හිසකෙස් ආශ්‍රිතව ජිවත්වන කුඩා පරපෝෂී ජීවින් විශේෂයක් වන උකුණන් ඇතිවීමට ප්‍රධානම හේතු ලෙස අපිරිසිදුකම සහ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් නොවීම, ඒවගේම පනා, තුවා ආදී විවිධ භාණ්ඩ හවුලේ භාවිතා කිරීම ආදිය දැක්විය හැකියි.එක් ගැහැණු සතෙකු දිනකට බිත්තර 10 ක් පමණ දමනු ලබයි. එක් උකුණෙකුගේ ආයු කාලය දින 40 ක් පමණ වන බව සඳහන් වෙනවා. මේ කාලය අතරතුර එක් සතෙක් දමන බිත්තර ප්‍රමාණය 250 ඉක්මවයි. මොවුන් ඉතා ඉක්මනින් බෝවෙනවා. උකුණු බිත්තර සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ලේඩින් යනුවෙනි. කුඩා පැටවුන් කුඩු ඇල්මෝ යනුවෙන් හැඳින්වේ. උකුණන් නිසා හිස්කබලේ තුවාල පවා ඇතිවෙන්නට පුලුවන්. ඒ වගේම නිතර ඔලුව කැසීම, මුහුණට සහ ඇඳුම් වලට උකුණන් වැටීම වගේ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවීම ලොකු ගැටලුවක්.
කරදරකාරි උකුණන් මර්දනය කිරීමට බොහෝ රසායනික ක්‍රම තිබුණත් ඉන් බොහෝමයක් නිසා හිසට හානි වීම් සිදුවුණු බව ඇතැම් අය මැසිවිලි නගනවා. වඩාත් සෞඛ්‍යාරක්ෂිතව උකුණු වදයට විසඳුමක් දෙන්නටයි අද අප සූදානම් වෙන්නේ. මෙහි දැක්වෙන අත් බෙහෙත් ක්‍රම ඔබට නිවසේදීම උත්සහ කර බැලිය හැකි අතුරු ආබාධ රහිත ක්‍රමයි.මේවායින් ඔබට බොහෝ දුරට හොඳ ප්‍රතිඵල ලැබේවි!
- ඔලිව් තෙල්

ඔලිව් තෙල් වල ඝනකම් බව වැඩි නිසා වාතාශ්‍ර සිදුරු අවහිර වී උකුණන් විනාශවී යයි. රාත්‍රියේ ගල්වා ෂවර් කැප් එකක් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගෙන නින්දට යන්න. සතියකට වරක් මෙය සිදුකරන්න.
- මයෝනීස්

හිසමත ගල්වා ෂවර් කැප් එකින් හෝ පොලිතින් බෑගයකින් ආවරණය කර පැය 3-4 ක් පමණ තිබෙන්නට හරින්න. ෂැම්පු දමා හිසපිරිසිදු කරගෙන හිසකෙස් පීරා ලේඩින් ඉවත්කරන්න. පෙර සත්කාරයෙන් ඉතිරි වූ ලේඩින් විනාශ කිරීමට සතියකට පසු නැවත වරක් මෙය සිදුකරන්න.
- ‘ටී ට්‍රී ඔයිල්’

මිනිත්තු 30 ඇතුලත 1% ටී ට්‍රී ඔයිල් ද්‍රාවණයකින් උකුණන් 100% ක් ම මර්දනය කල හැකි බව සඳහන් වෙනවා. මේවා ගැල්වීමට පෙර අත පිටුපස බිංදුවල් ගල්වා ඔබ ඊට ආසාත්මිකතා දක්වන්නේ දැයි පරික්ෂා කරන්න. බිබිලි (රෑෂ්) හෝ කසන සුලු බවක් නොදැනෙන්නේ නම් හිස පීරන විට හිසමත මේ තෙල් ස්වල්පයක් ගල්වන්න. වැඩි ප්‍රතිඵල සඳහා ඊට ලැවෙන්ඩර් ඔයිල් ස්වල්පයක් එක්කරගන්න.
- ලුණු

ලුණු කෝප්ප 1/4 ක් සහ විනාකිරි කෝප්ප 1/4 ක් එකට දමා මිශ්‍ර කරන්න.ද්‍රාවණය ස්ප්‍රේ බෝතලයකට දමා හිසකෙස් තෙත් කරගන්න. ෂවර් කැප් එකක් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගෙන පැය 2 ක් පමණ සිටින්න. ඉන්පසුව හිස සෝදා කන්ඩිෂනර් යොදන්න. මෙම සත්කාරය සෑම දින 3 කට වරක් බැගින් සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ඔබට ලැබේවි.
- සුදුලූණු

