අද වෙද්දි බොහෝදෙනා පීඩාවිදින රෝග තත්ත්වයන් අතුරින් අධි රුධිර පීඩනය කියන තත්ත්වය සුලබයි. දියවැඩියාව කොලෙස්ටරෝල් ආදී රෝග සමඟ නිතරම අසන්නට ලැබෙන මේ රෝග තත්ත්වය එක්තරා විදියක තවත් භයානක රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් හෘදය එක් වරක් ආකුංචනය වන විට රුධිර වාහිනී බිත්ති මත ඇති කරන පීඩනය ආකුංචන පීඩනය නමින් හඳුන්වනවා.සාමාන්‍යයෙන් එහි අගය 120 ට අඩු අගයක පවත්වා ගත යුතු බවටයි උපදෙස් දෙන්නේ. ඒ වගේම විස්තාර පීඩනය නමින් අගයක් ද මැන ගන්නා අතර එය හෘදය විස්තාරණය වන අවස්ථාවේදී රුධිරය මගින් රුධිර වාහිනී මත ඇති කරන පීඩනයයි. සාමාන්‍යයෙන් එහි අගය 80 ට අඩු අගයක පවත්වා ගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ. ඇතැම් පුද්ගලයෙකුගේ මේ ආකුංච පීඩනය සහ විස්තාරණ පීඩනය වැඩි අගයන්වල දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම තමයි අධි රුධිර පීඩනය ලෙස හඳුන්වන්නේ. නමුත් එක් වරක් යම් පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ඉහළ අගයක් ගත් විට ඔහු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට සැලකන්නේ නැහැ.දීර්ඝ කාලයක් මේ තත්ත්වයේ පසුවන්නේ නම් එවැනි අයෙක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයෙකු බවට සලකනු ලබනවා.
වකුගඩු රෝගවලින් පෙළීම, අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයෙකුගේ ගෙල ආශ්‍රිත අවහිරතා හේතුවෙන් මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්නට වරින් වර පුද්ගලයාව ඇහැරවනු ලැබීම මගින් නින්දට බාධා ඇතිවීම ( ස්ලීප් පැප්නියා රෝග තත්ත්වය ) ,තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින අක්‍රමිකතා, අධි වෘක්ක ග්‍රන්ථියේ ඇතිවන තත්ත්වයන්, ඇතැම් ඖෂධ (උපත් පාලන පෙති, වේදනා නාශක,) ආදිය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ඉහළ දැමීම කෙරෙහි බලපෑම් ඇති කරනු ලබනවා.
රුධිර පීඩනය නැත්නම් බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙනකොට රුධිර නාලිකාවලට හානි වීම, සිහින්වීම, වගේම පිපිරීම ආදී දේවල් පවා සිදු වෙන්නට පුළුවන්.ඒ වගේම ඉහළ රුධිර පීඩනය නිසා මොළයට ගමන් කරන ධමනිවල රුධිර කැටි ඇතිවී ඒවායින් රුධිරය ගැලීම අවහිරවෙලා ආඝාත තත්ත්වය පවා ඇති වෙන්නට පුළුවන්.ඒ හැරුණාම ඒ අධි රුධිර පීඩනය ශරීරයේ වෙනත් අවයවයන්ට පවා ඉතාමත් නරක විදියට බලපෑම් කරනවා. ඉතින් මේ තත්ත්වය කෙතරම් බරපතල ද කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති.
ඉතින් අනෙකුත් බොහෝ රෝග වගේම අපිට මේ රෝගයත් අපේ කැපවීම සහ දැනුවත්භාවය මත ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම අධි රුධිර පීඩනය ඇත්නම් එය පාලනය කර ගන්නටත් අපට හැකියාව පවතිනවා. ඉතින් පුද්ගලයෙකුගේ ආහාර පුරුදු වගේම චර්යා රටාවන් රෝගයක් ඇතිවීමට, පාලනයට වගේම රෝගය උත්සන්න වීම කෙරෙහිත් බලපෑම් කරනවා.අධි රුධිර පීඩනය පාලනය සඳහා අපිට ගත හැකි විශේෂ ආහාර වර්ග කිහිපයක්ම පවතිනවා. ඒ පිළිබඳවයි අද ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ.

කැකිරි බොහෝදෙනා ආහාරයට ගන්නට අකමැති මේ ආහාරය අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට වගේම අධි රුධිර පීඩනය වළක්වා ගන්නට උනන්දු වන අයටත් ඉතාම සුදුසුයි. කැකිරි යුෂ අඩු කෝප්පයකට මී පැණි තේ හැදි එකක් සහ දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍ර කර දිනපතා පානය කිරීමෙන් අධි රුධිර පීඩනය මැනවින් පාලනයට කර ගන්නට හැකියාව ලැබෙනවා.
