දිනකට ප්‍රමාණවත් තරමින් හොඳින් ජලය පානය කරන්න කියායි සෞඛ්‍යය උපදෙස් සහ නිර්දේශ වල සඳහන් වෙන්නේ. ඒ වුණත් නිකම්ම ජලය පානය කිරීම ඇතැම් අයට ප්‍රියජනක අත්දැකීමක් නොවෙන්න පුලුවන්. ඊට විසඳුමක් විධියට අපූරු ක්‍රමයක් ගැනයි අද අප ඔබට කියන්නට සූදානම් වෙන්නේ. මේ හරහා ඔබේ දෛනික ජල පරිභෝජනය වැඩිවීම වගේම රුචිකත්වයකින් යුතුව ජලය පානය කරන්නට ඔබට හැකිවෙයි.
මේ ක්‍රමය හඳුන්වන්නේ detox water එහෙමත් නැතිනම් විෂහරණ ජලය යන අරුතිනි. මේ ක්‍රමයේදී ජලය සමඟ විවිධ දෑ මුසු කර ඊට රසයක් එක්ක්කරගැනීම සිදුකරයි. ඒ වගේම එය සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කරමින් සිරුර පවිත්‍ර කිරීම, සිරුරේ මේද දහනය කරමින් බර අඩු කිරීම, සම නීරෝගි කිරීම, ශක්තිය සහ ප්‍රබෝධමත් බව වැඩිකිරීම ආදී නොයෙකුත් සෞඛ්‍යය ප්‍රතිලාභ සිරුරට ලබාදෙනවා. මේ ක්‍රමය සඳහා ඔබේ නිවසේ පහසුවෙන්ම සොයාගත හැකි අමුද්‍රව්‍ය කිහිපයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ එක් එක් ක්‍රමයට අදාල වට්ටෝරු ගැන අපි බලමු.
- අයඩින් නොමැති ලුණු එක්කල ජලය

මෙය ඔබේ බඩවැල් අභ්‍යන්තරය පවිත්‍රකරමින් නිදන්ගත මලබද්ධය තත්වයට ප්‍රතිකාර කරයි. සෝඩියම් රුධිරයට මුසුවී සිරුරේ ස්නායු, මාංශ පේශීන් සහ රුධිර පීඩන මට්ටමේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයන් නියාමනය වීමට දායකත්වය සපයනු ලබයි. මලබද්ධය ඇතුලු දුර්වල – අක්‍රමවත් බඩවැල් ක්‍රියාකාරීත්වයක් ඇති අයට මේ ක්‍රමය උත්සහ කල හැකියි.
වට්ටෝරුව:අයඩින් නොමැති මුහුදු ලුණු මේස හැඳි 2ක් උණුසුම් වතුර කෝප්ප 4කට කලවම් කරගන්න. එය රසවත් කරගැනීමට ලෙමන් හෝ දෙහි බිංදු කිහිපයක් එක්කරගන්න. මෙය හිස්බඩ පානය කරන්න.
- සුදුලූණු මුසු කල ජලය

සුදුලූණු පරිභෝජනයෙන් සිරුරට බොහෝ සෞඛ්‍යය ප්‍රතිලාභ හිමිවෙන බව නවීන විද්‍යාත්මක හෙලිදරවුකිරීම් වලින් සනාථ කර තිබෙනවා. රුධිර පීඩනය අඩුකිරීම, අසනීප තත්වයන් සුවකිරීම, කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරිම සහ සිරුරේ බැර ලෝහ ආදි විෂ ද්‍රව්‍ය ඉවත්කිරීම ආදි ගුණ දේ.
වට්ටෝරුව:සුදුලූණු බිකි 2ක් පෙති ලෙස කපාගන්න. මිනිත්තු 10ක් පමණ තිබෙන්නට හැර වතුර මිලිලීටර් 500 ක් එයට දමා කලවම් කරන්න. පැය 2ක් පමණ තිබෙන්නට හැර පානය කරන්න.
- ඇපල් සහ කුරුඳු මිශ්‍ර ජලය

