වයස 30 න් පසු දරුවෙක් හදන්න හිතන් ඉන්නවා නම් ඔබ දැනගත යුතු කරුණු 10 ක්

health tips

කාන්තා ඔබේ ජීවිතයේ වඩාත් සුන්දරම අත්දැකීමක් ලැබිය හැකි අවධියක් තමයි ගැබිනි සමය. ඉතින් මවක් වීමට සුදානම් වන කාන්තා ඔබ කුමන වයස් කාණ්ඩයකට අයත් වුණත් ඒ ඒ වයසට බලපෑ හැකි අවදානම් ගැන දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත් .කාන්තාවකට ගැබ් ගැනීමට සුදුසුම කාලය විමසා බලද්දී ගර්භනී සමයේ සංකූලතා අඩුම කාලය විදිහට සැලකෙන්නේ අවුරුදු 20-25 අතර කාලය. නමුත් සමාජයීය සහ ආර්ථික මට්ටම අනුව කාන්තාවක් ගැබිනියක් බවට පත් වෙන්නට වඩාත් සුදුසුම කාලය විමසා බැලුවොත් එයට සුදුසු වයස විදියට සැලකෙන්නේ වයස 30 ට ආසන්න කාලය. 

අද කාලේ බොහෝ කාන්තාවන් අවුරුදු 30 හෝ 30 න් පසුව  ගැබ් ගැනීමට සුදුසුම කාලය ලෙස  කල්පනා කරනවා. විශේෂයෙන්ම රැකියාවේ ස්ථාවර වීම, මූල්‍යමය ස්ථාවර වීම, මාතෘත්වයේ  අභියෝගවලට මුහුණදීමට පළපුරුද්ද හෝ බුද්ධිමත් බව තිබීම ස්වාධීනත්වය ආදී කරුණු කාරණා නිසා මේ වයසේදී ගැබ් ගැනීමට  වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් තිස්සේ වයස ගතවෙද්දි  ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු වෙන්න පටන් ගන්නවා. 

එහෙනම් ඔබත් වයස අවුරුදු 30 ගණන්වලදී ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහි වාසි අවාසි පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වේවි. 

වයස අවුරුදු 30න් පසු කාන්තාවක්ට ගැබ් ගැනීමේ අවස්ථා වයස අවුරුදු 30 හෝ 30 න් පසුව කාන්තාවකට සාර්ථකව ගැබ් ගැනීමේ සම්භාවිතාව 86%  ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම තමයි ගබ්සා වීමේ අවදානම 20% ක් පමණ ඉහළ අගයක තිබීමත්  යම් විදිහකට ගැටලුවක්. නමුත් අඹුසැමියන්ට මුල් අවධියේදී සරු බව  සඳහා ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් වෛද්‍යවරුන් සඳහන් කරන විදිහට මේ වයස් කාණ්ඩයේ කාන්තාවක් දරුවන් බිහි කරන්න සැලසුම් කරනවා නම් නාරිවේද විශේෂඥයෙකු  අනිවාර්යෙන්ම හමු වීම අත්‍යවශ්‍ය වෙනවා.

වයස අවුරුදු 30 ගණන්වල දී ගැබ් ගැනීමේ වාසි අවාසි

වාසි

මූල්‍යමය ස්ථායිතාවය -යහපත් පවුල් ජීවිතයකට මූල්‍යමය ස්ථායිතාවය හරිම වැදගත්. ඒ නිසා මේ මූල්‍යමය ස්ථාවරත්වය ගොඩනගා ගෙන දරුවෙකු පිළිබඳ සිතීම වර්තමානයේදී දැක ගන්න පුළුවන්. වයස අවුරුදු 30 වෙද්දි කාන්තාවන් බොහෝ දුරට සිය අධ්‍යාපන කටයුතු අවසන් කර උසස් රැකියාවන් ලබා සිටිය හැකියි.  මේ වයස වෙද්දී බොහෝ කාන්තාවන් රැකියාවේ ස්ථාවරවීමක් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් හොඳ තීරණය ගැනීමේ  හැකියාවකින් යුක්තයි. ඒ නිසා මේ මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබීම නිසා අනාගතයේදී  මුහුණ දෙන්නට වන ගැටළුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

