වැඩි උනොත් තප්පර දෙකෙන් ජීවිතය නැති වෙන අධි රුධිර පීඩනය පාලනය කරන ක්‍රම 10 ක්

health tips

අද වෙද්දි බොහෝදෙනා පීඩාවිදින රෝග තත්ත්වයන් අතුරින් අධි රුධිර පීඩනය කියන තත්ත්වය සුලබයි. බොහෝ මරණවලට ප්‍රධාන වශයෙන්ම හේතුවෙන මේ රුධිර පීඩනය ඇති වෙන්නට හේතු බොහොමයක්ම බලපානු ලබනවා. බොහෝවිට ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම සහ ආහාරවලින් පරෙස්සම් නොවීම මේ සඳහා මූලිකම හේතු වෙනවා. ඒ හැරුණාම වකුගඩු රෝගවලින් පෙළීම, අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයෙකුගේ ගෙල ආශ්‍රිත අවහිරතා හේතුවෙන් මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්නට වරින් වර පුද්ගලයාව ඇහැරවනු ලැබීම මගින්  නින්දට බාධා ඇතිවීම ( ස්ලීප් පැප්නියා රෝග තත්ත්වය ) ,තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින අක්‍රමිකතා, අධි වෘක්ක ග්‍රන්ථියේ ඇතිවන තත්ත්වයන්, ඇතැම් ඖෂධ (උපත් පාලන පෙති, වේදනා නාශක,) ආදිය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ඉහළ දැමීම කෙරෙහි බලපෑම් ඇති කරනු ලබනවා. 

රුධිර පීඩනය නැත්නම් බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙනකොට රුධිර නාලිකාවලට හානි වීම, සිහින්වීම, වගේම පිපිරීම ආදී දේවල් පවා සිදු වෙන්නට පුළුවන්.ඒ වගේම ඉහළ රුධිර පීඩනය නිසා මොළයට ගමන් කරන ධමනිවල රුධිර කැටි ඇතිවී ඒවායින් රුධිරය ගැලීම අවහිරවෙලා ආඝාත තත්ත්වය පවා ඇති වෙන්නට පුළුවන්.ඒ හැරුණාම ඒ අධි රුධිර පීඩනය ශරීරයේ වෙනත් අවයවයන්ට පවා ඉතාමත් නරක විදියට බලපෑම් කරනවා. ඒ නිසා බෝ නොවන රෝග අතුරින් වඩාත්ම බරපතල රෝගයක් ලෙසටයි මේ අධි රුධිර පීඩනය හඳුනා ගනු ලබන්නේ. 

මෙවැනි තත්ත්වයකදී බටහිර වෛද්‍ය  ප්‍රතිකාර කරා ඉතා ඉක්මනින් රෝගීන් යොමු වෙනවා. නමුත් අපි හැමෝම දන්නවා බොහෝ බටහිර ඖෂධ කාලයක් තිස්සේ ගැනීමෙන්න් නොයෙකුත් අතුරු ආබාධ ඇතිවන වග. විශේෂයෙන්ම  අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම සඳහා භාවිතා කරන ඖෂධ හේතුවෙන් මතකය අවුල් වීම, පෙනීම බොඳ වීම,  අසාමාන්‍ය වෙහෙස සහ  ශරීරය දුර්වල වීම ආදී  අතුරු විපාක අත්විදින්නට සිදු වෙනවා. ඒ නිසා සුදුසුම කාරණය වෙන්නේ මේ රෝගවලට ගොදුරක් නොවී කල්පනාකාරීව තමන්ගේ ජීවන රටාව පවත්වා ගෙන යාමයි. රෝගයක් වැළදුණාම එය සුව කර ගන්නවාට වඩා එයට ගොදුරු නොවී සිටීම නුවණට හුරුයි.මේ අධි රුධිර පීඩනය ඇතිවීමෙන් වැළකී සිටීමට ගත හැකි ආහාර  වර්ගත් බොහොමයක්ම තියෙනවා.

