නිරෝගී, දිගු කෙස් කලඹක් හිමිකරගැනීම යනු බොහෝ කාන්තාවන්ගේ සිහිනයකි. ඉක්මනින් හිසකෙස් වර්ධනය කරගත හැකි සත්කාර ක්‍රම අතරින් අද අපේ අවධානය වෙන්නේ ඉන්දියාවේ භාවිතා කරනු ලබන හිසකෙස් සත්කාර සම්බන්ධ රූපලාවන්‍ය රහස් කිහිපයක් වෙතයි. ඉන්දියානු කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඒ තරමටම රූමත් බවින් අගතැන්පත් කාන්තාවන් යැයි හැඳින්විය හැකිය. ඔවුන්ගේ කලු පැහැති දිගු සුන්දර වරලසට ලැබෙන්නේත් ඒ හා සමාන ආකර්ෂණයකි.හිසකෙස් නීරෝගීව තබා ගැනීමට ඉන්දියානු කාන්තාවන් විසින් භාවිතා කරනු ලබන සත්කාර කිහිපයක් පහත දැක්වේ.
- කෝමාරිකා යුෂ

- කෝමාරිකා හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරමින් හිස්කබල නීරෝගී කරවයි.
- කෝමාරිකා කොළ කිහිපයක් ගෙන හරහට කපා එහි යුෂ ලබාගන්න.
- ඉන්පසුව හිස්කෙස් වල මුලට හොඳින් කාවදින සේ කෝමාරිකා ගල්වාගනිමින් හොඳින් සම්බාහනය කරන්න. මෙසේ සම්බාහනය කිරීමේදී හිස්කබලේ රුධිර සංසරණය ඉහළ යයි. එහිදී සමට හොඳින් කෝමාරිකා උරාගැනීම සිදුවෙයි.
- පැය දෙකක් පමණ මෙම සත්කාරය හිසකබලේ රැඳෙන්නට තබා සේදීම හෝ රාත්‍රියක් පුරා තිබෙන්නට හැර පසුදා උදෑසන ස්නානය කරමින් හිස පිරිසිදු කිරීම සිදුකල හැකියි.
- පැන්තෙනෝල් මාස්ක් එකක්

- ‘D-Panthenol’ යනුවෙන් හැඳින්වෙන කෘතිම විටමින් B 5 පෝෂකය භාවිතා කරමින් හිසකෙස් වලට සත්කාර කල හැකියි. මේවා සම මතදී පැන්ටොතෙනික් අම්ල බවට පරිවර්තනය වීම සිදුවේ. එය සමේ පිට සිවිය හෙවත් අපිචර්මයේ ස්වභාවය සාමාන්‍ය තත්වයට පත්කිරීම සඳහා ඉවහල් වන රසායනික සංඝටකයකි. මෙම මාස්ක් එක මඟින් හිසකෙස් වල අඩංගු කූප/ස්‍යුනිකා (follicles) නැවත අලුත්වැඩියා කිරීම සහා හිසකෙස් ගැලවී යාම උපරිමයෙන් වැළැක්වීම ද සිදුකෙරේ.
- ඔබේ හිසකෙස් සාමාන්‍ය පරිදි හොඳින් සෝදන්න.
- ඉන්පසුව, පැන්තෝල් (ජෙල් ආකාරයෙන් හෝ පෙණ ආකාරයෙන්) පිරිසිදු කරගත් හිසකෙස් වල ආලේප කරගන්න. හිසකෙස් වල මුල් වලට කාවදින ලෙස ආලේප කරගැනීම වැදගත් ය.
- හිසකෙස් වල ස්ථිතික විද්යුතයන් ඇති වීම වැළැක්වෙන ලෙස හිස කෙස් මුල සිට අග දක්වාම පැන්තෙනෝල් ආලේප කරගත හැකි අතර එමඟින් හිසකෙස් වඩාත් සුමුදු කෙරේ.
- ස්නානය කිරීමෙන් පසු ඔබේ හිස්කබල ශිත ජලයෙන් සෝදාගන්න.

මෙය පුරුද්දක් කරගැනීම ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙනු ඇත. ශීත ජලය මඟින් හිස්කබලේ සිදුරු වසා හොඳින් රුධිරය සංසරණය වීමට සලස්වයි. එමෙන්ම ඔබේ හිසකෙස් වලට හොඳ දිදුලන බවක් ද ඉන් ලබාදේ.
- සාමාන්‍ය පරිදි හිසකෙස් සෝදා ගන්න. කන්ඩිෂනර් හෝ වෙනත් හිසකෙස් සත්කාරයක් (මාස්ක්) සිදුකරගැනීමෙන් පසු ශීත ජලයෙන් හිස හොඳින් සෝදාගන්න.
- ඇපල් සයිඩර් විනාකිරි වලින් හිසකෙස් සෝදා හරින්න.

