වේදනාවෙන් තොර ජීවිතය සැබෑවටම වාසනාවක්. නමුත් ස්වභාදහමේ නියමයන්ට එරෙහිව යන්නට අපිට හැකියාවක් නැහැ. ඒ නිසාම සුවය සැනසුම සදාකාලිකව අපිට විඳින්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. කායිකවත් මානසිකවත් අපිට විඳින්නට සිදුවෙන වේදනාවන් අතිමහත්. විශේෂයෙන්ම නිරන්තරයෙන් අපිට වැළදෙන ලෙඩ රෝග නිසා අපිට කායිකව වගේම මානසිකවත් විදින්නට සිදුවෙන වේදනාව අතිමහත්. අර්ශස් රෝගය කියන්නේ එවැනි විශාල ලෙස පීඩාවක් ගෙනදෙන තවත් එක් රෝගයක්. මේ රෝගය ජානමය හේතු නිසා වගේම දිගුකල් පවතින මලබද්දය, නිසි පරිදි ජලය පානය නොකිරීම, තරබාරුව, වැරදි ආහාර පුරුදු, පණු රෝග, උෂ්ණාධික ආහාර නිතර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වෙනත් හේතුවෙන් ඇති වෙනවා.
තවත් අයෙකුට කියන්නට මැලිවෙන මේ වේදනාකාරී රෝගය සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙක්ට තියෙනවා. ඒ සඳහා කාන්තා පුරුෂ භේදයක් නැහැ. වයස් භේදයකුත් නැහැ. අපේ ජීවිතය කොතරම් වේදනාබර කටුක එකක් ද යන්න මෙවැනි අර්ශස් රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් හොදාකාරවම දන්නවා. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මේ අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාර ලෙස සිදු කරන්නේ බඩවැලේ ඇති ගෙඩි ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමක් පමණයි. ඒ වගේම මේ රෝගය මුල් කාලීනව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම මගින් නිට්ටාවටම සුව කරගන්නට හැකියාව ඇති නිසා කිසිදිනෙක මේ රෝගය නම් ඔබ නොසලකා හරින්නට එපා.ඉතින් මේ රෝගයෙන් පීඩා විදින ඔබට එයින් මිදෙන්නට හැකි එය මැඩ පවත්වා ගත හැකි රහස් ඖෂධ වගේම ප්‍රතිඵලදායක ආයුර්වේද ඔසු කිහිපයක් ගැන අපි කියන්නම්.
අර්ශස් සඳහා අනුපානයක්

අවශ්‍ය ද්‍රව්‍ය
- කොහිල අල
- රතු ළූණු
- සුදු ළූණු
- උණු ජලය
සාදා ගන්නා ආකාරය කොහිල අලයක් සිහින්ව කපාගෙන වංගෙඩියකට දමා එයට කපාගත් සුදුළූණු ස්වල්පයක් සහ රතු ළූණු ද එකතු කර සියුම්ව කොටා ගන්න. මෙහිදී කොහිල මූලික ඔසුව වන නිසා වැඩි වශයෙන් කොහිල ඒ සඳහා එකතු කිරීම අනිවාර්යයි.
මේ කොටාගත් මිශ්‍රණය භාජනයට දමා එයට උණු ජලය දමා මඳ වේලාවක් තම්බා ගෙන හොඳින් මිරිකා යුෂ පෙරා ගන්න. මෙය සතියකට දින 5 ක් හෝ ඊට වඩා අඩු දින ගණනක් භාවිතා කරන්නටත් පුළුවන්. රෝගය මුල් අවස්ථාවේ පවතින විටකදී නම් රෝගය නිට්ටාවටම සුවකර ගන්නට මේ අනුපානය ප්‍රයෝජනවත් වෙනවා. ඒ හැරුණාම අර්ශස් රෝගය තරමක් දරුණු මට්ටමක ඇත්නම් එය මැඩ පවත්වා ගන්නටත් මේ අත් බෙහෙත් ඔබට භාවිතා කරන්නට පුළුවන්.
