හැදීගෙන එන දියවැඩියාව පවා සුව කර හැකි හෙළ ඔසු 11 ක්

health tips

ඉන්සියුලින් නිපදවීම අවම වීම හා ඒ හේතුවෙන් රුධිරගත සීනි මට්ටම අවම වීම දියවැඩියාව ලෙස සරලව හැඳින්විය හැකිය.
බොහෝ විට දියවැඩියාව ඇති වන්නේ අප ගනු ලබන ආහාර රටාව හා ගත කරන වැරදි ජීවන රටාව නිසාය. විශේෂයෙන්ම කෘතිම ආහාර සහ පිටි, සීනී අධික ආහාර බහුලව භාවිතා කිරීම මෙම රෝග ඇති වීමට මූලිකවම බලපානු ලැබේ.

දියවැඩියාව ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ බොහොමයක් පවතී.

  • අධික ලෙස කුස ගිනි දැනීම.
  • සමේ කැසීම් ඇතිවීම
  • තුවාල සුවපත් වීමට කල් ගත වීම
  • නිතර මුත්‍රා පිට කිරීමට සිදුවීම
  • විඩාව
  • පිපාසය
  • ශරීරයේ බර අඩු වීම
  • ආදී රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.

දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර ක්‍රම බොහොමයක් පවතී.නමුත් එම ඖෂධ වර්ග දෙකම එකවිට භාවිතා නොකළ යුතුය. එමෙන්ම ඖෂධ භාවිතා කිරීමට අමතරව  තම ආහාර රටාව හා ජීවන රටාව රෝගය පාලනය කිරීමට උපකාරී වන අයුරින් සකස් කරගත යුතුය.ආයුර්වේදය තුළ දියවැඩියාව පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි ඖෂධ වර්ග ගණනාවක් තිබේ. ඒ අතරින්

කතුරුමුරුංගා දියවැඩියාව හෙවත් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සඳහා කතුරුමුරුංගා කොළ කැඳ හෝ පලා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

නීර මුල්ලිය දියවැඩියාව පාලනය කිරීම සඳහා නීරමුල්ලිය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් මේ සඳහා නීරමුල්ලිය කොළ කැඳ පානයක් ලෙස සකසා පානය කිරීම යෝග්‍ය වේ.

කොතල හිඹුටු ඈත අතීතයේ සිටම දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා කොතල හිඹුටු ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා කොතල හිඹුටු කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ.

කොස් කොළ පානය බොහෝ රටවල දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා කොස් කොල පානය භාවිතා කරනු ලැබේ එනම් මේ සඳහා අමු කොස් කොළ කිහිපයක් ගෙන කැබලිවලට කපා තම්බා එම වතුර පානය කිරීම මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය.

අඹ කොළ පානය අඹ කොළ යොදාගෙන කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දියවැඩියාව පාලනය කිරීම සඳහා අඹ කොළ සුදුසු වන බවයි. මේ සඳහා අඹ කොළ  මදපවනේ වියළා තබා කුඩු කර තේ පානයක් ලෙස හෝ අමු කොළ තම්බා පෙරා පානය කිරීම  යෝග්‍ය වේ.

කස කසා ඇට පානය කස කසා ඇට තුළ  අඩංගු තන්තු  මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කරන අතර දිනපතා උදෑසන කස කසා ඇට පානය කිරීමෙන් දියවැඩියාව පාලනය කර ගත හැකිය. එනම් රාත්‍රියේ දී උණුසුම් වතුර වීදුරුවකට කස කසා ඇට ස්වල්පයක් දමා උදෑසන එය පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

රණවරා බොහෝ රෝගවලට ගුණ දෙන ඖෂධයක් වන රණවරා දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් මේ සඳහා රණවරා කොළ කැඳ පානය හෝ රණවරා මල්, පොතු තම්බා පානය කිරීම යෝග්‍ය වේ.

තෙඹු ඈත අතීතයේ සිට ම දියවැඩියාව පාලනය කිරීම සඳහා භාවිතා කළ තෙඹු යනු බොහෝ රෝග සමනය කිරීමට භාවිතා කළ හැකි ඖෂධීය පලා වර්ගයකි. එනම් තෙඹු කොළ ආහාරයට ගැනීමෙන් තෙඹු වල අඩංගු තන්තු දියවැඩියාව පාලනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා තෙඹු කොළ සම්බෝලයක් ලෙස හෝ කලවම් පලා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

කෝවක්කා වටිනා ඖෂධයක් වන කෝවක්කා කොළ පලා මැල්ලුමක් ලෙස හෝ කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මඟින් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කරගත හැකිය.

කරවිල කරවිල යුෂ තේ හැඳි දෙකක් පමණ දිනපතා පානය කිරීම මගින් ද දියවැඩියාව සමනය කර ගත හැකිය. එමෙන්ම කරවිල සලාදයක් හෝ ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ද  යෝග්‍ය වේ.

වෙරළු පානය දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු දිනපතා විටින් වෙරළු ගෙඩි අටක් පමණ ආහාරයට ගන්නේ නම් ඉන් දියවැඩියාව සමනය කර ගත හැකිය.මීට අමතරව

  • මාදං පොතු
  • කුඹුක් පොතු
  • බෙලි මුල්
  • තම්බා පානය කිරීම 
  • ඕට්ස්
  • අලිගැටපේර
  • ඇඹරැල්ලා
  • පතෝල
  • වැටකොලු
  • ග්‍රීන් ටී
  • සුදුලූනු

වැනි ආහාර නිතර පරිභෝජනය කිරීම මගින් දියවැඩියාව ඇති වීම වළක්වා ගත හැකිය. කෙසේ නමුත් ඖෂධ ගණනාවක් එකවිට භාවිතා නොකළ යුතුය. එමෙන්ම කෘතිම ඖෂධ සමඟ මෙම ඖෂධ වර්ග භාවිතා කිරීම ද සුදුසු නොවේ. එනම් ඉන් අසාමාන්‍ය ලෙස රුධිරගත සීනි මට්ටම පහත බැසිය හැකිය. මේ නිසා භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.