වේදනාත්මක ක්‍රම වලට තිත තබා අත්වල රෝම පහසුවෙන් ඉවත් කළ හැකි ස්වාභාවික ක්‍රම කීපයක්

health tips

 මුහුණේ අත් පාවල සහ පිට  ආදී ස්ථානවල අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීම බොහෝ දෙනෙක්ට ගැටළුවක්. නමුත් අපේ සමේ ආරක්ෂණ කෘත්‍යන් සඳහා මේ රෝම ඉතා වැදගත්. නමුත් ගොඩක් අයට මේක වදයක්. ඉතින් මේ නිසා බොහෝ දෙනෙක් රෝම ඉවත් කරගන්න සැලුන් යනවා. එහිදී වැක්ස් කිරීම මගින් සම්පූර්ණයෙන්ම අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නට පුළුවන්. 

 නමුත් මෙය ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ඉතින් අපි අද කියන්න යන්නේ ස්වභාවික ක්‍රම භාවිතා කර අත්වල රෝම අඩු කර ගන්නට භාවිතා කරන්න පුළුවන් සාර්ථක පිළියම් කිහිපයක් ගැන. මේවා සෞඛ්‍යාරක්ෂිත සහ වේදනා ඇති නොවෙන ක්‍රම විදිහටත් නිවසේ දී කළ හැකි පහසු ක්‍රම විදිහටත්  ඔබටත් වැදගත් වේවි.

සීනි සහ ලෙමන්

බොහෝ දෙනෙක් දන්නවා සුගර් වැක්ස් එක ගැන. මේ වැක්ස් එක භාවිතා කළොත් නම් ඉතා හොඳින් රෝම ඉවත් කරගන්නට හැකියාව තියෙනවා. නමුත් මෙය වේදනාකාරී බව ඔබ දන්නවා. ඒ වේදනාව අඩු කරගන්නට වැක්ස් කරන්නට කලින් පවුඩර් ආලේප කරන්න පුළුවන්.

මේ වැක්ස් එක සඳහා අවශ්‍ය වෙන්නේ සීනි කෝප්පයක්, ලෙමන් යුෂ මේස හැඳි හතරක් සහ  වතුර මේස හැඳි 4ක්. 

මේ සියල්ලම භාජනයකට දාල ලිපේ තියලා උකු මිශ්‍රණයක් වන තුරු හැඳි ගාන්න. ඊට පස්සේ මෙය වෙනම භාජනයකට දාලා උණුසුම අඩුවුණාම ආලේප කරන්න හැකියාව තියෙනවා. මේ වැක්ස් එක රෝම වර්ධනය වෙන දිශාවට ආලේප කරලා විරුද්ධ දිශාවට ගැලවිය යුතුයි. 

කහ  සහ  පැපොල්

 මේ සත්කාරයත් හරිම පහසුවෙන් නිවෙසේදීම කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ සත්කාරය නිවැරදිව කිරීමෙන් ශරීරයේ අනවශ්‍ය රෝම නිසා ඇතිවන පීඩාව නැත්තටම නැති කරගන්නට පුළුවන්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ අමු පැපොල් තේ හැඳි දෙකක ප්‍රමාණයක් සහ කහ කුඩු තේ හැඳි බාගයක්.

Fresh papaya juice in a glass jar and cut in half ripe papaya fruit on old wooden table in tropical garden.Healthy drink,detox,diet or vegan food concept.Selective focus.

 අමු පැපොල් හොඳින් බ්ලෙන්ඩර් කරගෙන එයට කහ එකතු කරලා පේස්ට් එකක් විදිහට හදාගෙන ආලේප කරගන්න. විනාඩි පහළොවක් පමණ වේලෙන්නට කියලා සෝදා ඉවත් කරගන්න. මෙයි සතියකට වරක් කිරීමෙන් ඔබට මේ රෝම ඉවත් කර ගන්නට හැකියාව ලැබෙනවා. එහිදී සිදු වෙන්නේ රෝම තුනී බවට පත්වීමක්. ඒ නිසා මෙයින් ප්‍රතිඵල ලබා  ගන්නට නම් ඉවසීමෙන් මෙය භාවිතා කරන්න වෙනවා.

