ඕනෑම ආහාරයක් රසවත් කරන්නට භාවිතා කළ හැකි අපි නිතරම භාවිතා කරන කුළුබඩුවක් තමයි සුදුළූණු කියලා කියන්නේ. රසකාරකයක් විතරක් නෙවෙයි මේ සුදු ළූණු කියන්නේ ගොඩක් වටිනා ඖෂධයක්. රසය ගැන විතරක් නෙවෙයි ගුණය ගැන කතා කළත් වර්ණනා කරන්නට බොහෝ කරුණු කාරණා මේ සුදුළූණු සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නට යන්නේ සුදු ළූණු ජලය පානය කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ගැන. ඒ වගේම විවිධ රෝග අවස්ථාවලදී වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට සුදු ළූණු භාවිතා කරන විවිධ ආකාර ගැනත් අපි මේ ලිපියෙන් කතා කරනවා.
සුදු ළූණුවලට ආවේණික ගන්ධයක් වගේම සැර ගතියක් තියෙනවා. මේ ගන්ධය නිසා ඇතැම් අය සුදු ළූණු ආහාරයට ගන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සුදු ළූණු මී පැණිවල දමා තිබීමෙන් මේ ගන්ධය නැති කරගන්නට පුළුවන්. ඒ ගන්ධයට හේතුවෙන්නේ ඇලිසින් කියන සල්ෆර් අඩංගු රසායනික සංයෝගය.
සුදු ළූණු අල පමණක් නෙවෙයි එහි කොළ, මල්, නටු ආදී සියල්ලම ඖෂධ පිණිස භාවිතා කරනු ලබනවා. සුදු ළූණු දිනපතාම ආහාරයට ගැනීමෙන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. ආයුර්වේදයට අනුව උෂ්ණ ගුණ, රළු ගුණ ඇති සුදු ළූණු පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් ඉතා අහිතකර ප්‍රතිඵල පවා අත්කර දෙනවා. කොහොමවුණත් ආයුර්වේදයට අනුව ලුණු රස හැර අනෙකුත් සියල්ලම මේ සුදු ළූණුවල අන්තර්ගත වන බව සඳහන්.
සුදුළූණු භාවිතයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
- හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා
- අධි රුධිර පීඩනය පාලනය කරනවා.
- පුරුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, පියයුරු පිළිකා, ආමාශයේ පිළිකා සහ පෙනහළු පිළිකා ආදී පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.
- උණ සහ සෙම් රෝග සඳහා ගුණදායකයි.
- ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා.
- දේහ බර අඩු කර ගන්නට උපකාරී වෙනවා.
- කොලෙස්ටරෝල් පාලනය කරනවා.
- ආතර්යිටීස් රෝගීන්ට ගුණදායකයි.
- රුධිර නාල පුළුල් කරනවා.
- රුධිරයේ ඇතිවන කුඩා රුධිර කැටි දියකර හරිනවා.
- දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම එක මට්ටමකට පවත්වාගෙන යන්නට උපකාරී වෙනවා . සුදු ලූණුවලින් අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය කිරීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා.
- තරුණ බව රැකදෙනවා .
- ආතතිය අඩු කරනවා.
- සුදු ළූණුවල අඩංගු ඇන්ටි ඔක්සයිඩ් සහ ඇන්ටි ඉන්ෆ්ලැමටි උපකාරීවීමෙන් අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කරනවා .
- පණුකැවිල්ල ආදී දිලීර රෝග නසනවා.
- ආහාර ජීර්ණයට උදව් කරනවා .
- මුඛය ආශ්‍රිත ආසාදනවලින් මිදෙන්න දායක වෙනවා .
- පටකවල ඉදිමුම් සඳහා ගුණදායකයි.
- ලිංගික බෙලහීනතාවය නැති කර ලිංගික ශක්තිය වඩවනවා. පිරිමි වඳභාවයට ප්‍රධාන හේතුවක් වන ශුක්‍රාණුවල තත්ත්වය වැඩි දියුණු කර වැඩිපුර ශුක්‍රාණු නිපදවා වඳභාවය දුරලනවා .
