උදෑසන අවදි වුණාම කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන බරපතළ ගැටලුවක් තමයි විලුඹ ආශ්‍රිතව ඇතිවන අධික වේදනාව. පාදයේ විලුබ ආශ්‍රිතව ඇතිවන මේ වේදනාව කටු ඇනෙන ස්වභාවයෙන් ඇතැම් කෙනෙක්ට ඇති වෙන්නට පුළුවන්. විටෙක යම් වේලාවක් පාදය ක්‍රියාශීලී කිරීමෙන් ඒ වේදනාව සමනය වී යන්නටත් පුළුවන්. ඒ හැරුණාම දවසේ යම් යම් අවස්ථාවලදී නැවත නැවත විලුබ ආශ්‍රිතව මේ වේදනාව ඇතිවෙන්නටත් පුළුවන්. ටික වේලාවක් වාඩිවී සිට නැවත නැගිටින විට විලුබ ආශ්‍රිතව අධික වේදනාවක් ඇති වෙන්නටත් පුළුවන්.
මෙය පුරුෂයන්ටත් වඩා කාන්තාවන් අතර තමයි අපිට බහුලවම අසන්නට ලැබෙන්නේ .විශාල පීඩනයක් ගෙනදෙන මේ රෝග තත්ත්වය ගැන ඇතැමුන් එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. ඒ නිසාවෙන්ම ප්‍රතිකාරයක් කරා යොමු වෙන්නෙත් නැහැ. නමුත් මෙය ප්‍රතිකාර නොගෙන සිටිය යුතු තත්ත්වයක් නෙවෙයි.
මොකද මෙය ආයුර්වේදයේ සඳහන් වෙන්නේ වාත කණ්ඨක කියන රෝග තත්ත්වය විදිහට. යම් අවස්ථාවකදී ඔබ මෙය රෝග තත්ත්වයක් ලෙස හඳුනා නොගෙන ඉතා අපහසුවෙන් ඇවිදීමට උත්සාහ කිරීම නිසා බත් කෙණ්ඩ, දණහිස සහකොන්ද ආදී ප්‍රදේශවල වේදනාවන් පවා පසුකාලීනව ඇති වෙන්නට අවදානමක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා මේ රෝග තත්ත්වය හා හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාරවලට යොමු වෙන එක අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි අද ඔයාට නිවෙසේ දී කළ හැකි පිලියම් කීපයක් ගැන කියල දෙනවා. .
සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සියලුම බර දරා ගන්නේ විලුඹ සන්ධියෙන්. විළුඹේ පාද තලය නිර්මාණය වෙලා තියෙන්නේ Calcaneus කියන සාපේක්ෂව විශාල අස්ථීයෙන් .මේ අස්ථිය යටිපැත්තේ එනම් පාදය පොළොවට ස්පර්ශ වන මුහුණතේ අස්ථිමය නෙළුමක ආකාරයට කැල්සියම් තැන්පත් වීම සිද්ධ වෙනවා. මේ නෙරීම නිසා පාද තල අස්ථිය සහ පාද ඇඟිලි සම්බන්ධ කරන බන්ධනය ප්‍රදාහයට පත්වෙන්නට පුළුවන්. එවිට යටිපතුලේ වේදනාව සහ ඉදිමීම. ඇති වෙනවා .
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව විලුබ ආශ්‍රිත වේදනාව ඇති වෙන්නේ වාත දෝෂය කිපීම නිසා. නැත්නම් එහි අසමබරතාවය නිසා. ඉතින් ඒ අනුව ඇතිවන මේ තත්ත්වයට හේතු කිහිපයක්ම බලපානවා.
විලුබේ වේදනාව ඇති වෙන්නේ ඇයි

- ඇවිදින විට පාදය තබන වැරදි ඉරියව්
- වැඩි දුරක් පා ගමනින් ගමන් කිරීම හෝ දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම
(මේ හේතු නිසා ගුල්ම සන්ධිය එහෙම නැත්නම් පාදයේ වළලුකර සන්ධිය ආශ්‍රිතව වාතය එකතුවීමක් සිදු වෙනවා. ඒ නිසා මේ විලුබ ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙනවා.)
- විලුබේ ඇතිවන උලුක්කු වීම්
- අධික ව්‍යායාම්වල නිරත වීම. (මේ නිසා වාත දෝෂ කෝප වීම් මත මේ රෝගය ඇති වෙන්න පුළුවන්)
- වළ ගොඩැලි සහිත පොළොවේ නියමාකාරව පාද නොතැබීම.
