ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනා පීඩා විදින තත්ත්වයක් තමයි සෙම සහ පීනස. අද බහුලවම කතාබහ කෙරෙන මේ තත්ත්වය තරමක් භයානක තත්ත්වයක්. සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, පෙනහළුවල අධික ලෙස සෙම එකතුවීම නිසා නාසය අවහිරවීම, හිසරදය සොටු දියර ගැලීම ආදිය මේ නිසා ඇතිවන අපහසුතාවයන් .
සෙම අපේ ශරීරය විවිධ ආසාත්මිකතා දූවිලි හා වෛරසවලින් ආරක්ෂා කරන්නට ශරිරය විසින්ම නිපදවනු ලැබුවත් එය අධික ලෙස එකතු වූ විට පෙනහළු ආශ්‍රිත ගැටළු පවා ඇති වෙන්නට පුළුවන්. සෙම සහ පීනස කියන තත්ත්වයන් දෙකම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව හැමෝටම වැලළඳෙන ඉතා පීඩාකාරී තත්ත්වයක්. මෙය නිට්ටාවට සුව කරගන්නට කොතරම් ඖෂධ ප්‍රතිකාර ලබා ගත්තත් ඔබගේ චර්‍යා රටාව සහ ආහාර රටාව වෙනස් කරන්නේ නැත්නම් ඒ සඳහා ඔබ කැපවෙන්නේ නැත්නම් ඔබට ජීවිත කාලය පුරාවටම මේ රෝගවලින් පීඩා විඳින්නට සිදු වෙනවා. අපි අද කතා කරන්නේ මේ සෙම් රෝග සහ පීනස ආදී රෝගවලින් මිදෙන්නට ඔබ අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් පිළිබඳව .
ශීත කළ ආහාර වර්ග සහ ශීතකළ පාන වර්ග භාවිතයෙන් වැළකීම ඔබ නිරන්තරයෙන්ම ශීත කළ ආහාර ලබා ගන්නා අයෙක් නම් සෙම් රෝගවලින් පෙළෙන අයෙක් නම් ඒ තත්ත්වය උත්සන්න වෙන්නට වගේම නීරෝගී අයෙක් සෙම් රෝගියෙක් සහ පීනස් රෝගියෙක් බවට පත් කරන්නටත් එය හේතුවක් වෙනවා.
- කාමර උෂ්ණත්වය පවතින ජලය මඳ උණුසුම් කර පානය කිරීම
- උෂ්ණාධික ආහාරවලින් වැළකීම
සාමාන්‍ය ව්‍යවහාරයේ උෂ්ණ ආහාර විදිහට ගැනෙන අච්චාරු, අන්නාසි, චට්නි වර්ග, බල මාළු, ඉස්සො, දැල්ලො ආදී ආහාර පාන හැකිතාක් ඔබේ භෝජනයෙන් ඉවත් කිරීම මේ රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නට වැදගත් වෙනවා.

උදේ කාලයේදී ස්නානය කිරීම විශේෂයෙන්ම සෙම පීනස ආදී රෝග තත්වයන්වලින් පීඩා විඳින අය කොහෙත්ම සවස් කාලයේදී ස්නානය සුදුසු නැහැ. ඒ නිසා එවැනි පුද්ගලයන්ට ස්නානය සඳහා වඩාත් සුදුසු වේලාව වෙන්නේ උදෑසන 10 සහ දහවල් 2 අතර කාලයයි. විශේෂයෙන්ම සවස 4 න් පසුව වගේම උදෑසන 6: ට පෙර ස්නානය කරන එකත් මේ සෙම් රෝගීන්ට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ .
නින්දේදී විදුලිපංකාව භාවිතය රාත්‍රී නින්දේදී විදුලි පංකාව ක්‍රියාත්මක කර තබනවා නම් එයින් එන සුළඟ ඔබේ නළලට වගේම පපුවට කෙළින්ම වැදෙනවා නම් එයින් ඔබේ සෙම තත්ත්වය වගේම පීනස් රෝගය තවත් උත්සන්න වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ විදුලි පංකාවක් ක්‍රියාත්මක කරනවා නම් එයින් නිකුත් වන සුළඟ ඔබේ ශරීරය හා සෘජුව ගැටෙන්නට ඉඩ තබන්නට එපා.