පළපුරුද්ද-වයස අවුරුදු 20 ගණන්වලදී ඔබේ තත්ත්වය සහ වයස අවුරුදු 30 ට ආසන්න ගණන්වලදී ඔබේ තත්ත්වය සලකා බැලුවොත් ඔබගේ පළපුරුද්ද සහ අත්දැකීම් සියල්ලක්ම වෙනස් වෙලා ගිහින්. මුහුකුරා ගිහින්. ශක්තිමත්ව දරුවෙක් පෝෂණය කරන්නට රැකබලා ගන්නට හැකි දැනුමක් ඔබ සතුයි. ඒ  වගේම වැඩි අත්දැකීම් ප්‍රමාණයක් මේ වයස වෙද්දි ඔබ ලබා ඉන්නා නිසා  ඔබ ඥානවන්තයි. බුද්ධිමත්. එනිසා ඔබේ දරුවාට වැඩි සහයෝගයක් ලබා දෙන්න හැකියාව තියෙනවා.

සබඳතා ස්ථාවර වීම-වයස 30 ගණන්වලින්  පස්සේ  ගොඩක් කාන්තාවන් ස්ථාවර සෞඛ්‍ය සම්පන්න සම්බන්ධයක තමයි ජීවත් වෙන්නේ. තමන්ගේ ස්වාමිපුරුෂයා දැන හඳුනා ගැනීමට මුල් වසර කිහිපය තුළ ඇතිවන දුෂ්කරතා නොගැළපීම්  ගලපාගෙන යම් ස්ථාවර සම්බන්ධතාවයකට මේ කාලය වෙද්දී බොහෝ කාන්තාවන් පසුබිම සකසා ගන්නවා.  

තරුණ පෙනුම රැක ගැනීම -බහුතරයක්  කාන්තාවන් පිළිගන්නා කාරණයක් තමයි දරුවන් ලැබීම නිසා වයස්ගත වීම වේගවත් වෙන බව.  ඒ නිසා තමන්ගේ තරුණ බව රැක ගන්නත්, නිදහස් ජීවිතය කාලයක් පවත්වාගෙන යන්නටත් දරු ඵල පමා කිරීමෙන් අවස්ථාව ලැබෙනවා . 

අවාසි

මේ  සඳහන් කරපු වාසිදායක තත්වයන් හැරුනහම 30 ගණන්වලින් පසු දරුවෙක් පිළිසිද ගැනීමේදී  විවිධ දුෂ් දුෂ්කර අවස්ථාවලටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ වසයේදී ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන කාන්තා ඔබ ඒ ගැටළු මොනවද කියලා දැනුවත් වෙලා හිටියොත් ඒවා මැනවින් කළමනාකරණය කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. වයස 30 පසුව ඇතිවෙන පොදු ගර්භණී සංකූලතා කිහිපයක්ම තියෙනවා.

පිළිසිඳ ගැනීමට වැඩි කාලයක් ගතවීම– වයස 30 න් පසුව ඇතැම් කාන්තාවන්ට පිළිසිඳ ගැනීමේ දුෂ්කරතා මතු වෙන්න ඉඩකඩ තියෙනවා. එයට  ප්‍රධානම හේතුව තමයි කාන්තාර ශරීරය පරිණත වෙද්දි ඩිම්බ කෝෂ වඩාත් අස්ථිර වීම නිසා ඩිම්බ සංඛ්‍යාව සැලකිය යුතු ආකාරයට පහත වැටෙන නිසා මුදාහරින ඩිම්බවල ගුණාත්මකභාවය අඩු වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔබේ සරු බව  අඩුවෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා මේ ගැටලුවට පිළියම් කරන්නට ඔබට යම් කාලයක් ගත විය හැකියි .

