීම. මෙවැනි ඖෂධ වර්ග දිනපතා භාවිතා කිරීමෙන් හිසකෙස් පැසීම පාලනය කර ගත හැකිය.