- ඇල්ෂයිමර් – ඩිමෙන්ෂියා වැනි මතකය අහිමි කරන රෝග වළක්වනවා.
- අක්මා රෝග නසනවා .
- මාංශපේශී හා අස්ථි වර්ධනයට ඉතා සුදුසුයි.
- උගුර වණවීම් සුව කරනවා .
- ඇස් පෙනීම වර්ධනය කරනවා.
- ශරීරයේ විෂ ඉවත් කරනවා.
- උදරයේ පිපීම හා වේදනාව අඩු කරනවා.
- කුරුලෑ සුව කර සම පැහැපත් කරනවා.
- පිළිකා සෛල වර්ධනය වන වේගය අඩු කරනවා.
- වකුගඩු නීරෝගී කරනවා.
- ව්‍යායාම්වල ඵලදායිතාවය වැඩි කරනවා.
බර අඩු කර ගැනීම සඳහා සුදු ළූණු
සුදු ළූණු ගෙඩි දෙකක්
කරාබු නැටි දෙක තුනක්
මේ පානය ගත යුත්තේ උදෑසන හිස්බඩ. මුලින්ම අමු සුදු ළූණු සහ කරාබු නැටි සෝදා පිරිසුදු කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන් පස්සේ වතුර වීදුරුවකට මේ පේස්ට් එක දාලා විනාඩි දහයක් පමණ වසා තබන්න. ඉන්පසු පානයට ගන්න.
මේදය දහනය අඩුකර ගැනීම සහ විෂහරණය සඳහා සුදු ළූණු
- උණුසුම් වතුර වීදුරුවක්
- ලෙමන් යුෂ
- සුදුළූණු
- කරාබු නැටි 1 ක්
උණුසුම් වතුර වීදුරුවකට මේ සඳහන් කරපු සුදුලූනු සහ කරාබු නැටි තළා එයට ලෙමන් යුෂ ස්වල්පයක් දමා හොඳින් කලවම් කර පානයට ගන්න. මේ පානයත් උදෑසන හිස්බඩ ගන්න පුළුවන් නම් ලැබෙන ප්‍රතිලාභ සුවිශේෂීයි.
දිගාසිරි ලබා දෙන හදවත ආබාධ දුර්ලන සුදු ළූණු මී පැණි සහ සුදු ලූණු සමග කරාබු නැටි දෙක තුනක් පොඩි කරලා මී පැණි සමඟ හොඳින් මිශ්‍ර කර ආහාරයට ගන්න.
ආහාර රුචිය වඩවන සුදු ළූණු සුදු ළූනු බික් කිහිපයක් තම්බා ඒ වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා බීමෙන් ආහාර රුචිය වැඩි කරගන්නට පුළුවන්.
හුස්ම ගැනීමේ අපහසුතාවය දුරු කරන සුදු ළූණු සුදු ළූනු බික් කිහිපයක් එළකිරි වීදුරුවක් සමඟ පෙරා උණුසුම්ව පානය කිරීම සුදුසුයි. නැත්නම් වියළි ඉඟුරු හා සුදු ළූනු තම්බා පානය කිරීම හුස්ම ගැනීමේ අපහසුතාවය මග හරවා ගන්නට උදව් වෙනවා.
ඉතින් මේ සුදු ළූණු කැබලිවලට කපා වතුර වීදුරුවකට දමා මදවේලාවක් තබා පානය කිරීම හෝ කපාගත් සුදු ළූණු කැබලි ජලය කෝප්ප තුනක් පමණ දමා තම්බා ගත් ජලයට මී පැණි ස්වල්පයක් එකතු කර පානය කිරීමත් ඔබට දවස ආරම්භය ප්‍රබෝධමත්ව පටන් ගන්නටත් නිරෝගී සුවබර දිවියක් ගත කරන්නත් අවස්ථාව උදා කරනවා.