අළු කෙසෙල් මුව පානය
අවශ්‍ය ද්‍රව්‍ය
- අලු කෙසෙල් මුව ගෙඩි 1
- වතුර
- දෙහි ගෙඩි 1
- ලුණු
සාදා ගන්නා ආකාරය කෙසෙල් මුවේ ඝනකම පතුරු සහ මල් ඉවත් කර ගන්න. පසුව කෙසෙල් මුව ගෙඩිය සෝදා සිහින්ව කපා ගෙන එයට ජලය දමා හොඳින් බ්ලෙන්ඩර් කරගෙන පෙරා ගෙන යුෂ ටික ලබා ගන්න. පසුව එයට අවශ්‍ය පමණට ලුණු දමා එය ලිප තබා අඩු කෝප්පයක ප්‍රමාණයට උණු කර ගන්න. එය ඝනවී ගෙන එද්දි ලිපෙන් ඉවත් කරගෙන තරමක් නිවුණු පසු දෙහි යුෂ තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර පානය කරන්න. මෙය එක්වරක් පානය කිරීම ප්‍රමාණවත්. එමගින් අර්ශස් රෝගයෙන් පීඩා විදින ඔබට ඉතාම සුවයක් සහනයක් ලබා ගන්නට නිසැකයෙන්ම හැකියාව ලැබෙනවා.
කරල් හැබ කැඳ ලේ අර්ශස් රෝගය සඳහා කරල් හැබ ශාකයෙන් කැඳ සකස් කර පානය කිරීම ඉතාම ගුණදායකයි. ඉඟුරු කොත්තමල්ලි, සුදු ළූණු, ගම්මිරිස් ආදිය එකතු කර මේ කැඳ සාදා ගත යුතුයි. මෙය කැඳ උදෑසන හිස් බඩට සහ රාත්‍රි නින්දට විනාඩි 20 ට පෙර පානය කිරීමෙන් වඩාත් සාර්ථක ඵල ලබා ගන්නට හැකියාව තියෙනවා.

රතු ළූණු රතු ළූණු එළගිතෙලෙන් මලවා ආහාරයට ගැනීම අර්ශස් රෝගයෙන් වැළකීමටත් එය සුවකර ගන්නටත් ඉතාම වැදගත් ඔසුවක්.
ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය ර්ශස් ගෙඩි ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙන්නේ නම් පහත සත්කාරය ඔබට සිදු කරන්නට පුළුවන්.ඇපල් සයිඩර් විනාකිරිවල පොගවා ගත් පුළුවන් කැබැල්ලක් දිනකට තුන් වරක් අර්ශස් ගෙඩිවල මෘදුව තවරන්න. මේ රෝගය තරමක් දරුණු තත්ත්වයට පත්ව ඇත්නම් ඒ සත්කාරය සිදු කිරීමේදී දැවිල්ලක් හට ගන්නට පුළුවන්. එවැනි අවස්ථාවල ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය 1:1 අනුපාතයට මිශ්‍රකර ගෙන අර්ශස් ගෙඩිවල තවරන්න.
මේ සත්කාර අත් බෙහෙත් ආදිය සිදු කරන අතරේ අර්ශස් රෝගයෙන් සදහටම මිදෙන්නට නම් ඒ සඳහා අපේ චර්යා රටාවත් ආහාර රටාවත් අනිවාර්යෙන්ම වෙනස් කරගත යුතු වෙනවා. තන්තු බහුල ආහාර ගැනීම, ප්‍රමාණවත් තරම් ජලය පානය, මලබද්ධයෙන් වැළකීම, උෂ්ණාධික ආහාරවලින් සහ කෘතීම ආහාරවලින් වැළකීම,කපු රෙද්දෙන් මසන ලද යට ඇදුම් භාවිතය ආදිය සිදු කළ යුතුමයි. එමගින් ඔබට මේ වේදනාකාරී රෝගයෙන් අත්මිදෙන්නට හැකියාව ලැබෙනවා නිසැකයි .