හිසකෙස් ගැලවී යාම ඇතුළුව ඕනෑම හිසකෙස් ගැටළුවක් මාසයක් යන්න කලින් සුව කර හැකි ආහාර 8 ක්

health tips

නිරෝගී දිගු කෙස් කළඹක්  කියලා කියන්නේ කාන්තාවන්ට ආභරණයක්. ඒ වගේම බොහෝ කාන්තාවන්ගේ සිහිනයක්. ඉතින් මේ සඳහා විවිධ ෂැම්පු වර්ග, keratin ආලේපන හෙයා මාස්ක් වර්ග භාවිතා කරනවා වගේම ඔබ ගන්නා ආහාරපාන ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද අපේ හිස්කෙස් දුර්වල කරන්නට වගේම හිසකෙස් හොඳින් ශක්තිමත් කරන්නත් විශාල බලපෑමක් කරන්නට මේ ආහාරවලට හැකියාව තියෙනවා.

 ඔබේ හිසකෙස් දුර්වල නම් හිස්කෙස්  සම්බන්ධ ගැටලු බොහොමයකින්  පීඩා විඳිනවා නම් ඔබ ඔබේ ආහාර වේලට නිතරම මේ ආහාර වර්ග එකතු කර ගන්න . මොකද කොතරම් බාහිරින් කොණ්ඩෙට සත්කාර කරත් අපේ ශරීර අභ්‍යන්තරයෙන් ලැබෙන පෝෂණය අඩු නම් එය අපේ හිසකෙස්වලට සෘජුවම බලපානවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්නට කටයුතු කරන්න .

බිත්තර -ප්‍රෝටීනවලින් බහුල  බිත්තරවල් හිසකෙස්වල සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරන්නට උදව් වෙන විටමින් A  විටමින්, විටමින් D ,  විටමින් B12  ආදී පෝෂක අඩංගු වෙනවා. විශේෂයෙන්ම බිත්තරවල අඩංගු වන විටමින් ඩී  අපේ ශරීරයට ලැබෙන්නට නම් බිත්තර කහ මදයත් සමග ආහාරයට ගැනීම අත්‍යවශ්‍යයි.

 මේ විටමින් ඩී  උදාසීන බවට පත්වුණු කේශ කුහරයන් උත්තේජනය කරන්නට උදව් වෙනවා. ඒ වගේම බිත්තරවල අඩංගු වෙන සුවිශේෂී කැරොටිනොයිඩ වර්ග දෙකක් වන ලුටෙයින්  සහ සහ සිසැන්ටින් මගින් ඇස් සම වගේම හිසකෙස්වල සෞඛ්‍ය තත්වයත්  යහපත් කරනවා. මෙහි  අඩංගු වන ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතය සෙලිනියම් සහ සින්ක් ආදී පෝෂය පදාර්ථ අපේ හිසකෙස් ශක්තිමත් කරනවා. තුනී හිසකෙස් ඝනකම් කරනවා.

ආහාරයට බිත්තර එකතු කර  ගැනීම වගේම හිසකෙස්වල  සෘජුවම බිත්තර ආලේප කිරීමත් ඝන දිගු කෙස්  කළඹක් හිමි කර ගන්නට උදව් වෙනවා.

කෙසෙල්-ඕනෑම කාලයකදී  වෙළඳපොලෙන් මිලට ගන්නට හැකියාව තියෙන කෙසෙල්වල පොටෑසියම් සහ විටමින් k සැලකිය යුතු මට්ටමකින් අඩංගු වෙනවා. එමගින් අපේ හානි වුණු හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරනවා.. ඒ වගේම මේවායේ අඩංගු කැල්සියම් හිස්සොරි ඇති වීම පාලනය කර හිසකෙස් ගැලවී යාම නවතා දමනවා. දිනපතාම කෙසෙල් ආහාරයට ගැනීමෙන් ශක්තිමත් දිදුලන කෙස්. කලබක් ලබා ගන්නට ඔබට් පුළුවන් .

අලිගැට පේර– ස්වභාවික පලතුරු අතරින් අපේ ශරීරයට සුවිශාල ප්‍රතිලාභ රැසක් ලබාදෙන පලතුරක් තමයි අලිගැටපේර. විටමින් E සපිරි අලිගැටපේර ශක්තිමත් සහ නිරෝගී කෙස් කලබක් ලබා ගන්නට දිනපතාම ආහාරයට එකතු කරගත හැකි පලතුරක්. හිසකෙස්වල වියළීම වලක්වා දිගු කෙස් කලඹක් ලබාගන්න අලිගැට පේර උදව් වෙනවා. 

