හෘදයට වැඩි බලපෑමක් ඇති කරන අධිරුධිර පීඩනය යනු භයානක රෝග තත්වයකි. වර්තමානය වන විට බොහෝ දෙනෙකු මෙම රෝගය නිසා පීඩා විඳින අතර මෙම රෝගය ඇතිවීමට මූලිකව බලපානු ලබන්නේ අප ගනු ලබන ආහාර රටාව සහ ගත කරන ජීවන රටාවයි.
සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිර පීඩනය 120/70 ත් අතර ප්‍රමාණයකින් පැවතිය යුතුය. රුධිර පීඩනය එම ප්‍රමාණය ඉක්මවා යෑම අධි රුධිර පීඩනයයි.
මෙම රෝගය සඳහා ඖෂධ ලබා ගැනීම වඩාත් වැදගත් වන අතර ඊට අමතරව රෝගය පාලනය කිරීමට සඳහා හේතු වන ආහාර ලබා ගත යුතුය. ඊට අමතරව ව්‍යායාම වල නිරත වීම වඩාත් සුදුසුවේ.
අධි රුධිර පීඩනය පාලනය කරන ආහාර

කොමඩු බාල මහලු සැමදෙනාම ප්‍රයෝජන කොමඩු ආහාරයට ගැනීමෙන් බොහෝ උප සමනය කරගත හැකිය විශේෂ කොට අධි රුධිර පීඩනය පවතින රෝගීන් සඳහා ද කොමඩු පලතුරක් ලෙස පානයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වේ. ඊට අමතරව කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් ද අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය.
දෙළුම් අධිරුධිර පීඩනය පාලනය කිරීම සඳහා දෙළුම් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. විශේෂ කොට දෙළුම් වල අඩංගු වන පොටෑසියම් අධි රුධිර පීඩනය පාලනය කර රුධිර ගමනාගමනය ක්‍රමවත් කරයි. එනම් දෙළුම් යුෂ පානය කිරීම වඩාත් යෝග්‍යවේ.
සුදුලූනු සුදුළූණු පුළුස්සා හෝ ආහාර පිසින විට එක් කර ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය එනම් සුදුලූනුවල අඩංගු පොටෑසියම් රුධිර නාළ හැකිළී ම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව ශරීරය පුරා රුධිරය පරිවහනය කිරීම සිදුකරයි. එමෙන්ම අධි රුධිර පීඩනය නිසා ඇතිවන කරකැවිල්ල, කලන්තය ආදි රෝග සංකූලතා ද සමනය කර ගත හැකිය.
බීට් රූට් එළවළුවක් ලෙස හෝ යුෂ පානයක් ලෙස සකස් කර ආහාරයට ගන්නේ නම් එමගින් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය එනම් බේත් වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම සිදු කරයි.
ඩාර්ක් චොක්ලට්.ඩාර්ක් චොක්ලට් ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය වලක්වා ගත හැකිය. එනම් ඩාක් චොක්ලට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ අධි රුධිර පීඩනය පාලනය කර රුධිර ගමනාගමනය ක්‍රමවත් කරනු ලබයි. එනම් දිනකට චොකලට් පෙති කිහිපයක් ආහාරයට ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අත් කර ගත හැකිය.
කැකිරි කැකිරි ව්‍යංජනයක් ලෙස හෝ යුෂ පානයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් කැකිරි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ අධි රුධිර පීඩන තත්වයන් ඇතිවීම වළක්වා රුධිරය ක්‍රමවත්ව ශරීරය පුරා පරිවහනය කිරීම සිදු කරයි. මේ සඳහා කැකිරි යුෂ ගෙන ඊට මී පැණි හැන්දක් පමණ එකතු කර පානය කිරීම යෝග්‍ය වේ.
තක්කාලි. පෝෂ පදාර්ථ රැසක් අඩංගු තක්කාලි සලාදයක් ලෙස හෝ අමුවෙන් ආහාරයට ගන්නේ නම් එමගින් අධි රුධිර පීඩන පාලනය කරගත හැකිය තක්කාලිවල අඩංගු ලයිකොපේන් අධි රුධිර පීඩනය වලක්වා රුධිරය ක්‍රමවත්ව ශරීරය පුරා පරිවහණය කිරීම සිදුකරයි.
මී පැණි ස්වාභාවික ඖෂධයක් වන මී පැණි භාවිතා කිරීමෙන් අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් මී පැණි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ රුධිරනාල ඝන වීම වළක්වා රුධිර නාල විස්තාරණය කර පීඩනයකින් තොරව රුධිරය සංසරණය කිරීම සිදු කරයි. එනම් මේ නිසා හෘද රෝග ඇතිවීමේ අවදානමද අවම වේ. අධි රුධිර පීඩනය පවතින රෝගීන් දිනකට මී පැණි තේ හැන්දක් පමණ ආහාරයට ගන්නේ නම් එමගින් අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වාගත හැකිය.

වම්බටු වම්බටු ව්‍යංජනයක් ලෙස බැදුමක් ලෙස හාරයට එකතු කර ගන්නේ නම් එමගින් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය. එනම් වම්බටු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ක්‍රමවත්ව රුචිර පරිවහනය කර අධිරුධිර පීඩනය ඇතිවීම වලක්වනු ලබයි.එමෙන්ම
- නිවිති
- බඩ ඉරිඟු
- කෙසෙල්
- සැල්දිරි
- දුඹුරු සහල්
- කැරටි
- නෙලුම් දලු
මේ ආදීහු යකඩ පොටෑසියම් නි පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු එළවළු පලතුරු ධාන්‍ය වර්ග පලාවර්ග ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරගත හැකිය.