දවසට දෙපාරක් වයස 30ට වැඩි සෑම දෙනා විසින් සිදු කර යුතු ව්‍යායාම 10 ක්

health tips

වියපත් වන විට එහි බලපෑම් මුළින්ම සහ කැපීපෙනෙන ලෙස මතුවී පෙනෙන ස්ථාන තමයි අපේ අත්. මුහුණින් වයස කියන්න බැරි වුණත අත් දිහා බලා වයස කියන්න පුලුවන් කියලා කතාවක් තියෙනවානේ. ඔබ දන්නවා කාලය ගත වන විට අතේ පේශී ඝනත්වය  සහ නම්‍යශීලී බව ඊට අහිමිව යාමට පටන්ගන්නා බව.  මේ හේතුවෙන් අත් වල සම සිහින් වී ගොස් නහර ඉලිප්පී මතුවි පෙනීමට වගේම වියපත් පෙනුමක් ගන්නට පටන්ගන්නවා. එබැවින් ඔබේ අත් වල සුන්දර පෙනුම වගේම කඩිසර ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරගැනීමට  එහි රුධිර සංසරණය වීම වඩාත් හොඳ තත්වයෙන් පවත්වාගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ඔබේ දෑත් වල නීරෝගි බව ආරක්ෂා කරමින් තරුණ පෙනුම ‍රැකදෙන , ඔබට අනුගමනය කල හැකි සරල ව්‍යායාම කිහිපයක් තමයි මේ.

  1. ඇඟිලි එසවීම

අතේ චලන පරාසයන් සහ නම්‍යශිලී බව වැඩිදියුණු කරවන ව්‍යායාමයකි. මේසය මත අත අල්ල පහළට සිටින සේ අත තබා, දබර ඇඟිල්ලෙන් ආරම්භ කරමින් ඇඟිලි එකින් එක ඉහළට ඔසවන්න.  එකක් එසවී ඇති විට අනෙක් ඇඟිලි මේසය මත ස්පර්ෂ වී තිබිය යුතුය. ඇඟිලි වල සහ කණ්ඩරා (tendons) වල ඇදීමක් ඔබට දැනිය යුතුයි. මෙය වාර 8-12ක් පමණ නැවත සිදුකරන්න.

  1. මහපට ඇඟිල්ල නැවීම

දරදඬු ස්වභාවය අඩු කරමින් අත මුදු මොළොක් කරවයි. මහපට ඇඟිල්ල පිටතට සෘජු කරමින් අරඹන්න. අල්ල දෙසට සහ නැවත පි‍ටුපස දෙසට මහපට ඇඟිල්ල නවන්න. අත් දෙකටම මෙම ව්‍යායාමය කිහිපවරක්ම සිදුකරන්න.

  1. අත් වල වල කණ්ඩරා නැවීම

ඇඟිලි සෘජු කරමින් තබාගන්න. කොක්කක් ආකාරයෙන් නවා නැවත ඇඟිලි ආරම්භක ඉරියව්වට ගෙන යන්න. දෙවනුව සංධිය දෙසින් ඇඟිලි නවා නැවත ආරභක ඉරියව්වට යමින් ඇඟිලි සෘජු කරන්න.  මහපට ඇඟිල්ල පිටතට අවා අත්මිට මොළාඅගත් සේ ඇඟිලි නවා යළි පෙර පරිදි ආරම්භක ඉරියව්වට යන්න. ඇඟිලි සෘජුව පහළට නැවී ඇති පරිදි අත් මිට මොළවමින් ව්‍යායාමය අවසන් කරන්න. මෙය කිහිපවරක් සිදුකරන්න.

  1. ඇඟිලි නැවීම

ඇඟිලි ශක්තිමත් කරවමින් නම්‍යශිලි බව වැඩි කරවන ව්‍යායාමයකි.මහපට ඇඟිල්ල පිටතට සෘජු වි ඇති පරිදි සිරස්ව ඔබ ඉදිරියේ අත තබාගෙන තත්පර කිහිපයක් පුරාවට ඇඟිලි එකිනෙක සෙමින් පහළට නවන්න. එසේ එක ඇඟිල්ලක් නැවෙන විට අනෙක් ඇඟිලි සෘජුව තිබිය යුතුය. වෙදැඟිල්ල නැවීමට පෙර සුලැඟිල්ල තත්පර කිහිපයක් සෘජු කරගෙන සිටින්න. මෙම ව්‍යායාමය සෑම ඇඟිල්ලකටම නැවත වාර කිහිපයක් සිදුකරන්න.

