ඈත අතීතයේ සිටම අප වැඩි පුර පානය කළේ නැවුම් එළකිරිය. නමුත් වර්තමානය වන විට කිරි පිටි නිෂ්පාදනයත් සමගම නැවුම් එළකිරි වෙනුවට නිවසට ගෙන ආවේ වෙළඳපොළෙන් මිලදී ගත් කිරි පැකට්ටුවකි. මේ නිසා කිරි පානය පෙර මෙන් ශරීරයට ගුණදායක පානයක් නොවුනි. එනම් කිරිපිටි නිශ්පාදනය කරන විට යොදා ගන්නා කල් තබා ගැනීමේ රසායනික සංයෝග එහි පවතින ගුණාත්මක භාවයට හානි ගෙන දුන් අතර කිරි පානය කිරීමෙන් එතරම් වාසී සහගත බවක් අපට නොලැබුණි.
එනම් කිරි පානය නිසා විවිධ රෝග තත්ත්වයන් හා අසාත්මිකතාවයන් ද ඇතිව තිබේ. මේ නිසා වර්තමානය වන විට කිරි පිටි පානය නවතා දමා ස්භාවික පානයන් භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඈත අතීතයේ සිටම තේ පානය වෙනුවට ආයුර්වේදීය ඔසු වර්ග තම්බා පානය කිරීම සිදුකර තිබේ. එනම් ඉන් බොහෝ දෙනා දීර්ඝායුෂ ලබාගෙන තිබේ. එසේ අතීතයේ සිටම භාවිතා කළ පාන වර්ග අතර වර්තමානයේ ද ඉතා පහසුවෙන් සොයා ගත හැකි ඖෂධීය පාන වර්ග රැසක් පවතී. එනම් ඒ එක් එක් පාන වර්ග භාවිතා කිරීම මගින් ශරීරයේ නොයෙක් රෝග සමනය කර ගත හැකිය. එනම් ඒ අතර
- රණවරා පානය
- කොත්තමල්ලි පානය
- කොළ කැඳ පානය
- බෙලි මල් පානය
රණවරා පානය

ඈත අතීතයේ සිට ම භාවිතා කළ ඖෂධීය පානයක් ලෙස රණවරා පානය හැඳින්විය හැකිය. එනම් රණවරා මල් තම්බා පානය කිරීම මගින් ශරීරයේ නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. එනම් රණවරා වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ප්‍රෝටීන්, ටැනින්, ඇල්කොලයිඩ, බැක්ටීරියා නාශක හා ප්‍රතිඔක්සිකාරක ගුණයන් ද රණවරා පානය කිරීමෙන් ශරීරයට ලබාගත හැකිවේ. එමෙන්ම මෙමගින් බොහෝ රෝග තත්ත්වයන් ද සමනය කර ගත හැකිය. එනම් මේ සඳහා සෝදා ගත් රණවරා මල් මිටක් පමණ ගෙන වතුර කෝප්ප දෙකක් මිශ්‍ර කර එකක් වන තුරු තම්බා කිතුල් හකුරු සමඟ පානය කිරීම මගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
- අර්ශස් මලබද්ධය සමනයට
- දියවැඩියාව කොලෙස්ටරෝල් පාලනය කිරීමට
- මුත්‍රා දැවිල්ල වැනි රෝග සමනය කිරීමට
- රුධිරය පිරිසිදු කිරීමට
- සම පැහැපත් කිරීමට
- ශරීරය සිසිල් කිරීමට
- දද, කුෂ්ඨ රෝග සමනය කිරීමට මේ ආදී රෝග සමනය කිරීමට කිරි පානය වෙනුවට රණවරා මල් තම්බා පානය කිරීම ගුණදායකවේ.
කොත්තමල්ලි පානය.

