නිළියක් වගේ ලස්සන වෙන්නත් බර වැඩි අයට බර අඩු කරගන්නත් පොල් කිරි භාවිතා කරන ක්‍රම 6 ක්

health tips

දකුණු ආසියාතික රටවල ආහාර පාන සැකසීමේදී බහුලව භාවිත වන දෙයක් තමයි පොල් කිරි.ආහාර වලට හොඳ රසයක් , සුවඳක් වගේම ගුණයක් එක්කිරීමට පොල් කිරි වලට හැකියි.ගාගත් පොල් උණුසුම් වතුරෙන් මිරිකා පොල් කිරි සකසා ගනියි.වතුර අඩුවෙන් එක්කර සාදාගන්නා කිරි මිටි කිරි ලෙසත් වතුර වැඩි කර ක්‍රීම් ගතිය අඩු කර සකසාගන්නා කිරි දිය කිරි ලෙසත් හඳුන්වයි.පොල් කිරි වෑංජන වලට, විශේෂ බත් වර්ග වලට, යුෂ පාන වලට, තේ වලට අතුරුපස වලට, සෝස් වර්ග වලට, සුප් වර්ග වලට, කැඳ වලට ආදි නොයෙකුත් ආහාර පාන වලට අමුද්‍රව්‍යක් ලෙස එක්කරයි. 

පෙර සැකසූ ටින් කළ පොල් කිරි සහ කුඩු කළ පොල් කිරි නිෂ්පාදන වෙළඳපොලේ තිබෙයි. පොල් කිරි වල ඇත්තේ සීතල ගුණයක් බව විශ්වාසයයි.ලැක්ටෝස් නොඉවසීම (සත්ව කිරි වල අඩංගු ප්‍රෝටීනයකි) නම් සෞඛ්‍ය ගැටලුවෙන් පෙළෙන අයට පොල් කිරි හොඳ විකල්පයක් ලෙස නිර්දේශ කෙරේ. පොල් කිරි වල කාබෝහයිඩ්‍රේට නොමැති තරම්ය.එහි ඇත්තේ එළකිරි වලට වඩා අඩු කැලරි අගයකි. පොල් කිරි පරිභෝජනයට එක්කරගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ ගැනයි අද අප කතා කරන්නේ.

සිරුරේ මහත අඩුකරගැනීමට උපකාර කරයි මෙය එක ‍රැයකින් සිදුවන බව මින් අදහස් වන්නේ නැහැ. පොල් කිරි ඔබේ සිරුරේ බර අඩුවීමට හිතකර බලපෑමක් ඇතිකරන බව අධ්‍යයන මඟින් පවා පෙන්වාදෙනවා.පොල් තෙල් වල ඇත්තේ මධ්‍යම දාම ට්‍රයිග්ලිසරයිඩ නම් ලිපිඩ විශේෂයකි. මේවා ආහාර රුචිය පාලනයට,කැලරි දහනය වැඩිවීමට ,මේද දහනය වැඩිවීමට සහ අවසාන වශයෙන් බර අඩුවී යාමට යම් දායකත්වයක් සපයන බව පර්යේෂණ වල සඳහන් වේ.මෙම ලිපිඩ පොල් කිරි වල ද අඩංගුයි. උදෑසන ආහාරයට එක්කරගන්නා සීරියල්, ඕට්ස්,ස්මූති වගේ ආහාර වලට එළකිරි වෙනුවට පොල් කිරි එක්කරගන්න.

FODMAP හෙවත් ආමාශයේදි පැසීමට ලක්වන කාබෝහයිඩ්‍රේට වර්ග නොඉවසීමේ තත්වයෙන් පෙළෙන පුද්ගලයින්ට පොල් කිරි එතරම් හිතකර නොවිය හැකියි. එවැනි කාබෝහයිඩ්‍රේට නිසා බඩේ කැක්කුම,පාචනය,බඩ පිපුම සහ බඩවැල් වල සංවේදීතා හටගත හැකියි.මෙවැනි ලක්ෂණ ඇතිවේ නම් පොල් කිරි කෝප්ප බාගයකට හෝ 120 ml ට වඩා පරිභෝජනයට නොගන්න.ආමන්ඩ් කිරි,ඕට්ස් කිරි වැනි වෙනත් විකල්පයක් ‍තෝරාගන්න.

ශරීර ශක්තිය වැඩිකරයි පොල් කිරි කෝප්ප 1ක දෛනික යකඩ අවශ්‍යතාවෙන් 22% පමණ අඩංගු බව පෙන්වාදෙයි.යකඩ මඟින් මාංශ පේශි හා මොළය වෙත ඔක්සිජන් ගෙනායාමේ ක්‍රියාවලියට ආධාර කරයි.යකඩ සෛල වර්ධනය නියාමනය කරයි.යකඩ ඌනතා නිරක්තිය ඇතිවීමේ අවදානම අවම කරගැනීමට උපකාරී වන ප්‍රධාන පෝෂකයකි. ඊට අමතරව පොල් කිරි වල පොටෑසියම්,මැග්නීසියම් සහ පොස්පරස් වැනි ඉලෙක්ට්‍රොලයිට බහුලයි. මැංගනීස්,සෙලේනියම්,ෆෝලේට්,සින්ක්,විටමින් C හා තන්තු ද සුලු වශයෙන් අඩංගුයි. පොල් කිරි හදවතට හිතකර වුවත් එහි අඩංගු වන්නේ සංතෘප්ත මේද නිසා අධික ලෙස පරිභෝජනය කිරීමෙන් සිරුරේ හිතකර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් දෙවර්ගයම ඉහළ යාමට ඉඩ තිබිය හැකියි.