කුරුඳු-වඩාත් ප්‍රචලිත වඩාත් රසවත් කුළුබඩුවක් වන කුරුඳු සතු ඖෂධීය ගුණාංග අතරින් රුධිර සංසරණය  ක්‍රමානුකූලව සිද්ධ කරමින් මොළයේ සේලවල නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත්ව ලබා දෙන්නට කුරුඳු සමත් වෙනවා. එය අපේ හිස් කබලේ ඇති ගැටළු දුරු කරලා හිස් කබලට හොඳ රුධිර සැපයුමක් ලබාදීලා හිස්කබල ප්‍රාණවත් කරන්නටත් හිසකෙස්වල වර්ධන වේගය වැඩි කරන්නට දායක වෙනවා. 

ඇට වර්ග-බයෝටීන් කියන්නේ හිසකෙස් වර්ධනය සහ ශක්තිමත් වීම කෙරෙහි බලපාන බී කාණ්ඩයේ විටමිනයක්.  මෙය  අපේ හිසකෙස්වල වර්ධන වේගය වැඩිකරනවා .වෝල් නට්ස්, ආමන්ඩ් , කජු වගේ ඇට වර්ග මේ සඳහා වඩාත් ගුණදායකයි.  ඒවායෙහි අඩංගු සින්ක් සහ මේද අම්ල මගින්  ඝනකම් නිරෝගී කෙස් කළඹක් ලැබෙන අතර මේ පෝෂය පදාර්ථ නිසි ලෙස නොලැබීම හිස්කෙස් ගැලවී යාමට හේතුවක්.

නිවිති පහසුවෙන් සපයා ගන්නට හැකි යකඩ බහුල ආහාරයක් තමයි නිවිති.මේවායේ  අඩංගු වෙන විටමින් ඒ, විටමින් c, යකඩ, ෆෝලේට් ආදී විටමින් සහ ඛනිජ වර්ග හිසකෙස් ආරක්ෂා කරනවා. මේ සංඝටක ස්වාභාවික කන්ඩිශනර් එකක්  විදිහට ක්‍රියාකරන නිසා හිසකෙස්වල නිරෝගී බවත්  පෝෂණයත්  ආරක්ෂා කරනවා. 

බතල බතලවල අඩංගු වන බීටා කැරොටීන් හිසකෙස් වර්ධනය කරන්නටත් ශක්තිමත් කරන්නටත් දායක වෙනවා. ඒවායේ අඩංගු විටමින් A ප්‍රමාණය හිස්කෙස් සදහා අත්‍යවශ්‍යයි. නිතර බතල ආහාරයට ගැනීමෙන්  හිස කෙස්වල වර්ධනය වේගය වැඩි කරගන්නට වගේම හිසකෙස්වල ශක්තිමත් භාවයත්  වැඩි කරගන්න පුළුවන් .

ස්ට්‍රෝබෙරි විටමින් c වලින් පරිපූර්ණ ස්ට්‍රෝබෙරි  ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයේ යකඩ අවශෝෂණය වේගවත් වෙනවා .ශරීරයට අවශ්‍ය කරන යකඩ ප්‍රමාණය නිසි ලෙස නොලැබීම නිසා හිසකෙස් ගැලවී යන්නට පුළුවන්. ඉතින් ඒ නිසා යකඩ අඩංගු ආහාර වගේම යකඩ අවශෝෂණය කර කර ගැනීම පහසු කරන විටමින් c අඩංගු ආහාර අපේ ආහාර වේලට අනිවාර්යෙන්ම එකතු විය යුතුයි. මේ සඳහා පලතුරක් වූ විදියට අපිට ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්න පුළුවන්. එමගින් හිසකෙස් අග පැලීම ගැලවී යාම පාලනය වීමක්  සිද්ධ වෙනවා. 

වට්ටක්කා වට්ටක්කාවල හිසකෙස්වල වර්ධනයට සහ ශක්තිමත් බවට උදව් වෙන විටමින් ඒ, යකඩ සහ බීටා කැරොටින් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ හානි වුණු සෛල අලුත්වැඩියා කරන්නටත් අවශ්‍ය කරන පෝෂක වට්ටක්කාවල අඩංගු වෙනවා. ඒ නිසා හිසකෙස් වර්ධනයට වට්ටක්කා හොඳ ආහාරයක්.

  ඒ හැරුනහම කඩල, කව්පි, පරිප්පු, ආදී රනිල කුලයේ බෝග, චියා ඇට, හණ ඇට, මිදි, පේර, බාර්ලි, ඕට්ස්,  කැරට්,ඉස්සන් වගේ ආහාර පානත් මේ හිසකෙස්වල ගැටලු නිරාකරණය කරන්නට උදව් වෙන ආහාර ලැයිස්තුවට එකතු වෙනවා . ඉතින් ඒ නිසා කෘතීම ආහාර පාන ගන්නවට වඩා මේ වගේ ස්වභාවික එළවළු පලතුරු සහ ඇට වර්ග නිතර ආහාරයට එකතු කර ගැනීම හිසකෙස්වල සෞඛ්‍ය තත්ත්වය යහපත් කරගන්නට උදව් වෙනවා.