ආයුර්වේදය තුල බොහෝ රෝග සුව කිරීමට භාවිතා කරන තවත් එක් ඖෂධයක් ලෙස හීං උඳුපියලිය හඳුනාගත හැකිය. එනම් Fabaceae කුලයට අයත් හීං උඳුපියලි පොළොවට සමාන්තරව මීටර් පහක් පමණ දිගට පැතිර වැඩෙන බහුවාර්ෂික ශාකයකි.හීං උඳුපියලිය ශාකයේ පත්‍ර ත්‍රි පත්‍ර වන අතර මල් දම් පැහැති මල්වේ. ඵලය කුඩා කරලක් ලෙස හටගැනෙන අතර ශාකය පුරා සියුම් බූවක් දැකගත හැකිය.
ආයුර්වේදය තුළ වැඩි වටිනාකමක් හිමිකර ගන්නා හීන් උදුපියලිය ශාකය බොහෝ රෝග සුව කිරීමට ඉවහල්වේ. එනම් උදුපියලිය ශාකය ම ගෙන කැඳ පානයක් ලෙස සකසා භාවිතා කිරීම මගින් ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. එනම් ඊට හේතුව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ හීං උඳුපියලිය ශාකයේ ශරීරයට හිතකර බොහෝ පෝෂ පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන බවයි. එනම් විටමින් බී, ප්‍රෝටීන්,කැල්සියම්, පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට්…. ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර වේ. එනම් හීං උඳුපියලිය ශාකය භාවිතා කරමින් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය.
- අක්ෂි දුර්වලතාවයන් සමනය කරයි.
- ආතරයිටීස් රෝග සමනය කරයි.
- තොල් පැලීම් සුව කරයි.
- සෙංගමාලය සමනය කරයි.
- ඉරුවාරදය සුව කරයි.
- අර්ශස් සුව කරයි.
- ආතරයිටීස් රෝගීන්ට සුදුසුවේ.
- මාන්දම සමනය කරයි.
- ළදරුවන්ගේ අජීර්ණ තත්ත්වයන් සමනය කරයි.
- උදරගත රෝග සමනය කරයි.
- රක්ත වාතය සමනය කරයි.
- ආහාර රුචිය වැඩි කරයි.
- දියවැඩියාව නිසා ඇතිවන පිපාසය සුව කරයි.
- කැඩුම්, බිඳුම් සුවකරයි
- පත්තෑ විෂ නසයි.
- විසර ගෙඩි, තුවාල සුව කරයි.
හීං උඳුපියලිය භාවිතයේ ඖෂධීය ගුණ

මුත්‍ර අඩස්සිය සුව කරයි.බොහෝ දෙනෙකුට පවතින මුත්‍රා අඩස්සිය සුව කර ගැනීම සඳහා හීං උඳුපියලිය සම්පූර්ණ ශාකයම ගෙන තම්බා පානය කිරීම ගුණදායකය.බඩ පිපුම අජීර්ණ තත්ත්වයන් සමනය කරගැනීමට හීං උඳුපියලිය කොළ පවනේ වේළා කුඩුකර තේ පානයක් ලෙස භාවිතා කිරීම මගින් එම රෝග සමනය කර ගත හැකිය.
උදරගත රෝග සුව කිරීමට.බොහෝ දෙනෙකුට ඇතිවන උදරගත රෝග සුව කිරීම සඳහා එනම් අජීර්ණ තත්ත්වයන් බඩ පිපුම ආදී රෝග වලට හීං උදුපියලිය කොළ පවනේ වේළා කුඩුකර පානය කිරීම ගුණදායකය.
පරණ තුවාල සුව කරයි.හීන් උදුපියලිය ඈත අතීතයේ සිටම පරණ තුවාල සුවකිරීම සඳහා ඖෂධයක් ලෙස යොදාගෙන තිබේ නම් ඒ සඳහා හීං උඳුපියලිය දලු මිටක් අමු කහ ස්වල්පයක් සහ රත් හඳුන් ගලගා සියල්ල හොදින් අඹරා පිරිසිදු කරගත් තුවාලවල ආලේප කිරීම මඟින් එම තුවාලය ඉක්මනින් සුව කරගත හැකිය.