  • නිවිති අපි හැමෝම ආහාරයට ගන්නා නිවිතිවල ප්‍රතිඔක්සිකාරක බොහොමයක් ද අඩංගු වෙනවා. මේ ප්‍රතිඔක්සිකාරකවලට හැකියාව තියෙනවා රුධිර පීඩනය ඉහළ යාම ඉතා හොඳින් පාලනය කරන්නට. ඒ නිසා අධි රුධිර පීඩනය ඇති අයටත් නැති අයටත් නිවිති හොඳ ආහාරයක්.
  • දෙළුම් යුෂ පලතුරු යුෂ පානය කිරීම අපේ දේහයට බොහෝ ගුණදායක වුණත් ඇතැම් රෝගවලදී ඒවා අපිට හිතකර වෙන්නත් පුළුවන්. නමුත් අධි රුධිර පීඩනය වළක්වා ගන්නට නම් ඔබ දෙළුම් යුෂ වීදුරුවක් හැකි සෑම විටම ලබා ගන්නට උනන්දු වෙන්න. නමුත් දෙළුම් කියන්නේ සොයා ගන්නට තරමක් අපහසු ගුණයෙන් ඉතා ඉහළ පලතුරක්. සාමාන්‍ය අයට විතරක් නෙවෙයි දියවැඩියාව, හෘද රෝග සහ වකුගඩු රෝගවලින් පෙළෙන අයටත් රුධිර පීඩනය පාලනය කරන්නටත් දෙළුම් යුෂ ඉතාම හොඳ ආහාරයක්. නමුත් මේ  සඳහා කෘතීම සීනි බොහොමයක්  එකතු කළ සකස් කළ දෙළුම් යුෂ භාවිතා නොකර ස්වභාවික දෙළුම්වලින් සාදාගත් දෙළුම් යුෂ පානය කරන්න.
  • කොත්තමල්ලි හෙළ වෙදකම තුළ අනාදිමත් කාලයක  සිට භාවිතා වුණු කොත්තමල්ලි මුළුතැන්ගෙටත් නැතිවම බැරි මිතුරෙක්. වර්තමානයේ සිදු කරන ලද පර්යේෂණයකට අනුව සොයා ගෙන ඇත්තේ රුධිර පීඩනය පාලනය කරන්නටත් කොත්තමල්ලි ඉතාම හොඳ ඔසුවක් බවයි.
  • කළු චොක්ලට් සාමාන්‍ය චොක්ලට්වලට වඩා වැඩි ගුණයක් කළු චොක්ලට් සතු බව ඔබ දන්නවා. රෝගාබාධ කිහිපයකටම ගුණදායක වෙන කළු චොක්ලට් රුධිර පීඩනය යහපත්ව තබා ගන්නත් දායක වෙනවා.
  • වදමල් යුෂ අධි රුධිර පීඩනය පාලනය කිරීමට අවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක බොහොමයක් වදමල්වල අඩංගු වෙනවා. නමුත් අධි රුධිර පීඩනයට ගුණදායක වුණත් අධික ලෙස වදමල් පානය කිරීම අක්මාවට එතරම් හිතකර නොවන වග මතකයේ තබා ගන්න. ඒ වගේම වදමල් රුධිර පීඩනය ඉතා පහළ අගයකට ගෙන එන නිසා ගර්භනී මව්වරුන්ට සහ ඇතැම් දියවැඩියා රෝගීන්ට මේ වදමල් යුෂ එතරම් හිතකර වෙන්නේ නැහැ.
  • බීට් රූට් යුෂ ලිංගික බෙලහීනතාවය දුරුකිරීම, ලේ පිරිසිදු කිරීම ඇතුළු රෝග ගණනාවකටම ඵලදායි ආහාරයක් තමයි බීට් රූට් කියන්නේ. අධි රුධිර පීඩනයෙන් වැළකී ඉන්නත් එය හොඳ මට්ටමේ පවත්වා ගන්නටත් බීට් රූට් අපිට උදව් වෙනවා. බීට් රූට් පිස ආහාරයට ගන්නවාට වඩා ගුණදායක වෙන්නේ බීට් රූට් යුෂ ලෙස සකස් කර ආහාරයට  ගැනීම බවත් ඔබ මතකයේ තබා ගන්න.
  • තක්කාලි තක්කාලි සතු ලයිකොපීන් කියන සංඝටකය රුධිර පීඩනය පාලනය සඳහා උපකාරී වන අතර වඩා සුදුසු වන්නේ තක්කාලි අමුවෙන් ආහාරයට එකතු  කර ගැනීමයි
  • කොමඩු ඇට පැණි කොමඩු ආහාරයට ගැනීමේදී බොහෝදෙනා ඉවත් කරන කොමඩු ඇට මේ අධි රුධිර පීඩනය පාලනය කිරීමේ අපූරු හැකියාවෙන් සමන්විතයි. කොමඩු ඇට වගේම පොතුත් රුධිර පීඩනය පාලනය කිරීමේ ගුණයෙන් යුක්ත අතර කොමඩු පොතු ග්‍රෑම් 12 සෙනෙහෙ කොළ ග්‍රෑම් 10 සමඟ සූපයක් ලෙස තම්බා දිනපතා පානය කිරීමත්, කොමඩු ඇට වියළා බැද ආහාරයට ගැනීමත් අධි රුධිර පීඩනය පාලනය කිරීමේ දී  එකසේ වැදගත් වෙනවා.
  • ඉදුණු කෙසෙල් ඉතා හොඳින්ම ඉදුණු කෙසෙල් කියන්නේ රෝග බොහොමයකටම ඉතාමත් ගුණදෙන ආහාරයක්. විශේෂයෙන් හදවත ආශ්‍රිත රුධිරය ඉවතට ගෙන යන නාඩි තදවීම වැළැක්වීමට ඉතාම ගුණදායකයි මේ  ඉදුණු කෙසෙල්.ඉදුණු  කෙසෙල් දිනකට එක් ගෙඩියක් එළකිරි සමඟ ගැනීම ප්‍රමාණවත් වෙනවා.
  • තල් තෙල් ආහාර පිසීම සඳහා භාවිතා කරන බොහෝ තෙල් වර්ග දේහයට අහිතකර වුණත් තල තෙල් කියන්නේ හදවතට ඉතාම හොඳ තෙල් වර්ගයක්. අධි රුධිර පීඩනය අඩු කරන්නට වගේම රුධිරයේ ඇති සෝඩියම් අඩුකර පොටෑසියම් වැඩි කරන්නටත්  තල තෙල්වලින් විශාල මෙහෙයක් ඉටු වෙනවා.

මෙසේ ස්වභාවික එළවලු පලතුරු ආහාරයට  ගැනීම, ප්‍රමාණවත් තරම් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම වගේම මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමත් රුධිර පීඩනය යහපත්ව පවත්වා  ගෙන යන්නට උදව් වෙනවා.ඒ හැරුණාම පිටි කිරි වෙනුවට නැවුම් එළකිරි පානයටත් හුරුවීම වගේම ඔබේ ආහාරර වේලට  බතල, අලිපේර, කැකිරි, සුදු ළූණු , මී පැණි ආදීය එකතු  කර ගැනීමත් දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත් රුධිර පීඩනය යහපත්ව තබා ගන්නට උදව් වෙනවා.