- නවීන විලාසිතාවල පාවහන් පැල පැළඳීම.( නිතර අඩි උස පාවහන් පැළදීම )
- වයස්ගත වීම
(වයස්ගතවීමත් සමඟ ශරීරයේ මේද ස්ථරය ක්‍රමයෙන් ක්ෂය වී යාම හා කාටිලේජ ගෙවී යාම නිසා අස්ථි එකිනෙක ගැටීම් වැඩිවීම මෙයට හේතුවයි.)
- පාදය ආශ්‍රිතව ඇතිවන අනතුරු
- ඝනකම් පතුලක් සහිත පාවහන් වැඩි වේලාවක් පැළද සිටීම
- පාදය ඇදෙන ආකාරයේ විවිධ ක්‍රියාකාරකම්වල (බැලේ නර්තන හා ක්‍රීඩා ) කාලයක් නිරතවීම
- ශරීරයට දෛනිකව අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබීම
ශරීරයට දෛනිකව අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබීම නිසා ඇතිවන එක් ප්‍රතිඵලයක් විදිහට රුධිරයේ අයන සාන්ද්‍රනය ඉහළ යන්නට පුළුවන්. එවිට ඒ රුධිරයේ ද්‍රාවිත වැඩිපුර අයන සිරුරේ විවිධ ස්ථානවල තැන්පත් වීම සිදුවෙන්නේ රුධිරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා. මෙය වැඩි වශයෙන් සිදුවෙන්නේ අස්ථි සහ සන්ධි ආශ්‍රිතව. මෙවැනි අස්ථිභවනය විලුඹ සන්ධියේ යටි පතුලේ කවා කාලිකාවෙද අනුගුල්ප ස්ථානයේ ද විලුඹ අස්ථියේ ද සිදුවෙන්නට පුළුවන්.
- අධික තරබාරුව
- නිතර ආම්ලිකතාවය වැඩි ආහාර අනුභවය
- හරක් මස්, ඌරු මස්, කුකුළු මස් ආදී මස් වර්ග වැඩිපුර ආහාරයට ගැනීම සහ උෂ්ණාධික මාළු වර්ග නිතර ගැනීම.
- මත්පැන් අධික ලෙස භාවිතය
රෝග ලක්ෂණ
- උදෑසන අවදි වූ විට විලුඹ පොළවේ තබන විට ඉතා තියුණු වේදනාවක් දැනීම
- ක්‍රමයෙන් වේදනාව පහ වී යාම
- කටු ඇනෙන ස්වභාවයක් දැනීම
- පුපුරු ගැසීම
- රතු පැහැවීම
- විලුඹ පැලීම හෝ ඝන වීම
- හිරි ගතිය, කැසීම් හෝ සම වියලීම
- විලුඹ සන්ධියේ ඉදිමීමක් හෝ උණුසුම් ගතිය ඉහළ යාම
මේ වාත කණ්ඨක රෝග තත්ත්වයේදී එය හඳුනා ගැනීම තරමක් අපහසු වෙනවා වේදනාව නිතරම ඇති නොවෙන නිසා. ඒ වගේම ගුල්ඵ සන්ධිය ආශ්‍රිතව ඇතිවන සියලුම වේදනා වාත කණ්ඨක රෝගය ලෙස හඳුනා ගන්නට බැහැ. නමුත් එය එක්ස් කිරණ සටහනක් මගින් හොඳින් හඳුනා ගන්නට හැකියාව තියෙනවා.
රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
- පෘෂ්ඨිය සුමට බවක් ගන්නා පාවහන් පැළඳීම
- දිගු වේලාවක් ඇවිදීමෙන් හෝ සිටගෙන සිටීමෙන් වැළකීම
- ස්පොන්ච් සහිත පාවහන් පැලඳීමෙන් පීඩනය අඩුකර ගැනීම
- ශරීර බර අඩුකර ගැනීම
- පාදය මද උණුසුම් ජලය බහා තබා ගැනීම
- වැඩිපුර ජලය පානය
- නැවුම් එළවළු පලතුරු ආහාරයට ගැනීම
- අධි කැල්සියම් කිරිපිටි භාවිතයට නොගැනීම
විලුබේ වේදනාව සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර

- ලුණු සහ තලාගත් අමු කහ මඳ උණුසුම් ජලයට දමා කලවම් කර පාදය ඒ වතුර බදුනේ බහාගෙන සිටීම. මේ උණුසුම් ජලය නිවෙනතුරු එසේ පාදය තබා ගත යුතුයි. මේ ප්‍රතිකර්මය උදේ සවස කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
- බැල තණ, ගොරකා යන දෙවර්ගය ජලය දමා හොඳින් තම්බා ගන්න. එසේ තම්බාගත් වතුර භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක් දමා එහි පාද බහා තබා ගන්න. මෙය දිනපතා සිදු කිරීමෙන් අපහසුතාවය මගහරවා ගන්නට පුළුවන්.
- බැල තණ, අමු ගස්ලබු දළු, ලුණු ආදිය හොඳින් කොටා මලවා වේදනා සහිත ප්‍රදේශය ආශ්‍රිතව මැල්ලුමක් ලෙසින් බැඳගන්න.
- අබ විනාකිරෙන් අඹරා වේදනා සහිත ස්ථානය ආශ්‍රිතව බැඳ රත්කරගත් තිරුවානා ගල් කැබැල්ලක් මෙන් පත්තුවට බාහිරින් තවන්න.
- නික කොළ, හීරැස්ස වැල්වල පුරුක් දෙක තුනක්, අමු කහ සහ ලුණු කැට ස්වල්පයක් ගෙන මේ සියල්ලම සිහින් වන තුරු කොටා ගන්න. මේ ද්‍රව්‍ය කොටන විට හීරැස්ස සතු කසන ස්වභාවය ඉවත් කර ගන්නට පොල් ස්වල්පයක් ද එකතු කර ගන්න. මෙසේ සිහින් වෙන්නට කොටාගත් ද්‍රව්‍ය මලවා ගෙන රාත්‍රියට විලුබේ බැදීම කළ යුතුයි. මෙය දිනපතා සති දෙකක පමණ කාලයක් සිදු කිරීමෙන් විලුබ ආශ්‍රිත මේ වාත කණ්ඨක දෝෂය මගහරවා ගන්නට පුළුවන්.
- හීන් උදුපියලිය, පොල් කුඩු සහ අමු කහ ආදිය මලවා රාත්‍රියට විලුබේ බැද උදෑසන ඉවත් කරන්න.
(මේ සියලු ප්‍රතිකාර සිදුකරන අතර මුලින්ම සඳහන් කළ මඳ උණුසුම් ජලයට ලුණු කහ දමා පාදය එහි දමාගෙන සිටීම කළ යුතු වෙනවා.)
ඒ හැරුණාම පහත පිළියම් ද මේ වේදනාවෙන් මිදෙන්නට ඔබට භාවිතා කරන්න පුළුවන්.
අයිස් පොට්ටනි අයිස් කැට කිහිපයක් රෙදි කැබැල්ලක දමා එයින් වේදනා සහිත විළුඹ ප්‍රදේශය හොඳින් තවන්න. මෙය වරකට විනාඩි පහක් දහයක් දහයක් බැගින් නින්දට යන්නට පෙර සහ උදෑසන අවදි වූ විට සිදු කිරීමෙන් මේ වේදනාව නැතිකර ගන්න පුළුවන්.
අයිස් වතුර බෝතල් අයිස් වතුර පිරවූ බෝතලයක් ගෙන එය වේදනා සහිත පාදයෙන් ඉදිරියට සහ පිටුපසට රෝල් කිරීම විතරයි ඔබට කරන්නට තියෙන්නේ. මෙයින් ක්ෂණිකවම ඔබේ විලුබ ආශ්‍රිතව ඇතිවන වේදනාව අඩු කරගන්නට පුළුවන්.
ගෝවා කොළ උණුවතුරට දමා එසැණින් ගත් ගෝවා කොළ විලුබේ බැද විනාඩි 20 කින් ඉවත් කරන්න.
සම්බාහනය පොල් තෙල් මගින් පතුල් සම්බාහනය කිරීම ඒ හැරුණාම පාදයට විවේකයක් ලබාදීම ඇතුළු මේ රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු පාලනය කරගත යුතු වෙනවා. නමුත් මේ ප්‍රතිකාරවලින් ගුණයක් නොමැති නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට වගබලා ගන්න.