වැවෙන්නේ නැති ඕනෑම කොණ්ඩයක් ඉක්මණින් වවාගන්න ගිතෙල් මේ විදියට ආලේප කරන්න

health tips

නිරෝගීව ජීවත් වෙන්න වගේම සම නිරෝගී කරගන්නටත්, ආකර්ෂණීය කෙස් කළඹක් හිමි කර ගන්නටත් එකම එක අමුද්‍රව්‍යයකින් හැකියාව ලැබෙනවා නම් එය කොතරම් වටිනවාද. බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්නේ නැති නමුත්  පෝෂණීය බව අතින් ඉතාම ඉහළ ගිතෙල් විතයෙන් අපිට මේ කියන ප්‍රතිලාභ සියල්ලම ලබා ගන්නට හැකියාව තියෙනවා.

ගිතෙල් කියන්නේ ආයුර්වේදයේදී නැතිවම බැරි දෙයක්. ඒ වගේම ඉන්දියාවේ ප්‍රධාන රූපලාවන්‍ය  අමුද්‍රව්‍ය ලෙසත් ගිතෙල් සහ කහ භාවිතා වෙනවා. ගිතෙල්වල  විටමින් A, විටමින් E,  විටමින් D හා විටමින් K බහුලව අඩංගු වෙනවා. ගිතෙල්වල හමුවෙන්නේ අසංතෘප්ත මේදය හෙවත් හිතකර මේදය වන ඔමේගා 3 . ඒ වගේමයි ගිතෙල්වල ප්‍රතිඔක්සිකාරක බොහොමයක්ම අන්තර්ගත වෙනවා. එය ශක්තිජනක ආහාරයක්.

ඒ වගේමයි කිසිම භයක් නැතුව ඉවුම් පිහුම් කටයුතුවලටත් මේ ගිතෙල් භාවිතා කරන්නට හැකියාව තියෙනවා. එමගින් ආහාරවල ගුණය නැසීමක් හෝ විෂ වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ගැඹුරු තෙලේ බැදීමේදී ගිතෙල් ඉතා සුදුසු තෙල් වර්ගයක් වෙන්නේ එළවළු තෙල් හෝ වෙනත් ඇට වර්ගවලින් නිෂ්පාදිත තෙල්වලට වඩා අඩු විෂ රසායනික ප්‍රමාණයක් බැදීමේදී පිටවන නිසා. අහිතකර මේදය අඩු කිරීමේ ගුණයක් ද මේ ගිතෙල්වල අඩංගු වීම තවත් වාසියක්.

ඒත් කොතරම් ගුණදායක වුණත් ගිතෙල් දිනකට මේස හැන්දකට දෙකකට වඩා පරිභෝජනය කිරීම එතරම් හිතකර නැති බවත් මතක තියා ගන්න. 

ගිතෙල් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ

  • ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට උපකාර වෙනවා.
  • අන්ත්‍රවල ප්‍රදාහයන්  ඇතිවීම වළක්වනවා. 
  • මතක ශක්තිය වර්ධනය කරනවා.
  • පිරිමින්ගේ ශුක්‍රාණුවල ගුණාත්මක බව ඉහළ නංවනවා.
  • රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරනවා.
  • පිළිකා සෛල විනාශ කරනවා.
  • කොලෙස්ටරෝල් මට්ටම  අඩු කරනවා.
  • ශරීරයේ විෂහරණය කරනවා.
  • අස්ථි සහ  මාංශ පේශීන් ශක්තිමත් කරනවා.
  • දියවැඩියා රෝගීන්ට සහ ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
  • දේහය පෘෂ්ටිමත් කරනවා.
  • සමේ සහ දෙතොල්වල වියළි බව දුරුකර  තෙතමනය ආරක්ෂා කරනවා. 
  • ආමාශයේ ඇතිවන තුවාල සුවපත් කරනවා
  • ගිතෙල් සම්බාහනයෙන්  ඔස්ටියෝ ආතරයිටීස්, ආතතිය, නින්ද නොයාම, ආඝාතය ආදී තත්ත්වයන්ට සහනය සලසනවා.
  • ඇස්වල නිරෝගී බව ඇති කරනවා.

ඇස් වටා ගිතෙල් ආලේපයෙන්  ඇස්වල වියලි බව නැති කර ගන්නට උපකාරී වෙනවා. ඒ වගේම රාත්‍රී අන්ධතාවය නැති කරනවා.