මසකට දෙවරක් මෙම සත්කාරය සිදුකිරීම ප්‍රමාණවත් වේවි. හිස්කබලේ රෝම කූප සක්‍රීය කිරිම ඇපල් සයිඩර් විනාකිරි වල ගුණය මඟින් සිදුකෙරේ. එමඟින් වඩාත් නිරෝගී සහා වැඩි හිසකෙස් ප්‍රමාණයක් වර්ධනය කරගැනීමට ඔබට හැකියාව ලැබේ.
- හිසකෙස් හොඳින් සෝදා පිරිසිදු කරගෙන කන්ඩිෂනර් වෙනුවට ඇපල් සයිඩර් විනාකිරි ආලේප කරගැනීම සිදුකරන්න.සෝදා පිරිසිදු කරගැනිම අනවශ්‍ය වේ. ඊට හේතුව ඒවා වෙනත් වයින් හෝ විනාකිරි වර්ග මෙන් සැර ගන්ධයකින් යුතු නොවන නිසයි.
- හිස්කබලට ප්‍රෝටීන් මාස්ක් එකක්

හිසකෙස් වලට ප්‍රමාණවත් ප්‍රෝටීන් පෝෂණයක් නොමැති නිසා ඇති වන ඌනතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් හානි වී නිරෝගි බව ඉවත් වි යයි. ඒ සඳහා මේ සරල ප්‍රෝටින් සත්කාරය ඔබට ප්‍රයෝජනවත් වේවි.
- කාමර උෂ්ණත්වයේ තැබූ බිත්තර 2 ක් ගන්න. ඒවයේ කහ මදය සහා සුදු මදය වෙන්කරගනිමින් සුදු මද පමණක් හොඳින් බීට් කරගන්න.
- ඉන්පසුව, ඒවා ඔබේ හිසකෙස් වල මුලට හොඳින් කාවදින ලෙස ආලේප කරගන්න.
- වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා එසේ ආලේප කරගත් පසු හිස පොලිතින් කවරයකින් හෝ බෑගයකින් හිස ආවරණය කරගනිමින් හිස උණුසුම් වන ලෙස තොප්පියක් ඊට උඩින් පලඳින්න.
- බිත්තර සහා cognac වයින් වලින් මාස්ක් එකක්

බිත්තර වල ප්‍රෝටීන් ඉතා බහුලව අඩංගු වන අතර ප්‍රංශ වයින් වර්ගයක් වන cognac වල ටැනින් නම් කහට හොඳින් අඩංගුව පවතියි. මේ පෝෂණයන් ද්විත්වයම හිසකෙස් වඩාත් ඝනව, පිරිපුන්ව සහා ඉක්මනින් වර්ධනය වීම සඳහා බොහෝ උපකාරී වේ.
- බිත්තර දෙකක් සහා cognac පුරවාගත් වීදුරුවක් මේ සඳහා අවශ්‍ය වේ. මේ අමුද්‍රව්‍ය එකට එක් කරගනිමින් ගෑරුප්පුවකින් හෝ මික්සර් එකක් භාවිතා කරමින් හොඳින් ගසාගන්න.
- දැන්, එම මිශ්‍රණය ඔබේ හිසකෙස් මුලට හොඳින් කාවදින සේ ආලේප කරගන්න. හිසකෙස් පුරාවටම මිශ්‍රණය ආලේප කරගැනීමට කැමති නම් එයට ඔලිව් තෙල් ස්වල්පයක්ද එක් කරගත හැකියි. ඔලිව් තෙල් වලින් ඔබේ හිසකෙස් වල මෘදු බව සහ කෙස්කලඹේ කීකරුකම ඇති කරවයි.
- Essential oil (සුවඳතෙල්) භාවිතා කිරීම

ජෝජෝබා,ආමන්ඩ්,ලැවෙන්ඩර්,රෝස්මරි සහා තයිම් වැනි ඉතා හිතකර ප්‍රයෝජන රැසක් ලබාදෙන තෙල් වර්ග භාවිතා කරමින් හිස කෙස් නීරෝගී කරවා ගත හැකියි. ඒවායේ විටමින් පෝෂක විශාල සංඛ්‍යාවක් සහා අනෙකුත් ඖෂධීය සංඝටක රැසක් බහුලව අන්තර්ගත වී තිබෙන නිසා හිස් කබලට නිසි පෝෂණය ලබාදෙමින් හිසකෙස් තැටි නිර්මාණය විම වේගවත් කර පිරිපුන් නීරෝගි කෙස් කලඹක් ඔබට ලබාදෙයි.
- මෙම තෙල් වර්ග එකට එක් කරගනිමින් හෝ ඒවා පොල් තෙල් වලට මිශ්‍ර කරගනිමින් හෝ මාස්ක් එකක් සකස් කරගන්න.
- දැන්, එම තෙල් මිශ්‍රණය හිසකෙස් මුල්වලට කාවදින ලෙස ආලේප කරගන්න.
- පැය 2-3 ක් පමණ එසේ තිබෙනට හරින්න.
- පසුව, තෙල් හොඳින් ඉවත්ව යන සේ සාමාන්‍ය ෂැම්පු දෙවරක් පමණ ගල්වමින් හිසකෙස් හොඳින් සෝදාගන්න. මේ සඳහා ක්ෂාරීය ගුණයෙන් යුතු ෂැම්පූ වර්ගයක් භාවිතා කිරිමෙන් හිසකෙස් ගැඹුරින් පිරිසිදු කරගැනිමට ඔබට හැකිවනු ඇත.මෙම හිසකෙස් සත්කාර ඔබට හොඳ ප්‍රතිඵල ලබාදෙන බව නිසැකය.