රාත්‍රී  නින්දට පෙර වතුර වීදුරුවක් පානය කරන්න ජලය පානය කිරීමේදී දැනගත යුතු දේවල් 7 ක්

health tips

අපේ ජීවිතය පවත්වා ගෙන යන්නට අත්‍යවශ්‍ය වන මූලික සාධක අතුරින් වැදගත්ම සාධකයක් තමයි ජලය. අපේ ශරීරයේ 3/2 ක් ම පවතින්නේ ජලය. ප්‍රමාණවත් තරම් ජලය ලබා නොගැනීම විවිධ සෞඛ්‍ය ගැටළුවලට හේතුවක් වන නිසාවෙන් දෛනිකව ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගන්නට අප සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් ජලය වුණත් අපි පානය කරද්දි  නොදැනුවත්කම නිසා විවිධ අහිතකර බලපෑම් අපේ ශරීරයට එල්ල වන්නට පුළුවන්. ඒ නිසාවෙන් ජලය පානය කරන විට අපි නොදැනුවත්වම සිදු කරන වැරදි කිහිපයක් ගැනයි අපි අද ඔබව දැනුවත් කරන්නේ.

  • ඉතා වේගයෙන් ජලය පානය කිරීම අධික රස්නය ඇති දවස්වල එළියට ගියාම හෝ අධික ලෙස වෙහෙස වෙන කටයුත්තක හෝ ව්‍යායාම් වල නිරත වුණාම දිව ගිලෙන්න තරම් පිපාසයක් අපිට ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි ඉතා වේගයෙන් ජලය පානය කරනවා. නමුත් පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට එය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. විශේෂයෙන්ම මෙය වකුගඩුවලට හානිදායක වෙනවා. ඒ වගේම එසේ වේගයෙන් ජලය පානය කිරීමෙන් පිපාසය නැති වෙනවා වෙනුවට නැවත පිපාසය ඇති වෙනවා. වඩාත් සුදුසු වන්නේ වරින් වර ජලය ස්වල්පය බැගින් සෙමින් පානය කිරීමයි.
  • ආහාර ලබාගත් විගස ජලය පානය කිරීම අපි හැමදෙනාම ආහාර ගත් විගස හොඳ වතුර වීදුරුවක් පානය කරන්නට පුරුදු වෙලා ඉන්නවා. නමුත් එය අපේ ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති වෙනවා.අපි ගන්නා ආහාර ජීර්ණය සඳහා ආහාර ජීර්ණ පද්ධතිය ආමාශයික යුෂ හා අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කරනවා.  ඒ සමඟ අධිකව ජලය පානය කිරීම සිදු කළොත් ඒ යුශවල  ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා.මේ නිසා ආහාර ජීර්ණයේ අපහසුතා, උදරයේ ආබාධ  හා අජීර්ණ තත්ත්වයන් ද ඇති වෙනවා. ඒ නිසා ආහාර ගැනීමට විනාඩි 40 කට පෙර හා ආහාර ගන්නා අතරේ සුළු ප්‍රමාණයක් හා ආහාර ගැනීමෙන් පැය 2 කින් පසුව ජලය පානය කිරීමයි වඩා  සුදුසු. 
  • දිනකට ජලය වීදුරු 8 ක් පානය කිරීම මේ අදහස සෑමවිටම සෑමදෙනාටම නිවැරදි වන්නේ නැහැ. ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට, ඔහුගේ හෝ ඇයගේ දෛනික ජීවන රටාව අනුව  වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයාගේ කායික ක්‍රියාශීලී බව, ආහාර රටාව,ජීවත් වන පරිසරය වයස, සෞඛ්‍ය තත්ත්වය ආදී සාධක  රාශියක්ම බලපානු ලබනවා. ඒ නිසා තමන්ගේ සිරුරට අවශ්‍ය  ජලය ප්‍රමාණය ලීටර්වලින් මේ සූත්‍රයට අනුවසොයා ගන්නට පුළුවන්. ඔබේ බරේ කිලෝ ග්‍රෑම් අගය 0.033 ගුණ කරන්න. එවිට ලැබෙන්නේ ඔබ දිනකට පාලනය කළ යුතු ජලය ලීටර් ප්‍රමාණයි.
