හෘද රෝග සුව කරන රතුළූණු

health tips

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනූව කේත පලාණ්ඩු නමින් හදුන්වන රතු ලූණූ රස ගුණ පිරි ඖෂධීය ආහාරයක් වේ. මිනිසාට හටගන්නා බෝහෝමයක් ව්‍යාධීන් රැසකට සුවය ගෙනෙන රතු ලූණු වල බෝහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ.

  • ශක්තිය 
  • ප්‍රෝටීන 
  • කැල්සියම් 
  • යකඩ 
  • කාබෝහයිඩ්‍රේට් 
  • විටමින් A
  • විටමින් C 
  • විටමින් B
  • මේදය 
  • විටමින් 
  • මැග්නීසියම් 
  • සෝඩියම් 
  • තයමින් 
  • නියසීන් 
  • රය්බොෆ්ලේවින්
  • සින්ක්
  • ඛනිජ 
  • සෙලනියම්

යනාදී ලෙස බෝහෝමයක් පෝෂ්‍ය සංඝටක අන්තර්ගත වේ. රතු ලූණුවල භූගතව වැවෙන බල්බ කොටස සහ පත්‍ර ආහාරයට ගනු ලබයි. රතු ලූණු අමුවෙන් ආහාරයට ගැනීම මගින් එහි පෝෂ්‍ය පදාර්ථ 82%ක් පමණ ශරීරයට ලබා ගත හැකි නමුත් රතු ලූණු පිස ආහාරයට ගැනීමෙන් එහි පෝෂ්‍ය පදාර්ථ බෝහෝමයක් විනාශ වේ. එනිසා රතු ලූණු අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.

රතු ලූණුවල ඖෂධීය ගුණ රතු ලූණු බෝහෝමයක් දෙන ආහාරයට එක් කර ගන්නා ඖෂධීය ගුණයන්ගෙන් අනූන ලූණු වර්ගයක් වේ. රතු ලූණු ආහාරයට ගැනීමෙන් සුවපත් කර ගත හැකි රෝග රැසක් ඇත. 

අක්මා රෝග සදහා.රතු ලූණු අක්මා රෝග සදහා ඉතාමත් ගුණදායක ඔසුවක් වේ.එමගින් ශරීරයේ විෂ බැහැර කළ හැකිය. එමෙන්ම රතු ලූණුවල අන්තර්ගත සැපොනින් නම් සංඝටකය අක්මා රෝග ඇතිවීම වැළැක්වීම සදහා ද උපකාරී වේ. 

හෘද රෝග සදහා.රතු ලූණු රුධිරය කැටි ගැසීම වළක්වන රුධිරය තූනී කරනු ලබයි. එමගින් හෘද රෝග ඇතිවීමේ අවදානම ද වළක්වා ගත හැකිය. 

සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි.රතු ලූණුවල අන්තර්ගත විටමින් C හා මැංගනීස් යනාදී පෝෂ්‍ය පදාර්ථ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ලෙඩ රෝග ඇති වීම වළක්වා ගත හැකිය. 

පිළිකා සදහා.රතු ලූණු ආහාරයට ගැනීම පිළිකා හට ගැනීම වැළැක්වීම සදහා ද උපකාරී වේ. රතු ලූණුවල අන්තර්ගත allinenin නම් ද්‍රව්‍ය නිසා පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම රතුලූණූ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය  පිළිකා ඇති කරන සංඝටක විනාශ කර පිළිකා ඇතිවීම ද වලක්වනු ලබයි. 

සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස සදහා.සෙම්ප්‍රතිශ්‍යාව සහ පීනස රෝගීන් සදහා ඉතා ගුණදායක ඔසුවක් ලෙස රතු ලූණු හදුනා ගත හැකිය. එමෙන්ම සොටු දියර නාසයෙන් ගලා කිවිසුම් යන පීනිස රෝගී තත්වය සදහා රතු ලූණු ඉතා වටිනා ඖෂධයක් වේ.ඇදුම රෝගය සදහා ද ‍රතු ලූණු ඉතා ගුණදායක ඔසුවක් වන අතර ශ්වසන හා ප්‍රදාහ තත්වයන් වලදී ඉතා ප්‍රයෝජනවත් ඖෂධයක් වේ. 

වෛරස් උණ සදහා.වෛරස් උණ සුවපත් කරන ඉතා වටිනා ඖෂධයක් ලෙස රතු ලූණු හදුනා ගත හැකිය. රතු ලූණු ස්වල්පයක් කපා වතුර බදුනකට දමා නිදන ස්ථානයේ තැබීමෙන් වෛරස් උණ ඉක්මනින් සුවපත් කර ගත හැකිය. මෙම ප්‍රතිකාරයෙන් වාතයේ ඇති විෂ බීජ රතු ලූණු වලට උරා ගැනීම සිදු වේ. 