  1. ඇඟිලි ඇදීම (ස්ට්‍රෙච් කිරීම)

අත ඔබ ඉදිරියෙන් තබා  සෙමින් වරකට එකක් බැගින් එක් එක් ඇඟිල්ල ඔබ දෙසට අදින්න.  ඇඟිලි වල සිට පහළ බාහුව තෙක් මෙම ඇදීම ඔබට දැනෙනු ඇත. අත් දෙකේම ඇඟිලි සඳහා මෙම ව්‍යායාමය සිදුකරන්න.

  1. මැණික්ක‍ටුවේ සිට ඇඟිල්ල දක්වා සම්බාහනය කිරීම

අත් වලට හොඳින් රුධිරය ප්‍රවාහය වීම පහසු කරවන ව්‍යායාමයකි. මහපට ඇඟිල්ලෙන් තදින් ඔබේ ඇත සම්බාහනය කරගන්න.  සුලැඟිල්ලේ මුදුනත දක්වා මහපට ඇඟිල්ල අල්ල දිගේ ගමන් කරවන්න. නැවත මැණික්ක‍ටුව දෙසින් අරඹා අල්ල දිගේ ඇඟිලි වල පහළ කොටස තෙක් මෘදුව සම්බාහනය කරන්න. නැවත මැණික්ක‍ටුවේ සිට ඇඟිලි දක්වා සම්බාහනය කරන්න. මේ ආකාරයෙන් අත් දෙකේම ඇඟිලි සම්බාහනය කිරීමට උත්සහ කරන්න.

  1. මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල අතර මැද කොටස සම්බාහනය කිරීම

අනෙක් අතේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල භාවිතා කරමින් එක් අතක මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතරමැද පිහිටි පේශි කොටස මෘදුව සම්බාහනය කරගන්න. අත් මාරු කිරීමට පෙර මිනිත්තු කිහිපයක් පුරාවට එසේ සම්බාහනය කරන්න.පසුව අනෙක් අතට ද එසේ සිදුකරන්න.  නැවත නැවත වාර කිහිපයක් සිදුකරන විට එහි අපහසුතාව මගහැරි යනු ඇත.

  1. අනෙක් ඇඟිලි මහපට ඇඟිල්ල සමඟ ස්පර්ෂ කරවීම

මෙය ඔබේ ඇඟිලි කඩිසරව සහ ශක්තිමත්ව ක්‍රියාකිරීමට උපකාර කරයි. අත් වල ඇඟිලි ඉහළට කරගෙන පහසු පරතරයකින් ඒවා ඈත් කර තබාගන්න. සුලැඟිල්ල මහපට ඇඟිල්ල සමඟ ස්පර්ෂ කරවන්න.සෙමින් එකිනෙක තද කරවන්න. නැවත අත ආරම්භක ඉරියව්වට ගෙන එන්න. වෙදැඟිල්ල සහ මහපට ඇඟිල්ල ස්පර්ෂ කර මදක් තෙරපන්න. මෙසේ එක් එක් ඇඟිල්ල මහපට ඇඟිල්ල සමඟ ස්පර්ෂ කර තද කරන්න. මෙය අනෙක් අතට ද එසේම සිදුකරන්න.

  1. මැණික්ක‍ටුව නැවීම

මැණික්ක‍ටුව හොඳින් ඇදෙන සේ ව්‍යායාම ලබාදෙමින් මාංශ පේශීන් ශක්තිමත් කරවයි.යටි බාහුව මේස දාරයක් මත තබා අතට යටින් යම් රෙදි කැබැල්ලක් හෝ තුවායක් ලිස්සා නොයන ආධාරකයක් සේ තබාගන්න. මහපට ඇඟිල්ල සෘජුව තබාගෙන ඔබේ මැණික්ක‍ටුව දෙසින් අත ඉහළට හා පහළට සෙමින්  නවන්න.  හැකි උපරිම දුරකින් සෑම දිශාවකටම අත නැවීමට උත්සහ කරන්න. මෙය වඩාත් මෘදුව සිදුකිරීමට සැලකිලිමත් වන්න. එක් අතකට වාර කිහිපයක් බැගින් අත් දෙකටම ව්‍යායාමය ලබාදෙන්න.

  1. අත්මිට මෙළවීම

මෙය ඔබේ අත් වලින් සිදුකල හැකි චලන පරාසය වැඩිකරවන ව්‍යායාමයකි. ඇඟිලි උඩින් මහපට ඇඟිල්ල නැවී තිබෙන සේ අත් දෙකම මිට මොළවා ගන්න. මිට මෙළවූ අත ලිහිල් කිරීමට පෙර මිනිත්තුවක් පමණ මේ ඉරියව්වෙන් සිටින්න. හැකිතාක් උපරිමයෙන් අත විවර කර ඇඟිලි පළල්ව විහිදුවන්න. එක් අතකට වාර 5 ක් බැගින් අත් දෙකටම ව්‍යායාමය ලබාදෙන්න.