පෙනහළුවල ඇති අහිත කර විෂ ද්‍රව්‍ය පැය 24 න් ඉවත් කර හැකි ක්‍රම 11 ක්

health tips

අපේ ජීවය රඳා පවතින්නේ ස්වසන පද්ධතිය මත බව ඔබ දන්නවා.අපේ ශරීරයේ සියලුම අවයව කරා ඔක්සිජන් ගෙනයන්නේ මේ ස්වසන පද්ධතිය මගින්. මේ ස්වසන පද්ධතියේ ප්‍රධාන අවයවය පෙනහළු. එනිසා ඔක්සිජන් පරිවහනය,  කාබන්ඩයොක්සයිඩ්  වාතය ලෙස පිට කිරීම ඇතුළු කාර්යයන් සඳහා පෙනහළු  පිරිසිදුව  තබා  ගැනීම හරිම වැදගත්. පරිසර දූෂණය වගේම ඇතැම් අයගේ දුම්පානය කිරීමේ පුරුද්ද නිසාත් පෙනහළුවල නිරෝගී බවට බලපෑම් ඇති වෙනවා. එනිසා  පෙනහළු පිරිසිදුව පවත්වා ගැනීම පෙනහළුවල ධාරිතාව පුළුල් කරන අතර පෙනහළු පිළිකා ඇතිවීමේ සම්භාවිතාවත් අඩුකරනවා.

ඉතින් අපි ගනු ලබන ආහාර අපේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරන්නට වගේම අයහපත් බලපෑම් ඇති කරන්නටත් බලපාන බව ඔබ දන්නවා. ඉතින් සිරුරේ අනෙක් අවයවවලට වගේම පෙනහළුවල නීරෝගී බවට වගේම ආරක්ෂාව සඳහාත් අපි ගන්නා ආහාර ඉතාම වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ පෙනහළු පිරිසිදුව නීරෝගීව තබා ගන්නට අපිට ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳව.

මිරිස් මිරිස්වල සැර රසය පෙනහළුවල ඇති ශ්ලේෂ්මල ඉවත් කරන්නට උදව් වෙනවා. එය පෙනහළුවල ඇති තාර සහ ශ්ලේෂ්මල ඉවත් කර පෙනහළු පිරිසිදු කරන්නට දායක වෙනවා.

කෑන් පෙපර් මේ මිරිස් වර්ගයට මිනිසාගේ පෙනහළුවල සෞඛ්‍ය තත්ත්වය යහපත් ආකාරයට වෙනස් කරන්නට අපූරු හැකියාවක් පවතිනවා.එයින් ශරීරයේ ශ්ලේෂ්මල පටල ආරක්ෂා කළ හැකි ශ්‍රාවයක් ද උත්තේජනය කරනු ලබනවා. ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් වායු හුවමාරු වෙන පෙනහළුවල ඇති ශ්ලේෂ්මල පටල රාශිය ආරක්ෂා කිරීම වගේම පෙනහළුවල ඇතිවන පිළිකා පැතිරීමේ වේගය අඩු කරනවා.

ළූණු ළූණු කියන්නේ ප්‍රදාහයන් අඩු කරන එළවලු ලෙස වගේම එළවලු රස ගන්වන ද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගන්නා දෙයක්.ළූණු රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරමින් හෘද පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවනවා. ඒ වගේම ශ්ලේෂ්මල  බිදිමින් පෙනහළුවල  ඇති විෂ ඉවත් කරන්නට  ළූණු උදව් වෙනවා.

සුදු ළූණු සුදු ළූණු සතුව ප්‍රදාහයන් ඇතිවීම වැළැක්වීමටත්, ආසාදනයන් ඇතිවීම වළක්වා ගන්නට අපූරු හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම අමු සුදු ළූණු ආහාරයට ගැනීමෙන් දුම්පානය කරන්නන්ට වැළදෙන පෙනහළු පිළිකා අනුපාතය 40% කින් අඩු වන බව සොයාගෙන තියෙනවා.

ඉඟුරු කුළු බඩුවක්, රසකාරකයක් ඔසුවක් විදියට අතිශයින්ම වැදගත් වන ලාංකීය අපි බහුලව භාවිතා කරන ඉඟුරු පෙනහළු ආශ්‍රිත ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියා කරන්නටත් සමත් වෙනවා .ලෙමන් එකතු කළ ඉඟුරු තේ පානය පෙනහළු පිරිසිදු කරන්නට සමත් වෙනවා.එයින් අපේ පෙනහළුවලට වාතය ගමන් කරන නාලවල මෘදු මාංශපේශීන් ස්වාභාවිකවම සැහැල්ලු කරනවා. එය හොඳින් හුස්ම ගැනීමට පහසුවක්.