විසරගෙඩි සුව කරයි.හෙළ වෙදකම තුළ විසර ගෙඩි විසුරුවා හැර එය සමනය කිරීම සඳහා හීං උදුපියලිය වැඩි වශයෙන් භාවිතා කරනු ලැබේ. එනම් මේ සඳහා හීං උඳුපියළිය, පෙරුම්කායම්, කෝමාරිකා මදය හා අමු කහ දල්ලක් පොල්කිරි වලින් තම්බා තැම්බුණු පසු හොඳින් අඹරා විසර ගෙඩිය වටා ආලේප කිරීම මගින් එය විසුරුවා හැර ඉක්මනින් සුව කරගත හැකිය.
රක්තවාතය සුව කිරීමට බොහෝ දෙනෙකුට පවතින රක්ත වාතය හා සෙම රෝග තත්ත්වය හේතුවෙන් ඇතිවන පැලීම් සුව කිරීමට හීං උඳුපියලිය, කයිප්පු ,අමු කහ තැඹිලි වතුරෙන් අඹරා තලපයක් ලෙස ගෙන පැලීම් ඇති ස්ථාන වල ආලේප කිරීම මගින් සුව කර ගත හැකිය.

ළදරු අජීර්ණ සමනය කරයි.ළදරුවන්ට ඇතිවන අජීර්ණ තත්ත්වයන් සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස හීන් උදුපියලිය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා හීං උඳුපියලිය යුෂ ස්වල්පයක් පානය කිරීමට දීම යෝග්‍ය වේ.
පොළොං විෂ නාශනය කිරීමට.පොළොන් විෂ නාශනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම හීන් උදුපියලිය ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ එනම් ඒ සඳහා හීං උඳුපියලිය කොටා එම යුෂ පතක් පානය කිරීම වඩාත් සුදුසුවේ.
තුවාල සුව කරයි.තුවාල සුව කර ගැනීම සඳහා හීං උදුපියලිය කොළ යුෂ හෝ මුල් යුස ගෙන එම තුවාලවල ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ළඟා කර ගත හැකිය.
දියවැඩියාව නිසා ඇතිවන පිපාසය සුව කරයි.නිදන්ගත රෝග තත්වයක් වන දියවැඩියාව ඇති වීමත් සමග ශාරීරික සංකූලතා ඇති වනු ලැබේ. එසේ ඇතිවන සංකූලතාවක් ලෙස අධික පිපාසය හඳුනාගත හැකිය. එනම් මෙම පිපාසය සංසිදුවා ගැනීමට හීං උදුපියලිය ශාකය වියළා කුඩු කර ඊට උළුහාල් කුඩු තේ හැදි භාගයක් මිශ්‍ර කර පානය කිරීම වඩාත් සුදුසුවේ.
මව්කිරි වර්ධනය වීම වැඩි කරයි.බොහෝ මවුවරුන් මව්කිරි අවම වීම හේතුවෙන් පීඩාවට පත් වේ. එවැනි අවස්ථාවක හීං උඳුපියලිය මව්කිරි වර්ධනය කරගැනීම සඳහා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා හීං උඳුපියලිය කොළ අඹරා පුවක් ගෙඩියක පමණ ප්‍රමාණයක් ගෙන එල කිරෙන් දිය කර උදෑසන පානය කිරීම ගුණදායකවේ.
තොල් පැලීම් සමනය කරයි.දේශගුණ විපර්යාසයන් නිසා හෝ වෙනත් හේතූන් මත ඇතිවන තොල් පැලිම් සමනය කිරීමට හීං උඳුපියලිය කොළ ස්වල්පයක් ගෙන සපා කෙළ ගිලීම යෝග්‍ය වේ.