හදවත අපේ ශරීරයට නැතුවම බැරි අංගයක් බව ඔබ දන්නවා. ඒ වගේම හදවතේ යම් ගැටළු නිසා ඇතිවන භයානක තත්ත්වයන් ගැනත් ඔබ අසා ඇතුවාට සැක නැහැ. හදවත් රෝග සම්බන්ධයෙන් අපි හැමෝම තුළ පුළුල් අවබෝධයක් තිබිය යුතු වෙනවා. මොකද ක්ශණිකව පුද්ගලයෙක් මරණයට පත් කරන්නට තරම් මේ හදවත් රෝග ප්‍රබල වෙනවා. හාර්ට් ඇටෑක් කියන්නේ ඔබට මට නුහුරු වචනයක් නෙවෙයි.පුද්ගලයන් බොහොමයක් දෙනා මියැදෙන භයානක රෝගයක් තමයි මේ හෘදයාබාධ කියන්නේ. ඒ නිසා අපි හැමෝම මේ හෘදයාබාධ ඇතිවීම ගැන දැනුවත්ව සිටිය යුතු වෙනවා. අපි කතා කරමු ඒ පිළිබඳව.
හෘදයේ ඇති කිරීටක ධමනියක් අවහිර වීම නිසා හෘදයට රුධිරය ගමන් නොකරන විට තමයි හෘදයාබාධයක් හට ගන්නේ. ඒ අනුව හෘදයාබාධයකට මූලික හේතුව වෙන්නේ කිරීටක ධමනි අවහිරවීම.
දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් කියන රෝග තත්ත්වයන් හේතුවෙන් නහරවල කොලෙස්ටරෝල් , කැල්සියම් හා සීනි ආදිය තැන්පත්වීම සිදු වෙනවා .ඒ නිසා ධමනිය සිහින්වීමෙන් ඒ තුළින් ගමන් කරන රුධිර ප්‍රමාණය ටිකෙන් ටික අඩුවීම සිදු වෙනවා . කාලයක් ගත වෙද්දි දවසක් එනවා රුධිරය අවශ්‍ය ප්‍රමාණයට ගමන් නොකරන. ඒ අවස්ථාවේදී විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා.

ඇවිදීම අපහසුවීම , පොඩි දුරක් ගමන් කළ විට තද මහන්සියක් දැනීම. ඒ වගේම පඩි දෙක තුනක්වත් නැග ගන්නට නොහැකි බව ආදී තත්ත්වය ඇති වෙනවා. මෙසේ හෘදයේ රුධිර සැපයුම් අඩුවීම නිසා ඇතිවන වේදනාව වෛද්‍ය විද්‍යාවේදී ඇන්ජයිනා ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය බොහෝ අය ගණන් නොගන්නා නිසා කාලයක් වෙද්දි සම්පූර්ණයෙන්ම රුධිර ගමනය අවහිර වෙනවා.මෙවැනි තත්ත්වයකදි රෝහලට ගෙන යද්දී රෝගීන් 100 කින් 60 ක්ම මරණයට පත් වෙනවා. ඒ නිසා මෙවැනි හදිසි හෘදයාබාධ අවස්ථාවකදී රෝගීයා රෝහල්ගත කරන තුරු ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත් වෙන්න.
- මුලින්ම රෝගියාව සන්සුන් කරන්න.
- රෝගියාව වාඩි කරන්න.
- කිසිවක් ආහාරයට ලබා දෙන්න එපා.
- රෝගියාට ඇවිදින්නට දෙන්න එපා.
- තෙල් වර්ග පපුවේ ගාන්න එපා.
- ඇදුම් ලිහිල් කරන්න.
- නිවසේ ඇස්ප්‍රීන් තිබේ නම් ග්‍රෑම් 75 පෙති 4 ක් නැත්නම් ඩිස්ප්‍රීන් ග්‍රෑම් 100 පෙති 3 ක් හපලා කෑමට ලබා දෙන්න.
- ළඟම ඇති රෝහලට ඉක්මනින් රෝගියාව රැගෙන යන්න.
- රෝගියා රෝහලට රැගෙන යාමේදී රෝගීයාව කිසිවිටෙක ඇවිද්දවන්නට එපා.වාහන පැදවීමට ඉඩ දෙන්න එපා.රෝහල් ගත කරන ලද රෝගීයාගේ ECG පරීක්ෂෂාවන් විනාඩි 10 න් 10 ට ලබා ගන්නට වෛද්‍යවරුන් කටයුතු කරනවා.
