අද කාන්තාවන් බොහෝදෙනා පීඩා විදින ගැටලුවක් තමයි හිසකෙස් අග පැලීම කියන්නේ. දිගු වරලසක් කාන්තාවකට ආභරණයක් නේ. ඉතින් කාන්තාවකගේ සුන්දරත්වය තව තවත් වැඩි කරන මේ වරලස සම්බන්ධ ගැටළු අතරේ කාන්තාවන් බොහොමයක් නිතර මැසිවිලි නගන ගැටළුවක් තමයි හිසකෙස් පැලීම. එයින් අපේ කෙස් කළබේ සුන්දරත්වයට හානි වෙනවා. දීප්තිමත් බව අඩු වෙනවා. කොණ්ඩය වර්ධනය වීම අඩු වෙනවා. ඉතින් මේ ගැටළුව ඔබට මහත් කරදරයක් වන බව අපි දන්නවා. ඉතින් ඔන්න අපි අද ඔබ සමඟ කතා කරන්නේ මේ හිසකෙස් අග පැලීයාම පිළිබඳව.
හිසකෙස් අග පැලීමට බලපාන හේතු

- අධික තාපයට හිසකෙස් නිරාවරණය වීම තද හිරු රශ්මිය වගේම හෙයා ඩ්රයර්ස් හෙයාර් අයන්ස් ආදිය නිතර භාවිතා කිරීමත් නිසා කොණ්ඩයේ අග පැලීමක් සිදු වෙන්නට පුළුවන්.
- රසායනික භාවිතයෙන් කොණ්ඩය සකස් කිරීම (ක්ලර් කිරීම හෝ ස්ට්‍රේට් කිරීම, )
- ක්ලෝරීන් එකතු කරන ලද ජලය නිතර ස්නානය
- තෙල් සත්කාර නොකිරීම
- හිසකෙස් පීරීම සඳහා භාවිතා කරන පනාව ප්‍රමිතියෙන් තොරවීම
- හොඳ නින්දක් නොමැතිවීම
- ස්නානයෙන් පසුව හිසකෙස් වියළා ගැනීමට හිසකෙස් තදින් පිස දැමීම
- විටමින් වර්ග පාලනයකින් තොරව ලබා ගැනීම
- ආහාර රටාවේ දුර්වලතා
- රුධිර සංඝටකවල ඇති සංකූලතා
- ප්‍රමිතියෙන් අඩු ලෝෂන් වර්ග භාවිතය
- හිසකෙස් තදින් ගැට ගසා නින්දට යාම
- ගැට ගැසුණු හිසකෙස් තදින් පීරීම
- පෝෂණ ඌණතා
හිසකෙස් පැලීම වළක්වන සත්කාර
- තෙල් සත්කාරය මේ සඳහා පොල් තෙල්, ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් යන තෙල්වලින් එකක් හෝ තෙල් වර්ග කිහිපයක් එකට එකතු කර හෝ මේ තෙල් සත්කාරය සිදු කරන්නට පුළුවන්. මේ තෙල් හිස් කබලේ වගේම හිසකෙස් අගත් හොඳින් ආලේප කර පැය 4 ක් පමණ වේලාවක් සිට සෝදා හරින්න.
- බිත්තර කහ මද හා ඔලිව් තෙල් බිත්තර කහ මදයක් අරගෙන එයට ඔලිව් තෙල් මේස හැදි 3 ක් පමණ දමා මී පැණි මේස හැන්දක් ද එකතු කර මිශ්‍රකර හොඳින් හිස් කබලේ ආලේප කර මසාජ් කර ෂවර් කැප් එකකින් ආවරණය කරගෙන විනාඩි 40 ක් පමණ තබා බේබි ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා ඉවත් කර ගන්න.
- පැපොල් හා මුදවපු කිරි හොඳින් ඉදුණු ගස්ලබු කෑල්ලක් අරගෙන එය හොඳින් පොඩි කර ගන්න. එයට මුදවපු කිරි මේස හැදි 3 ක් පමණ එකතු කරන්න. පසුව එය හොඳින් මිශ්‍රකර හිසකෙස්වල ආලේප කර විනාඩි 30-40 ක් පමණ තබා සෝදා හරින්න.
- මී පැණි මී පැණි මේස හැදි 4 ක් පමණ ගෙන මද රස්නය ඇති ජලය කෝප්ප 4 කට එකතු කරන්න. සෝදා පිරිසිදු කරගත් කොණ්ඩය මත මෙය ගල්වන්න. නැවත කොණ්ඩය සෝදන්නට එපා.
- අලිගැට පේර ඉදුණු අලි ගැට පේර මද අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් පොඩි කරගෙන එයට බිත්තරයක් එකතු කරන්න. ඉන්පසු එයට ඔලිව් තෙල් මේස හැන්දක් හෝ දෙකක් ද එකතු කරන්න. ඉන්පසු හොඳින් මිශ්‍රකර මද වේලාවක් තබා හිසකෙස්වල ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තබා එය මද රස්නය සහිත උණු ජලයෙන් පමණක් සෝදා ඉවත් කරන්න.
- කෝමාරිකා කෝමාරිකා මද කිහිපයක් ගෙන එය හිස් කබලේ සිට හිසකෙස් අගිස්ස දක්වා හොඳින් ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.
හිසකෙස් අග පැලීම වළක්වා ගන්නට අනුගමනය කළ හැකි ක්‍රමවේද

- සෑම සති 5 ට 7 කට වරක් හිසකෙස් අග සුළු ප්‍රමාණයක් කපා ඉවත් කරන්න.
පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා ගන්න.හිසකෙස්වල අග පැලීම දුර්වර්ණ වීම ආදිය වළක්වා ගන්නට බයෝටීන් සහ ෆෝලික් අම්ලය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා බිත්තර, නිවිති, ධාන්‍ය , බතල, මාලු ආදී ආහාර නිතර ආහාරවේල සඳහා එකතු කර ගන්නට වග බලා ගන්න.
හිසකෙස් සඳහා තෝරා ගන්නා ෂැම්පු කන්ඩිෂනර් තෝරා ගැනීමේදී ස්වාභාවික නිෂ්පාදන තෝරා ගැනීමට නිරන්තරයෙන් උනන්දු වෙන්න.
හිසකෙස් වර්ණ ගැන්වීමෙන් වළකින්න.හිසකෙස් තද කරවන විලාසිතා විවිධ කොණ්ඩා කටු පෝනිටේල් ආදිය භාවිතයේදී සැලකිලිමත් වන්න.
හැකි සෑම විටම හිසකෙස් මද පවනේ වියළා ගන්න.ඉක්මනින් හිසකෙස් වියළා ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා හිසකෙස් වියළනය හිසට අඩියක් පමණ දුරින් තබා ගන්නට උත්සාහ කරන්න.
හිසකෙස් සේදීමට ඇල් ජලය හැකි සෑම විටම භාවිතා කරන්න.
ඉතින් හිසකෙස් සම්බන්ධව අපි අනුගමනය කරන වැරදි පුරුදු බොහෝසෙයින් අපේ හිසකෙස් දුර්වල කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමත් හිසකෙස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමත් කාන්තා ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තක්. එවිට ඔබටත් ඔබේ වරලස දීප්තිමත්ව නීරෝගීව තබා ගන්නට හැකියාව ලැබෙනවා.