  • සිසිල් කළ ජලය පානය කිරීම අද බොහෝදෙනෙක් සිසිල් කළ ජලය පානය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් එය අපේ ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර වෙන්නේ නැහැ.ආහාර ගැනීමෙන් පසුව සිසිල් ජලය පානය කරන විට සිරුරේ උෂ්ණත්වය  විශාල වශයෙන් පහළ යනවා. එය ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සඳහා ශරීර උෂ්ණත්වය ඉහළ නංවා  ගැනීමට ශරීරයට  අමතර ශක්තියක් වැය කරන්නට සිදු වෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලියට සහ පෝෂණ කොටස් ශරීරයට අවශෝෂණය  කර ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය ශක්තියෙන්  කොටසක් මේ සඳහා  වැය වන නිසා  ආහාර ජීර්ණ ක්‍රියාවලිය අක්‍රමවත් වීමක් ඇති වෙනවා.ඒ වගේම සිසිල් ජලය පානය කරන විට එහි ඇති අඩු උෂ්ණත්වය මගින් අපි ගන්නා ආහාරවල පවතින මේද කොටස්වල ඝනත්වය  වැඩි කිරීම හේතුවෙන්  අනවශ්‍ය මේද කොටස්  ශරීරයේ තැන්පත්වීම  වැඩි වෙනවා. සිසිල් ජලය පානයෙන් රුධිර නාල සංකෝචනය වීමක් ද සිදුවන අතර පර්යේෂණයන්ගෙන් සනාථ කරගෙන ඇති ආකාරයට  සිසිල් ජලය පානය නිසා  හෘද ස්පන්දන වේගය  පවා අඩුවන බව සොයා ගෙන තියෙනවා.
  • ඇවිදිමින් හෝ සිටගෙන ජලය පානය කිරීම විවිධ වැඩ කටයුතුවල නිරතව සිටින විට වගේම මගතොටේදී අපි වැඩිදෙනෙක් ඇවිදිමින් හෝ හිටගෙන ජලය පානය කරනු ලබනවා. මෙසේ ජලය පානය කිරීමේදී  අපගේ වකුගඩුවලට  ජලය පෙරීමේ  ක්‍රියාවලිය නිසියාකාරව සිදු කරන්නට නොහැකි වෙනවා. එය මුත්‍රා ආසාදන ඇති වෙන්නට හේතු වෙනවා. ඒ වගේම ස්නායුවල ආතතිය වැඩිවීම හේතුවෙන් ආහාර ජීර්ණ අක්‍රමිකතා  ඇතිවෙන්නට ඉඩ තියෙනවා.සන්ධි ආශ්‍රිතව තරල එක්රැස් වීමේ අවදානම ද  ඉහළයාමෙන්  ආතරයිටීස් තත්ත්වයන් වුණත් ඇති වෙන්නට පුළුවන්.
  • ජලය වැඩි ප්‍රමාණයක් එකවර පානය කිරීම නිතර නිතර ජලය පානය කරන්නට අපහසු නිසා එකවර වැඩි ජල ප්‍රමාණයක් පානය කරන්නට ඇතැම් පුද්ගලයන් පුරුදු වී ඉන්නවා. උදරය ආම්ලික ස්වභාවයෙන්  යුක්ත වන අතර ඛේඨය භාෂ්මිකභාවයෙන් යුක්ත වෙනවා. අපි ගන්නා ආහාරපාන ඛේටය සමඟ මිශ්‍ර වී ආමාශය වෙත  ගමන් කිරීමෙන් උදරයේ ඇති ආම්ලිකතාවය  ස්ථායිව පැවතීම සිදු වෙනවා. නමුත් එකවර වැඩි ජල ප්‍රමාණයක්  පානය කිරීමේදී  ඛේටය මිශ්‍ර වෙන්නේ ඉතා  අඩුවෙන් නිසා  උදරයේ ආම්ලිකතාවය ඉහළ යනවා. ආහාර ජීර්ණය අක්‍රමික වීම බඩ පිපුම ආදී තත්වයන් ද ඇතිවෙන්නට පුළුවන්.
  • රාත්‍රී  නින්දට පෙර ජලය පානය නොකිරීම රාත්‍රී කාලයෙ දී වරින් වර මුත්‍ර කිරීමට ඇතිවන අවශ්‍යතාවය නිසා බොහෝදෙනෙක් රාත්‍රියේදී ජලය පානය කිරීමෙන් වැළකෙනවා. නමුත් පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇති ආකාරයට රාත්‍රි නින්දට පෙර ජලය වීදුරුවක් පානය කිරීම හෘදයාබාධවලින් ආරක්ෂා කරවන බවයි.මේ  නිසා නින්දට යාමට පෙර ජලය වීදුරුවක් පානය කිරීම වැදගත්.

අපිට නැතිවම බැරි ජලය අපි වැරදි ලෙස පානය කරන අවස්ථා ඕනෑ තරම්.ඉතින් මේ කරුණු ගැන සැලකිලිමත් වෙමින් ජල අවශ්‍යතාවයක් ඇතිවිට සන්සුන්ව හිදිමින් හිදගෙන ජලය පානය කිරීම ඉතා වැදගත්.. ඒ වගේම බලෙන් ජලය පානය කිරීමත් අපේ ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර වෙන්නේ නැති බවත් මතකයේ තබා ගන්න.