සුදු ළූණු රෝග බොහොමයකට ගුණදෙන සුදු ළූණු සතුව ධමනිවල ගැස්ම ලිහිල් කිරීමේ අපූරු හැකියාවක් පවතිනවා. මේ සඳහා අපි ගනු ලබන එළවලුවලට නිතර සුදු ළූණු එකතු කිරීම වගේම දිනකට සුදු ළූණු බික් දෙක තුනක් සිහින්ව කපා ආහාරයට ගැනීම ප්‍රමාණවත් වෙනවා.
ඉදුණු කෙසෙල් ඉතා හොඳින්ම ඉදුණු කෙසෙල් කියන්නේ රෝග බොහොමයකටම ඉතාමත් ගුණදෙන ආහාරයක්. විශේෂයෙන් හදවත ආශ්‍රිත රුධිරය ඉවතට ගෙන යන නාඩි තදවීම වැළැක්වීමට ඉතාම ගුණදායකයි මේ ඉදුණු කෙසෙල්.ඉදුණු කෙසෙල් දිනකට එක් ගෙඩියක් එළකිරි සමඟ ගැනීම ප්‍රමාණවත් වෙනවා.
කැරට් හා නිවිති කැරට් වගේම නිවිති කියන්නේ අධි රුධිර පීඩනය සඳහා වඩාත් සුදුසු තවත් ආහාර වර්ග දෙකක්. මෙය සකස් කර ගන්නේ කැරට් යුෂ මිලි ලීටර් 300 ට නිවිති කොළ යුෂ මිලි ලීටර් 200 ක් පමණ මිශ්‍රකර මී පැණි බිංදු කිහිපයක් එකතු කර ගැනීමෙන්. මී පැණි එකතු නොකර පානය කළත් ගැටළුවක් නොවෙයි.
රතු හාල් නිරන්තරයෙන්ම රතු සහල්වල ගුණ පිළිබඳව අපි කතා කරනවා.ඉතින් රතු සහල් පරිභෝජනයෙන් අපට වළක්වා ගන්නට හැකි තවත් එක් රෝගයක් තමයි අධි රුධිර පීඩනය. බත් පමණක් නොවෙයි රතු සහලින් සකස් කරගත් පිට්ටු, ඉදි ආප්ප වගේ ආහාර පවා ස්නායු පද්ධතිය ලිහිල් කරමින් අධි රුධිර පීඩන තත්ත්වය පාලනයට උපකාරී වෙනවා.

මී පැණි මී පැණි හදවතෙන් පිටතට රුධිරය ගෙන යන නාලවල ඇතිවන අපහසුතා වළක්වා රුධිර පීඩනය පාලනය කරනු ලබනවා. දිනකට පිරිසිදු මී පැණි බිංදු කිහිපයක් වතුර වීදුරුවකට දමා හිස්බඩ පානය කිරීම ඒ සඳහා ඉතාම සාර්ථක පිළියමක්.
කොමඩු ඇට පැණි කොමඩු ආහාරයට ගැනීමේදී බොහෝදෙනා ඉවත් කරන කොමඩු ඇට මේ අධි රුධිර පීඩනය පාලනය කිරීමේ අපූරු හැකියාවෙන් සමන්විතයි. කොමඩු ඇට වගේම පොතුත් රුධිර පීඩනය පාලනය කිරීමේ ගුණයෙන් යුක්ත අතර කොමඩු පොතු ග්‍රෑම් 12 සෙනෙහෙ කොළ ග්‍රෑම් 10 සමඟ සූපයක් ලෙස තම්බා දිනපතා පානය කිරීමත්, කොමඩු ඇට වියළා බැද ආහාරයට ගැනීමත් අධි රුධිර පීඩනය පාලනය කිරීමේ දී එකසේ වැදගත් වෙනවා.
තක්කාලි තක්කාලි සතු ලයිකොපීන් කියන සංඝටකය රුධිර පීඩනය පාලනය සඳහා උපකාරී වන අතර වඩා සුදුසු වන්නේ තක්කාලි අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමයි .
- දෙළුම්
- වදමල් යුෂ
- බීට් රූට්
බොහෝ රෝගවලට ගුණදායක බීට් රූට් අධි රුධිර පීඩනය පාලනය කිරීමේ අරමුණින් ලබා ගන්නේ නම් යුෂ ලෙස සකසා ගැනීමයි වඩා සුදුසු වන්නේ. මේ ආහාර වර්ග රුධිර පීඩනය වැඩි අයට වගේම රුධිර පීඩනය වැඩිවීමේ අවදානමෙන් මිදෙන්නටත් ඔබට ඉතා වැදගත් වේවි.