පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු දේශීය ආහාරයක් ලෙස හත්මාළුව හඳුනාගත හැකිය. එනම් ධාන්‍ය වර්ග, එළවළු වර්ග ,මල් වර්ග, කරල් වර්ග හෝ ගෙඩි වර්ග යනාදී වශයෙන් හත් වර්ගයක් ගෙන හත්මාළුව සකස් කරනු ලබයි. බොහෝ විට මෙම හත්මාළුව සකස් කරනු ලබන්නේ අවුරුදු උදාවත් සමගය. ඊට අමතරව බුද්ධ පූජාව සදහා මෙන්ම ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ විට ද හත් මාළුව පිළියෙල කරනු ලැබේ. හත්මාළුවේ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. පොදුවේ ගත් විට
ප්‍රෝටීන්, විටමින්,මේදය, කාබෝහයිඩ්‍රේට්, පැණි රස, තිත්ත රස,ලුණු රස,තිත්ත රස ,කෂාය රස, හත් මාළුවේ අඩංගුවේ. හත්මාළුව සකස් කරන විට ධාන්‍ය වර්ග, එළවලු වර්ග ,අල වර්ග, මල් වර්ග ,ගෙඩි වර්ග භාවිතා කරන අතරම හත්මාළුව රසවත් කර ගැනීම සඳහා විවිධ කුලුබඩු වර්ග ද එකතු කරගනු ලැබේ. එනම් කුළුබඩු වර්ග එකතු කර ගැනීමෙන් හත්මාළුවේ රසය මෙන්ම ගුණයද තව තවත් වැඩි කර ගත හැකිය. එමෙන්ම විවිධ ප්‍රදේශවලට අනුව හත්මාළුව පිසීමේදී එක්කර ගන්නා ආහාර වර්ග එකිනෙකට වෙනස් වේ. සෑම ප්‍රදේශයකම පාහේ
- පරිප්පු,මෑකරල්,කැරට්, කතුරුමුරුංගා මල්,බතල ,කජු,කව්පි, කඩල,කන්කුන්, වට්ටක්කා දළු, මුකුණුවැන්න,
- අර්තාපල්,මඤ්ඤොක්කා අල,කිරිඅල, කොස් ඇට, තම්පලා, වට්ටක්කා, කෙසෙල් මුව, බෝංචි,අලු කෙසෙල්, කොහිල,
- ආදී එළවළු වර්ග,ධාන්‍ය වර්ග,පලා වර්ග,අල වර්ග එකතු කර ගන්නා අතර
- කරාබුනැටි ,රම්පෙ, කරපිංචා, කොත්තමල්ලි, පොල්කිරි මිරිස්කුඩු ,සූදුරු,කුරුදු,ළුණු, සුදුලූනු, සියඹලා , උළුහාල් ,ගම්මිරිස් ,තක්කාලි, රතුලූනු, මාදුරු වැනි කුළුබඩු වර්ග ද යොදා ගනී.
හත්මාළුව සඳහා යොදා ගන්නා ආහාර වල අඩංගු ඖෂධීය ගුණ විමසා බලන විට ඒවායෙහි මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. මේ නිසාම හත්මාළුව සකස් කර ආහාරයට ගන්නේ නම් එමගින් බොහෝ රෝග සමනය කරගත හැකිය.

බෝංචි යකඩ, ප්‍රෝටීන්, විටමින් බහුලව අඩංගු වන බාල මහළු සෑමදෙනාම වැඩි ප්‍රියතාවයක් දක්වන බෝංචි හත්මාළුවට එකතු කර ගැනීමෙන් එහි රසය ගුණය වැඩි කරගත හැකිය. විශේෂයෙන් ම රක්තහිනතාවය වැනි විටමින් උනතාවයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට බෝංචි ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
කැරට් විටමින් A,C,E,කැරොටීන් බහුලව අඩංගු වන එළවළුවක් ලෙස කැරට් හඳුනාගත හැකිය. කැරට් හත්මාළුව පිසීමේදී වැඩි වශයෙන් යොදා ගන්නා අතර එමගින් එහි රසය ගුණය වැඩි කරගත හැකිය. එමෙන්ම ඇස් පෙනීමේ දුර්වලතා පවතින පුද්ගලයින්ට, සමෙහි රෝග සමනය කිරීමට කැරටි වැඩි දායකත්වයක් සපයනු ලබයි.