ගර්භණී සංකූලතා වර්ධනය– මේ වයස් කාණ්ඩයේ දී ඔබ දරුවෙකු බලාපොරොත්තු වෙනවා නම් ගර්භණී සමයේ දී දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය කියන තත්වයන් ඇතිවෙන්නට වැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කිරීමත් ආහාර සැලසුමක් ඇතිව ගැනීමත්  ව්‍යායාම්වල නිරත වීමත්  ආදිය ගැන සැලකිලිමත් වීම වැදගත්.

සිසේරින් සැත්කම් මගින් දරුවා බිහි කිරීමට සිදුවීම -සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා සිසේරියන් සැත්කමක් හරහා දරුවා පිටතට ගන්නට සිද්ධ වෙන සංකූලතාවන් මේ වයසේදී ගැබ් ගැනීමේදී ඇතිවෙන්න වැඩි හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ගැබ් ගෙල නිසිලෙස විවර නොවීම, ළදරුවාගේ චලනයන් නිවැරදිව නොවීම, හැකිලීම  දරුවා පිටතට ගැනීමට තරම් බලවත් නොවීම කියන දරුවා බිහි කරන වෙලාවේදී ඇතිවන දුෂ්කරතා නිසා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරන්නට සිදු වෙනවා.

දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයේ ගැටළු ඇතිවීම-මේ වයස් කාණ්ඩයේ ගැබ් ගැනීමකදී දරුවාගේ සෞඛ්‍යයට වැඩි අවධානමක් එල්ල වෙන්නට හැකියාව තියෙනවා විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවකට ලැබෙන ළදරුවන් බොහෝවිට down syndrome, හෝ කොඳු ඇට පෙළේ දෝෂ වගේ ජානමය ගැටලු සහිතව උත්පත්තිය ලබන්න පුළුවන්. එනිසා නාරිවේද වෛද්‍යවරුන් විසින් දරුවා නිරෝගීව සිටින බව තහවුරු කරගැනීම සඳහා වූ පූර්ව ප්‍රසව පරීක්ෂණ පවත්වා ගැනීම වැදගත්. 

ඒත් හැරුනහම මව වයසෙන් වැඩෙත්ම මවට ඇතිවෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු, දියවැඩියාව, ස්ථුල බව, අධි රුධිර පීඩනය ආදී සෞඛ්‍යය ගැටළු බොහෝ වෙලාවට දරුවාගේ සෞඛ්‍යයටත්  බලපාන්න පුළුවන්. මේ තත්ත්වයන් නොමේරූ දරු ප්‍රසූතියකදී වැඩි අවදානමක් නිර්මාණය කරනවා. 

ගබ්සා වීමේ වැඩි අවදානමක්-වයස අවුරුදු තිස් ගණන්වල ගර්භනී කාන්තාවන්ගේ  දරු ප්‍රසූතියේදී අවදානම් ඇතිවීමේ හැකියාව වැඩියි. ඩිම්බවල ගුණාත්මකභාවයේ ගැටළු සහ ජීව විද්‍යාත්මක සීමා වගේ සාධක නිසා වයස 30 න් පසුව ගබ්සාවීම් ඇති වෙන්න පුළුවන් .

ප්‍රසූත කාලය වඩාත් දිගු වීම -මේ වයසේදී ගැබ් ගැනීම සම්බන්ධයෙන් වන  රසවත් දත්තයක් තියෙනවා. ඒ තමයි වයස අවුරුදු තිස් ගණන්වල ගැබ් ගන්නා මවුවරුන්ට නිවුන් සහ ත්‍රිත්ව  ගැබ් ගැනීමේ අවස්ථා වැඩි බව.  ඒ විතරක් නෙවෙයි බහු ගැනීමක් නිසා නොමේරූ දරු උපත් සිදුවීමේ අවදානම වැඩි බව මතක තබා ගැනීම වැදගත්.ඒ වගේම  වයස අවුරුදු තිස් තුනෙන් පසුව දරුවන් ප්‍රසූත කරන කාන්තාවන් හට දිගු කාලයක් ජීවත් වීමේ හැකියාව ඇති බවත්  අධ්‍යයනයකින් හෙළි කරගෙන තියෙනවා.