රෝග රැසකට ගුණදෙන කොත්තමල්ලි කිරි තේ පානය වෙනුවට භාවිතා කළ හැකි තවත් එක් ඖෂධීය පානයකි. එනම් කොත්ත මල්ලිවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් විටමින් සී, විටමින් බී, යකඩ, තන්තු,මැග්නීසියම්,මැංගනීස් … ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ.
එනම් කොත්තමල්ලි අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් සෝදා වේලා කබලේ බැද කුඩු කර වීදුරු බෝතලයක දමා ගබඩාකර ඉන් තේ හැන්දක් පමණ උණුසුම් වතුර වීදුරුවකට දමා කිතුල් හකුරු සමඟ පානය කිරීම ගුණදායකය. එනම් මෙම පානය මගින් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය.
- කොත්තමල්ලි පානයේ ඖෂධීය ගුණයන්
- දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.
- ගෑස්ට්‍රයිටිස් රෝගය සමනය කරයි.
- ආහාර ජීර්ණය පහසු කරයි.
- ශරීරය සිසිල්කරයි.ශරීරය වියළීම හා පිපාසය සමනය කරයි.
- උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි
- ආහාර රුචිය වැඩි කරයි.
කොළ කැඳ පානය

උදෑසන කිරි පානය වෙනුවට කොළ කැඳ පානය කරන්නේ නම් එය අපගේ ශරීර සෞඛ්‍යයට වඩාත් ගුණදායකය. එනම් කොළ කැඳ සකස් කිරීමේදී ඖෂධීය පළා වර්ග රැසක් භාවිතා කළ හැකිය. ගොටුකොළ, මුකුණුවැන්න,පෙනල, හාතාවාරිය,එළබටු කොළ… මේ ආදී වූ පළා වර්ග රැසක එකතුවකින් කොළ කැඳ පානය සකස් කරගත හැකිය.
එනම් මෙම පළා වර්ග සියලලන්ගෙන්ම සමව ගෙන හොඳින් කොටා යුෂ වෙන් කර ගන්න. කැකුළු සහල් මිටක් ගෙන සාමාන්‍ය බතක් පිසින පරිදි පිස ගන්න. ඉන් පසු එයට පොල් කිරි කෝප්ප එකක් පමණ දමා උතුරන විට කොළ යුෂ ටික එක් කර රස පදමට ලුණු මිශ්‍ර කරගන්න. ඉන් පසු උතුරන විට ලිපෙන් බා මදක් නිවුණු පසු හකුරු සමඟ පානය කරන්න. මෙසේ කොළ කැඳ සකස් කර පානය කිරීම මගින් ශරීර ගත බොහෝ රෝග සමනය කර ගත හැකිය.
- ශරීරය සිසිල් කරයි.
- සම පැහැපත් කරයි.
- ඇස් පෙනීම වැඩි කරයි.
- මළබද්ධය සමනය කරයි.
- හෘද රෝග ඇතිවීම වලක්වයි.
- ශරීරයේ විෂ නසයි.
- රුධිරය පිරිසිදු කරයි.
- හිසකෙස් වර්ධනය කරයි. මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට තේ පානය වෙනුවට කොළ කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය.
බෙලි මල් පානය

බොහෝ රෝග සමනය කිරීමට තේ වෙනුවට භාවිතා කළ හැකි තවත් එක් ඖෂධීය ගුණ ඇති පානයක් ලෙස බෙලි මල් පානය හැඳින්විය හැකිය. එනම් බෙලිමල් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.
- විටමින් ඒ,සී, විටමින් බී,ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්,මේදය,රයිබොෆ්ලේවින්,
- තයමීන්, කැරොටීන්,නියැසීන්, කැල්සියම්… ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධානවේ.
- එනම් මේ සඳහා බෙලි මල්, පොතු, කොළ, ගෙඩි තම්බා තේ වෙනුවට පානය කළ හැකිය.
- ශරීරය සිසිල් කරයි
- රුධිරය පිරිසිදු කරයි
- රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය කරයි.
- අම්ල පිත්තය සමනය කරයි. මේ ආදී වූ රෝග වලට බෙලි පානය ගුණදායකය.
මීට අමතරව කරපිංචා පානය, ඉරමුසු පානය, කුරුඳු පානය… ආදී පානයන්ද කිරි වෙනුවට පානයක් ලෙස භාවිතා කළ හැකිය.