නිරන්තරයෙන් දූවිලි ආදියට නිරාවරණය වීමෙන් වළකින්න.විශේෂයෙන්ම ඔබ වැඩ කරන ස්ථානයේදී, ඇඳ ඇතිරිලිවල ඇති දූවිලි වගේම වාහනවල දුම් ආදියට නිරන්තරයෙන්ම නිරාවරණය වෙනවා නම් එය ඔබේ සෙම් තත්ත්වය සහ පීනස් රෝග උත්සන්න කරන්නට හේතුවක් වෙනවා. නිසා එවැනි පරිසරයක ඔබ වැඩි වශයෙන් ගැවසෙන්නේ නම් එවිට මුව ආවරණයක් පැළඳ සිටීමට කටයුතු කරන්න.
- කෘතිම රූපලාවන්‍ය නිෂ්පාදන ගැල්වීම හැකිතාක් අවම කරන්න
- වෛද්‍ය උපදෙස්වලින් තොරව යම් යම් ඖෂධ භාවිතා නොකිරීම
- කොණ්ඩය ඩයි කිරීමට භාවිතා කරන ඩයි වර්ග
- අධික ලෙස මත්පැන් භාවිතය හා දුම්පානයෙන් වැළකීම
- ශීතකරණයේ තැබූ ආහාර නැවත නැවත රත්කර ආහාරයට ගැනීමෙන් වැළකීම.
- රාත්‍රි නිදි වැරීම හැකිතාක් අඩු කරන්න.
- ආනාපානසති භාවනාව හෝ ස්වසන අභ්‍යාසවල යෙදෙන්න.
ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව හෝ එසේත් නැත්නම් යෝග අභ්‍යාසවල යෙදීම මගින් කායික මානසික සැහැල්ලුව ඇති වෙනවා වගේම මේ සෙම් රෝගවලින් ආරක්ෂා වෙන්නත් ඉතාම වැදගත්.
හිස තෙල් ගැල්වීමසාමාන්‍යයෙන් සෙම් රෝගවලින් පීඩා විඳින අයෙක් අනිවාර්ය්‍යෙන්ම හිසට තෙල් ගැල්විය යුත්තේ උදේ කාලයේදී. විශේෂයෙන් ස්නානයට පැයකට පමණ පෙර. රාත්‍රී කාලයේ දී සිසිල් තෙල් වර්ග කිසිවක් හිසට ආලේප කිරීම සෙම් රෝගවලින් පීඩා විඳින ඔබ නොකළ යුතුම දෙයක්.
ගොටුකොළ සම්බෝල ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් අපි ගොටුකොළ සම්බෝලයක් පිළියෙළ කරද්දී එයට වැඩි වශයෙන් රතු ළූණු එකතු කර ගැනීම සෙම සහ පීනස කියන රෝගවලින් මිදෙන්නට ඉතාම ගුණදායකයි.

කොත්තමල්ලි පානය කිරීම සෝදා වියලා කබලේ බැද කුඩුකර ගත් කොත්තමල්ලි උණුවතුරට එකතු කර තේකක් මෙන් අවශ්‍ය වේලාවට පානය කරන්නට පුළුවන්. මෙය සෙම් රෝගවලින් මිදෙන්නට වගේම සෙම් රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නත් ඉතාම වැදගත්.
සෙම් රෝග සහ පීනස කියන තත්ත්වයන්ගෙන් පීඩා විඳි ඔබ දන්නවා ඒ රෝග කොතරම් පීඩාකාරී ද වේදනාකාරී ද යන වග. ඉතින් ඒ නිසා මේ රෝගවලින් හැකිතාක් ආරක්ෂා වෙලා ඉන්නට වගේම ඔබ මේ රෝගවලින් පෙළෙන අයෙක් නම් එය උත්සන්න නොවී සුවපත් කර ගන්නටත් මේ කරුණු කාරණා ඔබට බෙහෙවින් වැදගත් වේවි.