ආමාශයේ වණ වල පීඩාකාරි ලක්ෂණ සමනය කරයි පීඩාකාරි ආමාශ වණ නිසා නිතර නිතර බඩේ සියුම් වේදනා මතුවිය හැකියි.ආමාශයේ බිත්ති වලට හානි වීමෙන් බඩ පපුවේ දැවිල්ල,අම්ල ප්‍රතිවාහ (උගුරට ඒම), අජීර්ණය වැනි ගැටලු මතුවිය හැකියි.පොල් කිරි වල සිසිල් ගුණයෙන් මෙම අපහසුතා සමනය වේ.මේවා පෙප්ටික් වණ (peptic ulcers) ලෙස හඳුන්වයි. දිගු කලක පටන් වේදනානාශක ගැනීම හෝ ආමාශ බිත්ති ආසාදනය වීමෙන් මේවා හටගත හැකියි. පොල් කිරි වල ඇති ලෝරික් අම්ලය බැක්ටීරියා හා වෛරස ආසාදන වලට එරෙහිව සිරුරට ආරක්ෂාව ලබාදෙයි. පොල් කිරි ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් බව පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ විශ්වාසයකි.

දුර්වල ආහාර පාන රටාවක් අනුගමනය කරන අයට විශේෂයෙන් ගුණදායකයි. කාර්යබහුල ජීවන රටාව නිසා කෘතිම හා ක්ෂණික (සීනි අධික සෝඩා බීම වර්ග,ගැඹුරු තෙලේ බදින ලද ආහාර, වර්ණක ,රසකාරක කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු රසකැවිලි වැනි) ආහාර පාන වලට ඇතැම් අය යොමුවී තිබෙනවා. ඊට අමතරව මත්පැන් පානය හා දුම්වැටි භාවිතය වැනි අහිතකර පුරුදු වලට ද ඇබ්බැහි වී සිටිනවා.මේවා නිසා දෛනිකව විශාල වස විස ප්‍රමාණයක් මිනිස් ශරීරයට ඇතුළුවෙයි. මේවා නිසා සිරුරේ හානිකර මුක්තකණ්ඩ ප්‍රමාණය ඉහළ යයි. මේවා සිරුරේ සෛල වලට හානි කරමින් පිළිකා , ඇල්සයිමර්ස්, පාකින්සන් රෝගය වැනි  නොයෙකුත් නිදන්ගත රෝගාබාධ වලට තුඬු දෙයි. සම හා හිසකෙස් දුර්වල කරයි. පොල් කිරි වල විටමින් C,E වැනි ප්‍රතිඔක්සිකාරක බහුල නිසා ඔක්සිකාරක ආතතියට (හානිවලට) එරෙහිව සිරුරට හොඳ ගුණයක් ලබාදෙයි. සිරුර ප්‍රාණවත් කරයි.

ආබාධ සුවවීමට ගුණදායකයි වයසට යන විට අපේ සිරුරේ ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවද දුර්වල වී යයි.අනතුරු ආබාධ වලට ලක්වූ විට තරුණ කාලයේදි මෙන් ඉක්මනින් සුවනොවන ස්වභාවයක් අත්දැකිය හැකියි.පොල් කිරි වල ඇති ප්‍රතිප්‍රදාහක ගුණ සන්ධි ආශ්‍රිත ඉදිමුම් හා වේදනා අඩුකිරීමට ගුණදෙන බවට ප්‍රචලිතයි. ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආබාධ මතුවීමේ අවදානම බොහෝ දුරට පාලනය වීමට මින් ගුණයක් ලැබෙයි. පොල් කිරි අස්ථි ශක්තිමත් කරවන ආහාරයක් බව සඳහන් වන්නේ ඒ නිසයි.

සම හා හිසකෙස් නීරෝගි කරයි අභ්‍යන්තර මෙන්ම බාහිර සත්කාරයක් ලෙස ද පොල් කිරි භාවිත  කළ හැකියි.ඉස් හොරි,හිස්කබලේ වියළි බව, කසනසුලු බව වැනි  ගැටලු වලට පොල් කිරි ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් ලෙස භාවිත කළ හැකියි.මේද සංතෘප්ත අමුද්‍රව්‍යක් නිසා හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය ද සලසයි. හිස්කබලේ සම මෘදු මොළොක් ස්වභාවයකට පත්කරයි.ලෝරික් අම්ල මඟින් හිස්කබලේ බැක්ටීරියා හෝ දිලීර විනාශ කර දැමීමට සහය දෙයි. ඔබේ සම මත පොල් කිරි ආලේප කිරීමෙන් සමේ සෛල ප්‍රාණවත් වීමට සහය ලැබේ.සෛල වලට හොඳ පෝෂණයක් ලැබේ.සමේ සවිමත් බව වැඩිකරයි. සමේ ආකර්ෂණීය දීප්තිමත් බව වැඩිකරයි. පොල් කිරි ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන සම පිරිසිදු කරගැනීමෙන් මේක්-අප් රිමූවර් එකකට සමාන ප්‍රතිඵලයක් ලබාගත හැකියි.