ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අපේ රටේ බොහෝකාලයක සිට පවතින වෙදකමක්. හෙළ වෙදකම වගේම ආයුර්වේද වෙදකමත් බොහෝ ලෙඩ රෝග සුවපත් කරන්නට මහඟු දායකත්වයක් ලබාදී තියෙනවා. ඒ විශ්වාසය නිසාම අද වෙද්දි බටහිර වෛද්‍ය ක්‍රමය කොතරම් ප්‍රචලිතව තිබුණත් ආයුර්වේද ඔසු ලබා ගන්නා පුද්ගලයන් ප්‍රමාණය ඉහළයි. ආයුර්වේද ඔසු මගින් අපේ දේහයට අතුරු ආබාධ ඇති වන්නේම නැති තරම්. ඉතින් අද කාන්තා පිරිමි, හැමෝටම මානසිකවම විශාල ගැටළුවක්ව තියෙන්නේ හිසකෙස් ගැලවී යාමටත් ආයුර්වේදයේ සාර්ථක ඔසු පවතිනවා.
අද තරුණ වයසේ පුද්ගලයන්ගේ පවා විවිධ හේතු නිසා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම දකින්නට තියෙනවා. මේ සඳහා නොයෙකුත් සත්කාර, කෘතීම නිෂ්පාදන භාවිතා කරන්නටත් ඔවුන් පෙළඹී සිටිනවා. නමුත් ඈත අතීතයේ කාන්තාවන්ට කිතුල් රෑනක් වගේ කොණ්ඩයක් හිමිව තිබුණේ අද අපි භාවිතා කරන කෘතීම, ෂැම්පු වර්ග තෙල් වර්ග භාවිතයෙන් නම් නෙවෙයි. ඒ හෙළ ඔසු භාවිතයෙන් සකසා ගත් තෙල් බෙහෙත්වලට පින් සිදු වන්නටයි. ඔබත් කොතරම් නිෂ්පාදන භාවිතා කළත් ඔබේ හිසකෙස් ගැලවී යාමට සාර්ථක විසඳුමක් තවමත් නොලද අයෙක් වන්නට පුළුවන්. අපි අද කතා කරන්නේ ඔබ පීඩා විදින ඒ ගැටළුවලට ආයුර්වේදයෙන් සාර්ථක පිළියමක් හඳුන්වා දෙන්නටයි.

මේ හෙළ ඔසු හිසකෙස්වල වර්ණය සහ දීප්තිය වැඩි කරන්නට, හිසකෙස් පෝෂණය කරන්නට, හිසකෙස්වල වර්ධන වේගය වැඩි කරන්නට හිසකෙස් ශක්තිමත් කරන්නට වගේම හානි වූ හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරන්නටත් විශාල මෙහෙවරක් ඉටු කරනවා. හිසට ගල්වන සෑම නිෂ්පාදනයකම ගුණාත්මක බව සහ හිතකර අහිතකර බලපෑම ගැන අපි අවබෝධයෙන් පසුවීම අනිවාර්යයි. මේ හෙළ ඔසු භාවිතයෙන් සකස් කරගන්නා විස්මිත ඔසුව එවැනි අහිතකර බලපෑම්වලින් තොර එකක් වීම නිසා කිසිදු බියක් නැතිව ඔබේ හිසකෙස් ගැලවී යාම නවතා ගන්නට භාවිතා කරන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු තල තෙල් දේහයේ ස්නායු ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්නට හා පෝෂණය ඇති කරන්නට ආයුර්වේදයේ භාවිතා වෙන ප්‍රබල ඔසුවක් තමයි මේ තල තෙල් .තල තෙල් භාවිතයෙන් හිසට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා දෙනවා. මේ තලතෙල් හිසකෙස්වල වර්ණය සුරක්ෂිත කරනවා. හිසකෙස් ශක්තිමත් කරනවා. ඒ නිසා හිසකෙස් සම්බන්ධ ගැටළු සියල්ලටම වගේ කදිම විසඳුමක් වෙන්නේ මේ තල තෙල් .