හෘදයාබාධයක් හඳුනා ගන්නේ කොහොමද
- පපුවේ මැදින් ඇරඹෙන වේදනාව සාමාන්‍යයෙන් හෘදයාබාධයකදී පපුවේ හරි මැද රිදෙන්නට පටන් ගන්නවා. නමුත් පපුවේ වේදනාව දෙවනි තැනට ලබාදී ශරීරයේ වෙනත් ස්ථානයක වේදනා දීලා හෘදයාබාද ඇතිවන අවස්ථා වුණත් පවතිනවා. කොන්ද, හකු, ගෙල, උදරය වගේ ස්ථානවලත් පිට පැත්තේ උරපතු අතරත් මේ වේදනාවන් හට පුළුවන්. ඇතැම්විට පපුවේ වේදනාව නොමැතිව වම් අතේ වැලමිටේ වේදනාවක් ලෙස පමණක් වුණත් ඇති වෙන්නට පුළුවන්. හදවතේ හදිසි අඩපණ වීමක් නිසා හිසට ගමන් කරන රුධිරය නැවත හදවතට ගලා ගෙන නොගොස් ශිරාවල සිරවෙන තත්ත්වයක් ඇතිවීම නිසා මෙවැනි වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එය සුළුවට ගත යුතු නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවෙයි.

- හුස්ම වැටීම වේගවත්වීම වේදනාව ක්‍රමයෙන් වැඩිවීම
- ඇඟ සීතල වීම
- ඔක්කාරය
- අධික මහන්සිය
- කරකැවිල්ල
මේ ලක්ෂණ ක්‍රමයෙන් වැඩිවෙමින් විනාඩි 10 කාලයක් පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත රෝගීයාව රැගෙන යා යුතු වෙනවා.
මේ රෝග ලක්ෂණ ගෑස්ට්රයිටීස් තත්ත්වයක් නිසාවෙන් වුණත් ඇති වෙන්නට ඉඩ තියෙන නිසා රෝග ලක්ෂණ ගැන එතරම් නොසලකා හැරීමෙන් රෝගියාව මරණයට පත් වෙන්නට වුණත් පුළුවන්. ඒ නිසා ගැස්ට්ර්යිටීස් නිසා පපුවේ වේදනාව සමඟ ඇතිවන රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත්වී සිටීමත් හරිම වැදගත්.
- පපුවේ වේදනාව සමඟ බඩේ කැක්කුම
- පපුව තුළ කුඩා විදුලි සැරයක් වදින සේ දැනීම
මේ තත්ත්වයට හේතු වෙන්නේ පපුවේ ඉල ඇට සමඟ සම්බන්ධ මාංශමය කොටසේ හටගත් තුවාලයක් ප්‍රදාහයක් ස්නායු තුවාලවීමක් වන්නට පුළුවන්.
- පපුව තුළ ඉදිකටුවලින් ඇනෙන සේ දැනීම මෙයට බොහෝවිට් පෙනහළුවල ආබධයක් හේතු වෙන්නට පුළුවන්.නමුත් මේ ලක්ෂණවලින් රෝගීයාට කිසිසේත්ම එය හෘදයාබාධයක් ද නැද්ද වෙනත් රෝගයක් නිසා ඇතිවූ දෙයක් කියලා කියන්නට බැහැ. ඒ සඳහා කළ යුත්තේ පමා නොවී රෝහල වෙත පැමිණීමයි. එවිට හෘදයාබාධයක් නම් අදාල ප්‍රතිකාර් ලබා ගෙන මරණයෙන් බේරෙන්නට පුළුවන්. වෙන රෝගයක් නම් එයටත් ප්‍රතිකාර ලබා ගෙන සුවපත් වෙන්නට පුළුවන්.
හෘදයාබාධයක් වැළදුණු රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමෙන් පසුව තෙල් සහ කැල්සියම් බහුල ආහාරවලින් වැළකෙන ලෙසට උපදෙස් ලබා දෙනවා. මොකද හදවතට ලේ ගෙන යන නාලවල මේ තෙල් සහ කැල්සියම් තැන්පත් වෙන්නට ඉඩ තියෙන නිසා. ඉතින් හෘදයාබාධයක් කියන්නේ වයස් භේදයක් නැතිව වයස අවුරුදු 16, 20 අයට වුණත් ඇති වෙන භයානක තත්ත්වයක්. ඒ නිසා පුන්චි වෙනස්කමක් වුණත් එය නොසලකා හරින්නට නම් එපා.