වට්ටක්කා දළු ගුණයෙන් මෙන් ම රසයෙන් අනූන වට්ටක්කා දළු හත්මාළුව පිසීමේදී එක්කර ගැනීමෙන් එහි රසය මෙන්ම ගුණය ද වැඩි කරගත හැකිය. වට්ටක්කා දළු වල මිනිස් සිරුරට හිතකර පෝෂ පදාර්ථ රැසක් අඩංගු වේ. යකඩ, විටමින් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර වට්ටක්කා දලු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.
කොස් ඇට සෑම ප්‍රදේශයකම පාහේ හත්මාළුව පිසින විට කොස් ඇට එකතු කරගනු ලැබේ.විටමින්B , පිෂ්ඨය අඩංගු කොස් ඇට හත් මාළුව පිසීම සඳහා යොදා ගැනීමෙන් විටමින් ඌනතා සහ අනෙකුත් රෝග සමනය කර ගත හැකිවේ.
කජු උතුරුමැද පළාත්වල බොහෝ විට හත්මාළුව පිසින විට කජු එකතු කර ගැනීම අනිවාර්යය වේ. එනම් හත්මාළුව සකස් කිරීමේදී කජු යොදා ගැනීමෙන් එහි රසය තව තවත් වැඩි කරගත හැකි අතරම එමගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ද ලබාගත හැකිය. විටමින්, ප්‍රෝටීන්, මේදය කජුවල අඩංගුවන අතර හත්මාළුව සඳහා කජු එකතු කර ගැනීමෙන් එහි ගුණය තවත් වැඩි කර ගත හැකිය.

කෙසෙල්මුව යකඩවලින් පොහොසත් කෙසෙල් මුව හත්මාළුව සකස් කරන විට යොදා ගැනීමෙන් එහි පෝෂණීය ගුණය ඉහළ නංවාගත හැකිය.
බොහෝ විට රක්තහිනතාවය වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා කෙසෙල් මුව යනු ගුණදායක ආහාරයකි.
හත්මාළුව සකස් කරන විට එකතු කර ගන්නා කුළුබඩු වර්ග වලින් අත්කර ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.
කරපිංචා ආහාර පිසීමේදී කරපිංචා එක්කර ගැනීමෙන් එහි රසය මෙන්ම සුවඳ වැඩිකර ගත හැකිය ඊට අමතරව ආහාර රුචිය වැඩි දියුණු කර ගැනීමට. ආහාර ජීර්ණය පහසු කරගැනීමට මේදය දහනය කිරීමට , ශරීරය සිසිල් කිරීමට කරපිංචා උපකාරී වේ. මේ නිසාම හත් මාළු පිසීමේදී ද කරපිංචා එකතු කරගනු ලැබේ.
ඉඟුරු හත්මාළුව සකස් කරන විට ඉඟුරු කුළුබඩුවක් ලෙස භාවිතා කරනු ලැබේ. එනම් එමගින් ආහාර දිරවීම පහසු කිරීම හා මේදය දහනය කිරීම උදරාබාධ රෝග ඇතිවීම වැළැක්වීම ආදී සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකි වේ.
සුදුලූනු හත්මාළුව පිසීමේදී සුදුලූණු යොදා ගැනීමෙන් එහි රසය මෙන්ම ගුණය වැඩි කරගත හැකිය. එනම් ආහාර ජීර්ණය පහසු කරගැනීමට, උදරාබාධ ඇති වීම වළක්වා ගැනීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිත කිරීමට, අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් පාලනය කිරීමට ආදී සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හත්මාළුව පිසීමේදී සුදුලූනු එක්කර ගනු ලැබේ.
සූදුරු,මාදුරු සූදුරු මාදුරු යනු ආහාර පිසීමේදී එහි රසය ගුණය වැඩි කරන කුළුබඩු වර්ග දෙකකි. එමෙන්ම සූදුරු මාදුරු වල ඖෂධීය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වන අතර හත්මාළුව පිසීමේදී එකතු කර ගැනීමෙන් ජීර්ණය පහසු කරගැනීම ,මේදය දහනය කිරීම අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් පාලනය කිරීම, රක්තහිනතාවය සමනය කිරීම සිදු කරනු ලැබේ. උළුහාල් ,ගම්මිරිස් , කුරුඳු ආදී කුළුබඩු වර්ග එකතු කිරීමෙන් ද මෙම වාසී අත් කර ගත හැකිය.
මේ ආදී වූ බොහෝ ගුණ ඇති හත්මාළුව ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.