යෝගට් 

 යෝගට්වල අඩංගු වෙන ලැක්ටික් අම්ලය අපේ ශරීරයේ රෝම සිහින් වීම සඳහා බලපෑම් කරනවා. නමුත් මෙයින් ඔබට කෙටිකාලීනව ප්‍රතිඵල ගන්න නම් අපහසුයි. ඒ නිසා ඔබට මෙය දිගුකාලීනව භාවිතා කරන්නට සිද්ධ වෙනවා.  මෙහිදී යෝගට් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන හොඳින් අත්වල ආලේප කර ගන්න. මෙය විනාඩි විස්සක් පමණ තියෙන්නට හැරලා සෝදා හරින්න. මේ සත්කාරය  නිතරම කිරීමෙන් ඔබට අපේක්ෂිත ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

තිරිඟු පිටි

තිරිඟු පිටි මගින් රෝම සිහින් වීම සිදු වෙන නිසා ඒවා ඉවත් කරගන්නට පහසුවක් වෙනවා. තිරිඟු පිටි තේ හැන්දකට මුදවන ලද කිරි මේස හැදි දෙකක් එකතු කරලා පේස්ට් එකක් හදාගන්න. මේ පේස්ට් එක අත්වල ආලේප කරලා විනාඩි පහළොවක් විතර වේලෙන්නට හැරලා වතුරෙන් සෝදා හරින්න. විශේෂයෙන්ම මුදවපු කිරිවලින් සිදු වෙන්නේ අපේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන පාලනය කිරීමක්. 

පරිප්පු සහ අල 

අල සමග පරිප්පු මිශ්‍ර කර ගැනීමෙන් රෝම ඉවත් කරගන්නට ඉතාම හොඳ මිශ්‍රණයක් සාදා ගන්නට පුළුවන්. අලවල ස්වභාවිකව සම සුදු කිරීමේ හැකියාවකුත් අන්තර්ගත වෙන නිසා එය සමටත් ගුණදායකයි.

 අල ගෙඩියක්, පරිප්පු කෝප්ප එකක්, මීපැණි මේස හැඳි 1  ක්   සහ ලෙමන් යුෂ මේස හැඳි 4  මේ  සඳහා අවශ්‍ය වෙනවා.

 පරිප්පු ටික රැයක් වතුරේ පොඟවා ගෙන වතුර පෙරා ගෙන අඹරා ගන්න. අල ගෙඩිය පොතු ගලවා පොඩිකර යුෂ ලබාගෙන අඹරාගත් පරිප්පුවලට එකතු කරන්න. මෙයට මී පැණි සහ නැවුම් ලෙමන් යුෂ එකතු කර මිශ්‍රණය සාදා ගෙන අත්වල හොඳින් ආලේප කර විනාඩි තිහක් පමණ තබා ගන්න. පසුව සෝදා ඉවත් කරන්න. මෙය දවසක් හැර දවසක් සිදුකිරීම මගින් අනවශ්‍ය රෝම රෝම ඉවත් කරගන්න හැකියාව ලැබෙනවා. 

 සීනි සහ  ලෙමන්

 ලෙමන් යුෂ සීනි සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් සමෙහි මැරුණු සම ගැලවී ඉවත් වෙලා සම පැහැපත් කිරීම සිදු වෙනවා. ඒ වගේම මෙයින්  රෝමවල ඝනත්වයත්  අඩු කරනවා. 

සීනි මේස හැදි දෙකක්, වතුර මේක හැඳි දහයක්, ලෙමන් යුෂ මේස හැඳි 2  ක් අරගෙන සියල්ල හොඳින් මිශ්‍රකර කරගන්න. ඒ මිශ්‍රණය රෝම වැවී ඇති දිශාවට හොඳින් ආලේප කරලා විනාඩි විස්සක් තබා වතුරින් සෝදා හරින්නට   මෙය සතියට දෙතුන් වතාවක් සිදු කිරීම මගින් රෝම අඩු කරගන්නට පුළුවන්.

දැඩි වේදනාවකින් තොරව වැඩි මුදලක්  වැය කරන්නේ නැතුව මේ සත්කාරයන් මගින් ඔබේ සමට පෝෂණයක් ලබා  ගන්නා ගමන් අනවශ්‍ය රෝම පහසුවෙන් ඉවත් කර ගන්නට හැකියාව තියෙනවා