මේදමය මාළු වර්ග මැකරල්, සාඩින්, සැමන් ආදී මේදමය මාළු  අපේ පෙනහළුවලට ඉතාම ගුණදායකයි. මේ මාළුවල අඩංගු වෙන ඔමේගා 3 මේද අම්ල පෙනහළු ඇතුළතින්ම පිරිසිදු කරනවා. ඒ අනුව පෙනහළු ආශ්‍රිතව ඇතිවෙන ප්‍රදාහයන් වළක්වා සමස්ත ස්වසන පද්ධතියේම ක්‍රියාකාරිත්වය යාමනය කරනවා. ඒ විතරක්ම නෙවෙයි මොළයට,හෘදයට , පියයුරුවලට  වගේම අස්ථි සෞඛ්‍යයටත්  මේ මේදමය මාළු ඉතාම හිතකරයි. 

හණ ඇට අපේ ආහාර ලැයිස්තුවේ සුලබව දකින්නට නැති ඇට වර්ගයක් වුණත් මේ හණ ඇට අපේ නිරෝගී බව වෙනුවෙන් විශාල වශයෙන් දායක වෙනවා. පෙනහළුවල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන ඉතා ඉහළ ගණයේ ආහාරයක් වෙන  හණ ඇටවල අපේ ස්වසන පද්ධතියට වැදගත් වෙන  ඔමේගා 3 මේද අම්ල හා  මැග්නීසියම්, ඛනිජ ලවණ  බහුලව අඩංගු වෙනවා. මැග්නීසියම් මගින් ශ්වාසනාලිකා බිත්ති ලිහිල් කිරීම සිදු කරනවා. එය බාධාවකින් තොරව වාතය පෙනහළු තුළට ගමන් කරන්නට උපකාරී වෙන  නිසා පෙනහළු නිරන්තරයෙන් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.

වෝල්නට් ඔමේගා 3 ඇතුළු බොහෝ පෝෂක අන්තර්ගත වෙන වෝල්නට් දිනකට අත්ල පිරෙන තරම් ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බොහෝ ලෙඩ රෝග බොහොමයකින්ම වැළකී ඉන්නට හැකි  බවයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ.  මේවායේ අඩංගු ඔමේගා 3 මේද අම්ල මගින් ඇතිකරන ප්‍රතිප්‍රදාහමය ගුණාංග මගින් පෙනහළු ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්ට විරුද්ධව ක්‍රියා කරමින් පෙනහළු මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගන්නවා. දවසකට වරක් වෝල්නට් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම 50% කින් අඩු කරගන්නට හැකි බවත් සොයාගෙන තියෙනවා.

ප්‍රතිඔක්සිකාරක බහුල එළවලු හා පලතුරු දොඩම්, බෙල් පෙපර්ස්, ජම්බෝල,  අලිගැට පේර, තද කොළ පැහැ කොළ වර්ග කැරට්, බ්‍රොකෝලි,මල් ගෝවා, ඇපල්, දෙළුම්,  බෙරි බහුලව ආහාරයට එකතු කර ගැනීම පෙනහළුවල නීරෝගිභාවයට හේතු වෙනවා. විශේෂයෙන්ම පෙනහළුවල ඇති විෂ ඉවත් කර පෙනහළු පිරිසිදු කරන්නට මේ ආහාරවලට විශේෂ හැකියාවක්  තියෙනවා.

ජලය පෙනහළු ඇතුළු සියලුම ප්‍රධාන අවයවයන්වල නිසි ක්‍රියාකාරිත්වයට සහ නීරෝගී බවට ඒවා සජලීයව තිබීමට ජලය අත්‍යවශ්‍ය වෙනවා.  එනිසා නිසිපරිදි දෛනිකව පිරිසිදු ජලය ලබාගැනීම හරිම වැදගත්.

කෝපි කෝපි හෘද රෝගීන්ට හිතකර නොවුණත් පෙනහළුවල නීරෝගී පැවැත්මට නම් කෝපි ඉතාමත් හිතකරයි. නමුත් අධික ලෙස කෝපි  පානයට ගැනීම එතරම් හිතකර නැහැ.

පෙනහළු රැකගන්නට මේ ආහාරපාන  ගැනීම වගේම පෙනහළුවල  ගැටළු ඇති කරන ආහාරවලින් වැළකීමත්, දුම්පානය අත්හැරීමත් වැදගත් .