 දිගු වේලාවක් පරිගණකය දෙස බලා සිටීම නිසා වෙහෙසට පත්වෙන ඇස්වලට සහනය ලබාදෙනවා. ඇස් වටා ඇති කළු පැහැය නැති කරනවා . ඇස් යට කළුවීම දුරු කර ගන්නටත් දිනපතාම රාත්‍රී  නින්දට පෙර ඇස් වටා ගිතෙල් ආලේප කිරීම කළ හැකියි.

සම පැහැපත් කර තරුණ බව ආරක්ෂා කරනවා.මේ සඳහා ගිතෙල් සහ කිරි එක සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන  කඩල පිටි සමඟ මිශ්‍රකර එය මුහුණේ ආලේප කර විනාඩි 20 ක් තබා ගන්න.  පසුව සීතල ජලයෙන් සෝදා හරින්න.

 සමේ අධික වියළි බව සහ කොරල සමක් ඇති අයෙකුට දිනපතාම ස්නානයට පෙර ගිතෙල් ආලේප  කර සම්බාහනය කර සෝදා හරින්නට පුළුවන්. මෙයින් හිරු එළියෙන් සමට වුණු අවපැහැවීමත්  අඩු කරනවා.

ඒ වගේම තොල්වල අඳුරු පැහැය නැතිකර ගන්නත් මේ ගිතෙල් ආලේප කරන්න පුළුවන්.

හිසකෙස් වර්ධනය වේගවත් කරනවා.හිස්කෙස්වලට හානි වෙන්නට මූලික හේතුවක් වෙන්නේ හිස් කබලේ වියළි බව. ගිතෙල් හිස් කබලේ ගැල්වීමෙන් පෝෂණයක් ලබා දෙන අතරේම ඒ වියළි බවත් නැති කරගන්නට හැකියාව ලැබෙනවා. ගිතෙල් හිසකෙස්වලට ඉතාම හොඳ කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා. ගිතෙල් සම්භාහනයෙන්  හිස්කබලෙහි රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙනවා. මෙය හිස කෙස් ඝනව දිගට වැඩීම උත්තේජනය කරන්නට උපකාරී වෙනවා. 

ගිතෙල් හිසකෙස් සදහා බාහිරින් ආලේප කිරීමෙන් හිසකෙස්වල ඇති මෙවැනි  ගැටලු බොහොමයක් දුරුකර නිරෝගී කෙස් කළඹක් ලබා ගන්නට උපකාරී වෙනවා.

මේ ගිතෙල් සත්කාරය ආකාර දෙකකට භාවිතයට ගන්න පුළුවන්.

  • එළඟි තෙල් හැන්දක් රත්කර මදක් දියවෙන්නට තබා ඇඟිලි තුඩුවලින් හිස් කබලේ සහ කොණ්ඩයේ  හොඳින් ආලේප කර සම්බාහනය කරන්න. පැය කිහිපයකට පසුව මෘදු ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න. හැකිනම් රැයක් පුරාවටම  ගිතෙල් ගල්වා ෂවර් කැප් එකක් මගින් ආවරණය කර පසුදා සෝදා හරින්නත් පුළුවන්.
  • ගිතෙල් මේස හැඳි දෙකකට ඔලිව් තෙල් හෝ තල තෙල් තේ හැන්දක් එකතු කර විනාඩි පහළොවක් පමණ හොඳින් රත් කර ගන්න. ඉනන්පසු මෙයට ඔබ කැමති සගන්ධ කාරක තෙල් වර්ගයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන හිස් කබලේ ගල්වා හොඳින් සම්බාහනය කර විනාඩි තිහක් පමණ shower cap එකකින් ආවරණය කර හිසකෙස්  හොඳින්  සෝදා හරින්න.

වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ ගිතෙල් මිලට ගන්නට හැකි වුණත් ඒවා නියම ගිතෙල් ද  නැත්නම් තත්ත්වයෙන් බාල ඒවාද යන්න හඳුනා ගැනීම වැදගත්.මොකද වෙනත් ද්‍රව්‍ය එකතු කළ ගිතෙල් ආහාරයට ගැනීමෙන් ඉහත සඳහන් කළ ප්‍රතිලාභ ලබා ගන්නට හැකියාවක් නැති නිසා. 

ගිතෙල් ස්වල්පයක් අත්ලේ තබා විනාඩි 2-3 ක් ඇතුළත හොඳින්ම දියවීම සහ ගිතෙල් ටිකක් පෑන් එකක දමා රත්කරද්දි එය දුඹුරු පැහැයක් ගැනීම කියන පරීක්ෂාවන් මගින් ඒවා  හොඳ තත්ත්වයේ ගිතෙල් ද යන්න ඔබට තහවුරු කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳ ප්‍රතිලාභ ගන්නට නම නියම ගිතෙල් භාවිතයට ගැනීමට මතක තබා ගන්න.