වෛරස් ආසාදන සදහා.වෛරස් ආසාදන සදහා රතු ලූණූ සහ මී පැණි ඉතා ගුණදායක ඔසුවක් වේ. 

Closeup of young man touching temples with fingers as if suffering from severe migraine, feeling sick, isolated on gray background

හිසරදය සදහා.හිසරදය ඇති වූ විට කපා ගත් රතුලූණූ හෝ රතු ලූණු යුෂ නලලේ ආලේප කීරීමෙන් හිසරදය ඉක්මනින් සමනය කර ගත හැකිය. 

උගුර බැරැන්ඩි වීම සදහා.කටහඬ වෙනස් වී උගුර බැරැන්ඩි වීම සදහා රතු ලූණු යුෂ මී පැණි සමග පානය කිරීම ඉතා ගුණදායක වේ. 

දත් කැක්කුම සදහා.රතු ලූණු සපා කෑම මගින් දත් කැක්කුම සුවපත් කර ගත හැකිය. එමගින් දත් කැක්කුම සදහා ඉක්මනින් සහනයක් ලැබේ. 

හිසකෙස් සදහා රතු ලූණුවල ඖෂධීය ගුණය හිසකෙස් පැසීම ,වැටීම නවතා දමයි. හිසට ගල්වන තෙල් වර්ග බෝහෝමයක රතු ලූණුවල අන්තර්ගත වේ. පොල්තෙල් වලට රතු ලූණු දමා සින්දවීමෙන් ඉතා ගුණදායක තෙලක් හිසේ ගැල්වීම සදහා සකස් කර ගත හැකිය. 

අධික රුධිර පීඩනය සදහා.රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහා රතු ලූණු සතුව සුවිශේෂී ගුණයක් ඇත. මෙම ඖෂධය මගින් හදවතට අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි. එමෙන්ම හිතකර කොලෙස්ටරෝල් වැඩි කිරීම සදහා උපකාරී වේ. එබැවින් හෘද රෝග වැළැක්වීම සදහා ද ගුණදායක ඔසුවක් ලෙස රතු ලූණු හදුනා ගත හැකිය. 

පණු රෝග සදහා.මේ සදහා රතු ලූණු කපා වතුර බදුනකට දමා රැයක් තබා පසු දින එම ජලය මී පැණි මිශ්‍ර කර පානය කිරීමට ලබා දීම සිදු කරනු ලබයි. මෙම ඖෂධය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඉතා ගුණදායක වේ. දරුවන්ගේ ආහාර රුචිය වඩවන ආහාරයක් ලෙස ද රතු ලූණු හදුනා ගත හැකිය. 

දියවැඩියාව සදහා වියළන ලද රතුලූණූ උණුවතුරට දමා විනාඩි විස්සක් පමණ තබා පානය කිරීම ඉතා ගුණදායක වේ. 

සමේ රෝග සදහා.සමේ ඇතිවන විවිධ චර්ම රෝග මෙන්ම කැසීම් , රතු ගෙඩි ,කුෂ්ඨ ,සැරව ගෙඩි,ලේ දූෂණය වීමෙන් ඇතිවන බිබිලි මෙන්ම කුරුලෑ ආදිය සුවපත් කිරීමට රතු ලූණු ඉවහල් වේ. 

මූත්‍ර රෝග සදහා.මූත්‍ර හොඳින් පිට කිරීමට මෙන්ම මූත්‍ර රෝග සදහා රතු ලූණු ගුණදායක ඔසුවක් වේ.එමෙන්ම 

• ආහාර මාර්ගයේ හට ගන්නා රෝග සදහා.

• ක්ෂය රෝගය සදහා.

• ගලපටලය සදහා.

• බඩපිපුම සදහා.

• උදරයට දැනෙන අපහසුතා සදහා.

• කාන්තාවන්ගේ ආර්තවාහරණයෙන් පසුව සිදුවන ඔස්ටියෝපොරෝසිස් රෝග තත්වය සදහා ඉතා ගුණදායක ඔසුවක් වේ.

• දරුපල ප්‍රමාද වීම හා වදභාවය සදහා.

• කාන්තා පිරිමි දෙපාර්ශවයේම ලිංගික උත්තේජනය සදහා.

මේ අනූව රතු ලූණු යනු බෝහෝමයක් රෝගවලට සුවය ගෙනෙන අප නිතරම පාහේ ආහාරයට එක් කර ගත යුතු වටිනා ඖෂධීය ගුණ පිරි ආහාරයක් වේ. හැකි සෑම විටම රතු ලූණු අමුවෙන් ආහාරයට ගැනීමෙන් එහි ඖෂධීය ගුණ විනාශ වීමකින් තොරව අප ශරීරයට ලබා ගත හැකිය.