සුදුලූණු බිකි 10-12 ක් පමණ ගෙන දෙහි යුෂ සමඟ මිශ්‍ර කරමින් පල්පයක් සේ සකසාගන්න. මිශ්‍රණය හිස්කබල මත ගල්වා මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව හොඳින් හිස පිරිසිදු කරගන්න. සතියක් පමණ යනතුරු මෙය සිදුකරන්න. උකුණන් හා ලේඩින් නැතිවී යයි.
- පෙට්‍රෝලියම් ජෙලි

රාත්‍රි නින්දට පෙර හිස්කබල මත පෙට්‍රෝලියම් ජෙලි සිහින් ස්තරයක් සේ ගල්වාගන්න. ෂවර් කැප් එකකින් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය ක්ලරගන්න. පසුදා උදෑසන බේබි ඔයිල් භාවිතා කරමින් පෙට්‍රෝලියම් ජෙලි ඉවත්කරගනිමින් හිස පීරා උකුණන් ඉවත්කරගන්න.දින කිහිපයක් ගත වන තුරු මේ සත්කාරය සිදුකරන්න.
- ඇපල් සයිඩර් විනාකිරි

ලේඩින් හිසට ඇලවී සිටින ගම් සහිත ස්වභාවය ඉවත්කරගැනිමට හිසකෙස් ඇපල් සයිඩර් විනාකිරි වලින් සෝදාගන්න. හිසකෙස් මත විනාකිරි වියළෙන්නට තබා උකුණන්ට වාතාශ්‍රය නොලැබෙන සේ හිස්කබල මත පොල්තෙල් ආලේප කරගන්න. ෂවර් කැප් එකකින් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගෙන පැය 8 ක් පමණ සිටිය යුතුයි. පසුව හිස ෂැම්පු දමා සෝදා පනාවකින් ලේඩින් ඉවත්කරගන්න.
- ‘බේබි ඔයිල්’

රාත්‍රියේදී හිසකෙස් වල හොඳින් බේබි ඔයිල් ගල්වන්න. කොට්ට වල නොතැවරෙන සේ හිස තුවායකින් හෝ ෂවර් කැප් එකකින් ආවරණය කරගන්න. පසුදා උදෑසන හිස ෂැම්පු කර සෝදාගන්න. බේබි ඔයිල් හිස මත පැය 8 ක් වත් තිබෙන්නට හැරිය යුතුයි. සතියකට පමණ පසු මෙය නැවත සිදුකරන්න.
- කොහොඹ කොළ

- කොහොඹ කොළ මිටක් වතුරට දමා තම්බාගන්න. වතුර කොළ පැහැයට හැරෙන තුරු තම්බාගත් පසු කොළ පෙරා වතුර සිසිල් වීමට තබන්න. හිස සාමාන්‍ය පරිදි ෂැම්පු හා කන්ඩිෂනර් කරගන්න. අවසානයේ කොහොඹ වතුරෙන් හිස සෝදාගන්න. මෙය වාර තුනක් පමණ සිදුකරන්න.
- කොහොඹ කොළ අඹරා මිශ්‍රණයක් සාදාගන්න. හිස්කබල මත ගල්වා මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය පරිදි හිස සෝදන්න. සතියකට වාර 3 ක් බැගින් සති 2 ක් පමණ මෙය සිදුකරන්න.
- කොහොඹ තෙල් බිංදු 6 ක් පොල් තෙල් මේස හැඳි 3 කට මිශ්‍ර කර හිස්කබල මත හොඳින් ගල්වා සම්බාහනය කරන්න. පැයක් පමණ ඒවා හිස මත තිබෙන්නට හැර සාමාන්‍ය පරිදි හිස ෂැම්පු දමා සෝදාගන්න. සතියකට වාර 2 ක් බැගින් මාසයක් පමණ මෙම සත්කරය සිදුකරන්න.
- ‘ලැවෙන්ඩර් ඔයිල්’

ලැවෙන්ඩර් ඔයිල් ස්වභාවික කෘමි විකර්ෂකයක් ලෙස ද හැඳින්වේ.
- පොල් තෙල්, ඔලිව් තෙල්, හෝ වෙනත් ස්වභාවික තෙල් වර්ගයකට මින් බිංදු කිහිපයක් මිශ්‍ර කර හිසගල්වන්න.
- ඔබේ ෂැම්පු එකට මින් බිංදු කිහිපයක් එකර්තු කර හිස සෝදාගන්න.
- ටී ට්‍රී ඔයිල් සමඟ මිශ්‍ර කර හිසේ ගල්වන්න. මෙම සත්කාරයෙන් දින 7-10 කට පමණ පසු යලිත් වරක් එම සත්කාර හිසට ලබාදෙන්න.