ඇපල් සහ කුරුඳු යනු සිරුරේ බර අඩුකරගැනීමට මෙන්ම සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලීන් වැඩිදියුණු වීමට හොඳ දායකත්වයක් ලබාදෙයි. මේවා ජලයට මුසු කිරීමෙන් ඉතා ඉහළ මට්ටමේ ප්‍රති-ඔක්සිකාරක ගුණ ප්‍රමාණයක්, ඉහළ මට්ටමේ විටමින් B සහ C පදාර්ථ පෝෂණයක් සිරුරට ලබාගැනීමට හැකිවෙයි. කුරුඳු මඟින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ දියවැඩියා රෝගයට එරෙහිව සටන්කිරීම වැනි හිතකර සෞඛ්‍යය ප්‍රතිලාභ ඔබට ලබාදෙයි.
වට්ටෝරුව:ඇපල් ගෙඩි 2ක් පමණ පෙති කපාගන්න. කුරුඳු කූරු 2ක් වතුර ජොග්ගුවක් සූදානම් කරගන්න. සියල්ල ජොග්ගුවට දමා හොඳින් මිශ්‍ර කරන්න. පැයක් පමණ ශීතකරණයේ තබා රසයන් ජලය මුසු වීමට ඉඩ හරින්න.
- පිපිඤ්ඤා අයිස් කැට මුසු කල ජලය

පිපිඤ්ඤා වතුර නැවුම් සිසිල් බීම එකක් සේ ඔබට හොඳ ප්‍රබෝධයක් ලබාදෙයි. ස්වභාවික ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුල වන නිසා ඉතා ගුණදායි ය. විශාල පිපිඤ්ඤා ගෙඩියක වුවත් අඩංගු වන්නේ කැලරි 34 ක පමණ අගයකි.
වට්ටෝරුව:පිපිඤ්ඤා වලින් අයිස් කැට සාදාගන්න. නැතිනම් පෙති අධි ශීතකරණයේ මිදෙන තුරු තබන්න.වතුරට ඒවා එකතු කරගනිමින් වරින් වර පානයට ගන්න. රසය වැඩිකරගැනීමට ලෙමන්/දෙහි යුෂ බිංදු කිහිපයක් හෝ මින්ට් කොළ කිහිපයක් මුසු කරගන්න.
- ගම්මිරිස් මුසු කල ජලය

ගම්මිරිස් කුළුබඩුවක් මෙන්ම ඔසුවක් වන අතර සිරුරේ බර අඩුකිරීම මෙන්ම විෂ අපද්‍රව්‍ය හරණය කිරීම වැනි ගුණ ලබාදෙයි. සිරුර ප්‍රදාහයට ලක්වීම වැළැක්වීම, සිරුර අකලට වියපත් වීම වැළැක්වීම, සහ හෘද රෝග වර්ධනය වීම වැළැක්වීමට ගුණ දෙන ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුලව අඩංගු වේ. සිනි පරිවෘත්තියට ලක්කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම වැනි ප්‍රතිලාභ ද ලබාදෙයි.
වට්ටෝරුව:කුඩු කරගත් ගම්මිරිස් මේස හැඳි එකක්, ග්‍රේට් කරගත් ඉඟුරු මේස හැඳි 1ක්, මී පැණි මේස හැඳි 1, ලෙමන් ගෙඩි 1ක්, ජලය වීදුරු 2ක් සූදානම් කරගන්න. ගම්මිරිස් සහ ඉඟුරු එකට දමා කලවම් කර ඊට පැණි එක්කර මිශ්‍රණයක් සාදාගන්න. උණුවතුර වීදුරුවට දමා එයට මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක් වරින් වර මිශ්‍ර කරමින් වතුර පානය කරන්න. අවශ්‍ය නම් ලෙමන් හෝ දෙහි බිංදු කිහිපයක් දමා රසවත් කරගන්න. සිසිල් වන තුරු නොසිට ජලය උණුසුම්ව තිබෙන විටදීම පානය කිරීම වඩාත් උචිතයි.
- රෝස්මරි මුසුකල ජලය

රෝස්මරි ඉතා හොඳ ඖෂධීය පැළෑටියකි. ඒවා මඟින් ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, මතක ශක්තිය දියුණුවීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විම ආදි ප්‍රතිලාභ ලබාදෙන බව අධ්‍යයන වල සඳහන් වේ. ස්නායු වල නීරෝගිබව ආරක්ෂාවීමට ගුණ දේ.
වට්ටෝරුව:රෝස්මරි කැබලි වලට කඩාගන්න. ලෙමන් ගෙඩියක් පොතු ඉවත් කර පෙති කපන්න. ලෙමන් පෙති සහ රෝස්මරි වතුර ලීටරයකට පමණ දමා කලවම් කරගන්න. ශිතකරණයේ පැය 2ක් හෝ හැකිනම් රාත්‍රියක් පුරා තිබෙන්නට හැර පානයට ගන්න.