- දෙහි යුෂ විටමින් C බහුල දෙහි යුෂ අපේ හිසට ආරක්ෂාව සලසනවා. හිස් කබල හොඳින් පිරිසිදු කරනවා. කේශ මූලයේ ඇති අපවිත්‍ර දෑ හොඳින් ඉවත් කරන්නට දෙහිවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ වගේම හිසකෙස්වලට යම් රසායනික ශක්තියක් ඇති කරන්නටත් දෙහිවලට හැකියාව තිබෙන බවත් මතකයේ තබාගත යුතුම වෙනවා.
- වැල්මී කුඩු මේ ඖෂධය සෙමට, ශරීරයේ ශෝධන ක්‍රියාවලියට, මෘදු රේචනයට, විරේචනය කිරීමේ හැකියාවට සහ බඩගින්න වර්ධනය කළ හැකි අග්නිය පිරිසිදු කරන්නටත් සුදුසු ඉතාම වටිනා ඔසුවක්. ඒ වගේමයි හිසකෙස්වලට ඉතාම හිතකර ඖෂධයක් ද වෙනවා.
- කළු දුරු එදා පැරැන්නන් හිසේ ගල්වන ලද තෙල් සඳහා කලුදුරු එකතු කරන්නට අමතක කළේ නැහැ. බොහෝවෙලාවට තෙලට යොදන කල්කයට වගේම, තෙල් බහාලන භාජනයට කලුදුරු දමන්නට අමතක කළේ නැහැ. මේ කලුදුරු හිස් කබල ආශ්‍රිතව ඇතිවන දිලීර ආසාදන වළක්වා ගන්නටත් හිසකෙස්වල වර්ධනයටත් එය උපකාරී වෙනවා. හිස්සොරි ආදී පීඩාකාරී තත්ත්ව එයින් සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.
- බෙහෙත් නෙල්ලි ආයුර්වේදය ඇති වටිනාම ඖෂධය ලෙස සැලකෙන නෙල්ලි විටමින් C බහුල පලතුරක්. ලවණ රස හැර අනෙක් රස සියල්ලන්ගෙන්ම පරිපූර්ණ නෙල්ලි අපේ තරුණ බව ආරක්ෂා කර දෙන්නට සමත් වෙනවා. ඒ වගේම හිසකෙස්වල වර්ධනය සඳහා, හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා වගේම හිසකෙස් ගැලවී යාම වළකා ගන්නටත් නෙල්ලිවලට විශේෂ හැකියාවක් තියෙනවා.

ආලේපනය සාදා ගන්නා ආකාරය තල තෙල් අඩු කෝප්ප කාලක ප්‍රමාණයක් මැටි ඇතිලියකට දමා එයට කළුදුරු මේස හැන්දක පමණ ප්‍රමාණයක් එකතු කරන්න. එයට වැල් මී කුඩු මේස හැදි 2 ක් සහ දෙහි ගෙඩියක යුෂ එකතු කරන්න. එයටම තලා ගත් නෙල්ලි ගෙඩි 4 ක් එකතු කරන්න. ඉන්පසු මද ගින්නෙන් විනාඩි 20 ක් තබා ලිපෙන් ඉවත් කර හොඳින් නිවෙන්නට තබන්න.මේ ප්‍රමාණයන් සතියක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම මෙසේ සකස් කරගන්න ආලේපනය බෝතලයක දමා සතියක පමණ කාලයක් තබා ගන්නටත් හැකියාව තියෙනවා.
භාවිතා කරන ආකාරය මේ ආලේපනය ස්නානයට පෙර හොඳින් හිස්කෙස්වල ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හැරිය යුතුයි. ඒ වගේම මේ ආලේපය ඕනෑම පුද්ගලයෙකුට කිසිදු බියක් නැතිව භාවිතා කරන්නට පුළුවන්. හිසකෙස් ගැලවී යාම නවතාලීම වගේම හිසකෙස් හොඳින් පෝෂණය කරන්නටත් මේ ආලේපනයට අපූරු හැකියාවක් ඇති නිසා එය ඔබගේ හිසකෙස් සම්බන්ධ ගැටළු බොහොමයක් නිරාකරණය උදෙසා බෙහෙවින් වැදගත් වේවි.